Thursday, December 12, 2013

"බම්බු ගහනව හාමුදුරුවනෙ "






ඔන්න එක මනුස්සයෙක් උසාවි ගිහින්.මොකක් හරි වැරැද්දකට .
දැන් නඩුකාරය අහනව.

යුශ්මතාගෙ රැකියාව මොකක්ද "

"බම්බු ගහනව හාමුදුරුවනෙ "

තමා උසාවියෙ පෙනිසිටිනව කියල අමතකද.තමාගෙ රැකියාව මොකක්ද

"බම්බු ගනව හාමුදුරුවනෙ "

"යුශ්මතා උසාවියට අපහාසකිරිමෙ වරදට -------------ක් සිරදඩුවම් නියම කරනව "


 (මෙක මතක් උනෙ ඔමායගෙ මෙ පොස්ට් එක නිසා.බම්බු ගහනව කියන්නෙ මොකක්ද කියල එතන තියෙනව.   http://omageheena.blogspot.com/2013/12/03.html?showComment=1386828387436#c1662449431544370881 )

38 comments:

  1. එච්චර හිනා යන්නෙනම් නෑ අයියෙ මේකට :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටත් හිතුන :D

      Delete
  2. බම්බු ගහනවා කිව්වේ මොන රස්සාවටද ? ඒකට රතිඥ්ඥා වැලක් සම්බන්ධ වෙන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. එකනෙ බොල අර ඔමාගෙ එක බලන්න කිවුවෙ.බම්බු ගහනව කියන්නෙ රතිඥ්ඥාවල වටෙ ටික හදන එකට

      Delete
  3. ඔලුගෙඩිය,නියම ඔරිජිනල් තේරුම නං උණ බම්බුවකින් හරකුන්ට බෙහෙත් පෙවීමයි,මම දැකලත් තියනව.

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මපා ඔය කියනකම් එහෙම එකක් දන්නෙ නැ. උබල කිවුවම ඉතින් පිලිගන්න වෙනවනේ..හැබැයි අර මම කියපු එකත් භාවිතවෙ තියෙනව.

      Delete
  4. උඹ අහල තියේද මේක

    නඩුවක චුදිතයෝ ගෙන්නල දැං නඩුව යන කොට නඩුකාරයට තේරුනාලු චුදිත අංක 1 නිවරැදි කරු කියලා.

    කෑගහන එකාට කිව්වලු ඌ නිදහස් කරන්න කියලා.

    මිනිහා උසාවියේ කෑ ගහනවලු “ඔය චූ එක එළියට දාන්න කියලා“

    අරූ ලැජාවෙන් අහනවලු මේ දැංම කරනන ඕනද හාන්දුරුවනේ කියලා

    ReplyDelete
    Replies
    1. අහල තිබුනෙ නැ.එකත් මරු කතාව.ඔය මම ලියපු එකනම් දඩල්ලේ එකෙක්ට ඇත්තටම උනා කියලයි ඔක මට කියපු එකා කිවුවෙ.

      Delete
    2. මෙයා දන්නේ ඕවා තමයි අයියේ ,,,


      ලින්ක් එකක් දැම්මට ස්තුති අයියේ,,

      Delete
    3. උඹ ඔය කියන්නේ අපේ දඩල්ලේ බම්බු ආරි ගැන නේද?

      Delete
  5. ඔය වගේ මෝඩ නඩුකාරයො නිසයි සාමාන්‍ය මිනිස්සුන්ට උසාවිය ගැනත් විස්වාසය නැති උනේ ( මෙවා කියලා අපිටත් උසාවි ගානෙ යන්න වෙයිද මන්දා)

    ReplyDelete
    Replies
    1. ඔන්න අපිනම් නැ

      Delete
  6. ඔය දකුණු පලාතෙ සමහර අය ඉස්සො අල්ලන්න වී කුඩු ඉහළා ඉස්සො වතුර යටින් ටිකක් උඩට එනකං බලාන ඉන්නවලු...හදිසියේම ආවලු පොලිස් ජිප් එකක්....

    තමාලා මොකද ඔතන මේ කරුවලේ කරන්නෙ...
    අපි මේ කුඩු ටිකක් ගහලා බලාන ඉන්නවා...
    ආයෙ කියනවා බලන්න...

    අපි මේ කුඩු ගහලා බලාන ඉන්නවා.....

    ඉන් පසු දෙදෙනාටම කනට දෙකක් ගසා.....පෙන්නපියව් තොපි කුඩු ගත්තෙ කොහෙන්ද කියලා...

    ReplyDelete
    Replies
    1. තවත් ඒ වගේම කෙස් එකක් නේ

      Delete
  7. ඔන්න මම අද තමා උඹේ බ්ලොගේට ආවේ.. ආව දවසෙම බම්බු ගහන්න වගේ වෙන්නේ.. අවුලක් නෑ මක්කොරන්නද??

    පුළුවන් වෙලාවක ඇවිත් යන්න
    http://mathakamawatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මම එ පැත්තෙ ඇවිත් තියෙනව මචො.ස්තුතියි ආවට

      Delete
  8. ඇත්තටම ඔය බම්බු ගහනවා කියන එකේ හරිම තේරුම මොකද්ද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය අපේ හැලප අයියත් විස්තරයක් කියල තියෙන්නෙ.

      Delete
  9. බම්බු වගේ ඒවා ගහන වෙලාවලුත් තියෙනවා ..!

    ReplyDelete
    Replies
    1. මුකුත් නැත්තම් බම්බුවක් උනත් හොදා

      Delete
  10. මොන බම්බුවක්ද මේ

    ReplyDelete
    Replies
    1. අනේ උබයි මමයි දන්න බම්බුව

      Delete
  11. ඇයි ඔය ඒ කාලේ ප්‍රේමදාස ජනපතිට කේන්ති ගිහින් ඉන්න වෙලාවක දුම්රිය හා මහා මාර්ග අමැති ඇවිත් කිව්වලු
    සර් දුම්රිය හරස් මාර්ග වල ගේට්ටු නැති නිසා හරියට අනතුරු වෙනවා මේකට මොකක් හරි කරන්න ඕනා කියලා
    ලොක්ක කිව්වලු
    ඕන බම්බුවක් දාගන්නවා ඔයි කියලා
    ඊට පස්සේ ඇමතියා හැම හරස් මගකටම උන බම්බු ගේට්ටු හයි කොරා කියනවනේ

    ReplyDelete
    Replies
    1. මොනව වුනත් මචො එක නියම නිර්මාශිලි විසදුමක්.ඔක ආවෙ අහුන්ගල්ලෙ ස්කුල්බස් එකක් කොච්චියෙ හැපුනට පස්සෙ.

      Delete
  12. ඔය වගේම සිද්දියක් මතක් උනා මට .මෙතන කියලා බැහැ... ගෙදර ගෙනියන්න ඕනේ .....

    ReplyDelete
  13. පොලිස් රාළහාමි කෙනෙක් එකෙක් ගෙන් නම අහල....ඌ කිව්වාලු සනී ෆනෑඩෝ කියලා. කනට එකක් ගහලා කිව්වලු සනීප නැත්නම් බෙහෙත් ගනින් කියලා. පොරගේ නම Sunny Fernando.

    උන බම්බුවකුයි භූමිතෙලුයි පාවිච්චි කරලා ඉස්සර අවුරුද්දට වෙඩි පත්තු කරන ක්‍රමයක් තිබුනා..ඒකටත් කියන්නේ බම්බු ගහනවා කියලා.බම්බු වෙඩි කියලා.

    ReplyDelete
    Replies
    1. මේ කියද්දී මතක් උනේ ...රත් වෙන්න රත් වෙන්න වැඩේ භයානක වෙනවා නේද .. ගිණි පන්දම අල්ලන පමාවට වෙඩිල්ල පත්තු වෙනවා ..... පිච්චිලා පිච්චිලා පරණ වුන ඒවා හිටපු ගමන් පුපුරනවා ....

      Delete
    2. @සහන්.......හරියටම හරි...බම්බුව පිච්චෙන්න පිපිරෙන්න ඉඩ තියෙනවා. හරිම භයානකයි.

      Delete
    3. මේවා කරපු උන්ගෙන් බාලම එකා මම වෙන්න ඕනේ බ්ලොග් අවකාශේටම ඉන්න.. ( නැත්නම් මට කතා හදයි වයස 42 විතර දාලා )

      :D

      Delete
    4. මම ඔය බම්බු වෙඩි හදලනම් නැ.එත් ටෙලියක දැක්ක ඔක කරල මුන පිච්චෙන සීන් එකක්.
      @සහන් පල පල යන්න උබට වයසයි :D

      Delete
    5. බම්බු වෙඩි පට්ට :D ආයේ ගමටම සද්දෙයි :D ඇයි පිට්ටු හදන්න ගන්නත් බම්බුනේ

      Delete
    6. එ වුනාට මාර අවධානම් වැඩක් බම්බු වෙඩි කියන්නෙ.

      Delete
  14. බම්බු ගහන්න හරි කමක් නෑ ඔන්න අපිත් එනවා...

    ReplyDelete
  15. http://chithula.blogspot.ae/2013/12/blog-post.html

    බම්බු ගහනවා කියන්නේ මොකක්ද්ද ගහන්නේ කොහොමද කියල දැනගන්න ඉහත ලින්කුවට යන්න

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි