Saturday, October 5, 2013

තව්තිසාව



පිණි වැටෙනා සීත ඉර්තුවේ..........
කිසා වූ මගේ ලෝකයට
සෙමෙන් සෙමෙන් නුඹ
පියමැන්නා.......
උතුරන ආදරය ගුලිකොට....

                                   ඇස් මානයේ නොඉන්නා
                                   සෑම අසුරු සැනක්ම   
                                   දෑස තෙමන
                                   ආදරයේ මහා වේදනාවෙන්
                                   සීතල වෙන
                                   නුඹෙත් මගෙත් පපුව
                                   එක සෙවනක උනුසුම පැතුවා..........

එක කූඩුවක  ගුලිවෙලා
දෝරෙ ගලන සෙනෙහස් ඔරුවට
හෙමින් හෙමින් ගොඩවැදුනු ..........
නුඹේ ලේ කැටි............. මගේ කිරි කැටි ...........
කැකුලු රෝස මල් දෙක...... පහන් කලා..
අපේ ලොව තවත්...තව..තවත්.....

                               එදා කිසා වුවත්....අද මගේ ලොව විසල් යැයි
                               සිත උදම් අනයි මෙසේ..........
                               අදටත් අපගේ ආදරය සෙනෙහස
                               නැවුම් නිසාවෙන්......නැවුම් නිසාවෙන්මය......

-දුලානි-


-මගෙ ආදරණීය බිරිද විසින් රචනාකරන ලද්දකි, චිත්‍රය ලොකු දුවගෙනි-

18 comments:

  1. ඔබේ පව්ලේ සැමට වාසනාවන්ත අනාගතයක් පතනවා ...

    බිරිඳට කියන්න කවි ටික ලස්සනයි කියලා..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රෙහානි.
      _දුලානි_

      Delete
  2. කවි ටික බොහොම අපූරුයි දමිත්,දුවගේ චිත්‍රයත් ලස්සනයි කියන්න,පවුලේ කට්ටිය අගේට ඇඳල තියෙනවා,ජයවේවා.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි හැලපයියෙ.අයිමත් කියන්නම් ඔයාව මෙතන දැකිම මට හරි සතුටක්

    ReplyDelete
  4. දුලානිගේ රචනයයි, දූගේ චිත්‍රයයි දෙකම සුපිරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචො.මම දෙන්නටම කිවුව

      Delete
  5. ලොකු කෙල්ලගේ කවියත්.......පොඩි කෙල්ලගේ චිත්‍රයත් බොහෝම අපූරුයි. පොඩි එකීට තව තව අඳින්න කියන්න. මම ඇත්තටම දැණගෙන හිටියේ නැහැ දමිත්ගේ බ්ලොග ගැන. සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. මූ හැදුවෙ හොරාට බ්ලොග් ලියන්න.

      Delete
    2. අනෙ නැ මචො.ඉස්සෙල්ල හැදුව එකක්. එක අවුල් වුන නිසා ටිකක් ඉදලම කියන්න හිටියෙ.බොහොම ස්තුතියි මචන්.ඔන්න දෙන්නටම කිවුව.

      Delete
  6. විත්‍රෙත් ලස්සනයි.. ඒ වගේමයි කවියත්.. දෙන්නවම තව මේකට උනන්දු කරලා ගත්තනම් හොදයි කියලා හිතෙනවා.. සුභ පැතුම් මගෙන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය් දිනෙෂ්.වයිෆ්ට නම් ඔයාලගෙ කෙමෙන්ට් දැක්කම උනන්දුව ඇතිවෙවි.දුවටත් මම කියනව ඔයාල කියපුව.

      Delete
  7. දෙන්නගෙම නිර්මාණ හොඳයි.

    ReplyDelete
    Replies
    1. ( හිමින් සහ හොරෙන් කියන්නෙ ) බොහොම ස්තුතියි රාජ්

      Delete
  8. සමාවෙන්ට ඕනෙ...මෙච්චර දවසක් මම හිතාගෙන හිටියෙ ඔබ බොගක් ලියන්නෙ නෑ කියලා...අද තමයි කාමරේ තිබුන ඔත්තුවකින් හොයාගෙන ආවෙ...පවුලේ පොදු සහයෝගයෙන් නිමැවුන පෝස්ටුව අපූරුයි....දොරේගලන බිරිදගේ සෙනෙහස මැදින් ඔන්න මමත් ඔබේ ජීවිතය තවත් සුන්දර වෙන්නට කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. එක උනෙ වරදක් නෙමෙ මචො.මම කාටවත් කිවුවෙ නැ.බොහොම ස්තිතියි සහො

      Delete
  9. හම් ඒකත් නරක නැ , බ්ලොග් පවුලක්

    ReplyDelete
    Replies
    1. හයියො උබ දැන්ද දැක්කෙ.හරි හරි කොහොමහරි බොහොම ස්තුතියි මචො

      Delete
  10. බ්ලොග් සහෝදර සමාගමයි බ්ලොග් පවුල් සමාගමයි නරක නෑ.. ජය වේවා.. අගෙයි..

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි