Wednesday, September 25, 2013

කුණුහාරප කතා සහ කොටි ආවෝ

බොලෙ මටත් දෑන් බ්ලොගක් තියෙනව නේ..දෑන් මොනවහරි ලියන්න එපැයි.මෙතනදි මතක් කරන්න ඔන  කාමරෙ  සිරා  තමයි මට සින්හලෙන් කොටන්න පාර කියල දුන්නෙ.හෙන්රි අයියත් මට උදවු කලා.


මුලින් මම මට වෙච්ච දෙයක් ලිවුවනෙ. ආපහු මොනවද ලියන්නෙ කියල හිතකොට මට මතක් වුනා මගෙ යාලුවෙකුගෙ අත්දෑකිම් කිපයක්.

යාලුවගෙ නම ජීවන්ත .යාලුවෙක් කිවුවට මගෙ සින්නෙක්.

ඉතින් මෙ ඔක්කොම මම අහපු එව නිසා අන්තිමට "ලු"එකතුකරගෙන කියවන්න හොදේ.

ඔන්න අපිට තියෙනව සින්හලෙන් කිවුවොත් ඉන්ප්ලාන්ට් ට්‍රෙනින්ග් කියල කොටසක්.

ඉස්සර තිබිල තියෙනව ආන්ඩුවට අයිති "ලන්කා  මැශින්  ලීසස් " කියල ආයතනයක්.

ඉතින් අපෙ යාලුව ඇතුලු 6 දෙනෙක් විතර ඔතන පුහුනුවට ගියා.

දැන් මෙතන වැඩ කරන උදවිය කිපදෙනෙක් මෙ ආයතනෙටයි මේකෙ  දේපල වලටයි පන ඇරල.කාටවත් අත තියන්න දෙන්නෙ නැ.කොච්චර ආදරේද කියනවනම් සමහර එව ගෙදර ගෙනිහිල්ල පරෙස්සම් කරන්නෙ.

එක්කෙනෙක් ඉන්නව හෑමදාම ලොකු හතරැස් කෑම පෙට්ටියක් රෙද්දකින් බැදල උදෙට ගේනව හවසට ගෙනියනව.

මෙයා කරල තියෙන්නෙ උදෙට හතරැස් විදියට බත් බෑදන් ඇවිල්ල හවසට මෙතනින් තහඩු වලින් පෙට්ටියක් හදාගෙන යන එක.

දැන් ඔතන ඉන්න එක්කෙනෙකුට ඔන උනා මෙ ආයතනෙ ඇතුලෙතියෙන වා මුවාවක් (අර වාහන වල ඉස්සරහ වීදුරුව, වින්ඩ්ස්ක්‍රීන් කියන්නෙ )මෙතන තිබිල  බිදෙයි කියන බයට ගෙදර ගෙනිහින් තිය

මෙ මහත්තයට මෙහෙම හිතුනට මොකද මෙ ආයතනෙ ඉන්නව ප්‍රතිගාමි හොරිකඩ දොරටුපාලකයො ටිකක්.මුන් හෑමතිස්සෙම හෑමොගෙම කිරිපල්ලෙ ඉදන් අතගාල තමයි එලියට යවන්නෙ.මුන්ට  මෙව තේරෙන එකක්ය.

ඔන්න දෑන් අපෙ කතානායකට හරි ප්‍රශ්නේ නෙ මෙ  මෙවුව එක ගැන.

දවසක් හවසක මිනිහ එනව ටිකක් වරුසාව තියෙන වෙලාවක මහ සද්දෙන් කාටද බැන බැන.

"මුගෙ අම්මට අහවල් එක කරන්න මුන් හිතගෙන ඉන්නෙ මම කවුරු කියලද @#$%^&*"*&^%”

දෑන් කටිටියම බලාගෙන ඉන්නව මොකද වෙන්නෙ කියල
මිනිහගෙ කරෙ අර මෙවුව එකත් තියෙනව.

ටිකක් දුර බැන බැන  එනව .නවතිනව. පස්ස හැරිල කාගෙද පරම්පරාවකටම බනිනව.
ඔක තමයි සමීකරනෙ.

මෙ විදියට පොර ආව ගෙට්ටුව ගාවට. අපේ මුර පල්ලොත් මෙයාගෙ සාක්කු අරව මෙව ඔක්කොම චෙක් කරල යන්න දුන්න.

කරේ තියෙන වින්ඩ්ස්ක්‍රීන් එක ගෑන කවුරුවත් ඈහුවෙ නෑ. එක පරෙස්සමට මිනිහ ගෙදර ගේනියල තිබුන.




 ඔතන ඉන්න කාලෙ සිද්දවුන ගොඩාක් සිද්ධි අතරින් මෙයාල මූනදීපු තව සිදුවිමක් කියලම ඉන්නම්කො.

ඔය ට්‍රෙනින්ග් තියෙන අතරෙ ඔව භාරව ඉන්න සර් කෙනෙක් සැරින් සැරෙ එනව ප්‍රගතිය බලන්න.

නිතරම නැ.සමහර වෙලාවට එන්න වෙන්නෙම නැ.

හැමොම දන්නවනේ අපේ රටේ ගොඩාක් රජයෙ කර්මාන්තශාලා වල සේවකයො ඉතාම කාර්යක්ෂමයිනේ. හැම දාම දවසෙ වැඩ ටික උදේ වරුවෙ ඉවර කරනව.

 කරල දවල් කැමෙන් පස්සෙ කරන්නෙ කට්ටිය රැස් වෙලා ආයතනේ දියුනු කරන්න උවමනා කරන සාකච්චා පවත්වන එක.

එ අතරෙ ශරිර ශක්තිය පවත්වා ගැනිමට උවමනා කැරම් ,කාඩ් වගෙ සෙල්ලමක්  එහෙමත් කරනව. කාලය අපතේ යවන්න හොද නැ නේ.

අපෙ සෙට් එක ඉතින් ඔවට සම්බන්දවෙන්නෙ නැ. එයාල වෙනම රැස්වෙනව තම තමන්ගෙ ඉගෙනීම දියුනුකරගන්න විදිය සාකච්චා කරන්න.

මෙයාල රැස්වෙන තැන තමයි විශාල කර්මාන්තශාල බිමේ කොනක  අත්හැර දාල තියෙන ට්‍රැක්ටරයක්.

ඔන්න දවසක් කට්ටිය රැස්වෙලා බර කතාවක ඉන්නව. එ අතරෙ මෙතන නොහිටපු මෙයාලගෙ එක සගයෙක්  දුවගෙන ඇවිත් කියනව

"අන්න අහවල් සර් ඇවිල්ල ඔක්කොටම ඩයරි අරන් එන්න කිවුව"

අපෙ කට්ටිය ඔයවගෙ ආතල් ඔනතරම් අරගෙන තියෙන නිසා ඔවට අහුවෙන්නෙ නැ.

'අනෙ පලයන් යන්න ---තො.අපි අහුවෙයි ඔවට"

"බොරු නෙමෙයි බන් .අන්න එන්න කිවුව"

"එහෙනන් උබ පලයන්,අපිට බැ"

"පිස්සු නැතුව යමල්ල බන් දන්නවනෙ මිනිහගෙ හැටි,මල ලෙඩක් වෙයි යකො"

"තොට සින්හල තෙරෙන්නෙ නැද්ද !@#$%^&* ,අපි එන්නෙ නැ"

කට්ටියගෙ හිතෙ මු කරන්නෙ බොරුවක් කියල. මුත් බැලුව තනියම ගිහිල්ල ඉල්ලගෙන කන්න බැ. මෙ කතාව සර්ට කියන්නත් බැනේ.
මිනිහත්  එතෙන්ට වෙලා හිටිය.

පැය භාගෙකට  විතර පස්සෙ එතනින් යන්න ආපු  සේවකයෙක් මෙයාලව දැක්ක.

"අන්න ඔයාලගෙ සර් කෙනෙක්  ඇවිල්ල ආපහු යන්න හදනව"
මෙක ඇහුන කටිටිය උඩ ගියා, වහාම කලින් කියපු එකාට

"හුටා --ඇයි මුකලන් බස්සො තො කිවුවෙ නැත්තේ'

"ඇයි මුසලයො තොපිට මම කට කැඩෙනකම් කිවුවෙ. තොපි ජෝක් එකට ගත්තෙ"

"ඉතින් යකො තොට ඔක ටිකක් විස්වසෙ ඇතිවෙන විදියට කියන්න තිබුනනෙ මුසලයො. අනික තොත් දැන් මෙතෙන්ට වෙල හිටියෙ. උබට යන්න තිබුනනෙ"



ඉටපස්සෙ කට්ටිය ඉතාම කනගාටුදායක තත්වෙකට මූනදුන්නලු.

17 comments:

  1. උඹට බ්ලොගක් තියෙන බව දැනගත්තේ අර සුනාමි කතාව ලියන්න ඕනෙ කියලා මගේ ඩෙනිමේ දාපු කමෙන්ට් එක නිසා. බ්ලොගක් අලුතෙන් පටං ගත්තාම අපිටත් කියන්න එපායැ බං. කතාව කියවන්නත් ඉස්සෙල්ල කමෙන්ට් එක දැම්මේ සතුට වැඩි කමට.
    උණුසුම් සුභ පැතුම් මචං.
    Welcome to the club!

    ReplyDelete
    Replies
    1. ඔන්න කියෙව්වා. මටත් මතක් වුනේ එක පාරක් එකෙක් වැස්සේ ක්ලච් ප්ලේට් එකක් ඉහලගෙන සික්‍යුරිටි චෙක් පොයින්ට් එකෙන් ගිය හැටි. කිරිපල්ල අතගාලා බැලුවත් ක්ලච් ප්ලේට් එක දිහා බලලාවත් නෑ.

      Delete
    2. මෙකයි උනෙ බන් ඉස්සෙල්ල අටමත් එක්ක එකතුවෙලා එකක් හදාගෙන යට තියෙන එක දැම්ම.ඉට පස්සෙ එකෙ අවුලක් ඇවිත් එක වහල අලුත් එකක් හදා ගන්න උනා.කලින් එකට හැලපයිය ඉවාන් කලු සුදු වගෙ කිප දෙනෙක් ඇවිල්ලත් හිටිය.මට පට්ට අවුල් .එකනිසා ටිකක් දවස් ඉන්න කියල හිතුවෙ.හරි සතුටුයි උබ මෙ පැත්තෙ ආවට.

      Delete
    3. මෙක අටමගෙ පරන බ්ලොගක් මොඩිෆයි කරල ගත්තෙ.එකයි ඔය ෆ්ලොවර් ල ගොඩක්

      Delete
  2. අපෙත් එකෙක් ඔය වගේම ගේමක් දුන්නා දැනට අවුරුදු 10කට විතර කලින් ආයතනයකට අයිත ගොඩම tool box එක අරන් සික්කා ලග ඉදන් හෑන්ඩ් phone එකෙන් ලොක්කට කතා කරනවලු (ඇත්තටම රගපෑමක්)
    අපේ එකා : සර් මේ සික්කෝ මේක ගෙනියන්න දෙන්නේ න ගේට් පස් එකක් නැතුව
    මම දන්නැ මම මෙතන තියල එන්නම් සර් කිව්වා කියල මම මේ සික්කන්ට කිව්වට මු ගණන් ගන්නේ නැ (දැන් සික්කත් ඉන්නවලු කට අරගෙන බලාගෙන )
    ආ... අද ඩියුටි ඉන්නේ සර් සිරිපලානේ ...... හරි හරි මම අහල බලන්නම්
    ඕව මම දන්නේ නෑ එහෙම ඇස කරනවානම් සරම හෙට ඇවිල්ල එක කරන්න
    අපේ එක සික්කගෙන් අහයි මේ ලොක්ක මේ box එක අරගෙන එන්නලු ගෙදර වැඩකට ගෙනියන්නද ?
    සික්කා : ගෙනියන්න ගෙනියන්න සර් .... ලොකු මහත්තයටත් කියන්න මම help කරා කියලා

    ReplyDelete
    Replies
    1. හැමතැනම ඔය ජාතියෙ ඇම්ඩන්ල ඉන්නව නෙ.ස්තුතියි මචො ආවට

      Delete
  3. කොටිය කෑම තමයි.
    මම උඹේ ප්‍රොෆයිල් එකෙන් දවස් කීපයක් ගියා. බ්ලොගක් තිබුනෙ නෑ. පොඩ්ඩක් දැනුවත් නොකිරීම ගැන බලවත් විරෝධය පලකරනව.

    ReplyDelete
  4. සොරි රාජ්.හිමිහිට කට්ටියට කියමු නේ,බොහොම ස්තුතියි මචො ආවට

    ReplyDelete
  5. ඔය ලංකා මැෂින් ලීස්ර්ස් කියන එක රත්මලානේ නේද තිබ්බේ. ඉන් ප්ලාන්ට් ට්‍රේනින් වලට මම ගියා ඇඹිලිපිටි . මේ කතාව කියවලා ඒ ගැනත් මතක් උනා

    ReplyDelete
    Replies
    1. මම යනකාලෙ එක වහල මචො.ඇබිලිපිටියෙ කඩදාසි එකෙද සිනි එකෙද.උබටත් ලියන්න මොනහරි නැතිවෙන්න බැ .ස්තුතියි මචන් ආවට.

      Delete
  6. ඒකනේ යකෝ සිරාවට කියන්න එපායැ.. හැක්

    ReplyDelete
  7. පුදුම දරුණු ගනයේ යහලුවො රොක්තක්නෙ ඉදලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එක ජාතියෙ

      Delete
  8. මට හිතාගන්න පුලුවන් වෙච්චි දේ

    ReplyDelete
    Replies
    1. හා කියපන්කො බලන්න හරිද කියල

      Delete
  9. අයිෙයා් පව්. ඉතින් සර් ඔයාලව ෙහාදට අැමතුවද?

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි