Monday, November 4, 2013

"ගියාද ලගදි තාත්තයි අම්මයි බලන්න"



රක්ෂනේ ගැන ඉතුරු ටික ලියන්න වෙලාවක් හොය හොය ඉන්න අතරෙ මට මෙන්න මේවගෙ දෙයක් ලියන්න හිතුනා. මේක මගෙ හිතේ තදින්ම රැදුන කතාවක්.ඔයාල ගොඩාක් දෙනෙක් දන්නව ඇති නෙ D J අරා කියන කෙනාව.අර හිරු එෆ් එම් එකෙ මෝනින් ෂෝ එක කරන්නෙ.මිනිහගෙ විහිලු වලට මම ටිකක් කැමතියි.පුලුවන් උන වෙලාවට මම ඔය අරා සහ පැස්බරා ගේ  වැඩසටහන අහනව.හැබැයි  ඕන්නම් සතියටම පැයක් අහයි.ඔන්න ඔය අතරෙ මිනිහ දවසක් කියපු විහිලු කතාවක් තමයි මේක
මේකෙ දෙබස් උච්චාරනය කරන විදියෙන් තමයි ගොඩාක් සජිවිබව මිනිහා මතු කලෙ.ඔයාලත් දෙබස් හිතින් හඩ කවාගෙන බලන්නකො.



ඔන්න එකෝමත් එක රටක  නෙමෙයි ලන්කාවෙ හිටියා වයසක අම්මෙකුයි තාත්තෙකුයි.තව ගොඩාක් අය හිටියා මෙයාලත් හිටියා.

මෙයාල හිටියෙ මාතර කියමු.මෙයාලට දරුවො තුන් දෙනයි.වැඩිමලයි බාලයයි කොල්ලො.ලොක්ක කොම්පැනියක ලොකු තනතුරක් දරන පොරක්.ඉන්නෙ කොලඹ.දුව ඩොක්ටර් කෙනෙක් නුවරට බැදල එහෙ පදින්චි.පොඩි එකා ඉන්ජෙක් ,වැඩ අම්පාරෙ.මු විතරයි බැදල නැත්තෙ.

ඔන්න දවසක්  කියන්නෙ වෙසක් දවසට කලින් දවසෙ දවල්  ලොකු කොල්ලට කෝල් එකක් එනව තාත්තගෙන්.දෙබස මෙහෙමයි

"හලෝ තාත්තෙ"

"ලොකු පුතේ වැඩකද.මට ලොකු දෙයක් තියෙනව කියන්න පුතේ.මට දැන් මේක ඉවසල ඇතිවෙලා තියෙන්නෙ.අවුරුදු 35 ක් විතර ඉවසන් හිටිය.උබලට අවනම්බු කරන්න බැරි නිසා ඉවසුව.දැන්නම් හොදටම ඇති.මම තීරනයක් ගත්ත.මැරෙනකම් මේ දුක විදින්න බෑ.මම අම්මගෙන් දික්කසාද වෙනව පුතේ"

"මොම් මොකක් මොනවද මේ කියන්නෙ.මොකක්ද මේ වෙලා තියෙන්නෙ.මොකක්ද දැන් ප්රශ්නෙ?


"එව උඹට කියල වැඩක් නැ. මේ කිවුවෙ යුතුකමක් හැටියට. මම තීරනයක් අරන් ඉවරයි.අදම යනව ලොයර් කෙනෙක් හම්බ වෙන්න"

"තත්තෙ තාත්තෙ…. කලබල වෙන්න එපා.මුකූ..ත් කරන්න එපා මම දැන් ගෙදර එනව.මම එනකන් මුකුත් කරන්නෙ නැතුව ඔහොමම ඉන්න."

“හරි එහෙනම් ඔයා එන්නකො.හැබැයි මගේ තීරනේ නම් වෙනස් වෙන්නෙ නැ"

දැන් ලොකු එකා ගන්නව දඩ බඩ ගාල නන්ගිට කෝල් එකක්.

"නන්ගි අන්න තාත්ත කතා කරල කිවුව දික්කසාද වෙන්න ඕනලු මොකක්ද මේ කතාව'

"මොකක් මේ මොන කතාවක්ද මොකද ?

"මම දන්නෙ නැ .මම තව ටිකකින් ගෙදර යනව.ඔයාට එන්න පුලුවන්ද"

"පුලුවන් පුලුවන්.ඔයා යන්න .මමත් කොහොමහරි එනව.මම මල්ලිට කියන්නම්"

දැන් ගෑනු ලමය ගන්නව මල්ලිට කෝල් එකක්.

"මේ තමුසෙ දැන්ම ගෙදර එනව.මමයි අයියයිත් එනව.අයියට තාත්ත කියල එයාට දික්කසාද වෙන්න ඕන කියල"

"පිස්සු හැදෙනව. ඕයි ඕක තත්තගෙ බොරුවක් වෙන්න බැරිද"

"නැ නැ සීරියස්.තමුසෙ එනවකො"

"හරි O K , මම දැන්මම පිටත් වෙනව"

දැන් නන්ගි ගන්නව තාත්තට කෝල් එකක්



"තාත්තෙ මම මද්දු.මොකක්ද මේ අයියට කියල තියෙන කතාව.මොනවද  මේ පිස්සු,තාත්ත ඔහොම ඉන්න.මුකුත් කරන්න එපා.මම දැන් එනව. මේ දැන් පිටත් වෙනවා .මල්ලිත් එනව අයියත් එනව.අපි ආවට පස්සෙ කතා කරමු.මොකුත් නොකර ඉන්න හරිද"


ෆෝ න් එක තිවුවට පස්සෙ තාත්ත මෙහෙම කියනව

"ඔන්න මැණිකෙ වැඩේ හරි.කට්ටියම එනව. දැන් පොසොන් එකට මොකක්ද කියන බොරුව"

මේ කතාව කියල ඉවර වෙලා අරා අහනව

"ගියාද ලගදි තාත්තයි අම්මයි බලන්න"
 

40 comments:

  1. Replies
    1. පොඩ්ඩක් හිටු එක පාරට දැම්මෙ නැ.දැන් දාල තියෙන්නෙ

      Delete
  2. සිරාවට හිතන්න සැහෙන දෙයක් තියන කතාවක්. දෙමවුපියෝ බලහත්කාරෙන් වගේ තමයි ළමයින්ව ඔය තැනට තල්ලු කරන්නේ අන්තිමට ඒ ගොල්ලෝ පසු තැවෙනවා ඒ ගැනම හිතලා. ළමයින්ටත් කරගන්න දෙයක් නැ උස්සලා තිබ්බ තැනින් බැහැගන්න බැරිව ඒ අයත් ඔහේ දුවනවා

    itnishantha

    ReplyDelete
    Replies
    1. එත් මචන් වෙඩින් එකක් කිවුවම කොහොම හරි වෙලාව හදා ගන්නව වගෙ උවමනාව තමයි වැදගත්.

      Delete
  3. ඒ කතාවනම් සහතික ඇත්ත.. හුඟක් අය කාර්‍යබහුල වෙද්දී ගෙවල් දොරවල් අමතක වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක නම් ලොකු ඛේදවාචකයක්.

      Delete
    2. තමන්ට තමන්වත් අමතක වෙනවද අප්පා

      Delete
  4. මට මතක් වුනේ උපුල් ශාන්ත සන්නස්ගල එයාගේ අම්ම ගැන කියපු කතාව. එක අහලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අම්මට හාට් ඇටැක් හැදුන කතාව නේද අක්කල අම්මව රවට්ටල.අම්ම එකෙන් නැතිවුනාද කොහෙද නේ?

      Delete
    2. මට අම්මව මග ඇරුනා කියපු එකද

      Delete
    3. @අටමා- දමියා ඔව් ඒක තමයි.

      Delete
  5. අනේ ඔව් පුළු පුළුවන් හැමෝම තම තමන්ගේ අම්මලාතාත්තාලව බලන්න යන්න ..... යන්න ඕන වෙලත් යන්න බැරුව ඉන්න අපි මොකද කරන්නේ අප්පා බෝගක්වත් ලියනවා කියවනවා ඈරෙන්න

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට සැරයක් පලයන්.ලන්කාවෙ ඉන්න සමහරුත් යන්නෙ එහෙම.

      Delete
  6. ජෝක් එකක් එක්ක තිබුනට ගත‍යුතු සෑහෙන්න දෙයක් තියෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මචන් මෙක හිතට වැදුනේ

      Delete
  7. මේකෙ මුල් කතාව මම කියවල තියෙනව,තාත්තයි අම්මයි ඉන්දියාවෙ,දරුවො එංගලන්තයෙ සහ යුරෝපයේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තද හැලපයියෙ.මම හිතුවෙ මේකා හදල කිවුව කියලා

      Delete
    2. ඔව් දමිත් ඔන්න තියෙනව ඉන්ෆොලංකා ජෝක්ස් වල ඕනෑ නං ගිහිං බලන්න පුළුවන්.

      Delete
  8. ඒක ඇත්ත බං. කට්ටිය එකතු කරගන්න ඔහොම කරන්න වෙයිද දන්නේ නෑ අපිටත්.

    ReplyDelete
    Replies
    1. දැනටමත් දුව උබල ලග නැ නේද.මම ප්‍රාර්ථනා කරනව එහෙම වෙන්න එපා කියල

      Delete
  9. ඕකා කියන්නේ ඔහොම ඉල ඇදෙන කතා තමයි මාත් අහල තියෙනවා බං මොකක් හරි කතාවකට මට එක පාරක් හුස්ම හිරවෙන්නත් ගියා.

    උඹ හොද දොස්තර කෙනෙක් හම්බ වෙයන් මේක මගේ රෝලේ අප්ඩේට් නොවේ දැන් මේ තුන්වැනි පෝස්ට්කට්‍රව

    ReplyDelete
    Replies
    1. තව කතා කිපයක්ම තියෙනව හිතෙ රැදුනු.වෙලාවක් තිබුනොත් ලියන්නම් .හෙද ඩොකෙක් කියාපන්කො කන්සල්ට් කරන්න

      Delete
  10. අප්පට සිරි තාත්තට සනීපත් නැ මං ගියේ නැනේ

    ReplyDelete
    Replies
    1. පල පල අදම ගිහින් බලල වර.

      Delete
  11. විහිලු කතාවක් උනාට ඒ දෙමව්පියන් ගැන සෑහෙන දුකක් ඇති වෙන කතාවක් !

    ReplyDelete
    Replies
    1. දරුවො ඔක්කොම එකතු උන දවසට දෙමවුපියන්ගෙ සතුට දැකල තියෙනවද? දෙන්නගෙම සතුට බලන්න වෙලා නැ.එත් අම්මගෙ සතුට මම හොදට දැකල තියෙනව

      Delete
  12. දැඩි තර්ජනයක් දැකලා බය වෙලා මේ තකහනියක් දුවගෙන ආවේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා උඹටත් ලැබෙවා

