පහුගිය දවසක ඔෆිස් එකෙ කට්ටිය කතාකර කර ඉන්න අතරෙ තමයි මෙ පුද්ගලය ගැන මගෙ මතකය අලුත් කලෙ.අපි එයාට කියමු බන්ඩා කියල.මෙයා මෙ වෙනකොට පැන්ශන් ගිය කෙනෙක්.හැබැයි තාමත් අමතක නොවෙන මතක ටිකක් තියපු කෙනෙක්.මෙයා අලෙවි කලමනාකරුවෙක් විදියට සාර්තක වුන කෙනෙක්.
මෙයා එක්ක මම එක ඔෆිස් එකෙ ඉන්නකොට
(එතකොට මම එතන වැඩට ආව විතරයි ) දවසක් ඔක්කොම කතකර ගත්ත දවල් කැමෙන් පස්සෙ රු 30 ගානෙ එකතු කරල හිම කිරම ගෙන්න (සින්හලෙන් අයිස් ක්රීම්).
ඔන්න සල්ලි එකතුකරන ගමන් මෙයා ගාවටත් ගියා.මෙයා හොයල හොයල
"ආ මෙන්න තියෙනව "කියල දුන්න නෙ කාසි වලින්ම රු 11 ක්ම.
අපිට ලැජ්ජයි වැඩෙට.ඒකනිසා සද්ද නැතුව හිටිය.ඔන්න දැන් සල්ලි එකතු කරල ඉවර වෙලා ගෙන්න කඩෙට යැවුව.
ඔය අතරෙ තවත් ඔෆිස් එකෙ පරන සමාජිකයෙක් වුන එයාගෙ මට්ටමෙම කෙනෙක් මට හිමිහිට මෙහෙම කිවුව
" දමිත් මල්ලි ඔන්න බලපන් මේකගෙ දරුවෙක් හරි කිට්ටුවක හිටියොත් දැන් එන්න කියනව "කියල.
ඔන්න අපි බඩු ගෙනාව කියල පනිවිඩෙට යනව ලන්ච් රුම් එකට.අරකගෙ කටෙ හුනු බිජ්ජක් දාන්න වටිනව මෙන්න යකො අපෙ බන්ඩගෙ පුතා ලන්ච් රුම් එකෙ.
බන්ඩත් "ආ ඔයත් ආවද,අද අයිස් ක්රිම් තියෙනව .එන්නකො පොඩ්ඩක් කන්න' කියල හෙන කොප්පයක් බෙදල දුන්න ලොබ නැතුව.අපිත් මුකුත්ම කිවුවෙ නැ .පවු කවදාවත් ගෙදරින් ලැබෙන්න නැති නිසා.
මෙයා ගැන ඔය ජාතියෙ කතන්දර ඔන තරම්.ඔය අතරෙ තියෙනව මෙයාගෙ අන්ඩපාල වැඩත්.
මෙයා රක්ෂනයක් දීල තිබුන නගරයි තිබුන කඩෙකට.ඊලග අවුරුද්දෙ
මෙක
අලුත් කරන්න යනකොට ආයතනෙන් අදාල ආවරනවල ගනන් වැඩිකරල තිබුන.මෙක නිසා මෙයා කලෙ අර රක්ෂනේ වෙනස් කරල සොරකම් විතරක් ආවරනය වෙන රක්ෂනයක් අලුත් යොජනා පත්රයක් දාල කරන එක.
ඔය අතරෙ තමයි සුනාමිය ආවෙ.අර කඩෙත් සුනාමියට අහුවෙල බරපතල විදියට හානි වුනා.ආයතනයත් ඒ වෙනකොට සුනාමි ආවරනයක් නැතත් ගන්වතුර ආවරනය තියෙන ඔප්පු වලට පුර්න ගෙවිම් කරන්න තිරනය කලා.
අර කඩෙ හිමිකරුවොත් ඔෆිස් එකට ඇවිත් වන්දි ඉලුම් පත්රයක් පුරවල දුන්න.අපෙ එ වෙනකොට හිටපු අන්ඩර් රයිටටත් මෙක මතක තිබුන .අපි එයාට කියමු සහන් කියල.සහන් බැලුව මෙ මොකක්ද වෙන්නෙ කියල.මොකද අර කඩෙ මෙ පාර ගත්තෙ සොරකම් ආවරනය විතරනෙ.හැබැයි ඔය ඔක්කොම ලියවිලි ගෙනත් මෙක කලෙ අපෙ බන්ඩ.සහන් බැලුව බන්ඩ කො කියල.පොර ඉන්නව නියපොතු කකා බරකල්පනාවක.සහන් කියන්නෙ උපතින්ම හොද මිටරයක්.මිනිහ ටක් ගාල කලෙ අර රක්ෂනෙ ෆයිල් එකෙ ඔක්කොම ඩොකියුමන්ට් ටික ෆොටොකොපි කරගන්න එක.
ඔන්න ටික දවසකින වැඩෙ ඇදුන.කඩෙන් කියනව එ ගොල්ලො වෙන යොජනා පත්රයක් දැම්මෙ නැ කලෙ පරන් ඉන්සුරන්ස් එකමයි කියල.අපෙ ආයත්නෙ තියෙන්නෙ අලුත් එකක්. ෆයිල් එක බැලුවම තියෙනව අත්සන් කරපු නැති යොජනා පත්රයක් එක්ක ෆයිල් එක.
දැන් ඔන්න මෙ ෆයිල් එක අන්ඩරයිට් කරපු සහන්ගෙ පැත්තට තමයි බොලෙ පාස් වුනෙ.
මිනිහගෙ වෙලාවට සහන් ගාව ෆොටොකොපි ටික තිබුන.සහන් එව ඉදිරපත් කලා. කම්පනි එකෙන්
ඉන්වෙස්ටිගෙශන් එකක් කලා.එකෙදි ඔෆිස් එකෙ පියන් කිවුව බන්ඩ මහතා ෆයිල් එක එලියට ගෙනිහින් ගෙනාව කියල.එක නිසා සහන්ට ගැටලුවක් උනෙ නැ.දැන් ඔයාල හිතන්නෙ බන්ඩ මහතාට මොකක් උනා කියලද.එයාටත් මුකුත් උනෙ නැ.
බන්ඩ මහත්තය ඔන්න ගෙදරින් උදෙට කන්න පාන් අරගෙන එනව බටර් ගාල .ඉට පස්සෙ ලන්ච් රුම් එකට ගිහින් පාර්සලෙ දිග ඇර ගන්නව.ඉට පස්සෙ දෙබස මෙන්න මෙ වගෙ
"ෂික් අපේ ගෑනිට පිස්සුනෙ.බලපන් බටර් ගාල සිනි දාල නැ,මල්ලි ඔය සිනි ටිකක් දියන් බන් මෙක කන්න." කියල තේ හදන මලයට කියනව.
ඔය සුනාමියට පස්සෙ අපෙ ආයතනය සුනාමියෙන් කරදරවුන සෙවකසෙවිකාවන්ට අධාර හැටියට එක එක ජාතියෙන් බඩු එවල තියෙනව බෙදන්න.ඔක බෙදල දෙන්න එයාල ඉන්න තැන් සොයාගෙන යන එකටමෙයත් සම්බන්ද වෙලා තියෙනව. දැන් මෙ ගමන යන අතරෙ මෙයාලගෙ ගෙවල් තියෙන පැත්තෙනුත් යන්න සිද්දවෙල.එ පැත්තට යන්න ගත්ත විතරයි මෙයාගෙ එක අදොනාවලු
"ගෙදර හරියෙ එක හාල් ඇටයක් නැ,කරවල කැල්ලක් කාපු කාලයම මතක නැ" කියල.
මෙ බඩු බාරව ආපු කෙනත් දන්නව මෙයාගෙ ගෙවල්.ඉතින් එයා කරල තියෙන්නෙ හාල් ටිකකුයි කරවල කුරියෙකුයි මෙයාගෙ ගෙදරි බාල ගිහින්.
ඔන්න මට එනව රජකාරි වැඩකට යන්න මම මිට කලින් නොගියපු ප්රදේශයකට යන්න කියල.මම පාර හරියටම දන්නෙ නැ.මට ඉස්සරහ මේසේ බන්ඩ මහත්තය.මම බන්ඩ මහත්තයගෙන් අහනව
යන පාර.
"රයිට් මල්ලි ඔයා මෙහෙම යන්න"
කියල පොර මට කියල දෙනව යන පාර.පට්ට අන්ඩරදෙමලයක්.පාරවල් දහයක් විතර කියනව හැරි හැරි යන්න.මට ඔක අවුල්.මම කරපු දේ වෙන ආයතනේක ඉන්න යාලුවෙකුට කතා කරල ඇහුව පාර.මිනිහ කියාපි කෙලින්ම යන පාර කි.මි 14 විතර ඇති යාලුවා කියපු විදියට බන්ඩ ගොයිය කියපු විදියට අවම කි මි 30ක් තියෙනව.
මම හිතුවා බන්ඩ ගොයිය නොදන්න කමට කියන්න ඇතිකියල.ඔන්න මම යන්න බැග් එක එහෙම අරගෙන
පිටත් වෙනකොටම
බන්ඩ ගොයිය
"ආ මල්ලි යන්නද,මට චූටි වැඩක් කරල දෙන්නකො,ඔය යන ගමන් මගෙ කස්ටමර් කෙනෙකුගෙ ඩොකියුමන්ට් එකක් තියෙනව දීල සල්ලිත් අරගෙන එන්නකො,ඔය යන පාරෙමයි තියෙන්නෙ" කියපි.
මට ඔන්න එතකොට තම්යි තේරුනේ මෙයා පාර කිවුවෙ කොහොමද කියල.ඇත්තටම
ඔය ටැලන්ට් එක බන්ඩ මහතට තිබුන. කවුරුහරි කතාකරන වචනයක් ඇහුනත් මිනිහට ප්රයොජනයක් ගන්න හැටි මතක් වෙනව පට ගාල.

