Saturday, November 30, 2013

රක්ෂනෙ කියන්නෙ බොරුවක්ද ? -02 මට ගැලපෙන මගේම එක



රක්ෂනය ගැන ඉතුරු විස්තර ටික ලියන්න ටිකක් පරක්කු වුනා. ගැන සමාව භාජනෙකට දාල දෙන්න හොදේ.

 මුල් කොටස කියෙවුවෙ නැත්නම් ඒකත් කියවලම  එන්නකො.මෙන්න ලින්ක් එක "http://damgune.blogspot.com/2013/10/blog-post_26.html"

අපි ඉතින් බස් රෙඩියො එකෙත් මේ ගැන කතාකලා.අහපු නැති අය ගිහින් අහන්නකො. මෙන්න ලින්ක් එක "http://blog.buzzradio.lk/2013/11/blog-post_27.html#.UplRNieNA18"

 

දැන් බලමු ඉතුරු විස්තරෙ.දැන් ඔයාල වාහනයක් රක්ෂනය කරනව නම් මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඔන ?
පොලිසියට පෙන්නන්න නම් ත් ර්ඩ් පාර්ටි ඉන්සුරන්ස් (third party insurance) එකක් ගත්තම ඇති.
ලීසින් එකෙන් කියන නිසා නම් ලීසින් එකට ඔන ටික කලාම ඇති.
හැබැයි  වාහනෙට ඇක්සිඩන්ට් එකක් වුනාම සිද්දවුන  පාඩුව පියව ගන්න නම්  ඉන්ෂුරන්ස් එකක් ගන්නෙ, මෙන්න මෙව ගැන ඔයාල ටිකක් සැලකිලිමත් වෙන්න.



මොකද මම එහෙම කිවුවෙ සමහරු ෆුල් ඉන්ෂුරන් (full insurance) කරනකොට කරන්නෙ ලීසින් එකෙ උවමනාවට විතරයි.එකනිසා බලන්නෙ කොහොමද අඩුම ගානට ෆුල් එකක් දාගන්නෙ කියල.අනතුරක් උනාම  ඉන්ෂුරන්ස් සමාගම දොස් කියනව


"අපි දන්නෙ නැ,අපිට කිවුවෙ නැ,ලීසින් එකෙන් තමයි ඔක්කොම කලේ   " කියල.ලීසින් එකෙන් කලානම් එයාලට උවමනාව ටික කෙරිල ඇති.



මුලින්ම බලන්න වාහනෙ නියම වටිනාකමට රක්ෂනේ කලාද කියල.

කියන්නෙ වර්ථමාන වටිනාකමට රක්ෂනෙ කරගන්න.එකෙදි ඔයාල දිගටම රක්ෂනෙ කරගෙන යනව නම් හැම අවුරුද්දකම අලුත් කරද්දි සැලකිලිමත් වෙන්න වටිනාකම අප්ඩෙට් කරන්න. වාහනේ  වටිනාකම රක්ෂනෙ තියෙන ගානට වඩා වැඩිවෙලා නම් වැඩිකර ගන්න,අඩුවෙලා නම් අඩුකර ගන්න.

මතක තියාගන්න වැඩියෙන් කලත් අඩුවෙන් කලත් වෙන්නෙ පාඩුවක්.
වැඩියෙන් කලොත් රක්ෂනෙ කරන්න යන මුදල වැඩිවෙනව.නමුත් කිසිම ප්රතිලාබයක් වැඩිවෙන්නෙ නැ.

අඩුවෙන් කලොත් රක්ෂන වන්දියක් ගන්න ගියාම ලැබෙන මුදල අඩුවෙනව.
ඉලගට ඔයාල තමන්ගෙ වාහනෙන්  කරන්න යන කර්යය මොකක්ද කියල පැහැදිලිවම කියල එකට හරියන විදියෙ රක්ෂනයක් ගන්න.

කියන්නෙ  පුද්ගලික පවිච්චියද              (privet use )
                      රියදුරු සහිතව කුලී ගමන්ද   (hire)
                      රියදුරු රහිතව කුලී ගමන්     (rent)                   කියල.

මෙ ගැන මම පහුගිය ලිපියෙන් පැහැදිලි කලා

 හරි දැන් ඔයාල නියම වටිනාකමට තමන්ගෙ වාහනේට ගැලපෙන ෆුල් ඉන්ෂුරන්ස් එකක් තෝරගත්ත.හැබැයි එහෙම කලා කියලා ඔක්කොම සම්පුර්න වෙන්නෙ නැ.

දැන් ඔයාල බලන්න ඔයාලට  අවශ්යවෙන අතිරෙක ආවරන මොනවද කියල.
අතිරේක ආවරන ටිකත් මම කලින් ලිපියෙ ලියල තියෙනව එක බලල පුලුවන් අදහසක් ගන්න්න.

හරි,දැන් එකත් හරි .

ඉලගට ඔයාල  අදාල සමාගමෙන් තවත් මොනවහරි දැනගන්න  පැහැදිලිකර ගන්න තියෙනවනම් අහන්න්න.ඔයාලට පැහැදිලි උත්තරයක් ලැබෙනකම් විස්තර කරවගන්න.

එක එක රක්ෂන සමාගම් වලින් පුර්න රක්ෂනයට නොයෙක් විදියෙ සෙවාවන් අමතරව එකතුකරල තියෙනව. එව ගැනත් හොදට දැනුවත් වෙන්න.

මෙ අතිරේකව එකතු කරල තියෙන සෙවාවන් සමාගමෙන් සමාගමට වෙනස්. ඒක සමාගමක දෙන සේවාව තවත් සමාගමකින් දෙන්නෙ නැ.එක නිසා ඔයාල එව ගැන රක්ෂනෙ ගන්න සමාගමෙන් අහල දැන ගන්න.

විශෙෂයෙන් කියන්න ඔන මෙ සෙවාවන් සමාගම තම කැමැත්තෙන් දෙන සෙවාවන්.රක්ෂන ගිවිසුමට ඇතුලත් නොවෙන.ඉතින් සමාගමට කැමැතිනම් තමයි එකතු කරන්නෙ.

හරියට අර එක තැනකින් ටිවි එකක් ගන්න කොට අයන් එකක් නොමිලෙ දෙනව,අනිත් තැනින් නැ  වගෙ. Free issues කියන එව.

උදාහරනයක් හැටියට සමහර සමාගමකින් කාරෙකක් හැපුනම හදන්න යන කාලෙ අනුව වෙන කාරෙකක් පවිච්චියට දෙනව,තව සමාගමකින් කාරෙකක් රෙන්ට් එකට ගන්න සල්ලි දෙනව,තව සමාගමකින් ඔය මොනවත් දෙන්නෙ නැ.

ඉතින් එක සමාගමකින් දෙනව කියල දේම තමන් ගන්න  එකෙත්  ඇති කියන සිතුවිල්ලෙ ඉදල,වාහනෙ හැපුනම  අහන්න එපා.ඒව ගැන රක්ෂනෙ මිලදිගන්න කොට අහල පැහැදිලිකර ගන්න.

වැදගත්ම දේ තමයි තමන්ට හදිසි අනතුරක් උනාම රක්ෂන සමාගම දැනුවත් කලයුත්තෙ කොහොමද සහ ඊට  අදාලව වෙනත් කලයුතු දේ මොනවද කියල පැහැදිලිව අහගන්න ,මතක තියාගන්න.


හරි දැන් ඔන්න නියම විදියට රක්ෂනයක් ගත්ත.

දැන් බලමු ඉට පස්සෙ එන ගැටලු මොනවද කියල .

හරි,දැන් ඔයා අවුරුද්දකට රක්ෂනේ අරන් තියෙද්දි ටික දවසකින් වාහනෙ විකිනුවොත්  රක්ෂනේට මොකද කරන්නෙ,අලුත් අයිතිකාරයට දෙනවද ?
පැහැදිලිවම වාහනෙ විකුනපු අවස්තාවෙම රක්ෂන ගිවිසුම අවලන්ගු වෙනව.එකනිසා අලුත් අයිති කෙනාට  දුන්නට වැඩක් නැ.

