දැන් ටයර් ගැන තුන්වෙනි ලිපිය.මෙකෙන් මෙ කතාව අවසාන කරමු.එක සහ දෙක මෙතනින් සහ මෙතනින් බලාගන්න පුලුවන්.
මුලදිම
මට කලින් ලියන්න අමතවුන කොටසක් ලියන්න බලාපොරොත්තු වෙනව.එක ඇවිල්ල ටයර් එකක් ගන්නකොට බලන්න ඔන මුලිකම අවශ්යතාවය.ටයර් එකෙ ප්රමානය.
මෙක
කොටස් තුනකට බෙදෙනව.එ කියන්නෙ සමාන්‍යන් ටයර් එකෙ ප්‍රමානය කියන්නෙ ප්‍රමාන තුනක් සදහන් කරමින්. මෙන්න මෙ විදියට 175 යි70 යි 13 එහෙම නැත්නම් 185යි 75යි 14 වගෙ.
මෙ
කොටස් තුනෙන් කියවෙන දෙවල් දැන් බලමු.
මුලින්ම
කියවෙන ඉලක්කම් තුනෙ කියවෙන්නෙ ටයර් එකෙ පලල මිලීමිටර් වලින්.
මැද
කියවෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ ටයර් එකෙ උසත් පලලත් අතර අනුපාතය.මෙකෙන් කියන්නෙ ප්‍රතිශතයක්.මෙ ඉලක්කම් දෙක නැත්නම් එ කියන්නෙ උසයි පලලයි සමානයි.
ගොඩ දෙනෙක්ට මෙ දෘෂ්ටි අනුපාතය (aspect ratio ) ගැන පැහැදිලි නැති නිසා මට හිතුන මෙතෙන්ට උදාහරනයක් එකතු කරන්න.මෙතනදි ටයර් එකෙ උස කියල ගන්නෙ පි දාරෙ ඉදල ඇතුල දාරෙට තියෙන දිග.පලල් කියන්නෙ ටයර් එකෙ කට්ට තියෙන මතුපිටෙ පලල.
දෘෂ්ටි අනුපාතය = ( උස /පලල ) * 100
දැන් ඉහල උදාහරනෙම ගත්තොත්
දෘෂ්ටි අනුපාතය = 75 = ( උස/185 ) *100
එතකොට ටයර් එකෙ උස = (185 * 75 ) / 100
= 138.75 මිලිමිටෙර්
එතකොට 900 යි 20 වගෙ තියෙන ටයර් වල උස පලල් දෙකම 900මිලිමිටර්. එවායෙ මැද ඉලක්කම 100 වෙන්න ඔනවුනත් මුකුත් නැතුව තියෙන එක තමයි සම්ප්‍රදාය.
ගොඩ දෙනෙක්ට මෙ දෘෂ්ටි අනුපාතය (aspect ratio ) ගැන පැහැදිලි නැති නිසා මට හිතුන මෙතෙන්ට උදාහරනයක් එකතු කරන්න.මෙතනදි ටයර් එකෙ උස කියල ගන්නෙ පි දාරෙ ඉදල ඇතුල දාරෙට තියෙන දිග.පලල් කියන්නෙ ටයර් එකෙ කට්ට තියෙන මතුපිටෙ පලල.
දෘෂ්ටි අනුපාතය = ( උස /පලල ) * 100
දැන් ඉහල උදාහරනෙම ගත්තොත්
දෘෂ්ටි අනුපාතය = 75 = ( උස/185 ) *100
එතකොට ටයර් එකෙ උස = (185 * 75 ) / 100
= 138.75 මිලිමිටෙර්
එතකොට 900 යි 20 වගෙ තියෙන ටයර් වල උස පලල් දෙකම 900මිලිමිටර්. එවායෙ මැද ඉලක්කම 100 වෙන්න ඔනවුනත් මුකුත් නැතුව තියෙන එක තමයි සම්ප්‍රදාය.
අන්තිමට
කියවෙන්නෙ රිම් එකෙ විෂ්කම්භය අගල් වලින්.
හරි දැන් අපි තව ටිකක් බලමු ටයර් ගැන.ටයර් එකක් භාවිතාවෙන් ඉවත් කරන්න ඔන කියල කෙනෙකුට හිතෙන්නෙ කොහොමද.ටයර් එකෙ කට්ට ගෙවිල ඉවර වුනාම.එහෙම නේද?
හොදයි.ටයර් එකක් කට්ට ඇතුව හදන්නෙ මොකද.මෙ ප්‍රශ්නෙට මට කිපදෙනෙක් දුන්න උත්තරෙ තමයි (ඔයාල නෙමෙයී ) ඝර්ෂනය වැඩිකරන්න කියල.
හොදයි.ටයර් එකක් කට්ට ඇතුව හදන්නෙ මොකද.මෙ ප්‍රශ්නෙට මට කිපදෙනෙක් දුන්න උත්තරෙ තමයි (ඔයාල නෙමෙයී ) ඝර්ෂනය වැඩිකරන්න කියල.
නමුත් අපි දන්න දෙයක් ,10 පතියෙදිද කොහෙද උගන්වනව ගැටෙන පෘශ්ඨ දෙකක් අතර ඇතිවන ඝර්ෂනය රදාපවතින්නෙ ඒ පෘෂඨ දෙක අතර ඝර්ෂන සන්ගුනකය සහ ගැටෙන වර්ගඵලය මත කියල.
ඝර්ෂන සන්ගුනකය රදාපවතින්නෙ පෘෂ්ඨ ස්භාවය මත.කට්ට කැපුවට එක වෙනස් වෙන්නෙ නැ.එතකොට වර්ගඵලය මොකද වෙන්නෙ.කට්ට කැපුවම පාරයි ටයරයයි අතර ගැටෙන වර්ගඵ්ලය අඩුවෙනව.
ඝර්ෂන සන්ගුනකය රදාපවතින්නෙ පෘෂ්ඨ ස්භාවය මත.කට්ට කැපුවට එක වෙනස් වෙන්නෙ නැ.එතකොට වර්ගඵලය මොකද වෙන්නෙ.කට්ට කැපුවම පාරයි ටයරයයි අතර ගැටෙන වර්ගඵ්ලය අඩුවෙනව.
එහෙනම්
මොකටද කට්ට කපන්නෙ.එකට හෙතුව මෙන්න මෙක.සමන්යන් වැස්ස වෙලාවට පාරෙ වතුර තිබුනම එක තලයක් ආකාරයට ටයරය සහ පාර අතරට එනව.එතකොට පාරයි ටයර් එකයි අතර තියෙන බැදිම බිදිල ලිස්සනව.එ විතරක් නෙමෙයි වැලි පොලවකදි උනත් මෙක වෙන්න පුලුවන්.ආන්න එ විදියට ටයර් එකයි පාරයි අතරට එන මොනම දෙයක් වුනත් ඉවත් කරන්න තමයි කට්ට කපන්නෙ.ඒවා කට්ට ඇතුලට ගිහින් පිටතට යනව.
මතක
තියාගත යුතු තවත් දෙයක් තමයි ටයර් එකක් කට්ට ඔක්කොම ගෙවෙනකන් භාවිතය සුදුසු නැ කියල.ටයර් වල කට්ට අතර තියෙනව කට්ට එකට සම්භන්ද කල කුඩා කොටස්.ආන්න එව මතුවෙලා නම් එ ටයරයෙ කාලය ඉවරයි.එ වගෙම පිටිනුත් කුඩා එ තලයක් මගින් පෙනවල තියෙනව ටයර් එකක් ගෙවිල ඉවරවෙන ස්ථානය.
අඩු පිඩනයක් නම් තියෙන්නෙ ටයර එක ඇතිලෙ අතිරෙක තාපයක් නිපදවෙනව.ඉට අමතරව බර දරා ගැනිම හැකියාව අඩුවෙන නිසා එයත් ටයරයට හානිකරයි.ඉට අමතරව අඩු පිඩනයක් තියෙනකොට ටයර් එකෙ දෙපැත්තෙන් ගෙවිල මැද ඉතුරුවෙන තත්වයකුත් ඇතිවෙනව.
වැඩි
පිඩනයක් තිබුනොත් ටයර එකේ මැදින් කට්ට ගෙවියාමක් සිද්දවෙනව.
ඔය
කොයි එකෙනුත් වෙන්නෙ ටයර් එක භාවිතාකරන්න පුලුවන් කාලය අඩුවෙන එක.
මිට
අමතරව නියමිත කාලෙදි විල් එලයිමන්ට් කර ගැනිම.ටයර් වටෙට මාරු කිරිමෙන් අක්‍රමවත් ගෙවියාමකට තියෙන ඉඩ අසුරන්න පුලුවන්.
මෙ
දෙකම කිලොමිටර් 8000කට සැරයක් කර ගත්තනම් ඇති.
ටයර්
රොටෙෂන් කරන විදිය ෆ්රන්ට් වීල් වල සහ රියර් වීල් වල වෙනස්.
තව දැනගත් යුතුයි සස්පෙන්ෂන් පද්ධතියෙ දොශ තිබුනත් ටයර් වල අක්‍රමවත්ව ගෙවිම් වෙනව.විෂෙශයෙන් ශොක් ඇබ්සොබර් වල කාර්ය හරියට නොකෙරෙනවනම් එවගෙ දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.එහෙම වුනාම ටයර් එකෙ තැනින් තැන කුට්ටි කුට්ටි වශයෙන් ගෙවෙනව.
අවසානවෂයෙන් මෙන්නෙ මෙටික මත තියාගන්න එක පර්ස් එකට හොදවෙයි.
තමන්ට වාහනයක් තියෙනවනම්
- මාසෙකට සැරයක්වත් වාහනයෙ ටයර් වල වායු පිඩනය චෙක් කරන්න.
- කිලොමිටර් 8000 කට සැරයක් එලයිමන්ට් චෙක් කරගෙන ටයර් රොටෙෂන් කර එකත් කරගන්න.
- නිතරම ටයර් වල ස්වභාවය තමන්ම පරික්ෂාකරන්න.















