Friday, October 18, 2013

ඇම්ඩන් ද ? අදින්න පුබ්බක ද ?



පහුගිය දවසක ඔෆිස් එකෙ කට්ටිය කතාකර කර ඉන්න අතරෙ තමයි මෙ පුද්ගලය ගැන මගෙ මතකය අලුත් කලෙ.අපි එයාට කියමු බන්ඩා කියල.මෙයා මෙ වෙනකොට පැන්ශන් ගිය කෙනෙක්.හැබැයි තාමත් අමතක නොවෙන මතක ටිකක් තියපු කෙනෙක්.මෙයා අලෙවි කලමනාකරුවෙක් විදියට සාර්තක වුන කෙනෙක්.

මෙයා එක්ක මම එක ඔෆිස් එකෙ ඉන්නකොට  (එතකොට මම එතන වැඩට ආව විතරයි ) දවසක් ඔක්කොම කතකර ගත්ත දවල් කැමෙන් පස්සෙ රු 30 ගානෙ එකතු කරල හිම කිරම ගෙන්න (සින්හලෙන් අයිස් ක්රීම්).

ඔන්න සල්ලි එකතුකරන ගමන් මෙයා ගාවටත් ගියා.මෙයා හොයල හොයල 
" මෙන්න තියෙනව "කියල දුන්න නෙ කාසි වලින්ම රු 11 ක්ම. 
අපිට ලැජ්ජයි වැඩෙට.ඒකනිසා සද්ද නැතුව හිටිය.ඔන්න දැන් සල්ලි එකතු කරල ඉවර වෙලා ගෙන්න කඩෙට යැවුව. 
ඔය අතරෙ තවත් ඔෆිස් එකෙ පරන සමාජිකයෙක් වුන එයාගෙ මට්ටමෙම කෙනෙක් මට හිමිහිට මෙහෙම කිවුව
 " දමිත් මල්ලි ඔන්න බලපන් මේකගෙ දරුවෙක් හරි කිට්ටුවක හිටියොත් දැන් එන්න කියනව "කියල.


ඔන්න අපි  බඩු ගෙනාව කියල පනිවිඩෙට යනව ලන්ච් රුම් එකට.අරකගෙ කටෙ හුනු බිජ්ජක් දාන්න වටිනව මෙන්න යකො අපෙ බන්ඩගෙ පුතා ලන්ච් රුම් එකෙ.
බන්ඩත් " ඔයත් ආවද,අද අයිස් ක්රිම් තියෙනව .එන්නකො පොඩ්ඩක් කන්න' කියල හෙන කොප්පයක් බෙදල දුන්න ලොබ නැතුව.අපිත් මුකුත්ම කිවුවෙ නැ .පවු කවදාවත් ගෙදරින් ලැබෙන්න නැති නිසා.

මෙයා ගැන ඔය ජාතියෙ කතන්දර ඔන තරම්.ඔය අතරෙ තියෙනව මෙයාගෙ අන්ඩපාල වැඩත්.
මෙයා රක්ෂනයක් දීල තිබුන නගරයි තිබුන කඩෙකට.ඊලග අවුරුද්දෙ  මෙක  අලුත් කරන්න යනකොට ආයතනෙන් අදාල ආවරනවල ගනන් වැඩිකරල තිබුන.මෙක නිසා මෙයා කලෙ අර රක්ෂනේ වෙනස් කරල සොරකම් විතරක් ආවරනය වෙන රක්ෂනයක් අලුත් යොජනා පත්රයක් දාල කරන එක.

ඔය අතරෙ තමයි සුනාමිය ආවෙ.අර කඩෙත් සුනාමියට අහුවෙල බරපතල විදියට හානි වුනා.ආයතනයත් වෙනකොට සුනාමි ආවරනයක් නැතත් ගන්වතුර ආවරනය තියෙන ඔප්පු වලට පුර්න ගෙවිම් කරන්න තිරනය කලා.

අර කඩෙ හිමිකරුවොත් ඔෆිස් එකට ඇවිත් වන්දි ඉලුම් පත්රයක් පුරවල දුන්න.අපෙ වෙනකොට හිටපු අන්ඩර් රයිටටත් මෙක මතක තිබුන .අපි එයාට කියමු සහන් කියල.සහන් බැලුව මෙ මොකක්ද වෙන්නෙ කියල.මොකද අර කඩෙ මෙ පාර ගත්තෙ සොරකම් ආවරනය විතරනෙ.හැබැයි ඔය ඔක්කොම ලියවිලි ගෙනත් මෙක කලෙ අපෙ බන්ඩ.සහන් බැලුව බන්ඩ කො කියල.පොර ඉන්නව නියපොතු කකා බරකල්පනාවක.සහන් කියන්නෙ උපතින්ම හොද මිටරයක්.මිනිහ ටක් ගාල කලෙ අර රක්ෂනෙ ෆයිල් එකෙ ඔක්කොම ඩොකියුමන්ට් ටික ෆොටොකොපි කරගන්න එක.

ඔන්න ටික දවසකින වැඩෙ ඇදුන.කඩෙන් කියනව ගොල්ලො වෙන යොජනා පත්රයක් දැම්මෙ නැ කලෙ පරන් ඉන්සුරන්ස් එකමයි කියල.අපෙ ආයත්නෙ තියෙන්නෙ අලුත් එකක්. ෆයිල් එක බැලුවම තියෙනව අත්සන් කරපු නැති යොජනා පත්රයක් එක්ක ෆයිල් එක. 
දැන් ඔන්න මෙ ෆයිල් එක අන්ඩරයිට් කරපු සහන්ගෙ පැත්තට තමයි බොලෙ පාස් වුනෙ. 

මිනිහගෙ වෙලාවට සහන් ගාව ෆොටොකොපි ටික තිබුන.සහන් එව ඉදිරපත් කලා. කම්පනි එකෙන්  ඉන්වෙස්ටිගෙශන් එකක් කලා.එකෙදි ඔෆිස් එකෙ පියන් කිවුව බන්ඩ මහතා ෆයිල් එක එලියට ගෙනිහින් ගෙනාව කියල.එක නිසා සහන්ට ගැටලුවක් උනෙ නැ.දැන් ඔයාල හිතන්නෙ බන්ඩ මහතාට මොකක් උනා කියලද.එයාටත් මුකුත්  උනෙ නැ.

බන්ඩ මහත්තය ඔන්න ගෙදරින් උදෙට කන්න පාන් අරගෙන එනව බටර් ගාල .ඉට පස්සෙ ලන්ච් රුම් එකට ගිහින් පාර්සලෙ දිග ඇර ගන්නව.ඉට පස්සෙ දෙබස මෙන්න මෙ වගෙ

"ෂික් අපේ ගෑනිට පිස්සුනෙ.බලපන් බටර් ගාල සිනි දාල නැ,මල්ලි ඔය සිනි ටිකක් දියන් බන් මෙක කන්න." කියල තේ හදන මලයට කියනව.



ඔය සුනාමියට පස්සෙ අපෙ ආයතනය සුනාමියෙන් කරදරවුන සෙවකසෙවිකාවන්ට අධාර හැටියට එක එක ජාතියෙන් බඩු එවල තියෙනව බෙදන්න.ඔක බෙදල දෙන්න එයාල ඉන්න තැන් සොයාගෙන යන එකටමෙයත් සම්බන්ද වෙලා තියෙනව. දැන් මෙ ගමන යන අතරෙ මෙයාලගෙ ගෙවල් තියෙන පැත්තෙනුත් යන්න සිද්දවෙල. පැත්තට යන්න ගත්ත විතරයි මෙයාගෙ එක අදොනාවලු

 "ගෙදර හරියෙ එක හාල් ඇටයක් නැ,කරවල කැල්ලක් කාපු කාලයම මතක නැ" කියල.

මෙ බඩු බාරව ආපු කෙනත් දන්නව මෙයාගෙ ගෙවල්.ඉතින් එයා කරල තියෙන්නෙ හාල් ටිකකුයි කරවල කුරියෙකුයි මෙයාගෙ ගෙදරි බාල ගිහින්.

ඔන්න මට එනව රජකාරි වැඩකට යන්න මම මිට කලින් නොගියපු ප්රදේශයකට යන්න කියල.මම පාර හරියටම දන්නෙ නැ.මට ඉස්සරහ මේසේ බන්ඩ මහත්තය.මම බන්ඩ මහත්තයගෙන් අහනව  යන පාර.
"රයිට් මල්ලි ඔයා මෙහෙම යන්න"

 කියල පොර මට කියල දෙනව යන පාර.පට්ට අන්ඩරදෙමලයක්.පාරවල් දහයක් විතර කියනව හැරි හැරි යන්න.මට ඔක අවුල්.මම කරපු දේ වෙන ආයතනේක ඉන්න යාලුවෙකුට කතා කරල ඇහුව පාර.මිනිහ කියාපි කෙලින්ම යන පාර කි.මි 14 විතර ඇති යාලුවා කියපු විදියට බන්ඩ ගොයිය කියපු විදියට අවම කි මි 30ක් තියෙනව.

 මම හිතුවා බන්ඩ ගොයිය නොදන්න කමට කියන්න ඇතිකියල.ඔන්න මම යන්න බැග් එක එහෙම අරගෙන  පිටත් වෙනකොටම  බන්ඩ ගොයිය

" මල්ලි යන්නද,මට චූටි වැඩක් කරල දෙන්නකො,ඔය යන ගමන් මගෙ කස්ටමර් කෙනෙකුගෙ ඩොකියුමන්ට් එකක් තියෙනව දීල සල්ලිත් අරගෙන එන්නකො,ඔය යන පාරෙමයි තියෙන්නෙ" කියපි

මට ඔන්න එතකොට තම්යි තේරුනේ මෙයා පාර කිවුවෙ කොහොමද කියල.ඇත්තටම  ඔය ටැලන්ට් එක බන්ඩ මහතට තිබුන. කවුරුහරි කතාකරන වචනයක් ඇහුනත් මිනිහට ප්රයොජනයක් ගන්න හැටි මතක් වෙනව පට ගාල.

36 comments:

  1. ඇම්ඩන් ද ? අදින්න පුබ්බක ද ?

    නැ යකෝ ඌ වල් බල්ලෙක්

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි අටමට තදවෙලා නෙ.උගෙන් ඉගෙන ගන්න දෙවලුත් තියෙනව බන්

      Delete
  2. අමු කාලකණ්නියෙක්නේ... හැබැයි වැරැද්ද අනිත් උන්ගේ.. ඔහොම උන්ව දුටු තැන නෝන්ඩි කරලා දාන්නේ නැතිව හැම දේම ඉවසගෙන ඉන්න එකේ.. කෙලින්ම කෙලින්න බැරිනං පුළුවන් මොනම විදියකින් හරි කෙලින්න ඕන ඔය ජාතියේ ඩයල් වලට...

    ReplyDelete
    Replies
    1. කියල ඔකුන්ට දන්නන්න බැ මචන්.හින්ට් එකක් ඇරියමත් මහ හයියෙන් හිනාවෙල ඉන්නව.උන්ගෙ ලැජ්ජ නහර නැ.උන් මාර විදියට කවුරුවත් හිතන දෙවල් ගනන් ගන්නෙ නැ.
      උබ ආපු එකට මට හරි සතුටුයි මචො.තෑන්ක්ස්

      Delete
  3. ඔයවගේ පොරවල් හැම ඔපිසියකම ඉන්නවබන් එක එක වේශයෙන් කරන වැඩ වල පොඩි පොඩි වෙනස්කම් තිබුනට ඔය ඔක්කොම එවුන්ට වැහිලා ඉන්නේ එකම යකා තමයි.... මම හිතන්නේ ඔය උද කොමෙන්ටු 2කම දාලා තියෙන එවුන් ඔපිසිවල වැඩ කරපු එවුන් නෙවි (හිකිස් ඔන්න දැන් දෙන්නටම මල ) ඒ නිසා ඔය වගේ එවුන් ව හරියට අදුන ගෙන තමන් පරිස්සම් වෙන එක තමයි හොදම.... බොරුවට උන් එක්ක ඇරගන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. කැමති උනත් නැතත් ඔක තමයි කරන්න වෙන්නෙ මචන්.තෑන්ක්ස් මචන් ආවට

      Delete
  4. මාර පොරක් බං. ඔයවගේ ඩයල් මටත් ඕන තරම් සෙට්වෙලා තියනව. අපේ පැත්තෙත් හිටිය එක්කෙනෙක්. මේ හාදය දවසක් එයාගෙ කුඹුරෙ වැඩකල පස් දෙනෙකුට (එයාටත් එක්ක) පුංචිම පුංචි මාළු කූරියො(ලාග්ගො) හය දෙනෙක් ගෙනිච්ච. එකෙක් මාළු දෙකක් කාපු නිසා මෑන්ට මාළු නැතිවෙලා. "කවුද මගේ ලාග්ගත් කෑවෙ" කියල අහනවලු! ඊට පස්සෙ මෑන්ට වැටුන නම ලාග්ග!

    ReplyDelete
    Replies
    1. මෙයා ගැනත් තව ඔන තරම් කියන්න තියෙනව.මු මගෙ යාලුවෙක් ඔෆ්ෆිcඑ එකට ගෙනත් දිපු රතු ලේබලෙකටත් ඇරිය එව ඉතින් මම කිවුවෙ නැ.
      ස්තුතියි මචන් ඇවිත් ගියාට

      Delete
  5. අනේ මංදා. මේ වගේ වැඩවලට හපන්කමක් කියලා කියන්නේ කොමෙද?

    ReplyDelete
    Replies
    1. මෙව හපන්කම් නෙමෙයි අනෙ විලිලැජ්ජ නැති වැඩ

      Delete
  6. මේක අප්ඩේට් වෙලා නෑ දමිත්. උඹ එහෙම කියලා තියෙනවා දැකලා තමයි මම ඇවිත් බැලුවේ.]

    ඉතින් අර සුනාමියට අහුවෙච්ච කඩේට වන්දි ලැබුනද නැද්ද කියලා මට තේරුනේ නෑ.

    මුං වගේ එවුන් මමත් ආශ්‍රය කරලා තියෙනවා. පොඩි ගානකට ආත්මේ නැති කරගන්න උන්නේ මචං.

    ReplyDelete
    Replies
    1. කඩෙට වන්දි ලැබුනද නැද්ද කියන එක හිතලම ලිවුවෙ නැ.ඇත්තටම එ මිනිස්සු අහින්සකයි.කම්පැනියටත් නිතිමය බැදිමක් නැ ගෙවන්න. එත් කම්පැනිය වන්දි ගෙවුව.
      අප්ඩෙට් වෙන්නෙ නැති එකට බෙහෙතක් දෙන්න බැරිද.මට තෙරෙන්නෙ නැ මොකක්ද කරන්න ඔන කියල.

      Delete
    2. තැන්ක්ස් මචන් ආවට

      Delete
    3. දමිත්,
      මචං ඔය ලෙඩේ මගේ HeyDude බ්ලොග් එකටත් හැදිලා. මම දන්න දේවල් කලාට හරි ගියේ නෑ. ඒක නිසා උඹට ඒක කිව්වට වැඩක් වෙයිද මන්දා. මම කලේ එඩිට් ගිහින් save to draft කරලා. ආයේ automatic නැතුව පබ්ලිෂ් වෙන්න වෙලාවක් සෙට් කරලා (schedule )පබ්ලිෂ් කරන එක. ඒක කරලා බලාපං.

      Delete
    4. උඹ ඒ මම කිව්ව වැඩේ කලා වගේ. කලා නේද? උඹේ ටෙස්ට් පෝස්ට් එක අප්ඩේට් වුනා. දැන් උඹ කරපු වැ‍රැද්ද තමයි ඒක අයින් කරපු එක. එහෙම වුනාම මචං ඒකට කොටන උන් නන්නත්තාර වෙනවා මොකද රීඩිරෙක්ට් වෙන්න දාලා නැති හන්දා.
      දැන් උඹ අලුත් පෝස්ට් එකක් දාපං බලන්න.

