Thursday, October 24, 2013

ළමා දින සැමරුමේ සැගවී ගිය වැඩිහිටි දින සැමරුම



                ඔක්තෝම්බර් 01 කියන්නේ.....කාගෙත් මතකයට  එන්නේ ලෝක ළමා දිනය කියලනෙ.කීයෙන් කී දෙනෙක්ට මතකද දන්නෙ නෑ ලෝක වැඩිහිටි දිනය ත් මේ දවසෙ කියලා.ළමා දිනය හොදින් ජයට සමරද්දි වැඩිහිටියන් ඒවා බලල සැනසෙනව.එක අතකින් ඒකත් වැඩිහිටි දිනය සැමරීමක් කියලා ගන්නත් පුලුවන්.මොකද දෙමාපියන්ට ලොකු ඉඩක් ලැබෙන්නේ නෑනෙ දරුවන්ගෙ ලෝකයේ ඉදගෙන එයාලගෙ සතුටු මූණබලන්න.මෙහෙම එකම දවසෙ මේ දෙකම දාල නිසා වැඩිහිටියන්ට ටිකක් අසාධාරණය තමයි.

 ''මේවා සැමරුම් දිනයක් පමනයි''.



අපි හැමෝම අදටත් මුල්තැන දෙන්නේ චූටි පැට්ටන්ටනෙ.ඒකයි වැඩිහිටියන් ගැන හොයන්න වෙන්නේ නැත්තේ.හැබැයි ඉතින් උවමනාව තියෙනම් දෙකම එකට කරන්නත් පුලුවන්.


මාතෘ මූලික හෝ පීතෘ මූලික සමාජ රටාවක ජීවත් වෙන අපේ රටේ කොච්චර මහලු නිවාස හෝ වැඩිහිටි නිවාස තියෙද.



 අත පය හයිය හත්තිය තියන කාලයේ පුලුවන් තරම් දර දිය ඇදල උයලා පිහලා කවලා පොවලා ස්කෝලෙ ගෙනිහින් අව්වෙ කරවෙවී අතින් අල්ලගෙන යන එන අම්මා තාත්තාගෙ ඉරනම විසදෙන්නෙ වැඩිහිටි නිවාසයෙන්.    
                                                                                                             
''දරුවන්ට එයාල අම්මා,තාත්තා වුනු කාලෙක තේරේවි''කියලා
ඉන්න දෙමාපියන් මම දැකල තියෙනවා.කතාකරල තියෙනවා.

වැඩේ කියන්නේ එහෙම දරුවන්ගෙ දරුවනුත් ඉදලත් අගේ තේරෙන්නෙ නෑ.දෙමාපියන්ගේ හිත් මෙහෙම රිද්දන්න පුලුවන්ද කියල මටනම් හිතා ගන්න බෑ

අම්මාගේ ආදරය උතුරන හුස්ම ටික දරු පැටියගෙ මූණට වැටෙන ලගින් පපුවට තුරුලු කරන් ඇගේ ලේ කිරි කරලා පොවන අම්මාගේ අගය තේරෙන් නැත්තේ වාසියටද කියලත් හිතෙනව.                                                                                                                
දරුව පැය ගනන් නලවල නිදිකරල මදුරුවෙක් මැස්සෙක් වහන්න නොදී ආරක්ෂා කරලා සද්දයක් කනට නොඇසෙන්න හරි පරිස්සමට කෑමක් කන්න ගත්ත ගමන්නැගිටින දරුවට අම්මලා ගහන්නෙ බනින්නෙ නෑ.
ඉකමනින් අත හෝදගෙන,(ඒකත් සබන්දාලාම හෝදනවා මිරිස් ගෑවුනාම දැවිල්ල වෙයි කියලා)දරුවා ලගට එන්නේ

'ඇයි මගෙ වස්තුවේ,කිරි කැටියෝ,ඇයි මගේ පණ,මගේ රත්තරනේ,මොකද පැටියෝ' කියාගෙන.

වගේම එයාලගෙ බඩ කට පුරවල කන්න ගන්න නිසා වෙන්න ඇති ඊට පස්සෙ අම්මා කන්න ගත්ත ගමන්  ''කක්කා'' දානවා.අනේ ඔහොම ඉදපන් මම කාල හෝදන්නම් කියල ඉන්නෙ නෑ."ඔහොම ඉන්න මැනික"
  අම්මා අත හෝදගෙන එන්නම් කියල දුවලා යනවා. හිතනවද වැඩේ ඉවර උනාම කන්න පුලුවන් කියලා. නෑ. අප්පිරිය නිසා නෙවෙයි.කෑම සීතල වෙලා.අතර මග කෑම නැවත්තුවම කන්න අමාරුයි.     
                 
වෙනද රෑට දරුවගේ සද්ද නෙවෙයි මොන සද්ද ඇහුනත් නිදියන තාත්තා දැන් දරුවගෙ චූටි සද්දෙටත් ඇහැරිලා අහනවා
 
''අම්මා දරුවා නැගිටලානෙ බඩගිනි ඇති කිරි ටිකක් දෙන්න,ඇයි අඩන්නෙ,''

එහෙම අහලා උදව්වක් ඔනි නම් ඒක කරල දෙනවා.වෙනදා ලෝකෙ පෙරලුනත් නැගිටින්නෙ නෑ.වෙනදට වඩා ඉතිරියක් කරන්න ,දරුවන්ගෙ ආරක්ශාව,අනාගතය ගෙන හිතල වැඩ කරන එක කරන්නෙ ආදර තාත්තා. අනේ ඒත් කීයෙන් කී දෙනාද මෙහෙම හිතන්නේ.මගේ අම්මා මම වෙනුවෙන් දුක් විදින්න ඇති,මගේ තාත්තා මම වෙනුවෙන් මෙහෙම මහන්සි වෙන්න ඇති කියලා.අම්මා තාත්තා රැක බලා ගන්න ඕනිඅපේ පින් පෙට්ටිය පුරවා ගන්න නෙවෙයි.ඒක අපේ යුතුකමක් වගකීමක් කියලා.   
                                                  
මුලින්ම පියවර ඔසවද්දී දෙමාපියන් කොච්චර සතුටු වෙනවද?

කියන්න තියෙන හැමෝටම කියනවා.දැන් හිනාවෙනවා.දැන් ඇවිදිනවා කියලා.එක එක කාලෙට කරන ක්රියාවන් ගැන කොච්චර සතුටින්ද කතා කරන්නේ.වැඩිය ඕන්නෑ.තාත්තා වැඩට ගිහිල්ලා නම් එනකල් අම්මට ඉන්න බෑ දරුවන්ගෙ විස්තර කියන්න.එහෙම විශේෂ දෙයක් කර ගමන්ම තාත්තා මොන වැඩේ ඉන්නවද කියල හොයන්නෙ නෑ

 අද අපේ පැටියා එකම එක පියවරක් තිවුවා ඩොග් ගාල වැටුනා” කියලා.තව මෙහෙමත් කියයි
 
''අද මම කුස්සියේ ඉදිද්දී  නැගලා හිටගෙනත් හිටියා,කුස්සියේ බඩු ඔක්කොම සාලෙට ගෙනත් දාලා,තනියම බාත් රූම් ගිහිල්ලා වතුර අල්ලනවා,චූදාලා ඒවා තලනවා''

මේවා ආඩපාලි විදියට කිව්වට ඒකෙ තියෙන්නෙ හිත යටින් සතුටු වෙන ආදරයක්.මේවා තාත්තාට කිව්වම එයාට ගෙදර එනකල් ඉන්න බෑ දරු පැටිය වඩාගෙන රිදෙන්න උම්මක් දීගන්න.

මේආදරේදරුවන්ටතේරෙන්නෙනෑ. 
                                                                                             
දරු පැටවු කොච්චර විසේ කර කර ඉදලා නිදිය ගත්තත් වෙලාවට දැනෙන පාලුව දරන්න බෑ.එයා නැගිටල එද්දී පුදුම සතුටක් ආශ්වාදයක් නේද දැනෙන්නේ.එහෙමට දෙමව්පියන්ට දැනෙන දරුවන් අන්තිමේදි දරුවන්ට දෙමව්පියන් වලන්ගු නැති කාසි වෙනවා.දරුවො ටික ටික ලොකු වෙද්දී චූටි කාලෙ වීරයො වෙච්ච අම්මා තාත්තා
''අපෝ මෙයාල මොනවද දන්නේ''කියන තත්වෙට පත් වෙනවා

 පාසල් යද්දී උදෙන්ම නැගිටලා උයලා පිහලා කවලා පොවලා ලොකු වෙද්දී විභාග වලට ලෑස්ති වෙද්දී දරුවෝ පාඩම් කරන්න නිදිවරන ප්රමානයටත් වැඩියෙන් අම්මා තාත්තා නිදිවරනවා. නිදියන්න බැරුව නෙවේයි.දරුවගෙ හිත ගැස්සෙයි,කියන බයට.පාඩම් කරන්න හොද සැහැල්ලු මනසක් හදන්න ඕනි නිසා

එතනින් එහාට දරුවෝ රැකියා කරන කාලෙටත් එයාල දුකම තමයි විදින්නේ.එහෙම සතුටින් ඉන්න පවුලට අලුතින් දරුවට අනාගතය දකින්න අනාගතේ ගොඩනගාගන්න කියලා හිතලා දරුවා කැමති කෙනෙක්ට බන්දලා දෙනවා.දැන් තමයි ලෝක සන්ග්රාමය පටන් ගන්නේ.මේක දුව පුතා බේදයකින් තොරවයි සිද්ද වෙන්නේ.දරුවන්ගෙ දරුවොත් හැදුවට පස්සේ
 
''අනේ ඔයාගෙ අම්මා හැම දේටම අගිලි ගහනවා,අපිට නිදහසක් නැද්ද?''
ලෝක දෙකක අතරමන් වෙන දුව හෝ පුතා එක්කො බිරිදගෙ නැත්නම් සැමියගෙ පැත්ත ගන්නවා

ඊට පස්සෙ අම්මා තාත්තා කතා කරත් වැරදියි,ඇවිද්දත් වැරදියි,බැලුවත් වැරදියි,උයන    පිහන         විදිය            වැරදියි,    පිරිසිදු මදි, අපිලිවෙලයි, කනවිදිය,දරුවන්ටත් කරදරයි,අපිට විතරක් නේවේ අනිත් අයත් දරුවොනේ ඇයි එයාලට බැරිද?අපේ වියදමත් වැඩියි කියල කන බත් ඩින්ගටත් ගනන් හදනවා.මම ඕන තරම් දැකල තියෙනවා මෙහෙම වේදනා විදින අම්මා ,තාත්තාලා.    
                                              
කිසිදෙයක් කර ගන්න බැරි චූටිම කාලයේදි අඩද්දී තනේ කටේ තියලා කිරිටික දීලා බඩ පුරවද්දී,අඩද්දී අපහසුතාවය මොකද්ද කියලා දැනගෙන ඒවට පිලියම් සොයද්දී ඇවිදින්න බැරිකාලෙ ඇවිදින්න පුරුදු කරද්දී,නාවලා,කවලා,පොවලා,ලෙඩක් දුකක් උනාම දරු පැටිය විදින වේදනාවට වැඩිය වේදනාවක් පපුවෙ හිරකරගෙන කදුලු පුරෝගෙන නිදි වරද්දී,

යනයන තැනදිපැටියගෙ කකුල් රිදෙයි කියල තාත්තා වඩාගෙන යද්දී,අනිත් ලමයි කනකොට අපේ පැටිය පව් කියල දුවල ගිහින් කන්න ගෙනත් දෙද්දී අම්මා තාත්තා හිතන්න ඇති අපේ පැටව් අපිට මේහෙම කරන් එකක් නෑ කියලා

හැබැයි අම්මා තාත්තා දරුවන්ට  කරපු මේ දේවල් දෙමාපියන්ට වෙද්දී හාත්පසින්ම වෙනස්විදියටයි කෙරෙන්නේ.කන් ඇහෙන්නෙ නැති කාලෙට,කතාකරගන්න බැරි කාලෙට,ඇවිදින්න බැරි කාලෙට,ලෙඩක් දුකක් හැදිල නිදියන්න බැරි කාලෙට ,කන්න බොන්න පිගානවත් අල්ල ගන්න බැරි කාලෙට,නාගන්න බැරි කාලෙට, කොහොමද මේවට දක්වන ප්රතිචාරය.                                               
                                    
වයසට යද්දී දෙමාපියන් පොඩි ළමයි වගේලු.එහෙම එකේ එයාල කන්න කැමති කෑමක් හදලා දුන්නම අත කැඩෙනවද.ගොඩක් අය දරුවන්ට දෙන කෑම වර්ග කන්න හරි කැමතියි.එහෙම අම්මට තාත්තාට එක්ක දරුවටත් දීල බලන්න එයාලගෙ සතුට.අපේ කතා බහට එයාල එකතු කරගෙන බලන්න එයාලගෙ ප්රතිචාර.පැලෙන්න සතුටු වෙනවා.අපි කොහොමද චූටි කාලෙ කියල විස්තර ටිකක් කතා කරල බලන්න මූනෙ මල් පිපෙන හැටි. අපිට අපේ යුතුකම් මුකුත් කරලා නෑ කියමු.එහෙමයි කියල දෙමව්පියන් අතාරින්නද?අපේ අත පය කඩන්නෙ නැතිව හදපු එකම මදිද ,හරි හම්බ කරනකල් කන්න බොන්න ඉන්න හිටින්න ආරක්ෂාව දුන්නා මදිද විශේෂයෙන් දීපු කිරි ටික මදිද එයාලගෙ ඕනෑ එපාකම් හොයා බලන්න.  


                     මේකෙම තව විස්තර ඉදිරියට ලියන්න බලාපොරොත්තු වෙනවා.මගේ හිත කාලයක ඉදලා මේවට රිදිල තිබුනේ.අද මෙහෙම හරි ටිකක් කියන්න පුලුවන් වුනු එකට සතුටුයි.

_  දුලානි ගුණවර්ධන  _