
නෙලුම්
යායෙන් ලැබුන සම්මනෙ ගැන ලියන්න හිතාගෙන කිපදවසක් ගෙවුනත් කොහොම ලියනවද කියල හිතාගන්න බැරුව කිපදවසක්ම ගතවුන. එ අතරෙ ජිවිතෙත් ලොකුම ලොකු වන්ගුවක් ගාවට ආව. ඔයාල ඔක්කොම දන්නව මම ලියන්න එච්චර දක්ෂයෙක් නෙමෙයි කියල. එහෙවු මගෙන් ලියවුනු පලවෙනි නිසදැසටම පලමු ස්ථානය ලැබිම නිකන් රජකම ලැබුනවගෙ තමයි ( දැන් ඉතින් කියහන් ගැනි ලියල මම දැම්ම කියල හග් ). මේ අගය කිරිමට නෙලුම් යාය අජිත් අයිය ඇතුලු සැමටම මගෙ හදපිරි ස්තුතිය.
එ
වගෙම මාව බ්ලොග් ලියන්න තල්ලු කරල බ්ලොගක් අටවල දිපු අටමට බොහොම ස්තුතියි.
ඒත්
එක්කම මෙ සම්මන උලෙලේ සම්මාන ලබපු සියලුම බ්ලොග් කරුවන්ටත් මගෙ සුභ පැතුම පිරිනමනව.
ඇත්තටම
බලනකොට මෙ බ්ලොග් කලාවෙන් මට ඉතාම වටින දේවල් දෙකක් ලැබුන
මුලින්ම
ඉතාම සුන්දර මිනිසුන් කොටසක් හදුනාගන්න ලැබුන.
දෙවනුව
සම්මානයක් ලැබුන.
ඉතින්
මෙ අතරෙ මට අපෙ බන්ධුල නානායක්කකාරවසම මහතා කියපු එක දෙයක් ගැන හිතට පොඩ්ඩක් වැදුන. එතුමා භාෂාව හැසිරවිම ගැන සැලකිලිමත්විම ගැන අවවාද කලා.ඉතින් මට හිතුන මෙ සම්මාන ලැබුන බට්ටි නිර්මානයෙ තියෙන රලු වදන් ඉවත් කරල ලියන්න පුලුවන් වෙවිද කියල.බලන්නකො වරදක් නැද්ද කියල
වේවැලක්
අතින් ගෙන
ජිවිතය
නොසලකා
සාරධරමය
රකිමි
කියා
ඉදිරියට පැන
මග
සරන වෙසගනන් තලා
දඩුවම් කරන
නිලධාරි
මහතුනේ
අපි
ඔබට ණය ගැතියි
අපි
ඔබව රකින්නෙමු
අපි
ඔබව රකින්නෙමු
නුබලාට
අමතකද
තන්ගල්ල
පුරයෙදි
සුදු කතක්
කෙලෙසන්න
උත්සාහ
ගන්නවිට
විදේශික
නරුමයෙක්
එලොවයැවුවා
අපේ
මහාජන
වීරයෙක්...........
පිරිමින්ව
පැහැරගෙන
කාමරෙ
දමාගෙන
දුෂනය
කරන මේ
බට්ටිලා
ඉන්නකන්
කොහොම ගොඩනගන්නද
ධර්මිෂඨ
සමාජය........
පෝලිමට
වරෙල්ල
ගල්
රැගෙන වරෙල්ල
මරා
වනසා දමා
ගොඩනගා
සැනසෙන්න
දහස්
ගනනක් වසර
පැරණි
ස්‍රි විභුතිය
රැකගන්න
වරෙල්ල
සුපිරිසුදු
හදවතක්
නිකැලැල්වු
චරිතයක්
සැටිපිකට්
සමග ඇති
පවු
නොකල මිනිසුනෙ
වරෙවු
අත ගලක් ගෙන
මේ
වෙසගනන් වෙත
පලමු
ගල ගසන්නට................................
පළමු නිර්මානේ තිබ්බ ආවේගශීලි අමුවචන ටික නැහැ,, සුබ පැතුම් අයියේ ,,,
ReplyDeleteමල්ලි අකුරු ගැන ටිකක් උනන්දුවුනොත් හොඳ නැද්ද?..දැං ප්‍රතිභාපූර්ණ අංකුර කවියෙක් උනාම තියෙන්න එපාය ටිකක් මෙව්ව එකක් ..නැද්ද මං අහන්නෙ? :)
ReplyDeleteවේවැලක් අතින් ගෙන
ජිවිතය නොසලකා
සාරධර්මය රකිමි
කියා ඉදිරියට පැන
මග සරන වෙසඟනන් තලා දඬුවම් කරන
නිලධාරි මහතුනේ
අපි ඔබට ණය ගැතියි
අපි ඔබව රකින්නෙමු
අපි ඔබව රකින්නෙමු
නුඹලාට අමතකද?
තංගල්ල පුරවරයෙ
සුදු කතක් කෙලෙසන්න
උත්සාහ ගන්නවිට
විදේශික නරුමයෙක්
එලොවයැවුවා අපේ
මහාජන වීරයෙක්...........
පිරිමින්ව පැහැරගෙන
කාමරේ දමාගෙන
දූෂණය කරන මේ
බට්ටිලා ඉන්නකන්
කොහොම ගොඩනගන්නද
ධර්මිෂ්ඨ සමාජය........
පෝලිමට වරෙල්ලා
ගල් රැගෙන වරෙල්ලා
මරා වනසා දමා
ගොඩනගා සැනසෙන්න
දහස් ගණනක් වසර
පැරණි ශ්‍රී විභුතිය
රැකගන්න වරෙල්ලා
සුපිරිසුදු හදවතක්
නිකැලැල්වු චරිතයක්
සැටිපිකට් සමග ඇති
පවු නොකල මිනිසුනේ
වරෙවු අත ගලක් ගෙන
මේ වෙසඟනන් වෙතට
පලමු ගල ගසන්නට................................
This comment has been removed by the author.
ReplyDeleteමොකක්ද මේ සම්මාන දුන්න ක්‍රමවේදය ? මොනවද ඒ අය පාවිච්චි කරපු නිර්නායක ? සිංහල බ්ලොග් සියල්ල කියෙව්වද ? මේ කිසිවකට උත්තර නෑ...මේක නිකංම නිකං සම්මාන උළෙලක් විතරයි..සර්ව සාධාරණ විදියට ජයග්‍රාහකයො තෝරපු බවක් අපිට පේන්නෙ නෑ.
ReplyDeleteසිංහල බ්ලොග් සියල්ල අපට වෙලාවක් තිබුනේ නැහැ. 2014 අවසන් මාස හතරේ තමා නෙලුම් යායේ පල කකරන්න පටන් ගත්තේ. මේවා තෝරපු විධිහ ගැන හැම තැනම ලියල තිබෙනවා. දේශකයාගේ බ්ලොග් එකේ. මාතලන්ගේ බ්ලොග් එකේ ආදී වශයෙන්. දැන් නින්දෙන් අවදි වුනාට අපට කරන්න දෙයක් නැහැ. ඔයාලත් කරන්න සම්මාන උලෙල්ලක්. දෙන්න සම්මාන. වැඩි වෙන තරමට හොඳයි බ්ලොග්කරයන්ට.
Delete///සිංහල බ්ලොග් සියල්ල කියෙව්වද ?/// හරිම මෝඩ ප්‍රශ්න .
Deleteහොදම බ්ලොග් අඩවිය ගූ තලන්ගේ කුණු හරුප බොග...මොන විහිළුවක්ද ඕයි මේ...බ්ලොග් තේරුව හැටිත් ඒකෙ නම් ලිව්වෙ මේක හෙන ඩීල් එකක්නෙ..
Deleteගොං වැස්සියෙ තොට මොලේ නෑ කියලා අපි පලිද ?
අර කුරුළුත් එක්ක ආදරෙන් වගේ එකකට දුන්නට කිසි අවුලක් නෑ නේ බං...
Deleteජයග්‍රහණයට මගෙනුත් සුබ පැතුම්..
ReplyDeleteහදවතින්ම සුභපතනවා දමිත් සහෝදරයා... උත්සවය වෙලාවේ සිද්දියක් මතක් වෙනවා. ඔයාගේ දයාබර බිරිඳ රොක් අජිත්ගේ සිංදු වල සමහර කෑලි යද්දි පොඩි උන් දෙන්නගෙ කන් වැහුවා ඇනොපිලියා මට පෙන්නුවා..
ReplyDeleteඒක ඉතින් රොක් අජියගේ වැරද්දක් නෙමෙයි. මුගේ වැරැද්ද.. බ්ලොග් කාරයෝ වගේ අමු කුණුහබ්බ ප්‍රසිද්දියේ කියන උන් ඉන්න තැනකට පොඩි උන් අරගෙන එනවද...?
Deleteඔය ගොන් වැඩේ අටමත කරලා තිබුනලු එක සැරයක්.. ඒකට මම නම් ආවේ නෑ...
බන්ධුල නානයක්කාරවසම් මම ප්‍රිය කරන පුද්ගලයෙක්.. ඒත් ඔවුන් සම්ප්රදාය කර තබගෙන යන්නන්. නමුත් ඔහු රත්න ශ්‍රී වගේ කුහකයෙක් නම් නම් නෙමෙයි. ඔහුට ශක්තියක් තිබුනා ඇත්ත කියන්න. ඇත්තටම පත්තරවලට වඩා සාර්ථක කවියෝ ඉන්නේ සයිබර් අවකාශයේ. විශේෂයෙන් බුකියේ හා බ්ලොග් අතර, "කඳු" කියලා කෙල්ලෙක් ඉන්නවා ඒකී දවසකට කවි තුන් හතර ලියනවා සියල්ලම වගේ ඉහළ තලයක තියෙන්නේ. නමුත් බ්ලොග් සංස්කෘතියට අනුගත් නැති නිසා ඒවා ජනප්‍රිය නෑ.
ReplyDeleteබන්ධුලගේ ඉල්ලීම එතනම ප්‍රතික්ෂේප උනා. ජයසිරි අලවත්තගේ පොත විකුණන එක එතනම් ගර්හාවට ලක් උනා. එහෙම තියෙද්දි සම්මානය ලැබිච්ච කෘතිය සංස්කරණයට ලක් කරනවා කියන්නේ, උඹට සම්මානේ දුන්න උන්ගේ කනට ගහලා. සම්ප්රදාය කර තියාගෙන යන උන්ට වැඳිමක්. බ්ලොග් වෙනස් වෙන්නේ එතනදි.
මුල් එකේ තිබුන රහ සැර මේ මළදානේ පැත්ත පලාතක නෑ. උඹේ මුල් කෘතිය මේක උනා නම් උඹට ලැබෙන සම්මානෙකුත් නෑ...
මට මේ කවිය වෙනස් කරල තියෙන හැටි දැකලා බොහොම සැර කමෙන්ටක් ලියවුනේ මුලින්ම. ආයෙ ඉතින් ඒක මැකුවා.
Deleteඇත්තමයි දමිත් අයියේ තමන්ගෙ නිර්මාණය තමන්ගෙ. ආයෙ බන්ධුල තියා සක්කරය කිවුවත් ඒක වෙනස් කල යුතු නෑ. ඇයි අමු වචන නිර්මාණෙක තියෙන්න බැරි? මේ වගේ සිද්දියකදි ආමන්ත්‍රණය සිද්ධියට ගැලපෙන්න ඕනෙ. ආයෙනම් මෙහෙම ඒව කරන්න එපා.
මම බට්ටි ගැන ලිවුව කවියට කී දෙනෙක් නම් බැන්නද? ගැහැණු ළමයෙක්ට නොගැලපෙන බව කිවුවද. තාම එක අකුරක්වත් වෙනස් කරල නෑ.
බ්ලොග් කියන්නේ නිදහසට. රීති, රාමු කඩලා විසිකරන්න පුලුවන් නිදහසක් ඒක. නිදහසේ ලියන්න. ජය!!
මගේ සුබ පැතුම්.
ReplyDeleteමේ මොකද්ද බං මේ මෙලෝ රහක් නැති මගුල.
අහගත්තද......? ඇද්ද.....?
Deleteහා හා දැං ඉතින් සම්මානත් ලැබුන එකේ ලියන්ඩ ඕන හරිද සතියකට එකක් ,
ReplyDeleteමූට කියලා වැඩක් නෑ.. අර අහිංසක කෙල්ලට කියහන්.. නිර්මාන මංකොල්ලකාරයෝ.. ෂේප් කර ගන්න සම්මාන උළෙලටත් එක්කගෙන ඇවිල්ලා..
Deleteඕකනේ උඹලත් එක්ක බැරි
Deleteදමියා ගේ ෆොටෝ එක ඊයෙ "අද" පත්තරේ දැක්කා. ආරංචිය දැක්කෙ ඊටත් කලින්. හදවතිම්ම සතුටුයි...!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑකපාරට නිර්මාණය වෙනස් කරපු හැටි දැකලා තද වුනා අෆ්ෆා. සමාවෙන්න. ඒත් මම අර කියපු අදහස එහෙමමයි ඈ.
Deleteහදවතින්ම සුභපතනවා දමිත් අයියේ! චුට්ටන් බට්ටිච්චො දෙන්නා හරිම හුරතල් පාටයි ඈ...!
උඹ මේ කරපු වැඩේ ගැන මට කියන්න කතා දෙකක් තියෙනවා
ReplyDelete1. දවසක් සන්ධ්‍යාවක ප්‍රතිභාපූර්ණ කැමරා ශිල්පියෙක් මුහුදු වෙරළේ ගමන් කරනකොට දැක්කලු, හෙලුවල්ලෙන් චූ කරන අවුරුදු 3-4 පොඩි එකෙක්. ඌ ඒක ලස්සනට ඡායාරූපයට නගන්න හදනකොටම දුවගෙන ආවා ඒ පොඩි එකාගේ මව.
"පොඩ්ඩක් ඉන්න මහත්තයෝ" කියලා පොඩි එකා අරගෙන ගෙට දිව්වා. තවත් මොහොතකින් පොඩි එකාට ඇඳුමක් අන්දලා, පවුඩර් දාලා, කොන්ඩේ පීරලා ගෙනත් කැමරා ශිල්පියාට මෙහෙම කිව්වා
"දැන් ගන්න මහත්තයෝ ෆොටෝ එක. මේ පොඩි එවුන් දන්නේ නෑනේ ෆොටෝ එකකට ඉන්න ඕන විදිය"
කැමරා ශිල්පියා ෆොටෝ එක ගත්තේ නෑ
"ඇයි මහත්තයෝ මොකක්ද ප්‍රශ්නේ ?"
"දැන් අරං වැඩක් නෑ" කැමරා ශිල්පියා කිව්වා.
2. මෙන්න මේ ජාතක කතාවෙන් කියවෙන්නෙත් ඔය වගේ එකක්
දමියාට සුබ පැතුම් !!! එදා ගෙදර අයත් එක්ක කථා කරන්න බැරි වුණා. අපි හිටියේ පිටිපස්සේ නේ.
Like
Deleteදමිත්ට තමන්ට ඕන විදිහට තමන්ගෙ නිර්මාණය වෙනස් කරන්ට පූර්ණ අයිතිය තියෙන්න ඕන කියන එකයි මගෙ අදහස. බන්ධුල කිව්වයි කියල හරි කවුරුකිව්වයි කියල හරි දමිත්ගෙ නිර්මාණය වෙනස් කරන්නෙ දමිත්මයි. ඉතින් මට නම් එතන ප්‍රශ්නයක් පේන්නෙ නෑ. ඒ වගේම එහෙම වෙනස් කරන එකට විරුද්ධ වෙන්නත් අනිත් අයට අයිතිය තියනව. එතන ප්‍රශ්නයකුත් නෑ.
ReplyDeleteඅනික නෙළුම්යාය උත්සවයෙදි බන්ධුල මහත්මය මොකක් කිව්වද කියල මම දන්නෙ නෑ. ඒත් කවියක් හෝ වෙනත් කලා නිර්මාණයක් ආවේගශීලී වියයුතුද කටට එන වචන එහෙම්මම ලිවියයුතුද කියන කාරණය මතභේදාත්මකයි. නිර්මාණයකදි තමන්ටම සීමා පනවා ගතයුතු නෑ කියල එක මතයක් තියෙද්දි කලා නිර්මාණයක් කියන්නෙ තාප්පෙක අලවන සටන්පාඨ පෝස්ටරයක් වියයුතු නෑ කියලත් තව මතයක් තියනව. අමුවට කුණුහරප ලියන එකෙයි ව්‍යාංගයෙන් ගෘංගාරය මතුකිරීමෙයි ලොකු වෙනසක් තියනව.
සීගිරියේ බිතු සිතුවම් වලට බ්‍රෙසියර් එකක් ඇන්දුවත් අවුලක් නෑ එහෙනම්...
Deleteඒ ගමන්ම ඉසුරුමුණියේ කපල් එකේ ගර්ල්ටත් හොඳ බ්ලව්ස් එකක් අන්දන්න ඕන මොන්ඩි එකෙන් අරගෙන..
එව්ව ඔහේවත් මම වත් කරපු නිර්මාණ නෙවෙයි නෙව බ්‍රෙසියර් අන්දවන්න....:)
Deleteපෙස්ටරෙත් කලාවක් තියෙනවා රවී අයියා.. නැත්නම් මිනිස්සු බලන්නේ නෑ...
Deleteමට නම් බලු බෙට්ටෙත් කලාවක් තියෙනවා.. ඒකනේ මිනිස්සු පාගන්නේ නැතිව යන්නේ.. ඒක කොළේකින් වැහුවොත් එහෙම කොලේ උස්සලා බලනවා මොනවද තියෙන්නේ කියලා..
/ පෙස්ටරෙත් කලාවක් තියෙනවා රවී අයියා.. නැත්නම් මිනිස්සු බලන්නේ නෑ.../
Deleteඅපොයි එකඟයි..ඒත් මලේ පෝස්ටරේ කලාව වෙනස් ...කවිය ඊට වෙනස්...පෝස්ටර් එකක් අපිට නැවතිල නිවීහැනහිල්ලෙ රසවිඳින්ට වෙලාවක් නෑ. බස් එහෙක යන ගමං යන්තමට තත්පර විස්සකට තිහකට පේනව එච්චරයි. ඒකෙන් දෙන්න අදහස් කරන පණිවිඩේ කණට ගැහුව වගෙ දෙන්න ඕන වන් ෂොට්..ඒත් කවිය එහෙම නෙවෙයි. කණට ගැහුව වගෙ වෙන්නම ඕන නෑ...
/ මට නම් බලු බෙට්ටෙත් කලාවක් තියෙනවා.. /
ඇත්ත ඇත්ත මල්ලි..බෙට්ට දාන බල්ලටත් බලු බෙට්ටෙ කලාවක් ඇති ..මම නෑ කියන්නෙ නෑ...:)
/ ඒකනේ මිනිස්සු පාගන්නේ නැතිව යන්නේ /
මිනිස්සු පාගන්නෙ නැතුව යන්නෙ මම හිතන්නෙ උඹ කියන ඔය කලාව කකුලෙ ගෑවිල ගඳ ගහන හින්ද...හෙහ්,හෙහ්...
මම නම් කැමති වෙනසක් කරන උන්ට.. උන් නිසා තමයි බැඳි අකුරු මෙළෝ රහක් නැති සිංහල හැලිලා ගිහින් දැන් තියෙන භාෂාව හා ලේඛන රටාව ඇවිත් තියෙන්නේ.
Deleteමේ ළෝකේ වෙනස් කරන්නේ වෙනස් විදියට හිතන මිනිස්සු මිසක්. සම්ප්රදායේ එල්ලිලා ඉන්න උන් නෙමෙයි රවි අයියා..
මට නම් ඕන ඒ හැම දෙයක්ම කුඩු කරන්න..
යස් මල්ලි එකඟයි සීයට දෙසීයක්...වෙනසක් වෙන්නෙ ඕන හැමදෙයක්ම...වෙනස් නොවනා එකමදේ නම් වෙනස් වනසුළු බව අන්න එහෙම කියමනකුත් තියනවනෙ.
Deleteඒත් මම කියන්නෙ වෙනස් වෙන්ට ඕනමය කියල බලෙන් වෙනස් කරන්ට ගියොත් ඒක හරියන්නෙ නෑ. වෙනස්වීමේ අවශ්‍යතාවය ස්වාභාවිකවම මතුවෙන්නෙ ඕන.
මම පොඩි උදාහරණයක් කියන්නද? අජිත් තිලකසේන දන්නවනෙ නේද? බොහොම දක්ෂ කෙටිකතාකරුවෙක් සහ කවියෙක්. පතිරාජ පාරදිගේ ෆිල්ම් එක කලේ අජිත්ගෙ කෙටිකතාවකින්. නමසිය අසූවෙ වගෙ අජිත් සිංහල භාෂාවෙ පාපිලි ඔක්කොම එක විදිහට ලියන්ට පටන් ගත්ත." කු " ලිව්වෙත් " නු " යන්නෙ එන පාපිල්ල " ක " යන්න යටට දාල. " ත් " සහ " ම් " දෙකත් එහෙමයි. එයා එක පොතක්ද කොහෙද ඒ විදිහට ලියල ප්‍රකාශයටත් පත් කලා. අජිත්ගෙ හෙටිකතා වලට සෑහෙන ඉල්ලුමක් තිබ්බ ඊට කලින්. ඒත් අර අලුත් ක්‍රමයට ලියපු පොත විකුණුනේම නෑ මට මතක විදිහට.
ඒ වගේම වෙනස්කම් වලට කැමති අය ඉන්නව. සම්ප්‍රදායානුකූලව හිතන අය ඉන්නව. වෙනසකට කැමති ඒත් ඒ වෙනස ගැජු ගැජුවලි වෙන්ට ඕනය කියල හිතන අයත් ඉන්නව.අර කවියක යොදාගන්න භාෂාව ගැන වුනත් එහෙම තමයි.අමුවටම කියන අය ඉන්නව. ඒ අතරෙ ඕක ටිකක් සැර බාල කරල කියනවට කැමතිඅයත් ඉන්නව. අවුලක් නෑ. ඒ දෙගොල්ලම ඉන්න ඕන. දෙගොල්ලටම තමන්ට කැමති විදිහට නිර්මාණය කිරීමේ අයිතිය තියෙන්න ඕන. අමුවට කියනවට මම කැමතිනැත්තං මම එව්ව නොකියව ඉන්නව..එච්චරයි...:)
එළ.... බඩුම තමයි..
Delete"හරි පැහැදිලියි" ජෙප්පන්ගේ වචනයක්
මෙහෙමයි... මූ "කැරි පොලිස් කාරයෙක්" කියලා රවි අයියත් දන්නවා. ඒත් රවී අයියා එහෙම කියන්නේ නෑ.. ඒත් මාතලන්..., කැරියට කැරියා කියලා කියනවා.. මොකෝ මේක නිදහස් මාධ්‍යයක් නිසා.. මම අන්තිම කොමෙන්ට් එකේ මේ කෑල්ලට කැමතියි...
// ඒත් මම කියන්නෙ වෙනස් වෙන්ට ඕනමය කියල බලෙන් වෙනස් කරන්ට ගියොත් ඒක හරියන්නෙ නෑ. වෙනස්වීමේ අවශ්‍යතාවය ස්වාභාවිකවම මතුවෙන්නෙ ඕන.//
"මුලින්ම ඉතාම සුන්දර මිනිසුන් කොටසක් හදුනාගන්න ලැබුන.." මෙවර ඒ ඉතාම සුන්දර මිනිසුන් රාශියක්ම එක්වෙලා හිටිය බව ආරංචියි මුල එකට තියා දෙවෙනි එකටවත් එන්න බැරිවුනා. මට ආපු සේරම ගැන ඇතිවෙලා තියන ඉරිසියාව උහුලගන්න බෑ ! එන්ඩ තියා මයෙ නමින් කොමෙන්ටු කෙටල එවන්නවත් බෑ ඒකටත් ණයයි මේ sugv,wordpress
ReplyDelete