  රක්ෂන ගිවිසුම අවලන්ගු වෙන්නෙ ඇයි කියල මම කියන්නම්.මෙකට අපි ගනිමු මුලින් ගත්ත උදාහරනෙම.

ලක්මාල්ගෙ කාරෙක.

හරි,දැන් ලක්මාල්ගෙ බෙන්ස් එක ලක්මාල් විකුනනව කුමාරට.විකුනල ලක්මාල්ගෙ ෆුල් ඉන්සුරන්ස් එකත් දෙනව කුමාරට.

ඔන්න ඔහොම තියෙද්දි කුමාර අතින් වාහනෙ හැපෙනව.රක්ෂන සමාගමටත් කියනව.ඔන්න දැන් තමයි ප්රශ්නෙ මතුවෙන්නෙ.

දැන් ගිවිසුමෙ හැටියට සමාගම ගෙවන්න බැදිල ඉන්නෙ මෙ වාහනෙට වෙන අනතුරකින් ලක්මාල්ට වෙන පාඩුව ගෙවන්න.මොකද රක්ශන ගිවිසුම තියෙන්න ලක්මාල් එක්ක,ලක්මාල්ගෙ නමට.

දැන් මෙ වාහනෙ විකුනල වටිනාකම ලක්මාල් කුමාරගෙන් අරගෙන තියෙන්නෙ.එතකොට මෙ කාරෙකට මොනව උනත් එකෙන් ලක්මාල්ට වෙන පාඩුවක් නැ.එක නිසා රක්ෂන සමාගම ලක්මාල්ට ගෙවන්න මුදලක් නැ.

එතකොට කුමාරට ?

කුමාරත්  එක්ක සමාගමට ගිවිසුමක් නැ.එකනිසා කුමරගෙ පාඩුව ගැන සමාගමට වගකිමක් නැ.

මෙ හේතුව නිසා අදාල වාහනේ අන්සතුවෙනව එක්කම ෆුල් ඉන්ෂුරන්ස් එක අවලන්ගු වෙනව.


දැන් ඔයාලට හිතෙන්න පුලුවන්  වාහනේ පොත ට්රන්සර් කරල නැත්නම් ගැටලුවක් වෙන්නෙ නැ නේද කියල.

ඔව්,එහම පරන අයිතිකරු, කියන්නෙ රක්ෂනේ නමතියෙන කෙනා ඉදිරිපත් වෙලා වන්දිය ගන්නත් පුලුවන්.
 
එත් හිතන්න ලොකු අනතුරකින් ජිවිතත් නැතිවෙච්ච වගෙ වෙලාවක පරන අයිතිකාරය ඉදිරිපත් වෙවිද මෙක  තමන්ගෙ වාහනෙ කියල.

වාහනෙට විශාල හානියක්,වෙනත් දෙපල වලට හානියක් ,තෙවන පාර්ශව ජිවිත හානියක් වගෙ වෙන අවස්තාවක  නීතිමය ක්රියාමර්ගයක් යන්නවෙන වෙලාවකට පරන හිමිකරුව ඉදිරිපත් වෙවිද ?

ඔයවගෙ වෙලාවක තමයි රක්ෂනේ සහය අවශම වෙන්නෙ.
එක නිසා මගෙ අවවාදය නම් අවධානම ගන්න එපා.

එතකොට මොකක්ද කරන්න ඔන

මුලින්ම  වහාම අදාල රක්ෂන සමාගමට දැනුම් දිල ගිවිසුම අවලන්ගු කරගන්න.ඉන් පස්සෙ පුලුවන් අලුත් හිමිකරුට හරි පරන හිමිකරුගෙ අලුත් වාහනෙට හරි ඉතිරි මුදලත් යොදල අලුත් රක්ෂනයක් ලබාගන්න.

 මෙතනදි මම වහාම අවලන්ගු කරන්න්න කිවුවෙ පහුවෙන්න පහුවෙන්න ඉතුරුවෙන මුදල අඩුවෙන නිසා.

මෙතනදි ඉතිරි මුදල වෙන්නෙ රක්ෂන ගිවිසුම වලගුව තිබුන කාලයට  අඩුකරල ඉතිරි කොටස.මෙතනදි රජයට ගෙවන බදු මුදලත් අඩු වෙනව.

රක්ෂනෙ හිමිකරුට පුලුවන් ඉතිරිය මුදලින් ලබා ගන්නත්.හැබැයි එතනදි උඩින් තියෙන ඔප්ෂන් එකට වඩා පාඩුයි.

මේක මෙ ලිපියෙන් අවසන් කරන්න හිටියත් හිතුවට වඩා දිගයි කියල හිතුන.එකනිසා රක්ෂන වන්දි නොලැබෙන්න පුලුවන්ද ? එකට හෙතු මොනවද කියල අපි ඊලග ලිපියෙන බලමු.
 

28 comments:

  1. හරි ප්‍රයෝජනවත් දේවල් ටිකක් දැ න ගත්තා වාහන රක්ශනේ ගැන. ස්තුතියි මචන්.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි මචන්.එක තමයි මගෙත් බලාපොරොත්තුව

      Delete
  2. අපේ මල්ලිට ලයිසන් නැතිකාලේ වහනයක් හැප්පිලා අපිට එපා වුණා වෙච්ච දේවල් වලට , ඔයාගේ ලිපිය හරිම ප්‍රයෝජනවත් ,,කොයි කාටත් ,මාත් යම් යම් දේ ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඔහොම කියනව මං අහල තියනව.

      Delete
    2. එපාවෙන එක හරිනෙ ඔමායා මල්ලි කරල තියෙන්නෙ ලොකු වරදක් නේ.ඊලග ලිපියෙන් මම ඒගැන කතා කරන්නම්.

      @ දිලිනි හුගක් දෙනෙකුට නෙමෙයි අනෙ ලයිසන් නැතුව ඩ්‍රයිව් කරල හැපුනොත් ඔක්කොටම ඔය කතන්දරෙ තමයි.

      Delete
  3. බොහොම වැදගත් ලිපි මාලාවක් ...ඇත්තටම මේ විෂය ගැන මගේ උනත් තියෙන දැනුම අල්පයි...මම නම් මගේ ඇන්ටික් අස්පයාට සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව දැම්මා තර්ඩ් පාටියක්...

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න සිරා මලය දුරදිග හිතල වැඩ කරන හැටි.
      උබලගෙ දැනුම ටිකක් හරි වැඩි උනානම් එකතමයි මචො මගෙ සතුට

      Delete
  4. යකෝ අටමා බෙන්ස් එකකුත් තියාගෙන හොර්න්ම විකුනලා එහෙනම් අහුවෙද්දෙන්කෝ....?
    දැන් දමියෝ මගේ වාහනේ මල්ලි ගෙනියල හප්පුවොත් මොකද වෙන්නේ මම රටේ නැත්තං

    ReplyDelete
    Replies
    1. අල්ලගනින් අල්ලගනින් ගෙට්ටුවට ආවම.
      අවුලක් නැ මචන් උබ වාහනෙ මල්ලිට දෙන්නෙ සල්ලි ගන්න නෙමෙයි නෙ.කිසි ගැටලුවක් නැ.හැබැයි වන්දිය ගෙවන්නෙ උබට.උබ අත්සන් කරන්න ඔන.එහෙම නැත්නම් උබට පුලුවන් යන්න කලිඅ ඇටොනියක් ගහල කාටහරි බලය පවරන්න.

      Delete
  5. ඉදිරියට ගොඩක් වැදගත්වෙන ලිපියක්..ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ප්‍රයොජනයක් උනානම් හරි සතුටුයි සසිදු

      Delete
  6. ගොඩක් වැදගත් කරුණු ගොඩක් දැනගත්තා.

    එතකොට දමිත් අයියෙ ලියාපදිංචි අයිතිකරු මැරුනොත් ඊට පස්සෙ වාහනේට වෙන අනතුරකට ගෙවන්නෙ කාටද?

    ReplyDelete
    Replies
    1. මල්ලි.අයිතිකරු නැතිඋනේ අදාල අනතුරෙන් නම් එයාගෙ කාලත්‍රයට හරි ලිසින් එකක් තියෙනව නම් එකට හරි ගෙවනව.එහෙම නැතුව නම් එක පාර්ශවයක් මිය ගියොත් ගිවිසුම අවලන්ගු වෙනව.එකනිසා හොදම වැඩෙ හිමිකරු මියගියොත් රක්ෂන සමාගමට දැනුම් දිල වාහනෙ අලුතෙන් හිමිවෙන කෙනාගෙ නමට රක්ෂනෙ හරව ගන්න එක.හැබැයි සාමන්යෙන් මෙවගෙ අවස්ථාවක කිසිම සමාගමක් වන්දි නොගෙව ඉන්නෙ නැ.මානුශික හේතුමත

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. රේඩියෝ නම් අහන්න බැරි වුනා.. අයියා ලියන්නකෝ, අපි අනිවා එනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මල්ලි.

      Delete
  9. ඇත්තටම වැදගත් මචන්....

    ReplyDelete
    Replies
    1. එහෙනම් මටත් සතුටුයි මචන්.

      Delete
  10. මේ දේවල් ටික ඉදිරියේදි සෑහෙන වැදගත් වේවි !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මධු.හැමොටම රක්ෂනෙ අවශ්‍ය වෙනව.

      Delete
  11. රක්ෂණ සහ රක්ෂණ වල වැඩකරන එවුන් සත පහකට විශ්වාස කරන්න එපා! මගේ අවවාද ඒකයි.

    ReplyDelete
    Replies
    1. මෙක මගෙ වයිෆ් කියවනව බොල.උබ හදන්නෙ මගෙ පවුලත් කඩන්නද ? :D
      රක්ෂනවල වැඩකරන එවුන් නැතත් රක්ෂනෙ නම් විස්වාඅ කරන්නම වෙනව රාජ්.

      Delete
  12. රේඩියෝ එක අහන්න ඕන ලින්ක් එකෙන්....වැඩ ගොඩ ගැහුනා දමිත්...

    මම මේ ප්‍රශ්ණේ පලවෙනි කොටසෙත් ඇහුවා...ඇත්තටම පාපැදි රක්ෂණයක් අපේ රටේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අරු ඔයා තමයි මාව එකගැන දැනුවත් කලෙ.ඔයා ඇහුවට පස්සෙයි මම එක ගැන බැලුවෙ.ලන්කාවෙත් තියෙනව.මිනිස්සු ගන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ

      Delete
  13. //ඉන් පස්සෙ පුලුවන් අලුත් හිමිකරුට හරි පරන හිමිකරුගෙ අලුත් වාහනෙට හරි ඉතිරි මුදලත් යොදල අලුත් රක්ෂනයක් ලබාගන්න.//මෙතන ඉතිරි මුදල කියන එක මට හරියට තේරුණේ නෑනේ :(

    ReplyDelete
    Replies
    1. ඉතුරු මුදල කියන්නෙ.අවුරුද්දකට සල්ලි ගෙවල ගත්තු රක්ෂනයක් මාස හයෙන් අවලන්ගු කලොත් ඉතුරු කාලෙට අදාල වෙන මුදල.හැබැයි වලන්ගු කාලය තුල වන්දියක් අරන් තිබුනොත් ඉතුරු කාලෙට කියල මුදලක් ලැබෙන්නෙ නැ.

      Delete
  14. මේක හරියන්නේ නැහැ මචන්... කාගේ හරි බ්ලොග් එකක් මකලා මේ බ්ලොග් එක රෝලට දාගන්න ඕනේ... දැන් සෑහෙන පෝස්ට් ප්‍රමාණයක් මිස් වෙලා... මෙවැනි විශයන් ගැන කොහොම කොහොම හරි දිගටම ලියන්න දමිත් ... කවද හෝ ඇදගත් වේවි .........

    ReplyDelete
  15. බයික් එක ඉන්ශූරන්ස් කරන්න පොත ඕනමද?

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි