Monday, July 21, 2014

ටයර් ගැන - 03



දැන් ටයර් ගැන තුන්වෙනි ලිපිය.මෙකෙන් මෙ කතාව අවසාන කරමු.එක සහ දෙක මෙතනින් සහ මෙතනින් බලාගන්න පුලුවන්.

මුලදිම මට කලින් ලියන්න අමතවුන කොටසක් ලියන්න බලාපොරොත්තු වෙනව.එක ඇවිල්ල ටයර් එකක් ගන්නකොට බලන්න ඔන මුලිකම අවශ්යතාවය.ටයර් එකෙ ප්රමානය.




මෙක කොටස් තුනකට බෙදෙනව. කියන්නෙ සමාන්‍යන් ටයර් එකෙ ප්‍රමානය කියන්නෙ ප්‍රමාන තුනක් සදහන් කරමින්. මෙන්න මෙ විදියට 175 යි70 යි 13 එහෙම නැත්නම් 185යි 75යි 14 වගෙ.


මෙ කොටස් තුනෙන් කියවෙන දෙවල් දැන් බලමු.


මුලින්ම කියවෙන ඉලක්කම් තුනෙ කියවෙන්නෙ ටයර් එකෙ පලල මිලීමිටර් වලින්.


මැද කියවෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ ටයර් එකෙ උසත් පලලත් අතර අනුපාතය.මෙකෙන් කියන්නෙ  ප්‍රතිශතයක්.මෙ ඉලක්කම් දෙක නැත්නම් කියන්නෙ උසයි පලලයි සමානයි.

ගොඩ දෙනෙක්ට මෙ දෘෂ්ටි අනුපාතය (aspect ratio ) ගැන පැහැදිලි නැති නිසා මට හිතුන මෙතෙන්ට උදාහරනයක් එකතු කරන්න.මෙතනදි ටයර් එකෙ උස කියල ගන්නෙ පි දාරෙ ඉදල ඇතුල දාරෙට තියෙන දිග.පලල් කියන්නෙ ටයර් එකෙ කට්ට තියෙන මතුපිටෙ පලල.

දෘෂ්ටි අනුපාතය        =   ( උස /පලල )  * 100 

දැන් ඉහල උදාහරනෙම ගත්තොත්
දෘෂ්ටි අනුපාතය = 75 =  ( උස/185 ) *100
එතකොට ටයර් එකෙ උස =  (185  * 75 ) / 100
                                                    = 138.75 මිලිමිටෙර්
එතකොට 900 යි 20 වගෙ තියෙන ටයර් වල උස පලල් දෙකම 900මිලිමිටර්. එවායෙ මැද ඉලක්කම 100 වෙන්න ඔනවුනත් මුකුත් නැතුව තියෙන එක තමයි සම්ප්‍රදාය.



අන්තිමට කියවෙන්නෙ රිම් එකෙ විෂ්කම්භය අගල් වලින්.


හරි දැන් අපි තව ටිකක් බලමු ටයර් ගැන.ටයර් එකක් භාවිතාවෙන් ඉවත් කරන්න ඔන කියල කෙනෙකුට හිතෙන්නෙ කොහොමද.ටයර් එකෙ කට්ට ගෙවිල ඉවර වුනාම.එහෙම නේද?

හොදයි.ටයර් එකක් කට්ට ඇතුව හදන්නෙ මොකද.මෙ ප්‍රශ්නෙට මට කිපදෙනෙක් දුන්න උත්තරෙ තමයි (ඔයාල නෙමෙයී ) ඝර්ෂනය වැඩිකරන්න කියල.



නමුත් අපි දන්න දෙයක් ,10 පතියෙදිද කොහෙද උගන්වනව ගැටෙන පෘශ්ඨ දෙකක් අතර ඇතිවන ර්ෂනය රදාපවතින්නෙ පෘෂඨ දෙක අතර ඝර්ෂන සන්ගුනකය සහ ගැටෙන වර්ගඵලය මත කියල.


ඝර්ෂන සන්ගුනකය රදාපවතින්නෙ පෘෂ්ඨ ස්භාවය මත.කට්ට කැපුවට එක වෙනස් වෙන්නෙ නැ.එතකොට  වර්ගඵලය මොකද වෙන්නෙ.කට්ට කැපුවම පාරයි ටයරයයි අතර ගැටෙන වර්ගඵ්ලය අඩුවෙනව.


එහෙනම් මොකටද කට්ට කපන්නෙ.එකට හෙතුව මෙන්න මෙක.සමන්යන් වැස්ස වෙලාවට පාරෙ වතුර තිබුනම එක තලයක් ආකාරයට ටයරය සහ පාර අතරට එනව.එතකොට පාරයි ටයර් එකයි අතර තියෙන බැදිම බිදිල ලිස්සනව. විතරක් නෙමෙයි වැලි පොලවකදි උනත් මෙක වෙන්න පුලුවන්.ආන්න විදියට ටයර් එකයි පාරයි අතරට එන මොනම දෙයක් වුනත් ඉවත් කරන්න තමයි කට්ට කපන්නෙ.ඒවා කට්ට ඇතුලට ගිහින් පිටතට යනව.

මතක තියාගත යුතු තවත් දෙයක් තමයි ටයර් එකක් කට්ට ඔක්කොම ගෙවෙනකන් භාවිතය සුදුසු නැ කියල.ටයර්  කට්ට අතර තියෙනව කට්ට එකට සම්භන්ද කල කුඩා කොටස්.ආන්න එව මතුවෙලා නම් ටයරයෙ කාලය ඉවරයි. වගෙම පිටිනුත් කුඩා තලයක් මගින් පෙනවල තියෙනව ටයර් එකක් ගෙවිල ඉවරවෙන ස්ථානය.


ටයර් එකක ආයුකාලය වැඩිකර ගන්න නම් ටයර් එකෙ ඇතුලෙ වායු පිඩනය නම් ඉතාම වැදගත්.නියමිත පිඩනය පවත්වා ගැනිම ඉතාම වැදගත්.
අඩු පිඩනයක් නම් තියෙන්නෙ ටයර එක ඇතිලෙ අතිරෙක තාපයක් නිපදවෙනව.ඉට අමතරව බර දරා ගැනිම හැකියාව අඩුවෙන නිසා එයත් ටයරයට හානිකරයි.ඉට අමතරව අඩු පිඩනයක් තියෙනකොට ටයර් එකෙ දෙපැත්තෙන් ගෙවිල මැද ඉතුරුවෙන තත්වයකුත් ඇතිවෙනව.

වැඩි පිඩනයක් තිබුනොත් ටයර එකේ මැදින් කට්ට ගෙවියාමක් සිද්දවෙනව.

ඔය කොයි එකෙනුත් වෙන්නෙ ටයර් එක භාවිතාකරන්න පුලුවන් කාලය අඩුවෙන එක.

මිට අමතරව නියමිත කාලෙදි විල් එලයිමන්ට් කර ගැනිම.ටයර් වටෙට මාරු කිරිමෙන් ක්‍රමවත් ගෙවියාමකට තියෙන ඉඩ අසුරන්න පුලුවන්.
මෙ දෙකම කිලොමිටර් 8000කට සැරයක් කර ගත්තනම් ඇති.

ටයර් රොටෙන් කරන විදිය ෆ්රන්ට් වීල් වල සහ රියර් වීල් වල වෙනස්.
ෆ්රන්ට් වීල් වල පහත විදියටත් 



 රියර් සහ ෆොර් වීල් වල පහත විදියටත් කරන එක තමයි නිවරදි.


හැබැයි නිතරම ටයර් වල ස්වභාවය  පරික්ෂාකරන එක ඇගට ගුනයි.මෙක අපිටම පුලුවන් කරන්න.

වගෙම මුල ලිපියෙදි ඩුඩ් අයිය කිවුව වගෙ ටයර් අස්සෙ හිරවෙලා තියෙන ගල් කැලි එහෙම අයින් කරල දාල තියන එක ඇගට ගුනයි.

තව දැනගත් යුතුයි සස්පෙන්ෂන් පද්තියෙ දොශ තිබුනත් ටයර් වල ක්‍රමවත්ව ගෙවිම් වෙනව.විෂෙශයෙන් ශොක් ඇබ්සොබර් වල කාර්ය හරියට නොකෙරෙනවනම් එවගෙ දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.එහෙම වුනාම ටයර් එකෙ තැනින් තැන කුට්ටි කුට්ටි වශයෙන් ගෙවෙනව.

අවසානවෂයෙන් මෙන්නෙ මෙටික මත තියාගන්න එක පර්ස් එකට හොදවෙයි.
තමන්ට වාහනයක් තියෙනවනම්
  • මාසෙකට සැරයක්වත් වාහනයෙ ටයර් වල වායු පිඩනය චෙක් කරන්න.
  • කිලොමිටර් 8000 කට සැරයක් එලයිමන්ට් චෙක් කරගෙන ටයර් රොටෙෂන් කර එකත් කරගන්න.
  • නිතරම ටයර් වල ස්වභාවය තමන්ම පරික්ෂාකරන්න.

49 comments:

  1. ඔය ටයර් එකේ ප්‍රමාණය ගැන කතා කරන එක මටත් මහ කුණුහබ්බයක් වෙලා තිබ්බේ මොකද මේ අඟලුයි මිලි මීටරුයි එකට අනාගෙන තියෙන්නේ ඇයි කියලා. ඉස්සර බස් ලොරි ටයර් 900/20 කියලා හොඳට මතක ඒවා කොච්චරවත් බස් පෝලිමේ ඉන්නකොට පේන නිසා.

    මෙන්න මේක තව පොඩ්ඩක් පැහැදිළි කරපං උදාහරණත් එක්ක. >>මැද කියවෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ ටයර් එකෙ උසත් පලලත් අතර අනුපාතය.මෙකෙන් කියන්නෙ ප්‍රතිශතයක්.මෙ ඉලක්කම් දෙක නැත්නම් එ කියන්නෙ උසයි පලලයි සමානයි.<<

    දැන් තීයෙනව නේද බං ඉබේම පැච් දැමෙන. ඒ කියන්නේ හිල් වුනොත් ඇතුලේ තියෙන ලික්විඩ් එකෛන් ඉබේම සීල් වෙන ටයර්. එතකොට blow out වෙන්නේ නැති නොහොත් වේගයේදී පුපුරා ගිහින් අනතුරට භාජනය නොවෙනේ ටයර් හෙම. ඇත්තෙන්ම ටයර් එක ඇතුලේ වාතය (හෝ නයිට්‍රජන්) වෙනුවට සුදුසු ෆෝම් රබර් මාධ්‍යක් තියෙනව නම් අනතුරු වලක්වගන්න පුලුවන් නේද? ඇයි දන්නේ නෑ එහෙම නොකරන්නේ.

    මේ වගේ පෝස්ට් දානවට උඹට ස්තුතියි මල්ලියා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටින්. අර පින්තූරේ ලෝඩ් වුනේ දැන්නේ. උඹ අදහස් කරන්නේ 75 කියන්නේ උස:පළල = 7:5 කියන එකද? එහෙමනම් තේරුනා. එහෙම නෙවෙයි නම් කියාපං.

      Delete
    2. දැන් ඔය උබ කියල තියෙන්නෙ 900 යි 20 කියල.එතන නැ මැද ඉලක්කම.එකියන්නෙ ඔය ටයර් එකෙ උසයි පලලයි සමානයි.හරිනම් ඔතන 100 ඉලක්කම මැදට එන්න ඔන.
      ඉබෙ පැච්දමෙන එක ටයර් වල විෂෙශත්වයක් නෙමෙයි .එකෙන් කරන්නෙ දියරයක් ටයර් එක ඇතුලට දාල තියන එක.නවීන ටයර් විශෙෂ ගැන නම් ගොඩක් විස්තර කියන්න මෙ වෙලා අමාරුයි.

      Delete
    3. නැ නැ උස පලලින් බෙදුවම එන අගය 100න් වැඩිකරල ඔය තියෙන්නෙ.ඔකනෙ කියන්නෙ රතු පාටින් දාලත් කියන දෙ ඇහුවෙ නැ නෙ :D

      Delete
    4. ඩුඩ් අයියෙ උදාහරනෙකුත් එකතුකලා .බලන්නකො පැහැදිලිද කියල

      Delete

    5. පැහැදිළියි දමිත් ස්තුතියි.

      සමහර බ්ලොග් රෝල් වල අරවින්දගේ අන්දරේ සහ වම්බට්ටක් ගැන පෙන්නුවට ඇති වම්බට්ටක් නෑ. උඹ බ්ලොගේ යට රිංගගෙන රෙපයා එකක්වත්ද?

      Delete
    6. රෙපෙයර් එකක් කොරන්න ගිහින් තමයි ඔය මගුල වුනෙ.දැන් මොක කලත් හරියන්නෙ නැ.අලුත් පොස්ට් එකක් හැටියට දාලත් හරිගියෙ නැ.

      Delete
    7. //ටයර් එක ඇතුලේ වාතය (හෝ නයිට්‍රජන්) වෙනුවට සුදුසු ෆෝම් රබර් මාධ්‍යක් තියෙනව නම් අනතුරු වලක්වගන්න පුලුවන් නේද?//
      එකෙන් වායුවෙ තිබෙනෙ තරම් ශොකැබ්සොබින් ගතිය ගන්නත් බැ.අනික මිලත් විශාල වශයෙන් වැඩි වෙනව.ඔය බුලට් පෘෆ් වාහන වලටනම් පිටින් තියෙන ටයර් එකට ඇතුලෙන්තව සම්පුර්නෙන් රබර්වලින් පිරුන ටයර් එකක් තියෙනව.එ වෙඩිවැදිමකදිත් ගමන් කරන්න පුලුවන් වෙන්න.ඔය දන්නව කොච්චිරොදෙටත් ටයර් එකක් තියෙනව.එක ඇවිල්ල යකඩ වලල්ලක්.

      Delete
  2. මොනව උනත් පලවෙනි සහ දෙවනි ලිපි දෙකෙන් දැනගත්තා ටෑර් වල ඉලක්කංවල ලොකු අර්ථකථන තියනවා කියලා, අද තමයි පැහැදිලිව දැනගත්තේ- වටිනා ලිපිටිපෙලක් දමිත්..

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. නොදන්න මොනවහරි දැනගත්තනම් මට හරි සතුටුයි යාලු

      Delete
  3. බලං ගියාම ටයර ගැනඩ් දන්නෙ මොනවද ? මෙක දැක්කාම කරන්න ඕන වැඩකුත් මතක් වුණා.....

    ReplyDelete
    Replies
    1. කාගෙ හරි ඇගට ටයර් එකක් දාල ගිනිතියන්න නෙමෙයි නේ.:D

      Delete
  4. Replies
    1. ටැන්කුයි මචන්

      Delete
  5. දමියෝ .. අපි කොච්චර පොඩ්ඩද දැනං හිටියේ.?? මේ කියල දුන්න දේවල් වල වටිනකම කියන්න බෑ.. බොහෝම ස්තුතියි මස්සිනේ !!!

    ReplyDelete
    Replies
    1. රිම් එකෙන් යන අපිට මොන ටෑර් ද නේ..

      Delete
    2. වෙල්කම් මස්සිනා.
      ඉක්මනට ටයර් එකක් දා ගනින් විදානේ

      Delete
    3. සංසාරේ ටීක් බෝලේ … උඹ රිම් එකෙන් මම හොම්බෙන් විදානෙයෝ . දුක තමා !!!!

      Delete
    4. ආ හොම්බට දාන ටයර් නම් මචො තාමහදල නැ .හදපු කාලෙක එ ගැනත් කියන්නම්.

      Delete
  6. තමන් සතු දැනුම බෙදා දෙන එකට පහක් දැම්මා

    ReplyDelete
    Replies
    1. තැන්කස් ජිවන්.වෙල්කම්

      Delete
  7. දැනුවත් කිරීම ගැන සතුටුයි.....
    මං නං ඉතිං කරත්ත කාරය නොවැ බං ......
    ඔය ටෑ ර් ගැන දැනගත්ත කියල වැඩක් තියේ යෑ .....
    අර අනිත් ටෑ ර් ගැන විස්තරයක් පුළුවන් නම් දාපං ඉඩක් ලැබුනොත්..... හෙක්...හෙක්...

    ReplyDelete
    Replies
    1. කරත්ත රොදෙටත් දාමු ටයර් එකක්.
      අනිත් ටයර් ගැනනම් ඉතින් කෙන්ජයියගෙන් තමයි අපිත් අදැනගන්න ඔන.

      Delete
  8. අර කට්ට ලඟට ගෙවෙනකන් විතරක් පාවිච්චි කරලා ටයර් මාරු කරන එවුන් ලංකාවෙනම් නැතුව ඇති. කැන්වස් එකත් ගෙවෙනකන් පැදලා තමයි මාරු කරන්නේ , අනික කට්ට කපලත් ටික කාලයක් දුවනවා සමහරු.
    උසයි පළලයි සමාන ටයර් කියන්න මොනවද මට එක මීටර් වුනේ නෑ . දැන් එනකර වල ස්පේය වීල් එකක් එන්නේ නා ඒ වෙනුවට සෙල්ෆ් රිකවරි ෆ්ලුයිඩ් එක තමා තියෙන්නේ . ඒක හරියට වැඩ කරන එකක්ද කියලනම් තාම දන්නේ නෑ.

    { කාර් හරවනකොට පට පට ගාල සද්දයක් එන්නේ ටයර් වල අවුලකින් නම් වෙන්න බෑ නේද :P ;) }

    ReplyDelete
    Replies
    1. //අර කට්ට ලඟට ගෙවෙනකන් විතරක් පාවිච්චි කරලා ටයර් මාරු කරන එවුන් ලංකාවෙනම් නැතුව ඇති. කැන්වස් එකත් ගෙවෙනකන් පැදලා තමයි මාරු කරන්නේ , අනික කට්ට කපලත් ටික කාලයක් දුවනවා සමහරු. //
      එ මචන් ලන්කාවෙ මිනිස්සුනෙ අරපිරිමැස්ම.එක හොද පුරුද්දක්.
      උසයි පලයි ගැන උදාහරනයක් දැම්ම පොඩ්ඩක් ආපහු ලිපියෙ එක බලපන්කො.මම හිතන්නෙ පැහැදිලිවෙවි.
      රිකවරි ෆ්ලුඉඩ් එකෙ අවුලක් නැ මම හිතන්නෙ.
      //{ කාර් හරවනකොට පට පට ගාල සද්දයක් එන්නේ ටයර් වල අවුලකින් නම් වෙන්න බෑ නේද :P ;) }//
      නැ මචන් මෙහෙම් වෙන්නෙ සවුත්තු තැන්වලින් කර් එක හරවන්න ගියාම:D

      Delete
    2. සවුත්තු කියන එක අර්ථ දක්වනව නම්.මැන්ටල් නිලධාරියෙක් ප්‍රධානත්වය යෙන් ගොඩනගන ගොඩනැගිලි වගෙ

      Delete
    3. අනුපාතෙනම් පැහැදිලි වුනා , මැන්ටල් නිලධාරියා කවුද කියලා තමයි දන්නේ නැත්තේ ?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. උබ දන්නෙත් නැද්ද.මමත් නැ නේ.බලමු දන්න කෙනෙක් වත් ලියල යයිද කියල

      Delete
  9. ලිපි තුනෙන්ම ගත්ත දැනුම නම් අප්‍රමාණයි. ස්තූති වේවා…

    ReplyDelete
    Replies
    1. නියමයි.මටත් ගොඩක් සතුටුයි

      Delete
  10. උගේ මේ ලිපි කියෙව්වට පස්සේ දැන් ටයර් වලට බැල්මක් නොදා කාර් එකට නගින්නත් බයයි

    ReplyDelete
    Replies
    1. එච්චර ගනන් ගන්න එපා මචො.ඔව නොදැනත් මෙච්චරකල් ගියා නේ.දැන් කියල වෙනසක් නැ. ( ඔනවට වඩා දන්න එකත් මල වාතයක් නේද ? )

      Delete
  11. අපූරු විස්තරාත්මක ලිපියක් නෙව...
    තව කොටසක් තියේද..
    මේ ලිපි තුනෙන්ම ටයර් ගැන අම්බානෙක දැනුමක් ලැබුණ..
    ඇත්තටම ඒක අමිල දැනුමක් කියනෙක තමා හරි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කරාට.තව නැ මෙගැන ඔච්චරයි.වෙන දෙයක් ගැන බලමු ඉලගට

      Delete
  12. ලොකු දෙයක් දමිත් මේ දැනුම අපි එක්ක බෙදාගන්නඑක. ස්තූතියි!
    මාත් අපේ ඩ්‍රයිවර්ලට ටයර් අරං දීලා තියෙනවා මීට කලින්. උං කියන අංක තමා මාත් වැඩ්ඩා වගේ කෝටේෂන් වල දාන්නෙ. දැන් හරියටම දැනුවත් ව වැඩ කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නියමයි.උබට මෙකෙන් වැඩක් ගන්න පුලුවන් නම් ගොඩක් සතුටුයි.හැබැයි ඩ්‍රයිවර්ලට මොනවහරි කියනවනම් ටිකක් පරෙස්සමෙන් කියහන් .පොඩ්ඩ වැරදුනොත් රෙදි ගැලවෙනව.අපෙ මෙන්ඩගෙ කමෙන්ට් එක බලහන්කො.

      Delete
  13. වාහන පැද්දට අපි සමහරක් දේවල් ගැන දන්නෙම නැහැනේ කියලා හිතුනා මේක කියවලා ඉවර කරද්දී.. ස්තුතියි විස්තර වලට..

    ReplyDelete
    Replies
    1. මතක තියාගන්න එක ප්‍රයොජනවත් වෙවි කවද හරි.වෙල්කම්

      Delete
  14. උඹ ටයර් කාලා ටියුබ් ඩෙසර්ට් එකට ගත්ත එකෙක්නේ බන්. පුහ්...

    ReplyDelete
    Replies
    1. එහෙමද මන්ද දැන් පිටනම් නිකන් රබර් වගෙ ඔන එකකට ඔරොත්තු දෙනව.

      Delete
  15. නොදන්න ගොඞක් දේවල් කියලා දුන්නට ටැකිංයු..අපේ Transport manager ට මේක පෙන්නන්න ඔිනේ මොකද එක දවසක් driver කිව්වහම වාහනේ center axle bar එක කැඞිලා කියලා, ටික දවසක් ඔහම දුවනවා පස්සේ හදාගමු කිව්වලු.

    ReplyDelete
    Replies
    1. සා මරු නේ.උබලගෙ කොම්පැනියෙ වාසනාවට ඔයවගෙ ට්‍රන්ස්පොර්ට් මැනෙක් හම්බවෙලා තියෙන්නෙ.බලපන්කො අරපිරිමැස්මෙ තරම.පරෙස්සමෙන් රැකබලා ගනින්.ඇමරිකාවෙන් උස්සයි ඇක්සලෙ කැඩුන වාහනෙ පවිච්චි කරනහැටි ඉගෙන ගන්න.

      Delete
  16. ස්තූතියි මල්ලි....ගොඩක් දේවල් දැනගත්තා..:)

    ReplyDelete
  17. සුපිරි ආ.... උඹ ටයර් දෙයියෙක්

    ReplyDelete
    Replies
    1. පල් නොවි ඉන්න ට්‍රයි කරමු නේ.

      Delete
  18. TWI එක මතුවුනාම තව ටිකක් දුවන්න පුලුවන් ඒක ගාලා දැම්මහම. හැබැයි කොහොමත් එකක් දාන්නම වෙනව ඉක්මණින්ම.
    ටයර් වල කට්ට හොඳට තියෙන වාහනයක් වැහි වෙලාවට පාරෙ ගියහම වතුර හොදින් ඉවත්වෙලා ටයර් පාර හොඳට පේනවා.. ඒ කියන්නෙ grip එක හොදයි.
    4 ply වෑන් වලට දාන්නත් එපා. 6 ply කාර්වලට දාන්නත් එපා.

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ TWI එක තියෙන්නෙ ඔනම තත්වයකදි ග්‍රිප් එක නොබිදි තියෙන්න.එක මතුවුනා කියන්නෙ ඉට පස්සෙ වුවමනා ඉඩ නැහැ කියන එක.එක ගාල දාන එකෙන් මම හිතන්නෙ වෙනසක් වෙන්නෙ නැ.නමුත් ඉතාම තද වැහිසහිත නොවෙන අවස්තාවක පරෙස්සමෙන් යන්න ප්‍රමානවත්.හැබැයි අවධානමක් සහිතව.මමත් ඉතින් ලෙසියෙන් ටයර් මාරු කරන්නෙ නැ.අයි යකො කියද ගාන.ෆ්ලයි කතාව කියපු එකටත් ස්තුතියි.මට එක අමතක වුනා.

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි