Sunday, July 6, 2014

ටයර්-2



කාලය ගතවුනා.පොරොන්දුවුන විදියට ඉක්මනට ලියන්න ලැබුනෙම නැ.නිදහසට කරුනු කියල වැඩක් නැතිනිසා ඉක්මනින්ම අපි ටොපික් එකට බහිමු.මම ටයර් ගැන නෙ කිය කිය හිටියෙ.දැන් ඔයාල දන්නව කල් ඉකුත් නොවුන ටයර් හොයා ගන්න.හැබැයි තව කරුනු කිපයක්  තියෙනව ටයර් එකක් ගන්නකොට බැලිය යුතු.හැබැයි ඒව ලන්කාවෙදි එතරම් වැදගත් නැ.මොකද ලන්කාවෙ දෙශගුනය, වාහනෙකට යන්න පුලුවන් වේගය වගෙ එවයෙ ලොකු පරාසයක නැනේ.

තමන්ගෙ අවශ්‍යතාවයට ගැලපෙන ටයර් එකක් ගැනිමේදි මෙන්න මෙවත් දනගැනිම වැදගත්.
  • ·        උශ්නත්ව ප්‍රතිරොධය (Temperature Resistance )
  • ·        ප්‍රරකර්ෂණය ( Traction )
  • ·        කට්ට ගෙවිම( Tread wear )
  • ·        එක් ටයරකට දැරිය හැකි උපරිම බර (Max. load capacity per tyre )
  • ·        වේග සිමා සලකුන (Speed symbol )

( ගැලපෙනව කියල හිතෙන සින්හල වචන යෙදුවෙ.වැරදිනම් කියන්න )


මෙ සියලුම විස්තර ටයර් එකෙ සදහන් කරල තියෙනව.නමුත් යම්කිසි සලකුනක් විදියට. සලකුනෙන් කියවෙන්නෙ මොනවද කියල විස්තර ලියන්න කලින් මෙව ටයර් එකෙ සදහන්කරල තියෙන්නෙ කොහෙද කියල මෙ පහල පින්තුරෙන් පෙන්නනව.



දැන් බලමු අදාල සලකුනු අදුනගන්න විදිය
.
  • ·        උශ්නත්ව ප්‍රතිරොධය (Temperature Resistance)

මෙක කොටස් තුනකට බෙදල  ඉන්ගිරිසි හොඩියෙ මුල් අකුරු තුනෙන් නම් කරල තියෙනව.
A -අධික උනුසුම  කලාපයට
B -සාමාන් උෂ්නත්ව කලාප සදහා

C -ශීත කලාප සදහා


  • ·       ප්‍රකර්ෂණය ( Traction )

 මෙකෙන් අදහස් කරන්නෙ තෙත මතුපිටක් මත වාහනය නැවැත්විමට අවශ්‍යකරන දුර සම්බන්ධයෙන්.මෙක කොටස් හතරකට බෙදෙනව.මෙහිදි ඉහල අගයෙන්යුතු ටයරකට ඉට පහල අගයකින් යුතු ටයරකට වඩා අඩුදුරකදි වාහනය නැවැත්විමෙ හැකියාව තිබෙනව.මෙම සාධකය කොටස් කෙරෙන්නෙ අගය වැඩි පැත්තෙ ඉදලඅඩුවෙන විදියට මෙහෙමයි.
”AA” , “A” , “B” , “C”

  • ·        කට්ට ගෙවිම( Tread wear )

මෙයින් අදහස් කරන්නෙ ටයරයෙ කට්ට ගෙවියාමෙ සිඝ්‍රතාවය පිලිබදව.මෙහිදි විශාල අගයෙන් යුතු ටයර්යක කට්ට ගෙවියාමට අඩු අගයෙන් යුතු ටයර් වලට වඩා කාලයක්  ගන්නව.උදාහරනයක් හැටියට අගය 200 තියෙන ටයරයක කට්ට ගෙවියාමට ගතවන කාලය වගෙ දෙගුනයක කාලයක් අගය 400 තියෙන ටයරයක් ගන්නව


  • ·        එක් ටයරකට දැරිය හැකි උපරිම බර (Max. load capacity per tire )

මෙතනදිත්  ඉලක්කමකින් පෙන්නනව එක ටයරයකට දැරිය හැකි බර ගැන.පහල තියෙන වගුවෙන් බලන්න පුලුවන් අදාල ඉලක්කමට දැරිය හැකි බර කොපමනද කියල.

  •          වේග සිමා සලකුන (Speed symbol )

මෙ සදහා සලකුනු විදියට ඉන්ග්‍රිසි හොඩියෙ අකුරු යොදාගෙන තියෙනව.එවායින් පෙන්නනව අදාල අකුරට අයිති ටයරයකට ගමන්කල හැකි උපරිම වේගය.මෙම වේගය සහ දැරිය හැකි බර යන දෙකම එකමස්ථානයක තමයි ටයරයෙ සලකුනු කරල තියෙන්නෙ.උඩ තියෙන කුඩා පින්තුරෙන් එක පැහැදිලි වෙනව.


තවවැඩිදුරට විස්තර පහල වගුවෙ බලාගන්න පුලුවන්.


ටයර් එකක සදහන්වෙලා තියෙන තොරතුරු ගැන දැන් සැහෙන දුරට දන්නවනේ. ගැන මෙතනින් නවත්වමු.ඉලග ලිපියෙන බලමු ටයර් එකක් හොදින් නඩත්තුකරන හැටි සහ එමගින් ටයර් එකෙ ආයු කාලය වැඩිකර ගන්න හැටි. විතරක් නෙමෙයි උපරිම ආරක්ෂාව පවත්වාගන්න හැටි.

එවගේම කියන්න ඔන මෙහි භාවිතාකරල තියෙන සියලුම පින්තුර සහ වගු අන්තර්ජාලයෙන් ලබාගත්ත එවා බව.

48 comments:

  1. සිරාවටම අදත් නොදන්නා යමක් දන ගත්තා..ඊලග එක එනකන් මග බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඊලග එකනම් පරක්කු නොකර දෙන්නම්.ස්තුතියි

      Delete
  2. අඩේ මේවා එකක්වත් දැනගන හිටියේ නෑනේ ....... බොහොම අගෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා.දැනුමදෙන එක තමයි මගෙත් බලාපොරොත්තුව

      Delete
  3. දැන් මේ දාලා තියෙන්නේ එක ටයර් එකක් ගැනනේ ඉතුරු ටයර් තුනත් මේවගේම වෙන්න ඕනද නැත්නම් වෙනස්ද ?? :D

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් රාලයෝ ඉතුරු ටෑර් හතරයි.ඉස්පයිල් ඒකත් එක්ක.

      Delete
    2. නැ නැ මැලෙ එවට වෙනම කරුනු ටිකක් තියෙනව.එව මෙහෙම කියන්න බැ.ලන්කාවට ආවම තැනක් සෙට් කරපන් මම ඇවිත් කියල දෙන්නම්.

      හැලපයියට කියන්න දේයක් නැතුවද මෙහෙම එකක් දාල ගියෙ

      Delete
  4. ටයිර් ගැන මෙවා දැනගෙන හිටියෙම නෑ,නියමයි

    ReplyDelete
    Replies
    1. තව ටිකක් තියෙනව සහො.එවත් කියන්නම්

      Delete
  5. වැදගත් විස්තර ටිකක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි

      Delete
  6. ටයර් කඩේකින් දවසක් මට දුවිලි වැදිච්ච ටයර් එකක් දාලා ද0ුන්නා ඒක හරි ඉක්මනට ගෙවිලා ඉරිල ගියා ෂුවර් එකට පරණ එකක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මහලොකුවට පොර ටොක් දුන්නට හැම එකාම උබව අන්දනවනේ බන්

      Delete
  7. අප්පේ මේක ලියන්න ගියපු කලි...
    ස්තූතියි නොදන්න දේවල් කියලඅපිව දැනුවත් කරනවට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනෙ සොරි මචො.වෙලාවක් තිබුනෙම නැ.මෙ ලිවුවෙත් මෙක ඉවරකර මිස නොනැගිටිමියි මහා අධිෂ්ඨානයක් කරගෙන වාඩිවෙලා.ටැන්කිවු

      Delete
  8. බලාගෙන ගියාම අපි ටයර් දාගෙන පැදලා විතරයි , මේ එකක්වත් දැනගෙන හිටියේ නෑනේ

    ReplyDelete
    Replies
    1. මෙ අනාගතෙ වෙන දෙයක්"මෙ මහත්තය ටයර් ගන්නද ගැනියෙක් හොයන්නද ආවෙ.නිකන් යන්න මහත්තය යන්න මගෙන් කුනුහරුප අහන්නෙ නැතුව.දැන් අවුරුදු ගානක ටයර් විකිනුව එනව මෙතන අම්ම මුත්ත කාලෙවත් අහල නැති එව අහගෙන.

      Delete
  9. අප්පේ... ටයර් ගැන ඉගෙනගන්න තියන ජාති ගොඩ.....!

    ReplyDelete
    Replies
    1. තව තියෙනව තව තියෙනව

      Delete
  10. යකඩෝ හරි හමන් ටයර් එකක් ගන්න එක හොයලා බලලා ගෑණියෙක් ගන්නවට වඩා අමාරුයිනෙ බලං ගියාම. :)

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා ටයර් එකනම් ගෙවිල ඉවර වුනාම අලුත් එකක් ගන්න පුලුවන්.එ වුනාට..................හයියූඌඌ

      Delete
  11. ස්තුති වැදගත් ලිපියක් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සැමා

      Delete
  12. Replies
    1. මරෙ කොහෙද බන් මරු වුනේ

      Delete
  13. Replies
    1. අනෙ මන්නම් දන්නෙ නැ අයියෙ .මොකො මම අදින එකක්යැ

      Delete
    2. ඉගන ගනින් ඉගෙන ගනින් පාඞු නෑ.
      අපි මහනවා පටවනවා නැත්නම් සුද්දියෝ හෙලුවැල්ලෙන් පාරවල් දිගේ දුවයි.

      Delete
    3. මෙන්ඩා...පුළුවන් නම් ඕවා මහන එක නවත්තපන්කෝ බන්.

      Delete
    4. බලාගෙන ගියාම මෙන්ඩ කරන්නෙ මහ ලොක අපරාදයක් නේ

      Delete
    5. හා. බ්‍රා මෙන්ඩා කෝමද ජීවිතේ..

      Delete
    6. මෙන්න බොක්කේ යාලුවෝ, මෙන්ඞා වගේම බ්‍රා ත් අහන්න ආස වචන.
      (එවාට පිං ස්ද්ද වෙන්න කාල බිලා ඉන්නේ)

      Delete
  14. අම්මේ මරු , පළවෙනි එක කියෝලා මන් අපේ මාමටත් යැවුවා සේරම, මේ ලියත් ගොඩක් වැදගත් ,

    ReplyDelete
    Replies
    1. අඩෙ කත්තුරු භාගෙ දියන්.ටැන්කිවු හරිය.අපි සැට්වුනා.සමිය කිවුවයි

      Delete
  15. බෙල්ලට ටයර් දානකොටත් ඔව්වා චෙක් කරාද දන්නේ නැහැ :D

    දමිත් ...මේ විස්තර බොහෝ අය දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඩි එකක් දැම්මට අරු ලන්කාවෙ මිනිස්සුන්ට ටයර් කිවුවම මතක් වෙන්නෙ එ අදුරුයුගෙ තමයි අරු.එක මුලු ලන්කාවටමපොදුයි.එවට දාපු ටයර් වල තියා මිනිස්සුන්ගෙවත් මෙව හොයාගන්න ලැබුනද.
      තව විස්තර ටිකක් තියෙනව

      Delete
  16. එල විස්තරය දමිය ..... ඉඩ ලැබෙන විදියට ලියපං අපේ එවුන් දැනුවත් වෙන්න....
    කොහෙද අපි ඕව දන්නවය..... වේස කතා මිසක්ක..... හෙක්....හෙක්......

    ReplyDelete
    Replies
    1. ඔයා ලියන එවාගෙන් අපි ලබන දැනුම පුං කියලා වැඞක් නෑ.

      Delete
    2. මෙන්ඩයිය කිවුවවගෙ එවයින් ලැබෙන දැනුම....හප්පා මතක් වෙනකොටත් හිරිගඩු පිපෙනව

      Delete
  17. මෙන්න මේ ටෑර් එක කැපිලා.. මේකට වෙන එකක් දාන්න.. කොල්ලා ටයර් ගොඩ අවුස්සා ටයරයක් ගෙනෙයි.. අනිත් කොල්ලා එය සවි කරයි... වාහනය පාරෙන් ලිස්සා ගොස් ප්‍රාපාතයට වැටෙයි.. වරද ටයරයේ කියා කිසිවෙක් සිතන්නේ නැත..
    මං මෙව්ව කට් ඇන්ඩ් පේස්ට් කර ගත්ත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සරත් අයියෙ.බොහොම සතුටුයි ප්‍රයොජනවත් නම්

      Delete
  18. මට මේක නැගලා යන සීරීස් එකක්. කොහොමත් බං ටයර් තියෙන්නේ නැගලා යන්නනේ. මේකේ පින්තූර ටිකක් ලොකු resolution එකකින් දැම්මා නම් කියවගන්න ලේසියි පුංචි අකුරෙන් තියෙන විස්තර.

    ReplyDelete
    Replies
    1. මම දන්නව මම දන්නව බොට මෙව ඉන්ට්‍රෙස්ට් කියල.මමත් මෙ බැලුව කො කියල.රෙසලුශන් වැඩිකලොත් බ්ලොගර් කෙස් දානව බන්.එක නෙමෙයි කො අර ඇන්ඩි කොලුව.

      Delete
  19. මේවට තමා බං කියන්නේ දැනුවත් කරනවා කියලා. බොට පිං දමියෝ...

    ReplyDelete
    Replies
    1. අන්න අර බොට මං කිව්ව යාළුවාට රික්වෙස්ට් එකක් යැව්වා...මුණුපොතේ..

      Delete
    2. වෙල්කම් මචො.මම බලන්නම්

      Delete
  20. හොද ලිපියක් මිත්තරයා....මේ සියලු තොරතුරු බයිසිකල් ටයර් වලත් සදහන් වෙනවද ? බඩේ එන ටයර් වලටත් විස්තර පත්‍රිකාවක් එනවා නම් කොච්චර සෝයිද...

    ReplyDelete
    Replies
    1. ඔව් මම හිතන්නෙ ඔනම ටයර් එකක් මෙව තියෙන්න ඔන.මෙ සියල්ල අන්තර්ජාතික ප්‍රමිතින්.බඩෙ ටයර් වලට නම් හොද බෙහෙතක් එක සැරයක් හසරැල් දාල තිබුන

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි