Monday, October 6, 2014

බට්ටි



වේවැලක් අතින් ගෙන
ජිවිතය නොසලකා
සාරධරමය රකිමි
කියා ඉදිරියට පැන
පාරේයන වේසියන් තලා දඩුවම් කරන
නිලධාරි මහතුනේ
අපි ඔබට ණය ගැතියි
අපි ඔබව රකින්නෙමු
අපි ඔබව රකින්නෙමු

නුබලාට අමතකද
තන්ගල්ල පුරයෙදි
සුදුනන්ගි කෙනෙක්ගෙ
පතිවත බිදින්නට
කැසකවපු පරයෙක්ව
එලොවයැවුවා අපේ
මහාජන වීරයෙක්...........

පිරිමින්ව පැහැරගෙන
කාමරෙ දමාගෙන
දුෂනය කරන මේ
බට්ටිලා ඉන්නකන්
කොහොම  ගොඩනගන්නද
ධර්මිෂඨ සමාජය........

පෝලිමට වරෙල්ල
ගල් රැගෙන වරෙල්ල
මරා වනසා දමා
ගොඩනගා සැනසෙන්න
දහස් ගනනක් වසර
පැරණි ශ්‍රි විභුතිය
රැකගන්න වරෙල්ල

සුපිරිසුදු හදවතක්
නිකැලැල්වු චරිතයක්
සැටිපිකට් සමග ඇති
පවු නොකල මිනිසුනෙ
වරෙවු අත ගලක් ගෙන
මේ වේස බටිටියට

පලමු ගල ගසන්නට................................

41 comments:

  1. ගල ගහන්න කලින්
    නොමිලේ ගල කපන්නට
    ආරාධනාව..
    පොලිසියෙන්..

    ReplyDelete
    Replies
    1. හෑ.. මම එක.. (ගල ගහන්න නෙවේ.. කමෙන්ට් එකට...)

      Delete
    2. සියළු දෙනා එක් වී සැමාට ගල් ගසමු..

      Delete
    3. පොලිසිය කියනවනම් ඉතින් නොගොහින් බැහැ නේ.
      @ විදානේ ,ගහන්නම විතරයි නේද?

      Delete
    4. හරි ගහමු බෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  2. විකුණලා...
    විකුණලා...
    විකුණලා...
    මරාගෙන කාපල්ලා..
    දැං ඉතිං බට්ටීව...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නැතුව අර අහින්සකයව රස්සවෙනුත් දොට්ට දම්මල.කාලත් මදි

      Delete
  3. කවිය පට්ටය........... අපේ ආචාරය.......................

    //පිරිමින්ව පැහැරගෙන
    කාමරෙ දමාගෙන
    දුෂනය කරන මේ
    බට්ටිලා ඉන්නකන්
    කොහොම ගොඩනගන්නද
    ධර්මිෂඨ සමාජය........//

    පට්ටය............... පට්ටය................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි

      Delete
  4. මරාගෙන කාළා... ඉතිරියක් තිබුනොත්, පන්සලටත් පූජා කරන්න..

    ReplyDelete
    Replies
    1. නැතුව මුන් නිසානෙ මෙ රටෙ මෙ ප්‍රෂ්න ඔක්කොම. අසරන පොලොසිය

      Delete
  5. කාන්තාවන් වෙනුවෙන් අවුරුද්ද පුරා සමතැන් ඉල්ලන ක්‍රියාකාරිනියන් කෝ කියලයි මම මේ බැලුවෙ.

    ReplyDelete
    Replies
    1. ආ එගොල්ලො ඉන්නව, ඇහැරුන වෙලාවක එයි

      Delete
  6. පට්ට කවිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  7. කෝ අර හැම රෙද්දටම කෑගහන කට්ටිය දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඉන්නව ඉන්නව මෙ දවස්වල පොඩ්ඩක නිදි. ඇහැරුනොත් එයි

      Delete
  8. කවිය අගේ ය !

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ස්තුතිය

      Delete
  9. චැ..අරගෙන ආපු ගල බිම දැම්මා...මම යනවා...සැටිපිකේට් එක අරගෙන එන්නම්.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අර සාම්පල් චෙක් කරන අයගෙන් අරන් වරෙන්.උන් දෙවි නියම එකක්

      Delete
  10. ගල් ගහන්නට ඕනා තරම් ,මොකද පව් කල කිසිවෙක් මේ ලංකාවේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපං, මේක හාමිනේ ලියපු කවියක් නේද?

      Delete
    2. අනන එකයි.මෙක ඇවිලා
      දන්සල් දොරෙහි නැත දුගියො
      සල්පිල්වලය පුරවැසියො
      පන්සිල් රකිති මැරවරයො
      මෙ කෙතුමති නුවරයි

      කියලනෙ නන්ද අක්ක කියන්නෙ

      // හාමිනේ ලියපු කවියක් //
      අනෙ පල යන්න හාමිනෙත් ලියන්න අහගන්නෙ මගෙන්. ඔ යෙස්.....

      Delete
  11. Replies
    1. ටැන්කිවු මචන්. පුලුවන්ද බලන්නත් එක්ක ලිවුවෙ

      Delete
  12. පද පෙළ අපූරුය...

    අරුත සුපිරි ය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විභිශන

      Delete
  13. කවියක් ලිව්වොත් උඹ කියල දන්නවා.කතාවක් ලිව්වොත් නං නෝන තමයි.

    ReplyDelete
    Replies
    1. හිටු හිටුකො බලන්න බොලාගෙන් නරක නැ කියල හරි අහගන්න දවසක ලියන්න

      Delete
  14. වයර් එකෙන් කෑවා කියලා බට්ටිට නරක් වෙලා තියෙන්නෙ...දැන් පෙරටුගාමීන් කරේ තියාගෙන කොළඹ සිරි පෙන්වනවනෙ ඒ ඇත්තිට...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔකතමයි අපෙ සමාජෙ වැරැද්ද.ගුටු කැවට බට්ටි ජතික විරවරියක් වෙන්නෙ නැ. කතාකලයුත්තෙ බට්ටිට හො වෙන කාටහො අරවිදියට ගහන්න පුලුවන්ද.එක අවම බලයද? ඔය බට්ටිට ගහපු එක හොදයි කියන අයට තෙරෙන්නෙ ඔක තමන්ට වුන දවසට.ඔහොම දෙයක් නිසා තමයි අර අගුලානෙ කොල්ලො දෙන්නෙක් නිකන් පරලොව ගියෙ.අපි නොදන්න එවගෙ දෙවල් කොච්චර වෙනවද.ඔය පොලිසියම තමයි ගාල්ලෙ ටවුන් එක මැද්දෙ එකෙක් කපල මරද්දි එතනම ඉස්සරහ ට්‍රැෆික් කොන්ට්‍රොල් කර කර හිටියෙ

      Delete
  15. තොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය
    කට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූය
    යක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේය
    ආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේය

    බඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසි
    වේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසී
    ඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසී
    පීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසී

    දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්
    කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන්
    ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින්
    මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින්

    ReplyDelete
    Replies
    1. සැදැස් කවියක් ලියා සොමියා කරනවා එබිකම්
      තමන්ගෙ ජිවිතය රැකගෙන කුමක් කරමිද උන්
      මැදට පැනල පොලිසිය හා වාදකලහොත් මම්
      සුදුවැන් ගෙන එක්ක යනවලු පරලොවට කිසියම්

      විඩියො කර ජාලෙ දාල ලෝකෙටම පෙන්නා
      රාලහාමිට අඩුම ගානෙ දඩුවමක් දුන්නා
      මේකවත් උන් නොකර සිටියොත් කුමක් සිදු වෙන්නා
      මෙ වගෙ බල්ලන් තව තවත් මෙ දේම කරනා

      Delete
    2. මේ දෙකත් නියමයි විරිදු වලට.

      Delete
  16. ////////සුපිරිසුදු හදවතක්
    නිකැලැල්වු චරිතයක්
    සැටිපිකට් සමග ඇති
    පවු නොකල මිනිසුනෙ
    වරෙවු අත ගලක් ගෙන
    මේ වේස බටිටියට

    පලමු ගල ගසන්නට.......//////////////////

    නියමයි දමිත්....නියමයි!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු අයියා.මෙ පැත්තෙ දැකිමත් සතුටක්

      Delete
  17. හදිසියේ දැක්ක නියම කවියක්. මිස් වුනේ කොහොමද මන්ද.

    ReplyDelete
  18. දමිත් මම ඔබගේ කවිය ලංකානිව්ස්වෙබ් එකට දැම්මට පස්සේ ත්‍යාගයල් ලැබිල තිබෙනවා ඔබට. කරුණාකර මට ඊමේල් එකක් එවන්න විස්තර කතා කරන්න.

    ReplyDelete
  19. හදිසියෙේ දැක්කේ දමිත් අයියෙ නියමයි......

    ReplyDelete
  20. හොද නරක නැත හැම වි ඇත සංකීර්ණ
    නෑ කලක් සිතන්නට පතන්නට නිවන
    ඇති දහසකුත් අවසිකන් සපයන්න
    වෙන කුමක් කරන්නද වෙනවා ඇග විකුනන්න

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි