අද අගොස්තු 26. මෙම ලියපු ලිපියක් මුලින්ම බ්ලොග් එකක පලවෙලා අදට අවුරුද්දක්.එ පොස්ට් එක දැන් එතන නැ.එක තියෙන්නෙ දැන් මගෙ බ්ලොගෙ.එත් එක තමයි මගෙ බ්ලොග් ලිවිල්ලෙ ආරම්භය.
අටමො
උබට ගොඩාක් ස්තුතියි.
තව
ගොඩදෙනෙක් ඉන්නව ස්තුතිකරන්න.එත් වෙනවෙනම කරන්න ගියොත් මම අමාරුවෙ.
එකනිසා
ඔය හැමොටමත් ගොඩාක් ස්තුතියි. චියර්ස්.....................
එ
මදිවට මගෙ උපන් දිනෙත් අද
මගෙ
බිරිදත් කාලෙකට පස්සෙ ලිපියක් ලැස්ති කරල අද දාන්න.එකත් අදම දාන්න ඔනලු.එකනිසා එකත් මෙත් එක්කම දැම්ම.
______________________________________________________
අගෝස්තු 26 කියන්නෙ මගේ ජීවිතේ වටිනාම වස්තුවේ
උපන් දිනය.මට අයියව හමු උනේ මීට අවුරුදු හතකට කලින්.
ඒ හමු වූ දවස අදවගේ මතකයේ තියෙන්නේ අපි දෙන්නගෙ ආදරය නිසාවෙන් කියා මම චූටි ආඩම්බරයකින් කියන්නෙ.
පුන්චි පුන්චි ප්‍රශ්න අපි අතර නැතිව නෙවෙයි.එක බත නෙවෙයි, බත් හැලි දෙක තුන ඉදෙනකල් අපෙ ගැටලු දුර යනවා.
ඒක හරියට අර සින්දුවක් තියෙන්නෙ
''මහ වරුසාවට පසුව නැගෙන සද .......කියලා,
අන්න ඒ වගේ ප්‍රශ්නෙන් පස්සේ තිබුනටත් වැඩිය ලොකු ආදරයක් අපි දෙන්න අතර ගොඩනැගිල කියල හොදටම දැනෙනවා.
සත්තකින්ම මම ජීවත්වෙනවා කියලා දැනෙනවා,අයියගෙ ජීවිතේ ලස්සන කරන්න ලස්සන චූටි කෙලි පැටවු
දෙන්නෙක්
දෙන්න මට පුලුවන් උනා.
එයා හොද අයියෙක් උනා එයාගෙ සහෝදරියන්ට, එයාගෙ සහෝදරයන්ට
එයා හොද මල්ලියෙක්,මට එයා මහාමෙරක් තරම්,දරුවන්ට
එයා සිතු පැතු සම්පත් දෙන වීරයෙක්.
ඒ ඔක්කොටම වැඩිය අම්මාට එයා තාමත් සුදු පුතා.
අයියා කවදාවත් එයාගෙ පවුල මගේ පවුල කියල කිරල මැනල සැලකුවෙ
සොයා බැලුවෙ නෑ.ඒ ඒ ගති ගුන වලට මම හරි ආඩම්බරයි .
අයියා හරිම විනෝදයෙන් ඉන්නයි කැමති.
ගෙදර වැඩට එහෙම මාර සපෝට් එකක් එය දෙන්නේ.වෙලාවකට
මට කරන්න වැඩ නෑ කියලා මම බනිනවත් එක්ක.
( මෙවට තයි ඔලුව අතගාල ටොකු අනිනව කියන්නෙ -අසරන සැමියා-)
ඔයා මේක බලනවානම් කාලෙකට පස්සෙ මම ඔයාට ලියන ලිවුම බලනවද.
අනේකවිද දුක් කම්කටොලු මැද ජීවිතේ සොයගෙන යන අතර මගදි
තමයි මට ඔයාව හමු වුනේ.එදා ඉදල අද වෙනකල් අපි දෙන්නා හිනාවෙවි,අඩ අඩා,පසු තැවිලි වෙවි
හිටිය වාර අනන්ත ඇති.ඔය සිද්දි ටිකේ අපි දෙන්නා නිසා අපි දුක් උනු වාර ගනන අතේ ඇගිලි
ගානටවත නැතුව ඇති.
අපේ දවස හැමදාමත් වගේ සුන්දරව පටන් ගන්නවා.සුන්දරව නිම
වෙනවා.ඔය හැම දවසකම උදේට හවසට ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැදලා ඉල්ලුවේ ඔයාගේ ආරක්ෂාව.ඒක
ඉදිරියටත් එහෙමමයි.
මට මේ ජීවිතේ ,අපේ පවුල කියන ඒකකය මෙච්චර ලස්සන කරගන්න
පුලුවන් උනේ ඔයා නිසයි, ඔයා
ගැන අපි බැන්ද මුලදි වගේ සොයන්න වෙන්නෙ නැති උනත් දරුවො දෙන්නා නිසයි එහෙම වෙන්නෙ කියලා
ඔයාම තේරුම් ගත්තු එක මට මහා අස්වැසිල්ලක්.ඒත් මට ඉඩ ලැබෙන හැම වෙලවකම ඔයා කෑවද කියලා
අහලා තමයි මම කෑම කන්නේ.
ඔයා දන්නවද ඔයා වැඩට ගියාම මට හරි පාලුයි.මොනවා හරි හේතුවක්
හදාගෙන කෝල් කරන්නමයි හිතෙන්නේ.ඒත් ගොඩාක් වෙලාවට ඔයා වැඩ ගොඩක නිසා ඉවසලා ඉන්නවා.ගෙදර
එන වෙලාව බලබල ඉන්නේ මූන බලාගන්න.මේව ලිවුවට ලැජ්ජ හිතන්න එපා අය්යේ.ඔයා ගියේ පැය පහක
හයක වැඩකට වුනාට මට දවසකටත් වැඩියෙන් දැනෙනවා.
ඔයා ගාලු අවට කොහේ හිටියත් කමක් නෑ ඒත් ගාල්ලෙන් පිට
ගියාම දාල ගියා වගේ දැනෙන්නේ.අඩන්න බැරි නිසා ඉන්නවා. ඒ මොනදේ උනත් ඔයාගේ උපන්දිනේ
දවසේ මගේ පැතුම අයියෙ ඔයා මගේ ආයුෂත් අරගෙන සතුටින් සැහැල්ලුවෙන් ඉන්න,ඒ වගේම සියලුම
පැතුම් සිතන විදියටම සාර්තක වෙලා තවතවත් මා එක්ක ආදරෙන්ම ඉන්නට ලැබේවා කියලයි.ඔයා මගේ
වෙලා මට දීපු සතුටම ඇති අයියේ ඔයාට සතුටු වෙන්න.මගේ සුදු අය්යට සියලු දෙවි රැකවරනයි.බුදු
සරනයි.
ලතාවක් සේ වෙලී
සියො ලග...........
පතමි රැකවරනය ඔබෙන්..........
මහාකතරක ගෙවූ තනි මග .............
නිමා කල ඉම ඔබ නිසයි................
_දුලානි ගුනවර්ධණ_
සුභ පැතුම් උපන් දිනයටයි ,බොගියටයි ,දෙකටම ....එහෙනම් චියර්ස්
ReplyDeleteචියර්ස් චියර්ස්
Delete( බ්‍රැන්ඩ් එක ගල් )
(අයිතිය පත්තරෙ )
චියර්ස් චියර්ස්
Delete( බ්‍රැන්ඩ් එක ගල් )
(අයිතිය පත්තරෙ )
එකෙන්ම බොසා
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
සුභ උපන් දිනයක් වේවා...
ReplyDeleteබ්ලොග් එකේ ෆස්ට් ඇනිවසරි එකටත් සුභ පැතුම්...
මේ ආව වගේම දුරක් ඉදිරියටත් යන්න ඉඩ හසර ලැබේවා...
කිරි පැණි සේ ගෙවෙන වාසනාවන්ත පවුල් ජීවිතයක්
බොහොම ස්තුතියි කිවුව එහෙනම්
Deleteමොකක්ද මේ අයියා කතාව? ඉස්කෝලවල කතා විශ්ව විද්‍යාලවලට ගිහින් තිබුණා දැන් ඒවා පවුල් පන්සල් අතරටත් රිංගලා ද?
ReplyDeleteඒ මොනවා වුනත් දෙමගුලටම සුභ පැතුම්!
ඔව් අප්පා.. මම පහුගිය සතියෙත් අලුත බැන්ද කෙල්ලෙකුට බැන්නා අයියා අයියා ගානවට..
Deleteබොහොම ස්තුතියි කකා.අයිය කතාව නිකම්ම ආපු එකක්.අපි සම්බන්දෙ පටන් ගන්න කලින් නමත් එක්ක අයිය තිබුන.පස්සෙ නම හැලිල නිකම්ම අයිය වුනා .ඔකෙ අමුත්තක් දැනුනෙ නැ.වැරදිද?
Deleteවැරැද්දක් නෑ.. මෙන්න මෙහෙම උනානං කෝම වෙයිද?
Deletehttp://atw-cmb.blogspot.com/2014/02/blog-post.html
මටත් ඔය අයියා කෑල්ල අල්ලන්නේ නැනේ මම දමියට කතා කරනකොට ඔය අයන්න අයින් කරල වෙන අකුරක් දානව
Deleteමගේ යාලුවො නම් අයියා කථාව බැනලම හදා ගත්තා අයියලා නංගිලා පවුල් කන සිරිතක් නෑනෙ ගොයියො...ඒකයි අවුල...
Deleteදේශ, එකනම් ටිකක් දරුනු කෙස් එකක් තමයි
Deleteඅටමො-ඔව් ඔව් උබ මට කතා කරන්නෙ දෙයිය කියලනෙ :D
සිර-හ්ම්ම් හ්ම්ම් එක හැබැව
සුභ උපන්දිනයක් ! සුභ බ්ලොගිවසරියක් ! වාසනාවන්ත අනාගතයක් වේවා !!!
ReplyDeleteටැන්කියක් පිරෙන්න ටැන්කිවු හොදේ.
Deleteඅවුරුද්දට සුභ පැතුම් දමියා... සුබ උපන් දිනයක් වේවා ... උඹ වටින්නේ මේ එකක්වත් නිසා නෙවෙයි අවබෝධයෙන් ජීවිතය තේරුම් ගත්ත මනුස්සකම් තියෙන මනුස්සයෙක් නිසා
ReplyDeleteබොහොම ස්තුතියි මචන්.බොක්කෙන්ම.
Delete( මේ උඹ අරටික කිවුවෙ වගකිමෙන් නේද? )
පාරෙදි දැක්කම නං මට පේන්නේ බං මේ දමියා මහ අමනුස්සයෙක් වගේ..හැක්
Deleteහිටු තොට එක ඇගටම දැනෙන්න අරින්නම් ඉලග දවසෙ
Deleteමටත් එහෙමනම් පෙනුනා දේශා ..එත් ඉතින් මෙතන ඕවා කියන එක හරි නෑනේ
Deleteඩයල් එක පොඩ්ඩක අවුල් තමා මයේ හිතේ හැප්පිච්ච වාහන එක්කම ගනුදෙනු කරන හන්දද කොහෙද
Deleteබොලා තුන්දෙනාම ගිහින් හොද ඇස්වෙදෙක් හමුවෙයන්.ඉදගෙන
Deleteඋපන් දිනේටත් අවුරුද්දටත් දෙකටම මගෙන් සුබ පැතුම්.අයිය කතාව නං අනේ මංදා.
ReplyDeleteබොහොම ස්තුතියි හැලපයියෙ.ඉතින් කියන්න ආපුඑක කියලම හිටින්කො.අපි තරහවෙන්නෙ නැ බන් උබලවගෙ අය බැන්නට.
Deleteසමාවෙයන් අයියෙ මට කියන්න බැරිවුනා.උබ තමයි මගෙ බ්ලොගෙ ඉස්සෙල්ලම කමෙන්ට් කරේ
Deleteසමාවෙයන් අයියෙ මට කියන්න බැරිවුනා.උබ තමයි මගෙ බ්ලොගෙ ඉස්සෙල්ලම කමෙන්ට් කරේ
Deleteඋභ උපන් දිනයක් උඹටයි බ්ලොගටයි දෙකටම. උඹත් උපන් දිනේම බලලා ඒක පටන් ගත්තේ නේද?
ReplyDeleteපියඹගේ පළමු පෝස්ට් එකටත් සුණ පැතුම්.
පියඹගේ දෙක හෝ තුන මට මතක විදියට..
Deleteඑක ප්ලැනකට කරපු දෙයක් නෙමෙයි.අටමට මම ලියල දැම්ම.මිනිහ එක පොස්ට් කලා.එච්චරයි.පස්සෙනෙ බ්ලොග හැදුවෙ.සුභ පැතුවට බොහොම ස්තුතියි ඩුඩ්.පියබගෙ මෙ තුන්වෙනි එක.බිරිදගෙ සිතුවිලි කියන ලෙබල් එකෙ තියෙන්නෙ එව තමයි.
Deleteදේශ උබ හරි
උඹත් මාර දිනේක නේ වැඩේ පටන් අරන් තියේනේ... උණූසුම් සුභ පැතුම්.. කෝ කේක්..
ReplyDeleteබොහොම ස්තුතියි මචන්.මම කිවුව කියල අර අබගහ යටින් ඉල්ල ගනින්.නැත්තම් අර කඩෙ අක්කගෙන් ස්පචියක් ඉල්ලගනින්
Deleteදෙකටම ජය වේවා .... උබට හොඳ බිරිඳක් ඉන්න නිසා අමුතුවෙන් ජය වෙන්න දෙයකුත් නෑ බලන් ගියාම
ReplyDeleteබොහොම ස්තුතියි මචන් .මෙව ගැනිට පෙන්නල මට වසන්න බැරිවෙයිද මන්ද
Deleteගැනි කියන්ඩ එපා නෝනමහත්තය කියන්ඩ
Deleteඋබ හරි වෙලාවකට නොනයි මහත්තයයි දෙන්නම එයා තමයි.
Deleteඅක්කගෙන් ආදරණිය සටහනක්..
ReplyDeleteඅයියගේ උපන්දිනේටයි බ්ලොග් උපන්දිනේටයි දෙකටම හදවතින්ම සුබ පැතුම්..
බොහොම ස්තුතියි සහො
Deleteබිරින්දෑගෙන් මෙවන් සටහනක් ලබන්න මොන තරම් වාසනාවන්තයෙක් වෙන්න ඕනිද ? උඹලා දෙන්නාගේ සෙනෙහෙවන්ත ආදරයට දීර්ඝායුෂ පතනවා . දවසක් පහු වුනත් කමක් නෑ සුබ උපන් දිනයක් හා සුබ බ්ලොග් පෝස්ට් ඇනිවසරියක් වේවා!
ReplyDeleteබොහොම ස්තුතියි මචො.ඊට වැඩියනම් යමක් කියන්න බැ.මම එපයි ගෙදර ඉන්න
Deleteඋඹටත් බ්ලොග් එකටත් එකෙන්ම සුභපැතුම් බොසා..දන්නවනේ අපි ඉතිං මෙහෙම චෑන්ස් එකක් වදිනකං ඉන්නේ . අක්කාටත් කියහං සුභපැතුවා කියලා.
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
එකෙන්ම ස්තුතියි බොක්ක.හෙනම් පටන් ගමු.
Deleteචියර්ස්.
උපන් දින දෙකටම සුභ පැතුම් :)
ReplyDeleteබොහොම ස්තුතියි පරී.
Deleteමට මක්කටෙයි විස්කෝතු ඔහේනේ මහන්සි උනේ ඔහේම තියාගන්ට
ReplyDeleteආ අමතකවෙලා කමෙන්ට් දෙකතුනක්ම දැම්මා . ඇනෝ කෙනෙක් කියල තිබුනා එකකට වඩා දාන්ඩ එපා කියල
දැන් ඇනො කියන විදියට වැඩ නේ.එහෙම තමයි හොද ලමයි
Deleteඋපන් දිනයට අක්මාවෙන්ම සුභ පතනවා...පවුල ලියලා බොගේ පල කරන්න කියලා දුන්න ටිකට ඒ ලියවිල්ලෙ වචන එහෙට්ට මෙහෙට්ට කලාද කියලයි මම කම්පනා කොලේ හැබෑටම...මොනවා උනත් මේ වගේ සහයෝගයනේ ඉන්න එකම කොච්චර දෙයක්ද....
ReplyDeleteබොහොම ස්තුතියි සිරා.
Delete// වචන එහෙට්ට මෙහෙට්ට //
මගුලක් කියනව එහෙම කොරල හරල ආයි මම ගෙදර ඉන්නද.ඉට හොදයි වනිතට මොකක් හරි කියනෑක.
වනිතගෙ කමෙන්ට් මම දැකලා තියෙනවා...තවම කාමරේ පැත්තෙ ඇවිල්ලා නෑ...
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඋපන්දිනේටයි බ්ලොග් අනිවසරියටයි උණුසුම් සුබ පැතුම්..
ReplyDeleteතුශානි ටික කාලෙකින් නේද? බොහොම ස්තුතියි
Deleteගී පවුරේ අපි සියළු දෙනා වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් දමියා...මේ ලියුම දැක්කම නම් ඉරිසියා හිතෙනවා බං...අවංකවම...මටත්( අසංක ) හිතෙනවා කොහොම හරි බැඳලා වයිෆ් ගෙන් මේ වගේ ලියුමක් ගෙන්න ගන්න...හි...හි...
ReplyDeleteසෙට් එකටම බොහොම ස්තුතියි මචන්ලා.කොහොමහරි බදින්න එපා හොදට බලහන් ජිවිතෙ ඉතිරිටික සම්පුර්නයෙන්ම එයත් එක්ක සතිටින් ඉන්න පුලුවන්ද කියල.තමන්ට නෙමෙයි අනුන්ට සලකන විදිය දිහා බලහන්.එක තමයි එයාගෙ ඇත්ත විදිය.
Deleteආවාමයි... මෙන්න බොලේ උපන්දින පාටියක්!!!
ReplyDeleteLate Wishes!!! Happy Birthday!!!
thank U very much.welcome to the Haya Hathara
Deleteනියමයි අයියේ...දිගටම ලියන්න ඔය විදිහටම..හැමදාමත් එන්නම් අපිත් ඔන්න
ReplyDelete