      Delete
  13. මාත් ගියෙ නෑ අප්ප දැං මාස ගානකින්.. තාත්තට නං මාත් එක්ක යකා වැහිලා ඇත්තෙ... වැඩක් නෑනේ... මං ගියාට එයා යනවා එයාගේ යාලුවො එක්ක බේබදු සංගමේට... අද කෝල් එකක් දීලා කිව්ව මේ සතියෙ එනව ඔන්න බේබදු සංගමේ එහෙම දාගන්නෙ නෑ කියල... මට බැන බැන ෆොන් එක තිබ්බ... ඊට ටිකකින් අම්ම කෝල් කරනව.. තාත්ත බැන බැන ඉන්නවලු.. හැබැයි මං ඒක කියපු එක හොදයිලු... අපෙ අම්මටයි තාත්තටයි මදෑ අපි පස්සේ දැගළුවා, දැංවත් ෆුල් ෆන් එකේ ඉන්න කියලා පාඩුවෙ ඉන්න දුන්නම මෙන්න එක්කෙනෙක් කඩයක් බදාගෙන, අනිත් එක්කෙනා සංගමයක් බදාගෙන.. අඩුගානේ ට්‍රිප් එකක් යන්නවත් වෙලාවක් නෑ ... බැනලා බැනලා ට්‍රිප් එකක් ඇරියෙ ගිය සතිය... අනේ මන්ද අප්ප... මෙයාලව නං හදන්න බෑ... හි හි

    ( තාත්ත දන්නවා මේ ටිකේ මං වැඩ කියල.. ඒක නිසා එයාට ගානක් නෑ.. වැඩේ කියන්නේ කෝල් කරපු ගමන් බයින එකනෙ... ඒක නිසා මං දැං කොල් කරන්නෙ අම්මට විතරයි... ඒකටත් තාත්තට කේන්තියි ඉතිං... හි හි)

    ReplyDelete
    Replies
    1. අපෙ අම්මත් ඔහොම තමයි හිරු.මොනව හරි අටමගලක් බදාගෙන වැඩ.මෙ දවස්වල සමිති සමාගම්.අම්ම සතුටින් කරන නිසා මම මුකුත් කිවුවෙ නැ.අපෙ තාත්ත හිටියනම් එයත් ඔකම තමයි කරන්නෙ

      Delete
  14. අපිනම් අම්මල ලග ඉන්න නිසා ඔහොම ප්‍රස්න නෑ :D

    ReplyDelete
  15. මොකද මංද මට නං මුලදිම සීන්එක මේකයි කියල හිතුන. වැදගත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. උබ ඉතින් දක්ශයා නෙ

      Delete
  16. අද ඉන්න උන් නම් මෙහෙම කථාවක් කිව්වට යන්නෙ නෑ...ඔයාටම හිතිලා බැදගත්ත එකේ...ඔයාටම එපා නම් දික්කසාද වෙන්න කියලා කියයි...

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් අදකාලෙ ඉන්නෙ උබල අපි නේ.අපි එහෙමද?

      Delete
  17. DJ අරා මම හැම උදේකම වගේ අහනවා..

    විකාර කතා අස්සෙ මෙහෙම කතන්දර කියන එකත් හොදා නොවැ.. අර පැස්බරා කෙල්ලව විනාස කරන එකයි දුක.. :)

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත නේ.ඌට පැසා සෙට් වෙච්ච නිසා තවත් මෙක නැගල යනව.එකිත් දෙනව නේ සිරාවටම නැගල යන්න

      Delete
  18. Damn it...මම පරක්කුයි......මේ ප්‍රශ්නේ එන්න එන්න නරක අතට යන බව ලංකාවේ උදවිය එක්ක කතා කරනකොට හැඟෙනවා. සමහරු ගාව බොරු උත්තර තියෙන්නේ. අතහරින්න පුළුවන් වැඩ අතරින් ඉස්සෙල්ලාම අතහරින්නේ දෙමව්පියන් බලන්නට යෑම. මට ජයලත් මනෝරත්නගේ 'තාත්තේ අපි ආවා' ටෙලිය මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් අරු.මගුල් ගෙයක් කිවුවොත් කොහොමහරි වෙලාව තියන අයට මෙකට වෙලාව නැ.කතාව සරලයි.උවමනාවෙ පිලිවෙලට තමයි වෙලාව තියෙන්නෙ.දෙමවුපියන් බලන්න යන එක ලිස්ට් එකෙ පහල නම් වෙලාව ලැබෙන්නෙ නැ තමයි

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි