මගේ ජන්ගම දුරකථනය
කැමොර දෙන්න ගත්ත.
තිරය මත " චින්තක" කියල
සටහන් වෙලා .
වෙලාව
පස්වරු 8.00යි
"චින්තක
,කියපන්."
"මොකද
කරන්නෙ,"
මුකුත්
නැ බන් .ගෙදර ඉන්නෙ"
"මෙ
පැත්තට එනවද.කට්ටිය ඇවිල්ල ඉන්නෙ"
දැන්
මොකද කරන්නෙ.යනවද නැද්ද?
බලමු
පොඩ්ඩක් හිතල.රැවෙලා නම් වැඩියි.එත් ඉතින් බයිසිකලෙ ලයිට් තියෙනවනේ.
ඔන්න
ඔහෙ ගිහින්ම එනව.නැත්තම් තරහ වුනොත් එහෙම.යාලුවො නේ.හොද නැනේ.
"අම්මෙ
,මම පොඩි ගමනක් ගිහින් එන්නම්"
"මෙ
වෙලාවෙ කොහෙද යන්නෙ පොඩි පුතා,කාල ඉන්න"
'ඇවිල්ල
කන්නම් අම්මෙ,ඉක්මනට එන්නම්"
ඉක්ක්මනින්
එන්නම් කිය ගෙදරින් පිටවෙන මට වෙලාව ගැන මතක් වෙන්නෙ බොතල් හිස්වෙලාසින්දුත් ඉවර වෙලා එකා දෙන්න යන්න පිටත් වෙනකොට.
අවුලක්
නැ වැඩි වෙලාවක් ගිහින් නැ.ඔන්නම් රෑ1 ට ඇති.
අම්ම
නිදි ඇති.සද්ද නැතුව ගියාම හරි.
දුර
ඉදලම ගෙදර දිහා බැලුව. හරි ලයිට් ඔක්කොම නිවල.කවුරුත් නිදි.
වැඩිය
සද්ද නොකර ගෙට ගිහින් නිදියනව.
පුලුවන්
තරම් සද්දෙ අඩුවෙන් මිදුලට බයික් එක එනකොටම සාලෙ ලයිට් එක පත්තු වෙනව.
ඉලගට
එලියෙ ලයිට් එක.එත් එක්කම දෙර ඇරෙනව.
අම්ම
දොරකඩ.
"අම්ම
නිදි නැද්ද,මම එනවනෙ දොර ඇරගෙන"
මගෙ
ගාව යතුරක් තියෙනව.
"නැ
මට නින්ද ගිහින් තිබුනෙ නැ.බයිසිකලෙ ලොක් කලාද?"
මම
බිල කියල අම්ම දන්නෙ නැද්ද.
කිසිම
දෙයක් නොකිය මම ගෙට ගොඩවුනාට පස්සෙ දොර වහන අම්ම.කුස්සිය පැත්තෙ ලයිට් දානව.
මම
ඇග සොදගෙන එනකොට බත් එක බොදල මෙසෙ උඩ.
"බත්
එක නිමිල, මොනවහරි රත් කරල දෙන්නද?
"ඔන
නැ,ඔන නැ.මෙ හොදයි"
"ලයිට්
නිවල නිදාගන්න,
කියල
නිදාගන්න යන අම්ම මම කාල ඉවර වෙන්නත් කලින් තද නින්දට වැටෙනව.
මෙ
සිදුවිම මම විවාහ වෙන්න කලින් සතියකට දෙතුන් පාරක් වෙනව.කොච්චර පරක්කු වුනත් මම ගෙදර එනකන් අම්ම නිදියන්නෙ නැ.එ කොහොම වුනත් මමත් ඔය ගමන නැවැත්තුවෙත් නැ.
මෙ
සිදුවිම නැවත මතක් කරන්න හෙතුවුනෙ නලින් අයියගෙ සමකය වටෙ ලියවුන ලිපියක පත්තරෙ ගෙ කමෙන්ට් එකක් නිසා.
මෙ
සිදුවිම් ලන්කාවෙ ගොඩක් දෙනෙක්ගෙ අත්දැකිමක් බවට තහවුරු වෙන්නෙ මෙන්න මෙ සින්දුව නිසා.
මෙ
සින්දුව හැමැදාමත් මට මාව මතක් කලා.
වරදින්නේ නැත මට හිමි බත්පත
ඔබගේ මුළුතැන් ගෙයි අම්මේ
අම්මේ ඔබගේ මුළුතැන් ගෙයි
ඔබට හොරා මධු භාජන හිස් කොට
රෑ මැදියම ඔබ නින්දට වන් විට
පෑල දොරින් එත ඔබගේ බත්පත
දෑස තෙමා මට දඬුවම් දේ
විකල් සිතින් සැරි සරා තැනින් තැන
ගෙට වන් මා හිස පිරිමැද පිළිගෙන
ඔබත් නොකා මට දන් දෙන බත්පත
හද රිදවා මට දඬුවම් දෙයි
ඔබගේ මුළුතැන් ගෙයි අම්මේ
අම්මේ ඔබගේ මුළුතැන් ගෙයි
ඔබට හොරා මධු භාජන හිස් කොට
රෑ මැදියම ඔබ නින්දට වන් විට
පෑල දොරින් එත ඔබගේ බත්පත
දෑස තෙමා මට දඬුවම් දේ
විකල් සිතින් සැරි සරා තැනින් තැන
ගෙට වන් මා හිස පිරිමැද පිළිගෙන
ඔබත් නොකා මට දන් දෙන බත්පත
හද රිදවා මට දඬුවම් දෙයි
එච් එම්
ජයවර්ධනයන් සන්ගිතවත් කර රොහන සිරිවර්ධනයන් ගයන මෙ ගීතයෙ ගෙය පද රච්කයව සොයාගන්න බැරිවුනා.අරු අයිය දන්නවනම් කියන්නකො සමාව භාජනෙකට දානගමන්.මෙ ගිතය මෙතනින් අහන්න පුලුවන්.
.jpg)