"
වෑන් එකක් උනාම ඉදල හිටල හයර් එකක් යනව තමයි මහත්තයො.ඔක කිවුවෙ නැ ඉතින්.අපි පුල් ඉන්සුරන්ස් කරල තියෙන්නෙ. පාරේ
ගිහින්නෙ හැප්පුනෙ .ඉතින් ඔයාල ගෙවන්න"
මෙ කතාව කිවුවෙ ලගදි අපෙ ඔෆිස් එකට ආපු කෙනෙක්. ඒත් එක්කම ලගදි අටන් එක්ක කතා කරපු වෙලාවක අටම මගෙන් තර්ඩ් පාර්ටි ඉන්ශුරන්ස් ගැනත් අහපු නිසා මට හිතුන පොඩ්ඩක් මෙ ගැන ලියන්න. සාමාන්යයෙන් සමාජයෙ තියෙන මතයක් තමයි රක්ෂනෙන් කියන විදියට කෙරෙන්නෙ නැ කියන එක.මගෙ අත්දැකිම තමයි මෙ කතාව එන්නෙ හරි විදියට මෙ ගැන මිනිස්සු දැනුවත් නොවිමෙන් .එක නිසා මට හිතුන රක්ෂනෙ ගැන මම ද න්න දෙවල් ටිකක් ලියල දැම්මොත් හොදයි කියල.
මුලින්ම අපෙ සමාජයෙ මෙ නොදැනුවත් කමට හෙතුව තමයි ඔය දැනුවත් කිරිම් කියන කොටස කෙරෙන සමහර අලෙවි නිලධාරින් අතින් ඔය වැඩෙ හරියට කෙරෙන්නෙ නැ.ලැබෙන දෙ කියනව හැබැයි නොලැබෙන දෙ කියන්නෙ නැ.
හැබැයි එත් එක්කම කියන්න ඔන මොන මිනිහද තමන් විකුනන්න යන දෙ ගැන අඩුපාඩු කියල විකුනන්නෙ.ගන්න කෙනාටත් වගකිමක් තියෙනව නෙද තමන්ට ඔනකරන දෙවල් ගැන අහල දැනගන්න.(මම රක්ෂනෙට සම්බන්ද රෑකියවක් කලාට අලවියට කොහෙතම සම්බන්ද නැත සොදුර ).
රායිට් දැන් තෙරෙන සින්හලෙන් අපි බලමු රක්ෂනෙ කියන්නෙ මොකක්ද කියල.රක්ෂනෙ කියන්නෙ අවධානමක් බෙදා ගැනිමක්.
ඔයාල දැන් ඔෆිස් එකෙ හරි තමන්ගෙ යාලුවෙකුට හරි කරදරයක් උනොත් කට්ටිය එකතු වෙලා සල්ලි ටිකක් එකතුකරල දෙනව නෙද. රක්ෂනෙ කියන්නෙත් ඔන්න ඔය වගෙ එකක්.
එකනිසා මොකක් හරි රක්ෂනෙකට සල්ලි ගෙවල "අනෙ මට කිසිම වන්දියක් ගන්න බැරි උනා නෙ" කියල දුක් වෙන්න එපා. මොකද එහෙම දුක් වෙනව කියන්නෙ වෙන විදියකට "අනෙ මට කිසිම කරදරයක් උනෙ නැ නෙ " කියල දුක්වෙන එක.
එ වගේම ඉදිරි වසර තුල ඔයාගෙ දේපලකට (ගොඩනැගිල්ලක්.වාහනයක්, ආදි ) කිසිම අනතුරක් හානියක් වෙන්නෙ නැ කියල ෂුවර් නම් එකට රක්ෂනයක් ගන්න එපා.වාහනයක් නම් පොලිසියට පෙන්නන්න තර්ඩ් පර්ටි ඉන්ෂුරන්ස් එකක් විතරක් ගන්න.එ වගෙම ඔයාගෙ දෙපලට හානියක් වෙනව කියල ෂුවර්මනම් මම හිතන්නෙ නැ කිසිම රක්ෂන
ආයතනයක් එක භාරගනි කියලත්.ඔන්න ඔය අනාගතෙ
අවිනිශ්චිත භාවය තමයි රක්ෂනෙන් ආවරනය වෙන්නෙ.
මම සම්බන්ද වෙලා ඉන්නෙ වාහන සම්බන්ද පැත්තට නිසා එ පැත්තෙන් කියනව නම්.
අපි මෙහෙම ගමු ඔන්න ලක්මාල් කියල කෙනෙකුට තියෙනව බෙන්ස් කාර් එකක්. ඕක වටිනව මිලියන 20ක්.ඉතින් මෙ කාරෙක යම් හෙතුවක් නිසා (හදිසි අනතුරක්,ගින්නක්) හානියට පත්විමක් හරි එක නිසා වෙන කෙනෙකුට වෙන හානියක් නිසා හරි (මෙ රථයෙන් වෙන කෙනෙක්ට වෙච්ච හානියක් ලක්මාල්ට ගෙවන්න උනොත්
) ලක්මාල්ට වෙන මුල්‍ය පාඩුව පියවන්න තමයි රක්ෂනයක් තියෙන්නෙ.
දැන් එතකොට ඔය හැම එකක්ම ඔනම රක්ෂනෙකින් ආවරනය වෙනවද ?
නැ.එක කොටස් ගනනාවකට බෙදෙනව.අපි එක මෙතන ඉදල බලමු.
මුලින්ම බලමු තෙවන පාර්ශවිය රක්ෂනෙ (Third party insurance ) කියන්නෙ ම්කක්ද කියල.
ඔනම ගිවිසුමක් ගත්තම එකෙ ඉන්නව පර්ශවයන් දෙකක්.එම ආර්ශවයන් දෙක අතර තමයි ගිවිසුමක් ඇතිකර ගන්නෙ.( ගන්නකො ඔය කසාද ගිවිසුම, දන්න අය කියයි ).ඉතින් ඔය ගිවිසුමට අදාල පාර්ශවයන් දෙක ඇරුනම අනිත් සියලුම දෙවල් එම ගිවිසුමට තෙවන පාර්ශවය වෙනව.
එ කියන්නෙ රක්ෂන ආයතනයත් රක්ෂනය ලබාගන්න පුද්ගලයත් හැර අනිත් කොටස් ආවරනය කිරිම තමයි මෙ රක්ෂනෙන් වෙන්නෙ.
මෙක තමයි වාහනයක් පාරට දානකොට රක්ෂනය පැත්තෙන් රජයෙ අවම අවශ්යතාවය තාවය.
මෙ මගින් ඔබගෙ වාහනය අනතුරකින් වෙනත් කෙනෙකුගෙ දෙපලකට හානි වුනොත්.ජිවිතයක් නැතිවුනොත් එක මෙ මගින් ආවරනය වෙනව.හැබැයි ඔබගෙ හරි ඔබගෙ බිරිදගෙ/සැමියාගෙ දෙපල ආවරනය වෙන්නෙ නැ.
එතකොට ඔනම ගානක් මෙකෙන් ගෙවනවද?
නැ.මෙකෙන් ආවරනය වෙන සිමාවන් තියෙනව.මුලිකවම මෙකෙන් දේපල වලට ගෙවන්නෙ 15000 ක් වෙනකන් විතරයි.හැබැයි පුද්ගල මරනයකදි සිමාවක් නැතුව ගෙවනව.
දේපල සදහා වෙන උපරිම සිමාව වෙනස් කරගන්න පුලුවන් පුර්න රක්ශනයක් ගන්න කොට.
මෙ වන්දි ගන්නෙ කොහොමද ?
මුලිකවම මෙ වන්දි ගෙවන්නෙ රක්ෂිතයා (රක්ෂනය හිමියා) සිදුකල වැරද්දක් නිසා සිදුවන හානි පමනයි. එක නිසා උසාවියක් මගින් රක්ෂිතයා වැරදිකරු විදියට තිරනය කරල උසාවිය මගින් ගෙවන්න නියම කරන වන්දි මුදල ( දඩය නෙමෙයි
) ගෙවනව.
මෙ සියල්ල රක්ෂන ආයතනය සහ ලබා ගන්න ගිවිසුම මත වෙනස්කම් වෙන්න පුලුවන්.මම මේ කියල තියෙන්න මුලික ගිවිසුමකට ඇතුලත් වෙන දෙවල්.
දැන් අපි බලමු ෆුල් ඉන්ෂුරන්ස්
(comprehensive ) එකකින් මොකද වෙන්නෙ කියල.පුර්න රක්ෂන ආවරනයකින් මුලිකව හදිසි අනතුරකින් හා ගින්නකින් රථයට සිදුවන හානිය සදහා වන්දි ගෙවිම සිදුකරනව. තෙවන පාර්ශවයෙ ආවරනයත් ඇතුලත්.
මෙකට මුලික පුර්න රක්ෂන ගිවිසුමට ඇතුලත් නොවෙන අමතරව එකතු කරගන්න පුලුවන් අවරන ගනනාවක තියෙනව.එව ටිකක් තමයි මේ.
කැරලි කොලාහල,ත්රස්තවාදි
ආවරනය
ස්වාභාවික විපත්
පුද්ගල හදිසි අනතුරු ප්රතිලාභ
කම්කරු වන්දි
පුහුනු රියදුරු
විදුරු සදහ වැඩිදුර ආවරනය ආවරනය
එයාර් බැග් සදහ පුර්න ආවරනය
(මුලික ගිවිසුමෙන් 50 % පමනයි )
මගීන් සදහා ආවරනය(මගී ප්රවාහන සද හා)
බඩු ප්රවාහනය (වෙලද වාහන සදහා )
වැඩිකල තෙවන පාර්ශව ආවරනය (වෙලද වාහන සදහා )
වාහනය ඔසවාගෙන යැමේ ආවනය වැඩිකිරිම (මුලික ආවරනය
1000/= )
වාහනෙ මොන දේකට භාවිතා කලත් පුර්න රක්ෂනෙ එක වගෙද ?
නැ,වාහනය භාවිතා කරන පදනම මත එක කොටස් තුනකට බෙදෙනව
පුද්ගලික
කුලි ගමන් සදහා රියදුරු සහිතව (හයර් )
පුද්ගලික.
මෙක යටතට වැටෙන්නෙ රක්ෂිතයාගෙ කාර්යන් සදහා පමනක් යොදා ගන්න වාහන සදහෙ.හැබැයි මුදල් හො තැගි බලාපොරොත්තු නොවි තමන්ගෙ හිතවතෙකුට දුන්න අවස්තවක් උනත් ගැටලුවක් නැ. රක්ෂන වන්දි ගෙවනව.
හැබැයි මෙ ජතියෙ රක්ෂනයක් අරගෙන අනිත් කොටස් දෙකට වැටෙන කාර්යයන්වල යොදවල අනතුරක් වුනොත් ගෙවන්නෙ නැ.
මෙ ආවරනයෙත් කාර් වලටයි ජිප් වලටයි විශෙෂ වාසියක් තියෙනව.එ වාහනයෙ යම් කොටසක් හොරකම් කලත් ගෙවනව.තෙවන පාර්ශවෙට දෙපල සදහා 50 00 000 ක ආවරනයක් තියෙනව.අනිත් වාහන වලට කොටස් හොරකම් කලාට ගෙවන්නෙ නැ.සම්පුර්න වාහනය හොරකම් කලොත් ඔනම පුර්න රක්ෂනෙකින් වන්දි ගෙවනව.
කුලි ගමන් රියදුරු සහිත.
මෙක ට අපි කියනව හයරින් පොලිසි කියල.මෙකෙදි රථයෙ හිමිකරු හරි හිමිකරුගෙ රියදුරෙක් විසින් පදවා කුලි ගමන් සදහා යොදවන වාහන වලට මෙක ගන්න ඔන.මෙකෙදිත් රෙන්ට් කියන කොටසට වැටෙන කාර්යයන් වලට යෙදෙව්වොත් වන්දි ගෙවන්න් නැ.හයර් හරි ප්රයිවෙට් හරි කියන කොටස් දෙකේම කාර්යයන් වලට යොදවන්න පුලුවන්.වන්දි ගෙවනව.
මෙ රක්ෂනෙදි බැහැර කරන ලද කොටස් කියල කොටස් වගයක් සදහා වෙනම ආවරනයක් ගන්න තියෙනව.සාමන්යෙන් දැන් එක නැතුව රක්ෂනෙ විකුනන්නෙ නැ.එකෙදි බෆර්.ලයිට් වගෙ වාහනෙ පිටින් තියෙන කොටස් වගෙකුයි පෙන්ට් එකයි වෙනම ආවරනය කරවනව.
කුලි ගමන් සදහා රියදුරු රහිත.
මෙ ආවරනය අවශ්‍ය වෙන්නෙ රෙන්ට් කරනව කියල අපි කියන්නෙ වාහනේ විතරක් කුලියට දෙන වාහන සදහා.
මෙ විදියට ආවරන බෙදල තියෙන්නෙ අදාල වාහනෙට ඇති අවධානම අනුව.එ අනුව අවධානම වැඩිවෙන්නෙ මෙ ආකාරයට
පුදිගලික භාවිතය < රියදුරු සහිත කුලි ගමන්
< රියදුරු රහිත කුලි ගමන්.
මෙ අනුව අවධානම අඩු කාන්ඩයක වාහනයක් වැඩි කාන්ඩයක කලාට ගැටලුවක් මතුවෙන්නෙ නැ.නමුත් වැඩි අවධානමක් තියෙන එකක් අඩු අවදානම් කාන්ඩයක කලොත් වන්දි නොලැබිමෙ යාමෙ ඉඩක් තියෙනව.
හොදම දේ තමන්ගෙ වාහනය භාවිතා කරන කාන්ඩයෙ රක්ෂනයක් ගන්න එක.
රක්ෂනයක් මිලදි ගැනිමෙදි සැලකිය යුතු කරුනු ගැන මිලග ලිපියෙන් බලමු.
වැඩි දැනුමක් නෑ ඕව ගැන. ලියන්නකෝ බලන්න.
ReplyDeleteගොඩ දෙනෙක් ට දැනුම අඩු නිසා තමයි දිලිනි ලියන්න හිතුනෙ.ඔය ආපහු කියල මොනව හරි කියන්න.ඔයා බලනකොට ලිපිය සම්පුර්නෙන්ම දාල නැ.දැන් හරි
Deleteමේක නම් හරියට වටිනවා මල්ලි..ඇත්තටම අපි රක්ෂණයක් ගත්තට හුඟක් කරුණු ගැන දැනුවත් නැහැ නේ..
ReplyDeleteතව ගොඩාක් දෙවල් තියෙනව.ඉස්සරහට දාන්නම්. තැන්ක්ස් ආවට
ReplyDeleteඋඹෙන් අහන්න ප්‍රශ්ණ තියෙනවා. මතක් වුනාම අහන්නම්. දැන් පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ.
ReplyDeleteඋඹට මතකද මම යාල ගිහිල්ල වාහනේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙච්ච කතාව දමිත්? මම ඒකට ඉන්ෂුවරන්ස් සල්ලි එක ගත්තා. ජනශක්ති ෆුල් දාලා තිබ්බේ.
උඹේ තොරතුරු හරි වැදගත්. ඇයි බං කාර් ජීප් විතරක්? හරි අසාදාරණයිනේ බං.
අනිත් ටිකත් දැම්මට පස්සෙ බලමු උබෙ ප්‍රශ්නවලට උත්තර තියෙද කියල.මම එක බැලුව හෙන් රි එක තමයි රියල් සිටිවෙෂන් එක.ප්‍රයිවෙට් කාර් කියන කැටගරි එකට වැටෙන්නෙ ඔය දෙක.එවයෙ රිස්ක් එක අඩුයි කියල තමයි ඔය විදියට වෙලා තියෙන්නෙ.
Deleteවැදගත් ලිපියක්.... Push Bikeවලට Insurance නැද්ද බං? මෙහෙනම් තියෙනවා.
ReplyDeleteකොහෙද අනෙ පුට් බයික් වලට ඉන්සුරන්ස් තියෙන්නෙ.මෙහෙ නම් නැ.ඉතුරු ටිකත් බලන්න.
Deletehttp://www.money.co.uk/bicycle-insurance.htm
Deleteදමිත් ආයෙම බ්ලොගේ වෙනස් කරලා නේද,දිගටම ලියාගෙන යමු.
ReplyDeleteඔයා මෙකට කලින් ආව නෙද.වෙනස් කලෙ එක පාරයි.දිගටම එන්න හොදේ
Deleteදිගටම ලියාගෙන යමු.. කොහොමත් රක්ෂණ වලින් කියන තරම්ම දේවල් කෙරෙන්නේ හුඟක් අඩුවෙන් තමයි..
ReplyDeleteදිනේශ් ගිවිසුමෙ තියන දෙවල් නොකර බැ.හැබැයි විකුනන කෙනා කියන දෙවල් ගිවිසුමෙ තියෙනවද කියල බලනෙ එකත් ගන්න කෙනාගෙ වගකිමක් නේද
Deleteඔය මතය නිසයි මම මෙ ටික ලියන්න ගත්තෙත්.දිගටම බලන්නකො
වැදගත් ලිපියක් මචං .
ReplyDeleteස්තුතියි මචන්.බොහොම සතුටින් පිලිගන්න සදරු.හරිම සතුටුයි
Deleteඉතාම වටිනා ලිපියක් දමිත්...මේ විෂය ක්ෂේත්‍රය ගැන අපේ ඇත්තන්ට දැනුම මදි නිසාම ඔබට හැකි විදියට ඒ දැනුම් පරාසය පුළුල් කරන්නට දායක් වෙන්න....ජය !
ReplyDeleteයස් සිරා බලමු මම දන්න ටික දාල
Deleteවැදගත් කතා බහක්... ලියමු පුතා... ඉස්සරහට ලියමු
ReplyDeleteඅනිවා ලියමු
DeleteWhat is "Third party Property insurance"? Is that something made out of third party insurance?
ReplyDeletethanks for the information
no any separate one as "Third party Property insurance"it's including to all type of vehicle insurance.but basically cover is limited to 15 000/=,it can extended up to 2mn.already 5mn cover is added only to privet car comprehensive insurance.
Deleteමගේ වෙහිකල් ඉන්සුරන්ස් කන්සල්ටන්ට් විදියට දැන් සිට දමිත් ගුණවර්ධන නොහොත් දමියා පත් කර ගන්නවා. හිටහං ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා අහන්න..
ReplyDeleteමසෙකට 1 50 000/- ක් අය කරනව හරිය
Deleteමචං පුලුවන්නම් ඔය විදේශ ගත වෙනකොට air ticket එකටත් රක්ෂණ ගාස්තුවක් add කරනවනේ අන්න එක මොකද්ද කොහොමද claim කරන්නේ වගේ විස්තර ගැනත් පොස්ටුවක් දාපන් මචෝ
ReplyDeleteඑ ගැන මම හොයල බලන්නම් රාලෙ.ඇත්තටම මම රක්ෂන සමාගමක වැඩකලාට මගෙ ජොබ් එක ටෙක්නිකල් පැත්තෙ තියෙන්නෙ.වාහන රක්ශන ගත්ත මිනිස්සුනෙ මට හම්බවෙන්නෙ ජොබ් එකෙදි.එක නිසා එ ගැන හොදට හොයා ගත්ත.අනිවා උබෙ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්.
Deleteමචෝ වැදගත් ලිපියක්..ඒත් මම නං රක්ෂණ නියෝජිතයෝ එනකොට හැංගෙනවා..
ReplyDeleteහැංගෙන්න තමයි වටින්නේ නලින්.හෙන කාලෙකින් කතාකරපු නැති යාලුවෙක් ලඟදි මට දුරකතන ඇමතුමක් දුන්නා මමත් හිතුවේ මූ මගේ සැපදුක අහන්න කතා කරා කියල බැලින්නම් මු ඉන්ෂුවරන්ස් කොම්පැනියක වැඩට ගිහිල්ලා මාවත් රක්ශනය කරන්න කතාකරල තියෙන්නේ.... :D
Deleteඔතන තමයි ගැටලුව.ලන්කාවෙ මිනිස්සුන්ට රක්ශනෙ ගැන හරියට දැනුවත් කිරීමක් කරල නැ.රක්ෂනයක් අරගත්ත මිනිහ ක්ලෙම් එකක් ගන්න ගියාමයි දැන ගන්නෙ එයාට ඔන දෙවල් නෙමෙයි තියෙන්නෙ කියල.මම දන්න සින් එකක් තියෙනව ලොකු හාමුදුරුවන්ට ඉන්සුරන්ස් එකක් දානව කියල එයාට වයස වැඩි නිසා පොඩි හාමුදුරුවන්ට දාල.මිල ගෙවන කෙනා මිට වඩා හොයන්න ඔන මම ජිතන්නෙ.හාල් කිලොවක් ගන්නකොට හොයන තරම්වත් හොයන්නෙ නැතුව ඉන්සුරන්ස් ගන්නව මම දැකල තියෙනව
Deleteඔන්න ඔය නලියා කිව්ව ආකල්පේ වෙනස් කරන්න තමා මචෝ හෙන ගේමක් දෙන්න ඕන.. ඒකට කෝටි ගාණක් වියදං කරත් අවුලක් නැහැ..
Deleteනිවී හැනහිල්ලේ බලන්න ඔන ලිපියක් දමිත් අයේ එන්නම්
ReplyDeleteඑන්න .මිලදි ගන්න වුන දවසට ඔයාට විස්වාසයක් ඇතුව රක්ෂනයක් මිලදි ගන්න පුලුවන් වෙවි
Deleteමම නම් තාම රක්ෂණයක් ගන්ඩ හිතලාවත් නෑ... පහු කාලීනව වැදගත් වෙයි :)
ReplyDeleteවාහන රක්ෂනයක් නම් කැමති උනත් නැතත් ගන්න වෙන අවස්තා තියෙනව.දැන ගන්න එක අපතෙ යන එකක් නැ.
Deleteදැන් කෝ එතකොට දමිත් ගුණවර්ධන ගේ බ්ලොග් රෝල. යකෝ උඹ කොටියම කන්න ඕනේ, මම අදනේ උඹ මේ හය හතර ලියනවා කියලා දන්නේ, මල පනිනවා , රක්ෂණය වෙලා තියෙනවනම් ගන්න ලාස්තිවෙයන් මම දැන් උඹේ හක්ක පන්නන්නයි යන්නේ හොරෙන් බ්ලොග් ලියනවාට.
ReplyDeleteදෙයියො බුදු වෙන්ඩ තරහ අවසර.අරකට වෙච්ච දේ කියල වැඩක් නැ.ඉට පස්සෙ ටික දවසක් කටවත් කිවුවෙ නැ මචො මෙක හැදුව කියල. මෙකටත් කෙල වුනොත් තවත් එකක් ගැන කියන්න බැ නෙ.ඉතින් මයෙ අම්ම තරහ නැතුව පරන එවත් නිකමට වගෙ බලපන් කො
Deleteමටත් ඔය හා සමාන සිධ්ඪියක් වුනා ළඟදි. රෙන්ට් එකත ගත්තු වාහනේ හැප්පුනා. මම ඉන්ෂූරන්ස් එකට කතා කරළා විස්තරේ කියලා මම කිව්වා රෙන්ට් එකට අරන් තියෙන්නෙ කියලා. මම බලාපොරොත්තුවුනේ අරුන් අදාල රක්ෂණ හිමිකම අරන් ඇති කියලා. අයිතිකාරයට කිව්වම කියනවා ඇයි එහෙම කිව්වෙ, යාළුවෙක්ගෙන් අරන් ආවා කියලානේ කියන්ඩ තිබුනෙ කියලා. ඒ කියන්නෙ ඌ අදාල රක්ෂණැය කරගෙන නැ. දැන් වෙච්ච හානිය එහෙම්මමයි.
ReplyDeleteසෙන්න උබ හරි.රෙන්ට් එකට දෙනව නම් එක දා ගන්න එක එයාගෙ වගකිම.පොලිසියට යාලුවෙකුගෙ කියල පස්සෙ නිතිමය වශයෙන් උබට වගකිමක් ආවොත් ඔය කියන කතා නැ.
ReplyDeleteඅප්පට සිරි..මලේ උඹ රක්සනේද වැඩ?...නියමයි..නියමයි...ඉඳපං එන්නං උඹව හම්බවෙන්ට..
ReplyDeleteමේ මට වෙච්චි දෙයක් අහපංකො ඉතිං...පහුගිය පාර මම ගියා ජීවිත රක්සනයක් ගන්ට...අප්පට සිරි...වයිද්දිය පරීස්සනෙං පස්සෙ රස්සනේ රිජෙක්ට් උනා නෙව බං..මගෙ හාට් එක ලොකු වැඩියි කියල තිබ්බලු රිපෝට් එකේ..
බොරුත් නෙමෙයි බලාගෙන ගියාම..ඇයි බං දන්න කාලෙ ඉඳල ඕක ඇතුලෙ පැල පදියං වෙල හිටපු මානවිකාවංගෙ හැටියට ඕක ලොකු නොවුනොත් තමයි පුදුමෙ. සමහර දවස්වල එක පාර දෙතුං දෙනත් හිටිය නෙව සමෝසමේ..හෙහ්, හෙහ්
රවි අයියෙ උබ මෙකෙ ඇතුලෙ දැකිමත් මන්ගල කරුනක් මට.
Deleteමම රක්ෂනෙක ඉන්ජිනීරු මෙවුව එකක් කොරන්නෙ.
අපොයි අයියෙ උබෙ හාට් එකනම් හද්ද පට්ට ලොකුයි කියල අපි නම් දන්නව.
මම දන්නෙ අන්තිමට අතින් ගෙවාගෙන හරක් බලනව වගේ වැඩක් කියල.
ReplyDeleteඒක රක්ෂන ආයතනය මත තමා රදා පවතින්නෙ.
මගෙ ජීවිත රස්කනේට ලැබුනා පත සයිස් පොතක්. ඒකෙ මොනවද තියෙනවද මන්ද බං//
ජය වේවා. ලිපි පෙල දිගටම බලන්නෝනි. ඒ තරම් වැදගත් !!
මචන් රක්ෂනෙ නැත්නම් මෙ ලොකේ ගෙඩාක් දෙනා මෙ වෙනකොට අමාරුවෙ වැටිල.එක ගැනත් මම අන්තිමට කියන්නම්.වැඩෙ තියෙන්නෙ බොරු කියල විකුනන මිනිස්සු ඉන්න එක.නැත්නම් ආයතනෙ හැටියට රක්ශනෙ වෙනස් කරන්න බැ.
Deleteකාර එකක් ගත්තු එකේ ප්‍රයෝජනේ දැනෙන්නේ ඔය රක්‍ෂණ වැඩවලට ගියාමයි. මොකද කාර් එක නොතිබුණා ඔය සේරම ගමන්වලට ත්‍රීවීලර්වල යන්න වෙනවානේ!
ReplyDeleteඑ මොකො කකා එහෙම කියන්නෙ.බොහොම ස්තුතියි කකා ආවට.හරිම සතුටුයි
Deleteමෙන්න මගේ අත්දැකීම
Deletehttp://kathandara.blogspot.com/2011/06/how-lucky-i-am-to-have-car.html
අම්මට සිරි ගජ..තවත් අන්ඩර් රයිටරයෙක් ද කොහෙද....වෙනසකට තියෙන්නෙ....උඹ General , මම Life.....
ReplyDeleteනැ මචන් .මම එරියා ඉන්ජිනියර් ගාල්ලෙ.උබ සෙලින්කො නේද
Deleteලංකාවේ රක්ෂණ දැනුම ගැන නම් කියල වැඩක් නෑ...වෙන මොනව හරි ගන්න කොට බලන්න ඕන අර පැත්තට මේ පැත්තට පෙරල පෙරල අසීමිත ප්‍රශ්න අහල තමයි ගන්නෙ(සමහරු ඒත් අහු වෙනව )පොල් ගන්නකොට හොලවල බලල ගන්න ඕන කියල අමුතුවෙන් කියන්න ඕනද...ඒ වගේ තමයි...රක්ෂණ ගන්න කලින් ගැන ටිකක් හරි හොයල බැලුවනම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ.....ඔය නීති තිබුනෙ නැත්නම් රක්ෂණ ව්‍යාපාරය සූදුවක් වෙනවා....
ReplyDeleteඔක තමයි මචන් මටත් කියන්න ඔන.ටිකක් දැනුම තිබුනොත් හොයන්නත් ලෙසි නෙ.උබත් ගැන ටිකක් ලියමු.විශෙශයෙන් රක්ෂනෙන් නොලැබෙන දෙවල් ගැන.එතකොට දැනුවත් වෙනව අනවශ්‍ය දෙවල් බලාපොරොත්තු නොවෙන්න.මම බලාපොරොත්තුවෙන්නෙ එක.
Deleteබොහොම ස්තුතියි සහො ආවට
මේ ගැන තවත් ලියන්න....දැනුවත් වෙලා ඉන්න එක හොඳයිනේ තාම රක්ෂණයක් අරගෙන නැති එකේ
ReplyDeleteස්තුතියි රේහානි.වාහනය ගන්නවනම් අනිවාර්යෙන් රක්ෂනයක් ගන්න.රක්ෂනයක් ගන්නවනම් අනිවාරයෙන් මෙ කියන එව ගැන සැලකිලිමත් වෙන්න
Deleteඅදනේ මේක බැලුවේ . මෙව්වාගැන දිගටම ලියහං
ReplyDeleteඅනෙ අම්මපා මට උබත් එක්ක එන තරහා.
Deleteමචන් මේ හරි බ්ලොග් එකද වැරදි බ්ලොග් එකද ....? එක පෝස්ට් එකක් තියෙන නිසා ඇහුවේ..උඹ කලින් ලියපු පෝස්ට් ටික කෝ ....?
ReplyDeleteඅනෙ ඇයි බන් උබ මාව බය කරන්නෙ.ඔය තියෙන්නෙ 6ම.දකුනු පැත්තෙ පොඩ්ඩක් බලපන්කො.මෙක තමයි මචන් වන් අන්ඩ් ඔන්ලි .තැන්ක්ස් මචන්
Deleteහොද විස්තරයක් කරල තියනව රක්ෂණය ගැන..සමාජය හොදින් දැනුවත් වී සිටිය යුතු මාතෘකාවක් මේක..
ReplyDeleteස්තුතියි සසිදු.ඉතිරියත් දැම්මම කියවන්න
Deleteපට්ටයි මචන් පෝස්ට් ටික නම්..
ReplyDeleteමචෝ මේ බ්ලොග් එකේ layout එක පොඩ්ඩක් change කරහන්කො..ටිකක් අවුල් වගේ බලනකොට...
:-)
මොනවගෙ වෙනසක් කලොත් හොදයිද මචන්.
Deleteතැන්ක්ස් ආවට සහ අදහස් කිවුවට