      Delete
    5. ඉක්මනට දාන්නම්

      Delete
  7. පුළුවන් තරම් අනුන්ගෙන් ප්‍රයෝජන ගන්න ය හරියට ඉන්නවා මේ සමාජේ.

    ReplyDelete
    Replies
    1. එවගෙ මිනිස්සු හැමතැනම නේද.ස්තුතියි සහො ආවට

      Delete
  8. ආපොයි ඕව මොනවද බං.. ඊට වඩා විපරීත් පොරවල් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඔය උබ ඉන්නෙ දෙයියනෙ කියල (ජොක් ඇ )
      තැන්ක මචන් ආවට

      Delete
  9. නයෙක් ලගට ආවත් උගෙන් දරනයක් ගහලා මුට්ටියක් හරි ඒක උඩ තියලා වැඩගන්න ජාතියේ උන අනන්තවත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. උබටත් හමුවෙලා නැතිවෙන්න බැ.නැද්ද
      තැන්ක මචන් ආවට

      Delete
  10. මාතෘකාවේ තියෙන නම් දෙකේම මික්ස් එකක් වගේ මට නම් පේන්නේ..

    ReplyDelete
    Replies
    1. පොර හැබැයි එ දෙන්නටත් එහා
      බොහොම ස්තුතියි දිනේෂ්

      Delete
  11. පෝස්ට් එක කියවත්දි මගේ නම් ඇගේ ලේ කෝප උනා. මාර බුවෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. පුෂ්පෙ පන්න ගන්න එපා.ඔය හැම එකාම එක්ක ජිවත්වෙන එක තමයි සමජෙ ඉන්නව කියන්න්නෙ.මල පැන්න අපෙ ලෙ පිච්චෙනව විතයි බන්.උන්ට ගානක්වත් නැ.
      බොහොම ස්තුතියි චතුරන්ග

      Delete
  12. මේ වගේ එවුන් නම් වස අප්පිරියයි. ඔය කෑමක් බීමක් නම් ඔන්න ඔහේ කමක් නැහැ කියලා හිටතහැකි. අනිත් ඇරිලි අරින්න එනකොට තමයි සංසාරේ එපා වෙන්නේ. ඔය වගේ එවුන් බොන තැන් වලටත් සෙට් වෙනවානේ බං. ඒ ආතල් එකත් කනවා.

    ReplyDelete
    Replies
    1. අනෙ මන්ද අරු නොකියන්න හිටපුව කියවෙනව මෙව දැක්කම.ඔන්න එක සැරයක් අපි ගමනක් යන්න ගිහින් කට්ටිය බොන්න සල්ලි එකතු කලා.එකාගෙන් 700/= ගානෙ.මු ගාවට ගියාම මු 100/= දිල කියනව මටත් ඔය චූඌඌඋටි බියර් එකක් ගෙන්න කියල.
      තැන්කස් අරු ආවට

      Delete
  13. ඌ රෙද්දකුත් ඇඳගෙන තාම ඔපිස් එකේ වැඩ කරනවද දමිත්.

    ReplyDelete
    Replies
    1. ඌ රෙදි අදින්නෙ මොකටද කියලනම් මට තාම හොයා ගන්න බැරි උනා අයියේ.හැබැයි තාමත් රෙදිනම් අදිනව.දැන් රිටයර් වෙලත් වෙනම බිස්නස් දානව

      Delete
  14. ape ammo...............patta minihekne............
    ithn oyath e gonaa andagena giyada e paaarenma??????????

    ReplyDelete
    Replies
    1. piksuda ane.mama haa kiyala aawata passe kiwuwa epeththe giya ne kiyala.
      thanks amare

      Delete
  15. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  16. අලෙවි කළමනාකරුවො කියන්නෙ කපටිකම නියපොත්තෙ හිටන් පිහිටල තියන ජාතියක්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. එක නැතුව බැ වගෙ නෙ

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි