ඔක්තෝම්බර් 01 කියන්නේ.....කාගෙත් මතකයට
එන්නේ ලෝක ළමා දිනය කියලනෙ.කීයෙන් කී දෙනෙක්ට මතකද දන්නෙ නෑ ලෝක වැඩිහිටි දිනය ත් මේ දවසෙ කියලා.ළමා දිනය හොදින් ජයට සමරද්දි වැඩිහිටියන් ඒවා බලල සැනසෙනව.එක අතකින් ඒකත් වැඩිහිටි දිනය සැමරීමක් කියලා ගන්නත් පුලුවන්.මොකද දෙමාපියන්ට ලොකු ඉඩක් ලැබෙන්නේ නෑනෙ දරුවන්ගෙ ලෝකයේ ඉදගෙන එයාලගෙ සතුටු මූණබලන්න.මෙහෙම එකම දවසෙ මේ දෙකම දාල නිසා වැඩිහිටියන්ට ටිකක් අසාධාරණය තමයි.
''මේවා සැමරුම් දිනයක් පමනයි''.
අපි හැමෝම අදටත් මුල්තැන දෙන්නේ චූටි පැට්ටන්ටනෙ.ඒකයි වැඩිහිටියන් ගැන හොයන්න වෙන්නේ නැත්තේ.හැබැයි ඉතින් උවමනාව තියෙනම් දෙකම එකට කරන්නත් පුලුවන්.
මාතෘ මූලික හෝ පීතෘ මූලික සමාජ රටාවක ජීවත් වෙන අපේ රටේ කොච්චර මහලු නිවාස හෝ වැඩිහිටි නිවාස තියෙද.
අත පය හයිය හත්තිය තියන කාලයේ පුලුවන් තරම් දර දිය ඇදල උයලා පිහලා කවලා පොවලා ස්කෝලෙ ගෙනිහින් අව්වෙ කරවෙවී අතින් අල්ලගෙන යන එන අම්මා තාත්තාගෙ ඉරනම විසදෙන්නෙ වැඩිහිටි නිවාසයෙන්.
''දරුවන්ට එයාල අම්මා,තාත්තා වුනු කාලෙක තේරේවි''කියලා
ඉන්න දෙමාපියන් මම දැකල තියෙනවා.කතාකරල තියෙනවා.
වැඩේ කියන්නේ එහෙම දරුවන්ගෙ දරුවනුත් ඉදලත් ඒ අගේ තේරෙන්නෙ නෑ.දෙමාපියන්ගේ හිත් මෙහෙම රිද්දන්න පුලුවන්ද කියල මටනම් හිතා ගන්න බෑ.
අම්මාගේ ආදරය උතුරන හුස්ම ටික දරු පැටියගෙ මූණට වැටෙන ලගින් පපුවට තුරුලු කරන් ඇගේ ලේ කිරි කරලා පොවන අම්මාගේ අගය තේරෙන් නැත්තේ වාසියටද කියලත් හිතෙනව.
දරුව පැය ගනන් නලවල නිදිකරල මදුරුවෙක් මැස්සෙක් වහන්න නොදී ආරක්ෂා කරලා සද්දයක් කනට නොඇසෙන්න හරි පරිස්සමට කෑමක් කන්න ගත්ත ගමන්නැගිටින දරුවට අම්මලා ගහන්නෙ බනින්නෙ නෑ.
ඉකමනින් අත හෝදගෙන,(ඒකත් සබන්දාලාම හෝදනවා මිරිස් ගෑවුනාම දැවිල්ල වෙයි කියලා)දරුවා ලගට එන්නේ
'ඇයි මගෙ වස්තුවේ,කිරි කැටියෝ,ඇයි මගේ පණ,මගේ රත්තරනේ,මොකද පැටියෝ' කියාගෙන.
ඒ වගේම එයාලගෙ බඩ කට පුරවල කන්න ගන්න නිසා වෙන්න ඇති ඊට පස්සෙ අම්මා කන්න ගත්ත ගමන් ''කක්කා'' දානවා.අනේ ඔහොම ඉදපන් මම කාල හෝදන්නම් කියල ඉන්නෙ නෑ."ඔහොම ඉන්න මැනික"
අම්මා අත හෝදගෙන එන්නම් කියල දුවලා යනවා. හිතනවද වැඩේ ඉවර උනාම කන්න පුලුවන් කියලා. නෑ.ඒ අප්පිරිය නිසා නෙවෙයි.කෑම සීතල වෙලා.අතර මග කෑම නැවත්තුවම කන්න අමාරුයි.
වෙනද රෑට දරුවගේ සද්ද නෙවෙයි මොන සද්ද ඇහුනත් නිදියන තාත්තා දැන් දරුවගෙ චූටි සද්දෙටත් ඇහැරිලා අහනවා
''අම්මා දරුවා නැගිටලානෙ බඩගිනි ඇති කිරි ටිකක් දෙන්න,ඇයි අඩන්නෙ,''
එහෙම අහලා උදව්වක් ඔනි නම් ඒක කරල දෙනවා.වෙනදා ලෝකෙ පෙරලුනත් නැගිටින්නෙ නෑ.වෙනදට වඩා ඉතිරියක් කරන්න ,දරුවන්ගෙ ආරක්ශාව,අනාගතය ගෙන හිතල වැඩ කරන එක කරන්නෙ ආදර තාත්තා. අනේ ඒත් කීයෙන් කී දෙනාද මෙහෙම හිතන්නේ.මගේ අම්මා මම වෙනුවෙන් දුක් විදින්න ඇති,මගේ තාත්තා මම වෙනුවෙන් මෙහෙම මහන්සි වෙන්න ඇති කියලා.අම්මා තාත්තා රැක බලා ගන්න ඕනිඅපේ පින් පෙට්ටිය පුරවා ගන්න නෙවෙයි.ඒක අපේ යුතුකමක් වගකීමක් කියලා.
මුලින්ම පියවර ඔසවද්දී දෙමාපියන් කොච්චර සතුටු වෙනවද?
කියන්න තියෙන හැමෝටම කියනවා.දැන් හිනාවෙනවා.දැන් ඇවිදිනවා කියලා.එක එක කාලෙට කරන ක්රියාවන් ගැන කොච්චර සතුටින්ද කතා කරන්නේ.වැඩිය ඕන්නෑ.තාත්තා වැඩට ගිහිල්ලා නම් එනකල් අම්මට ඉන්න බෑ දරුවන්ගෙ විස්තර කියන්න.එහෙම විශේෂ දෙයක් කර ගමන්ම තාත්තා මොන වැඩේ ඉන්නවද කියල හොයන්නෙ නෑ
“අද අපේ පැටියා එකම එක පියවරක් තිවුවා ඩොග් ගාල වැටුනා” කියලා.තව මෙහෙමත් කියයි
''අද මම කුස්සියේ ඉදිද්දී නැගලා හිටගෙනත් හිටියා,කුස්සියේ බඩු ඔක්කොම සාලෙට ගෙනත් දාලා,තනියම බාත් රූම් ගිහිල්ලා වතුර අල්ලනවා,චූදාලා ඒවා තලනවා''
මේවා ආඩපාලි විදියට කිව්වට ඒකෙ තියෙන්නෙ හිත යටින් සතුටු වෙන ආදරයක්.මේවා තාත්තාට කිව්වම එයාට ගෙදර එනකල් ඉන්න බෑ දරු පැටිය වඩාගෙන රිදෙන්න උම්මක් දීගන්න.
මේආදරේදරුවන්ටතේරෙන්නෙනෑ.
දරු පැටවු කොච්චර විසේ කර කර ඉදලා නිදිය ගත්තත් ඒ වෙලාවට දැනෙන පාලුව දරන්න බෑ.එයා නැගිටල එද්දී පුදුම සතුටක් ආශ්වාදයක් නේද දැනෙන්නේ.එහෙමට දෙමව්පියන්ට දැනෙන දරුවන් අන්තිමේදි දරුවන්ට දෙමව්පියන් වලන්ගු නැති කාසි වෙනවා.දරුවො ටික ටික ලොකු වෙද්දී චූටි කාලෙ වීරයො වෙච්ච අම්මා තාත්තා
''අපෝ මෙයාල මොනවද දන්නේ''කියන තත්වෙට පත් වෙනවා.
පාසල් යද්දී උදෙන්ම නැගිටලා උයලා පිහලා කවලා පොවලා ලොකු වෙද්දී විභාග වලට ලෑස්ති වෙද්දී දරුවෝ පාඩම් කරන්න නිදිවරන ප්රමානයටත් වැඩියෙන් අම්මා තාත්තා නිදිවරනවා.ඒ නිදියන්න බැරුව නෙවේයි.දරුවගෙ හිත ගැස්සෙයි,කියන බයට.පාඩම් කරන්න හොද සැහැල්ලු මනසක් හදන්න ඕනි නිසා.
එතනින් එහාට දරුවෝ රැකියා කරන කාලෙටත් එයාල ඒ දුකම තමයි විදින්නේ.එහෙම සතුටින් ඉන්න පවුලට අලුතින් දරුවට අනාගතය දකින්න අනාගතේ ගොඩනගාගන්න කියලා හිතලා දරුවා කැමති කෙනෙක්ට බන්දලා දෙනවා.දැන් තමයි ලෝක සන්ග්රාමය පටන් ගන්නේ.මේක දුව පුතා බේදයකින් තොරවයි සිද්ද වෙන්නේ.දරුවන්ගෙ දරුවොත් හැදුවට පස්සේ
''අනේ ඔයාගෙ අම්මා හැම දේටම අගිලි ගහනවා,අපිට නිදහසක් නැද්ද?''
ලෝක දෙකක අතරමන් වෙන දුව හෝ පුතා එක්කො බිරිදගෙ නැත්නම් සැමියගෙ පැත්ත ගන්නවා.
ඊට පස්සෙ අම්මා තාත්තා කතා කරත් වැරදියි,ඇවිද්දත් වැරදියි,බැලුවත් වැරදියි,උයන පිහන විදිය වැරදියි, පිරිසිදු මදි, අපිලිවෙලයි, කනවිදිය,දරුවන්ටත් කරදරයි,අපිට විතරක් නේවේ අනිත් අයත් දරුවොනේ ඇයි එයාලට බැරිද?අපේ වියදමත් වැඩියි කියල කන බත් ඩින්ගටත් ගනන් හදනවා.මම ඕන තරම් දැකල තියෙනවා මෙහෙම වේදනා විදින අම්මා ,තාත්තාලා.
කිසිදෙයක් කර ගන්න බැරි චූටිම කාලයේදි අඩද්දී තනේ කටේ තියලා කිරිටික දීලා බඩ පුරවද්දී,අඩද්දී අපහසුතාවය මොකද්ද කියලා දැනගෙන ඒවට පිලියම් සොයද්දී ඇවිදින්න බැරිකාලෙ ඇවිදින්න පුරුදු කරද්දී,නාවලා,කවලා,පොවලා,ලෙඩක් දුකක් උනාම දරු පැටිය විදින වේදනාවට වැඩිය වේදනාවක් පපුවෙ හිරකරගෙන කදුලු පුරෝගෙන නිදි වරද්දී,
යනයන තැනදිපැටියගෙ කකුල් රිදෙයි කියල තාත්තා වඩාගෙන යද්දී,අනිත් ලමයි කනකොට අපේ පැටිය පව් කියල දුවල ගිහින් කන්න ගෙනත් දෙද්දී අම්මා තාත්තා හිතන්න ඇති අපේ පැටව් අපිට මේහෙම කරන් එකක් නෑ කියලා.
හැබැයි අම්මා තාත්තා දරුවන්ට
කරපු මේ දේවල් දෙමාපියන්ට වෙද්දී හාත්පසින්ම වෙනස්විදියටයි කෙරෙන්නේ.කන් ඇහෙන්නෙ නැති කාලෙට,කතාකරගන්න බැරි කාලෙට,ඇවිදින්න බැරි කාලෙට,ලෙඩක් දුකක් හැදිල නිදියන්න බැරි කාලෙට ,කන්න බොන්න පිගානවත් අල්ල ගන්න බැරි කාලෙට,නාගන්න බැරි කාලෙට, කොහොමද මේවට දක්වන ප්රතිචාරය.
වයසට යද්දී දෙමාපියන් පොඩි ළමයි වගේලු.එහෙම එකේ එයාල කන්න කැමති කෑමක් හදලා දුන්නම අත කැඩෙනවද.ගොඩක් අය දරුවන්ට දෙන කෑම වර්ග කන්න හරි කැමතියි.එහෙම අම්මට තාත්තාට එක්ක දරුවටත් දීල බලන්න එයාලගෙ සතුට.අපේ කතා බහට එයාල එකතු කරගෙන බලන්න එයාලගෙ ප්රතිචාර.පැලෙන්න සතුටු වෙනවා.අපි කොහොමද චූටි කාලෙ කියල විස්තර ටිකක් කතා කරල බලන්න මූනෙ මල් පිපෙන හැටි. අපිට අපේ යුතුකම් මුකුත් කරලා නෑ කියමු.එහෙමයි කියල දෙමව්පියන් අතාරින්නද?අපේ අත පය කඩන්නෙ නැතිව හදපු එකම මදිද ,හරි හම්බ කරනකල් කන්න බොන්න ඉන්න හිටින්න ආරක්ෂාව දුන්නා මදිද විශේෂයෙන් දීපු කිරි ටික මදිද එයාලගෙ ඕනෑ එපාකම් හොයා බලන්න.
මේකෙම තව විස්තර ඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙනවා.මගේ හිත කාලයක ඉදලා මේවට රිදිල තිබුනේ.අද මෙහෙම හරි ටිකක් කියන්න පුලුවන් වුනු එකට සතුටුයි.
_ දුලානි ගුණවර්ධන _
කතාවනම් සම්පුර්ණ ඇත්ත ළමයි ලොකු වෙනකොට , ගොඩක් ළමයින්ගේ හිතේ දෙමව්පියෝ පොඩි වෙනවා කියාලා......
ReplyDeleteදමියෝ කව්ද මේ දුලානි .... උබත් බ්ලෝග රෙන්ට් කරනවද නලියා වගේ
මගෙ බොස් මචන්.අර සින්හලෙන් වයිෆ් කියන්නෙ .අන්න එයා.තවුතිසාව කියන පොස්ට් එක පොඩ්ඩක් බලපන් මචො.ස්තුතියි මචන්
Deleteමචං මේකත් පවුලේ නාලිකාව වගේ වෙයි නේද?
Delete“පවුලේ බ්ලොග“ ;)
හොද ලිපියක් දමිත්, අපෙ දෙමව්පියෝ එයාලගෙ දෙමව්පියන්ට සලකන ආකාරය දැක්කම අපිටත් ඒ වගේම කරන්න හිත ඇති වෙනවා. ඒක දෙමව්පියන්ගෙන්ම එන්න ඕන දෙයක් කියලයි මට හිතෙන්නෙ.
ජය.. !
අන්න සැමො උබ නියම පොයින්ට් එක අල්ලල.සිරාවටම වැඩිහිටියන්ට ගරු කරන සලකන අයගෙ ලමයි එ විදියට හැදෙනව.ගහෙ හැටියට තමා පැලෙත් හැදෙන්නෙ.
Deleteඅපිදෙන්න දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියල බදින වෙලාවෙ කතාවක් කරපු මාම කෙනෙක් කිවුව මචන් එකයි මෙ.
බොහොම වැදගත් ලිපියක් දම්මික. හැබැයි වැඩේ කියන්නේ. ඕනෙම කෙනෙක්ට සලකනන් ඕනේ නම් ඔය විශේෂිත දින ඕනේ නැහැ. කෙනෙක්ට සලකන්න ඕනේ ඒ කෙනාට වෙනකෙනෙකුගේ පිහිටක් අවශ්‍ය වෙලාවට.
ReplyDeleteසම්පුර්නයෙන්ම එකගයි.දවස කතාව අරබන්න නිමිත්තක් විතරයි.හිතෙ තියෙනවනම් හැමදාම සලකන්න පුලුවන්.
Deleteදුලානි මේක ඇඬෙන්න ලියලා තියෙනව. ඇත්තෙන්ම කිව්වොත් මටත් මතක් වුනේ නෑ වැඩිහිටි දිනයක් ගැන ඔයා කියන කල්.
ReplyDeleteස්තුතියි Henry
Deleteඔය දෙකම මතක් වෙන්න තමයි බන්දුල ලොක්ක ඒ දිනයේ ශිෂ්‍යත්ව ප්‍රතිපල දුන්නෙ.
Deleteලියලා තියෙන දේනම් ඇත්ත.. ඔය දෙකම එකට ආවට ළමා දිනේ තරම් වැඩිහිටි දිනය ගැන කතා වෙනවද මන්දා.. හුඟක් පවුල් වලත් වෙන්නේ ඕකමනේ ඉතින්..
ReplyDeleteඑක තමයි දිනෙශ් අවුල.මෙව දකිනකොට හිතෙන දෙවල් තමයි මෙ
Deleteඉස්කෝලේ යනකාලේ ළමා දිනේ ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් හිටියා . ඒත් වැඩිහිටි දිනය එහෙම උනේ නැද්ද කොහෙද
ReplyDeleteදිනෙ නම් අමතක උනාට කමක් නැ.වැඩිහිටියො මතකයි නෙ
Deleteඔය එක එක දවසට එක එක දවස් දාගන්න එක තමයි අවුල... එදාට විතරක් සලකලා වැඩක් තියද..?..
ReplyDeleteකවුද මේ දුලානි..? කවුද මේ දමිත් ? :O
කවුද මෙ රයිටර්.එදාටවත් සලකන්නෙ නැති එකනෙ අවුල
Deleteදුලානි.....අපිට මේ සැමරුම් දින වැඩිවෙලා තියෙන්නේ. එකක්වත් හරියට සමරන්නේ නැහැ. අනුකාරක සමාජ කේවට්ටයෝ වෙලා ඉන්නේ. මම ලඟදී අපේ හාදයෙක් ගෙන් ඇහුවා අම්මා බලන්න ගියේ නැද්ද කියලා. මේ යකා කියනවා මදර්ස් ඩේ එකට ගියාම ඇතිලු. කාටද කියන්නේ. අහපු මෝඩකම් කියලා හිතුනා. මුන්ට අමතක නොවන එකම දවස තමයි වැලාගේ දිනය.FM කාරයෝ ටිකයි චැනල් කාරයෝයි පිරිවරාගෙන රෝසමල් පූජාව නම් වරද්දන්නේ නැහැ. පුදුමයි තාම රාජ්‍ය අනුග්‍රහය දීපු නැති එක මා නලයා.
ReplyDeleteඒක තමයි මම කියන්නෙත් හැමදේම කටපාඩමින් වගේ කරන මිනිස්සුන්ට අම්මා තාත්තා ගැන හොයන්න වෙලාවක් නෑ.මහා තරගයක දුවනවා.ඒ දුවන තරගයේ ස්ටාර්ට් එක දෙමවුපියෝ කියල මතක නෑ.ස්තුතියි ආවට
DeleteThis comment has been removed by the author.
ReplyDelete[දුලානිගෙ ලිවිල්ල අපූරුයි]
ReplyDeleteමම විශ්වාස කරන දෙයක් තමයි දෙමාපියන් දරුවන්ට ආදරය කරන තරමටම ඔවුන් දෙමාපියන්ට ආදරය කරන්නෙ නෑ.
එ කතාව ඇත්ත.ස්තුතියි රාජ්
Deleteඒක ඇත්ත රාජ්
Deleteඅද තමයි ඉස්සරල ම මේ පැත්තෙ ආවේ. කොච්චර සැමරුවත් වැඩක් නෑ නෙ ක්‍රියා කරන්නෙ නැතුව.
ReplyDeleteසමරල වැඩක් නැ එයාල සතුටුවෙන දෙයක් කරන්නෙ නැත්නම්.ස්තුතියි දිලිනි
Deleteමම උඹ දැන් හොද කතා කාරයෙක් කියල කියන්න හරිම සන්තෝසෙන් කියවගෙන අන්තිමට ආවම තමා දුක පැන්නේ. ඒත් ඒක දුකක් නෙමෙයි හැබෑටම කිව්වොත් බොට වැඩිය ලස්සනට දුලානිට ලියන්න පුළුවන්. හිතේ තියෙන අදහස ලියද්දි දළුලාන විත්තියක් මට දැනුනා.. ජය වේවා.. දුලානිට... (බොට ඉතිං කරන්න දෙයක් නෑ)
ReplyDeleteඅවුලක් නැ මචො.දැන් අපි දෙන්නම එක්කෙනෙක් නේ.සැමාට දිපු උත්තරෙ බලපන්කො.තැන්ක්ස්
Deleteඅපි කොච්චර ලොකු මහත් උනත් අපේ අම්මලට අපි තාමත් පොඩි උන්. අපිටත් දරුවෝ ලැබුන දාක තමා ඒ සෙනේහස හරියටම දැනෙන්නේ. ලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteමට පහුගිය කාලේ මේ පැත්තේ එන්න බැරි උනා. පහුගිය ටිකත් බලන්නම්
ළමයි ඉදලත් අම්මා තාත්තාගෙ අගේ තේරෙන්නෙ නැති අයත් එමටයි.තෑන්ක්ස් මොරේ.අනිත්වත් බලන්නකෝ කොහොමද කියලා.
Deleteදුප් කියුවේ අහකට , හාමිනේට මේක ලියාගන ඉන්ඩ දීලා
ReplyDeleteඒකනෙ අටම අයියෙ මෙයාට තේරෙන්නෙ නෑනෙ මේ ටික.
Deleteදෙමව්පියන් වැඩිහිටි නිවාසවලට යවන එකට මම නම් හිතන්නේ ඒ් වැඩිහිටියෝත් යම්තාක් දුරට වගකියන්න ඕන කියලා. දැන් ගොඩක් වැඩිහිටියෝ මහලොකුකමට ළමයින්ව රට යවනවා උගන්නන් කියලා. ඇයි මෙහේ කොච්චර නම් ඉගෙන ගන්න පුළුවන් ආයතන තියෙනවද? ඒක නෙමෙයි කාරණාව අල්ලපු ගෙදර එකාගෙ කොල්ලත් රට ඉතිං අපේ එකාත් යවන්න ඕන. ඔන්න ඕකයි ලෙඩේ. ඇමරිකාව එංගලන්තෙ ඕස්ට්රේොලියාව වගේ රටකට යන දරැවන්ගෙන් කීයෙන් කීදෙනා ආපහු තමන්ගෙ රටට එන්නේ. ඇත්තටම දමිත් අයියේ මේක වචනෙන් දෙකෙන් කතා කරල ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. දරැවව මැෂිමක් කරන්න හදනවා මිස සංවේදී මිනිසෙක් කරන්න ක්‍රියා නොකරන දෙමව්පියන්ට අත්වෙන්නේ මහළු මඩම්වල ලගින්න තමයි.
ReplyDeleteපැහැදිලිවම , වැඩිහිටියන්ට සලකන දෙමව්පියන්ග්‍ර දරුවොත් යහගුන ඇතුව හැදෙනව .මම හොදට දැකල තියෙනව
Delete