Friday, April 3, 2015

දෙබරු ඇන්නා



පහුගිය පෝස්ට් එකේ දාපු කමෙන්ට් වලට උත්තරයක් හැටියට පෝස්ට් එකක්ම දාන්න හිතු නා.මොකද උත්තර හැටියට කීප පාරක් ලියන්න අමාරුවයි නොදකීවිද කියලා ඇතිවුන සැකයයි නිසා.

ඔක්කොමලා ටිකක් වරදවා තේරුම් අරන් වගේ . සමහරවිට මම ගැන විස්තර කලා මදි වෙන්න ඇති. මම මෙතන කිවුවෙ නෑ මේක  තමයි හරි ක්‍රමෙ කියලා.මම බැලුවෙ  ඒක ගැන අදහස කොහොම වේවිද  කියලා.

මේක අකුරුවලින් හැගීම ප්රකාශ කරන මාධ්යක් විදියට හැගීම විස්තර කරන්න පුලුවන් අකුරු කීපයකින් විතරයි.ස්වරයවත් මුහුනෙ හැගීමවත් ප්‍රකාශ කරන්න බැ. එතකොට අපෙ හැගීමට හරියටම ගැලපෙන වචනය යොදන්න වෙනවා. හරියට කටින් කියද්දි "මෙහෙ එන්න" කියන එක ස්වර කීපකින් කියන්න පුලුවන් වුනත් ලියනකොට ඕක තදින් කිවුව කියන ඒක අගවන්න "මෙහෙ එනවා" කියන වචන යොදන්න ඕන වගෙ දෙයක්.

මෙහෙම කියද්දි මට මතක් වෙනවා මගේ යාලුවෙක් කියපු කතාවක්. දෙල්ගොඩ පැත්තෙ මගේ යාලුවෙක් ඉන්නවා ප්‍රියා කියලා. ඒක මිනිහගෙ නම නෙමෙයි. මිනිහට ලස්සනට ප්‍රියා සූරියසේන මහත්තයගෙ සින්දු කියන්න
පුලුවන් .ඒකයි ප්‍රියා කියන්නෙ.මිනිහ දවසක් ඩ්රින්ක් එකක් ගන්න වෙලවක කියනව මිනිහ බලපු පරන සින්හල ෆිල්ම් දෙකක හරි එකක් හරි සින් දෙකක් ගැන.

පලවෙනි එක, ඔන්න ගෙදර ඉන්න වැඩකාර කෙල්ලව ගෙදර මහත්තය කාමරෙකට කොටුකරගෙන අර බට්ටි පිරිමින්ට කොරපු දෙ කරන්න හදනවා.මෙන්න එතකොට අර කෙල්ල කියන දෙබස.

" මහත්මයා, ඔබ ඔය සුදානම් වෙන්නෙ මා කෙලෙසන්නද මහත්මයා"

අනිත් එක, තමන්ගෙ පුතා යාලුවෙලා ඉන්න කෙල්ලව කොල්ලගෙ තාත්ත පැහැරගෙන ගිහින් හන්ගලා. මේක පුතා දැනගන්නවා. පුතා එනව තාත්ත හමුවෙන්න. ඇවිත් මෙහෙම කියනවා තාත්තට.
"තාත්තා, ඔබ මාගේ ජිවන මිනි පහන සැගවුයෙ කොහිද තාත්තා"

දැන් මේ අවස්තා දෙකෙදිම අපිට එතන තිබිය යුතු සිටිවෙෂන් එක ගැන හරි අදහසක් එනවද?

අනික මේක පැහැදිලිවම සම්මන ලැබුන නිර්මානෙ නෙමෙයි. මේක වෙන එකක්.සම්මනෙ ලැබුනෙ මගේ "බට්ටි" නමින් පලකරපු නිර්මානෙට. ඒක වරදවා තෙරුම් ගන්නත් එපා.

එවගෙම මට ඕන වුනෙ බන්ධුල මහත්තය කියපු දෙ මේ නිර්මානෙට යෙදුවොත් මොකද වෙන්නෙ කියලා බලන්න.මටත් හිතට දැනෙන නිර්මානෙ නම් මුල් එක තමයි. වගෙම නිවරදි ව්‍යාකරන සහ අකුරු යොදලා ලියන්න පුලුවන්නම් ඉතාම හොදයි කියන එකනම් මම විස්වාස කරනවා. ඒවගේම එහෙම බැ කියලා නොලිය ඉන්නෙ නැතුව කොහොම හරි ලියන එකනම් නොලියන එකට වඩා හොදයි කියලත් මම විස්වාස කරනවා.

මම කැමතියි මේ සම්බන්දව තවත් අය අදහස් දක්වනවනම්.මම නිකම් සම්මනෙ ගැන  පෝස්ට් එකක් විතරක් නොදා මේක එතනට එබුවෙ මේ ගැන ටිකක් සකච්චාවුනා නම් හොදයි කියන අදහසින්. ඒක පටන් ගත්ත එකට ඔමා, මාතෙ, හැලපෙ, බස්සි සුදික රවි උබලට ස්තිතියි.

රවි අයියෙ ඔයා කියන එක හරියටම හරි.එත් මට හෙන කඩි කුලප්පුවනෙ බන්.හිමිහිට වැඩක් කරන්නම බැ.
 
සුභ  පැතුම් එක්කල සියලුම දෙනාටත් මගේ හදපිරි ස්තුතිය.

මෙ කවියට අලුත් වචන යෙදිම සම්මාන දුන්න අයට කල අපහාසයක් අවමානයක් ලෙසට අර්ථ දක්වන්න උත්සාහ කිරීමනම් මම සම්පූර්නයෙන්ම හෙලාදකිනවා.මේක ඇවිල්ලා සම්මාන ගත්ත නිර්මානෙ නෙමෙයි. එහෙම බැලුවම ඉස්සර සම්මාන ලැබුන සින්දුවකට අලුත් මියුසික් දාල හරි රෙගේ කරල කිවුවොත් එකත් අපහාසයක්ද. මේ කතාවනම් එකගවෙන්න බැරි කතාවක්.

බස්සිගෙ සැර කමෙන්ට් එකත් දැම්මනම් තමයි හොද .




Monday, March 30, 2015

නෙලුම් යායෙන් ලැබුන නෙලුම සහ සන්ස්කරනය කල බට්ටි

නෙලුම් යායෙන් ලැබුන සම්මනෙ ගැන ලියන්න හිතාගෙන කිපදවසක් ගෙවුනත් කොහොම ලියනවද කියල හිතාගන්න බැරුව කිපදවසක්ම ගතවුන. අතරෙ ජිවිතෙත් ලොකුම ලොකු වන්ගුවක් ගාවට ආව. ඔයාල ඔක්කොම දන්නව මම ලියන්න එච්චර දක්ෂයෙක් නෙමෙයි කියල. එහෙවු මගෙන් ලියවුනු පලවෙනි නිසදැසටම පලමු ස්ථානය ලැබිම නිකන් රජකම ලැබුනවගෙ තමයි ( දැන් ඉතින් කියහන් ගැනි ලියල මම දැම්ම කියල හග් ). මේ අගය කිරිමට නෙලුම් යාය අජිත් අයිය ඇතුලු සැමටම මගෙ හදපිරි ස්තුතිය.

වගෙම මාව බ්ලොග් ලියන්න තල්ලු කරල බ්ලොගක් අටවල දිපු අටමට බොහොම ස්තුතියි.

ඒත් එක්කම මෙ සම්මන උලෙලේ සම්මාන ලබපු සියලුම බ්ලොග් කරුවන්ටත් මගෙ සුභ පැතුම පිරිනමනව.

ඇත්තටම බලනකොට මෙ බ්ලොග් කලාවෙන් මට ඉතාම වටින දේවල් දෙකක් ලැබුන
 
මුලින්ම ඉතාම සුන්දර මිනිසුන් කොටසක් හදුනාගන්න ලැබුන.
දෙවනුව සම්මානයක් ලැබුන.

ඉතින් මෙ අතරෙ මට අපෙ බන්ධුල නානායක්කකාරවසම මහතා කියපු එක දෙයක් ගැන හිතට පොඩ්ඩක් වැදුන. එතුමා භාෂාව හැසිරවිම ගැන සැලකිලිමත්විම ගැන අවවාද කලා.ඉතින් මට හිතුන මෙ සම්මාන ලැබුන බට්ටි නිර්මානයෙ තියෙන රලු වදන් ඉවත් කරල ලියන්න පුලුවන් වෙවිද කියල.බලන්නකො වරදක් නැද්ද කියල


වේවැලක් අතින් ගෙන


ජිවිතය නොසලකා


සාරධරමය රකිමි


කියා ඉදිරියට පැන


මග සරන වෙසගනන්  තලා දඩුවම් කරන


නිලධාරි මහතුනේ


අපි ඔබට ණය ගැතියි


අපි ඔබව රකින්නෙමු


අපි ඔබව රකින්නෙමු


 


නුබලාට අමතකද


තන්ගල්ල පුරයෙදි


සුදු කතක් කෙලෙසන්න


උත්සාහ ගන්නවිට


විදේශික නරුමයෙක්


එලොවයැවුවා අපේ


මහාජන වීරයෙක්...........


 


පිරිමින්ව පැහැරගෙන


කාමරෙ දමාගෙන


දුෂනය කරන මේ


බට්ටිලා ඉන්නකන්


කොහොම  ගොඩනගන්නද


ධර්මිෂඨ සමාජය........


 


පෝලිමට වරෙල්ල


ගල් රැගෙන වරෙල්ල


මරා වනසා දමා


ගොඩනගා සැනසෙන්න


දහස් ගනනක් වසර


පැරණි ස්රි විභුතිය


රැකගන්න වරෙල්ල


 


සුපිරිසුදු හදවතක්


නිකැලැල්වු චරිතයක්


සැටිපිකට් සමග ඇති


පවු නොකල මිනිසුනෙ


වරෙවු අත ගලක් ගෙන


මේ වෙසගනන් වෙත


පලමු ගල ගසන්නට................................