Friday, April 3, 2015

දෙබරු ඇන්නා



පහුගිය පෝස්ට් එකේ දාපු කමෙන්ට් වලට උත්තරයක් හැටියට පෝස්ට් එකක්ම දාන්න හිතු නා.මොකද උත්තර හැටියට කීප පාරක් ලියන්න අමාරුවයි නොදකීවිද කියලා ඇතිවුන සැකයයි නිසා.

ඔක්කොමලා ටිකක් වරදවා තේරුම් අරන් වගේ . සමහරවිට මම ගැන විස්තර කලා මදි වෙන්න ඇති. මම මෙතන කිවුවෙ නෑ මේක  තමයි හරි ක්‍රමෙ කියලා.මම බැලුවෙ  ඒක ගැන අදහස කොහොම වේවිද  කියලා.

මේක අකුරුවලින් හැගීම ප්රකාශ කරන මාධ්යක් විදියට හැගීම විස්තර කරන්න පුලුවන් අකුරු කීපයකින් විතරයි.ස්වරයවත් මුහුනෙ හැගීමවත් ප්‍රකාශ කරන්න බැ. එතකොට අපෙ හැගීමට හරියටම ගැලපෙන වචනය යොදන්න වෙනවා. හරියට කටින් කියද්දි "මෙහෙ එන්න" කියන එක ස්වර කීපකින් කියන්න පුලුවන් වුනත් ලියනකොට ඕක තදින් කිවුව කියන ඒක අගවන්න "මෙහෙ එනවා" කියන වචන යොදන්න ඕන වගෙ දෙයක්.

මෙහෙම කියද්දි මට මතක් වෙනවා මගේ යාලුවෙක් කියපු කතාවක්. දෙල්ගොඩ පැත්තෙ මගේ යාලුවෙක් ඉන්නවා ප්‍රියා කියලා. ඒක මිනිහගෙ නම නෙමෙයි. මිනිහට ලස්සනට ප්‍රියා සූරියසේන මහත්තයගෙ සින්දු කියන්න
පුලුවන් .ඒකයි ප්‍රියා කියන්නෙ.මිනිහ දවසක් ඩ්රින්ක් එකක් ගන්න වෙලවක කියනව මිනිහ බලපු පරන සින්හල ෆිල්ම් දෙකක හරි එකක් හරි සින් දෙකක් ගැන.

පලවෙනි එක, ඔන්න ගෙදර ඉන්න වැඩකාර කෙල්ලව ගෙදර මහත්තය කාමරෙකට කොටුකරගෙන අර බට්ටි පිරිමින්ට කොරපු දෙ කරන්න හදනවා.මෙන්න එතකොට අර කෙල්ල කියන දෙබස.

" මහත්මයා, ඔබ ඔය සුදානම් වෙන්නෙ මා කෙලෙසන්නද මහත්මයා"

අනිත් එක, තමන්ගෙ පුතා යාලුවෙලා ඉන්න කෙල්ලව කොල්ලගෙ තාත්ත පැහැරගෙන ගිහින් හන්ගලා. මේක පුතා දැනගන්නවා. පුතා එනව තාත්ත හමුවෙන්න. ඇවිත් මෙහෙම කියනවා තාත්තට.
"තාත්තා, ඔබ මාගේ ජිවන මිනි පහන සැගවුයෙ කොහිද තාත්තා"

දැන් මේ අවස්තා දෙකෙදිම අපිට එතන තිබිය යුතු සිටිවෙෂන් එක ගැන හරි අදහසක් එනවද?

අනික මේක පැහැදිලිවම සම්මන ලැබුන නිර්මානෙ නෙමෙයි. මේක වෙන එකක්.සම්මනෙ ලැබුනෙ මගේ "බට්ටි" නමින් පලකරපු නිර්මානෙට. ඒක වරදවා තෙරුම් ගන්නත් එපා.

එවගෙම මට ඕන වුනෙ බන්ධුල මහත්තය කියපු දෙ මේ නිර්මානෙට යෙදුවොත් මොකද වෙන්නෙ කියලා බලන්න.මටත් හිතට දැනෙන නිර්මානෙ නම් මුල් එක තමයි. වගෙම නිවරදි ව්‍යාකරන සහ අකුරු යොදලා ලියන්න පුලුවන්නම් ඉතාම හොදයි කියන එකනම් මම විස්වාස කරනවා. ඒවගේම එහෙම බැ කියලා නොලිය ඉන්නෙ නැතුව කොහොම හරි ලියන එකනම් නොලියන එකට වඩා හොදයි කියලත් මම විස්වාස කරනවා.

මම කැමතියි මේ සම්බන්දව තවත් අය අදහස් දක්වනවනම්.මම නිකම් සම්මනෙ ගැන  පෝස්ට් එකක් විතරක් නොදා මේක එතනට එබුවෙ මේ ගැන ටිකක් සකච්චාවුනා නම් හොදයි කියන අදහසින්. ඒක පටන් ගත්ත එකට ඔමා, මාතෙ, හැලපෙ, බස්සි සුදික රවි උබලට ස්තිතියි.

රවි අයියෙ ඔයා කියන එක හරියටම හරි.එත් මට හෙන කඩි කුලප්පුවනෙ බන්.හිමිහිට වැඩක් කරන්නම බැ.
 
සුභ  පැතුම් එක්කල සියලුම දෙනාටත් මගේ හදපිරි ස්තුතිය.

මෙ කවියට අලුත් වචන යෙදිම සම්මාන දුන්න අයට කල අපහාසයක් අවමානයක් ලෙසට අර්ථ දක්වන්න උත්සාහ කිරීමනම් මම සම්පූර්නයෙන්ම හෙලාදකිනවා.මේක ඇවිල්ලා සම්මාන ගත්ත නිර්මානෙ නෙමෙයි. එහෙම බැලුවම ඉස්සර සම්මාන ලැබුන සින්දුවකට අලුත් මියුසික් දාල හරි රෙගේ කරල කිවුවොත් එකත් අපහාසයක්ද. මේ කතාවනම් එකගවෙන්න බැරි කතාවක්.

බස්සිගෙ සැර කමෙන්ට් එකත් දැම්මනම් තමයි හොද .




16 comments:

  1. කලින් ලිපිය කියවන්න ලැබුනෙ නෑ...එය කියවිය යුතුයි කියලා හිතෙනවා මෙතනට අදහස් දක්වන්න.

    ReplyDelete
  2. මොන ඉලව්ව වුනත් සමමනායක් ලැබුන එකට සතුටුයි.

    ReplyDelete
  3. කලින් එකයි , මේකයි දෙකම කියෙව්වේ දැන් , හොඳ වෙලාවට මං ඒක ඒ වෙලාවේ දැක්කේ නැත්තේ

    ReplyDelete
  4. අටම දවසක් කියපු හැටියට ලියවිල්ලක් හරි කවියක් හරි අමුවෙන්ම තියනකොට තමා රහ වැඩි. ඌ නං කියන්නෙ එවෙලෙට ලියවෙන එක එහෙමම දාන්න කියල. අඩුපාඩු හදන එක, හරියට පෙළගස්සන එක කරන්නත් එපාලු. එතකොට රහ මැරෙනවලු... මන්දා ඉතිං..
    කොහොම උනත් සම්මානෙට සුභපැතුම් ආයෙත් පාරක්. ඔරජිනල් එක තමා "බට්ටි"

    ReplyDelete
  5. යකෝ මෙතනැ ටයර් හදන එවුන්ටත් සම්මාන දීලනේ........ නොදොකින් විතරක්........

    ReplyDelete
  6. "තාත්තා, ඔබ මාගේ ජිවන මිනි පහන සැගවුයෙ කොහිද තාත්තා" මේ දෙබස මරු. "ඔබේ ජීවන මිණි පහන මා කටින් පිඹ නිවා දැම්මා පුතා" කියල තාත්ත කිව්වද දන්නෑ
    ඇත්තම කතාව නං මාත් රස වින්දේ අමුවෙන්ම ලියපු එක. ඔයාගෙ බ්ලොග් එක මෙච්චර කල් මිස් වෙලා තිබ්බෙ අපරාදෙ. පරණ ලිපි ටිකත් හෙමින් කියවනවා. ඔන්න මගේ බ්ලොග් රෝලටත් දාගත්තා

    ReplyDelete
  7. අපිත් එක්ක කාලයක් හිටපු අයිය කෙනෙක් (පියල් කේ. ජයරත්න) ලියපු කවියක් තිබුණා: "වේසියෙකුගේ ගබ්සාවක් හෙවත් වේසිගෙ පුතෙකුගේ කවියක්!" කියලා. ඒකෙ තිබුණෙ, ගණිකාවක් ගබ්සාවක් කරගනිද්දි, කළලයට ඇතිවෙන්න පුළුවන් හැඟීම ගැන... (මට මතක විදිහට)

    ඕක පත්තරේ පළවුනේ හැබැයි, "ගණීකාවකගේ ගබ්සාවක් හෙවත් වේසිගෙ පුතෙකුගේ කවියක්" කියලා. ඒ සංශෝධනයට කවියා නං කැමති වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. කවිය මෙතැන පලකරන්න බෑද? ඒ ටයිට්ල් එකම නිකම් පිහිපාරක් වගේ නෙව!

      Delete
    2. මං හොයලා බලන්නං අද ගෙදර ගිහිං... :-)

      Delete
  8. හිහී! අපිට ඉතින් තරහ ගියේ අක්කා ලිවුව කවියට සම්මානෙත් අරන් එක උඹ එඩිට් කොරන්න ගිය හින්දනෙ දමිත් අයියේ...

    ReplyDelete
  9. අර "සැමියාගේ දෙවියා බිරිඳය" චිත්‍රපටියේත් පොඩ්ඩක් විතර ඔහොම දෙපස් තියනවා...
    හැබැයි මොක වුණත් ක්ලැසික් සැම්පල් දෙකක් ඇදල දාලා තියෙන්නෙ
    මතක තියාගත්තයා හොඳට...
    ජයවේවා මචෝ!!

    ReplyDelete
  10. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි