Tuesday, February 11, 2014

සහෂ්‍රකයේ ඉල්ලන් කෑම


හොර දෙශකය වැවර කතාවක් ලියල තිබුන නේ. ඔක දැක්ක ගමන් මට මතක් වුනා මට සිද්දවුන අලකලන්චියක්.පටි රොල් කරගන්නෙ නැතුව බේරුනෙ පෙර කුසල කර්මෙකට.

මෙක සිද්දවුනෙ 99 දෙසැම්බර් 31.සහස්ශ්රකෙද මෙකේද රාත්රිය කියල අපිව ෆුල් චුන් කරල නෙ තිබුනේ.

ඔය කාලෙ මම කටුනායක IET එකෙ ඉගෙන ගන්න කාලෙ.ගමෙ සෙට් එකම එදාට සෙට් වෙන්න ඔන කියල කලින්ම කතා කරගෙන තිබුනේ. මමත් හවස තිබුන Drawing practical එකත් කට් කරගෙන හොරාට සිල් එක ගහගෙන කොහොම හරි හවස 6.30 විතර වෙනකොට ගමට ආව.

දැන් ඉතින් දෙයියනෙ කියල හැන්දැවෙ 8 විතර කට්ටියම සෙට් වුනා අලුතෙන් දාපු රෙස්ටුරන්ට් එකකට.ඔක්කොම 8 දෙනෙක් විතර හිටිය.ගල් බොතල් එකහමාරක් විතර යන්තම් ඉවර කර ගත්ත.


මෙ කාලෙ කියන්නෙ මුඩිය පෑගුනත් වැනෙන කාලෙ.
රෑ එකොලහට විතර සෙට් එක බැස්ස එලියට.තම තමන්ගෙ බයිසිකල් එහෙම තල්ලු කරගෙන.

ප්‍රධාන පාරට ආව විතරයි අපෙ එකෙක් (එයාට කියමු බන්දු කියල ) බයිසිකලේ කෙලින් කරල ෂිට් එකෙන් අල්ලල තල්ලුකලා පාර දිගෙ යන්න.

හොද වෙලාවට පාරෙ වාහන තිබුනෙ නැ.බයිසිකලෙ වැනි වැනි පාර හරහට ගියා.

පාරෙ ආපු ත්රිවීල් එකක් බොහොම අමාරුවෙන් එකෙ වදින එකෙන් බෙරිල අයිනට ගියා.ත්රිවීල් කාරයට සොරි කියල ශෙප් එකෙ යැවුව.


මෙන්න බොලෙ අර බන්දුව අපිට බනිනව අපි අර ත්රිවීල් කාරයට ගහන්න ආවෙ නැතිලි.උගෙ අනිත් යාලුවොනම් කාගෙ වැරද්ද වුනත් උත් එක්ක ගේමට එනවලු.

මම කෙලින්ම උට බැන්න අපි එ ජාතියෙ යාලුවො නෙමෙයි වැරැද්ද අපෙ කියල.

ඇත්තටම ත්රීවීල් ඩ්රියිවර් බයවෙලා හිටියෙ.අපි සෙට් එකක්ම හිටිය .එත් දෙයියනෙ අපි වැරදි කරල වෙන එකෙක්ට පර්ට් දාන්න පුලුවන්ද.

මට අම්බානකට මල පැන්න.අනිත් එවුනුත් මුට බැන්න.
ඇත්තටම පොරත් එක්ක මම කලින් බිල තිබ්බෙත් නැ.මම හිතුවෙ අපි වගෙම එකෙක් කියල.

දැන් ඔන්න ඉට පස්සෙ මොකද කරන්නෙ කියල කතාවෙනව.
මුලින්ම කියන්න බැරි වුනා මම ගමෙ කියල කිවුවට අපි ඔක්කොම සෙට් වෙන්නෙ මගෙ ගමට කි.මි 4 විතර ඇතින්.යාලුවො සෙට් එකම වගෙ ඉන්නෙ හරියෙ.ඔය බන්දු ඉන්නෙ නම් මටත් වඩා ටිකක් දුර.


"පන්සලේ පිරිත් තියෙනව යමු" එකෙක් කියපි

කට්ටියම කැමතියි.මටත් අමතකයි ඔය පන්සලෙ දහම් පාසලෙ මම උගන්නනව කියල.
පන්සලට යනකොට සූ ගාල සෙනග.කට්ටිය හිමිහිට ගියා පන්සල පිටිපස්සට.
වෙහෙර මලුවට එහා පන්සල් වත්තෙ තැඹිලි ගස් තියෙනව.

"කඩමු තැබිලි"බන්දු කියපි

අම්මප මමනම් එක හෙලාම විරුද්ධ වුනා මෙකට.

 එත බන්දුව මගෙත් එක්ක මලෙන් හිටියෙ.අනිත් වුනුත් කිපදෙනෙක් කැමති වුනා.
ගසුත් ගොඩක් උස නැ.පොල් පිත්තක ඔලුව කැල්ල කඩල ගහට හෙත්තු කලාම අතින් කඩා ගන්න පුලුවන්.

කට්ටියම ඉතින් තැඹිලි කඩල වෙහෙර පාමුල තියාගෙන බොනව.
ඔය වෙලාවෙ එතන්ට ආව පන්සලෙ හැම වෙලෙම ඉන්න උපාසක ඇත්තෙක්.මිනිහ ඇවිල්ල සුපිරි චිත්තෙ.

මම වැඩෙට අකමැති වුන නිසා මම හිටියෙ ටිකක් එහාට වෙන්න.

උපාසක ගොයිය "කවුද කවුද ඔතන” ගාගෙන ටොච් එකකුත් ගහගෙන ආවෙ.
බන්දුව පොරවගෙ තැබිලි ගෙඩියකුත් අතින් අරගෙන ගියා ඉස්සරහට.

ගිහින් බැන්නනෙ මු අර ගොයියට කුනුහරුපෙන්.මිනිහ ගියා ආපුවෙගෙට වඩා වෙගෙන්.

දැන් ඔන්න වැඩෙ දෙල් වෙන්න යන්නෙ .මම කිවුව දැන් මෙතනින් යමල්ල කියල.
කොහොද මුන්ට කියන දෙයක් අහන සිහියකැ ඉන්නෙ.කියල කටගන්න වුනෙ නැ ලොකු හාමුදුරුවො එනව අර ගොයියත් එක්ක.

කට්ටිය හිමිහිට මාරු වුනාට බන්දුව ගහක් එහා පැත්තට ගිහින් හිටිය.

හාමුදුරුවො ආවෙ ලොකු ටොච් එකක් අරගෙන.හාමුදුරුවො පොරව දැක්ක.

කෙලින්ම ගිහින් අල්ල ගත්ත බන්දුගෙ අතින්.අල්ලගෙන ටොච් එක මුනට ඇල්ලුව.
එතකොට බන්දු ටොච් එකෙ මුන අති වැහුව.මෙතන පොඩි පොර බැදිල්ලක් වගෙ එකක් ගියා.

බන්දුවට පැන ගන්න බැරි වෙනවවගෙ වෙනකොට මිනිහකලා නියම වැඩක්.
මොකක් කියලද හිතන්නෙ  ?

නැ නැ එක නෙමෙයි.

මිනිහ ගැහුව හමුදුරුවන්ගෙ කම්මුලට.ගහල පැනල දිවුව.

මෙ ඔක්කොම අපි දැක්කෙ නැ. බන්දු ගොයිය තමයි පස්සෙ අපිට විස්තරෙ කිවුවෙ.
දැන් මෙතන එක කෙලියයි.ආනන්තරිය පාපකරුමයක් කොලා සේ වැඩෙ සෙට් වෙලා.

අපි හිටියෙ වෙහෙර මලුවෙ එහා පැත්තෙ.අපිත් නොදන්න ගානට ඇහුව මොකද වුනෙ  කියල.

ඉට පස්සෙ මැන්ව හොයමු කියල අපිත් ආව හිමිහිට.එනකොට මෙ යකා ඉන්නව පාරෙ හැන්ගිල.

ඔක්කොම ඉවරයි කියල හිතාගෙන අපිත් ගෙවල් වලට ආව.මමත් එක්ක බන්දුව ආවෙ.මිනිහ අපෙ ගෙවල් පහුකරගෙන යන්න ඔන.එනකන් මම මුකුත් කතාකලෙ නැ.

දැන් මොනව කියන්නද.වැඩෙ කාල ඉවරනේ.
ඔන්න පස්සෙන්ද එලිවුනා.

2000.01.01

මම ගියා පුස්තකාලෙට පත්තර ටිකවත් බලල එන්න.
ආපහු එනකොට මෙන්න නිවුස් එකක් එනව සෙට එකම ගෙදර අයත් එක්ක පන්සලට ගිහින් කියල.
බන්දු ගොයියටත් යන්න වෙලා.නිකම් නෙමෙයි දෙමවුපියිත් එක්කම.
මට හින් දාඩිය දැම්ම.ඇයි දෙයියනෙ මෙවුව ගෙදරට කියන්න ඇහැක.

හිමිහිට හොයල බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල.
එතන හිටිය උපසක ගොයිය කියල අපෙ සෙට් එකම හිටියෙ අර ගහපු එකත් එක්කම තමයි කියල.
හරියෙ ගෙවල් තිබුන හැමොටම පනිවිඩ එවල දෙමවුපියොත් එක්ක පන්සලට එන්න නැත්නම් පොලිසියට යනව කියල.
ගහපු එකාවත් එක්ක එන්න කියල.මොකද මිනිහව  හරියෙ කවුරුවත් අදුනන්නෙ නැ.

හොයල බලද්දි මාව මාට්ටු වෙලා නැ.පෙර පිනකට වගෙ. මුලින් උපාසක ගොයිය එනකොට මම එතනින් ගියා නේ.

පස්සෙ දැකපුවමත් හිතල තියෙන්නෙ මම කලින් පන්සලට ඇවිල්ල මෙ සිද්ධිය බලන්න ඇවිත් කියල.

යානතම් මගේ පටි බෙරුනා පෙර පිනකට.

එදා මම ඉගෙන ගත්ත පාඩමක් බීල අනවශ් ගමන් නොයන්න සහ අනවශ් මිනිස්සුත් එක්ක නොබි ඉන්න.

ඉට පස්සෙ මම ඔය බන්දු ඉන්න තැන කිප සැරයක් බිල තියෙනව.එත් කිසිම ගමනක් නම් යන්නෙ නැ.

අනවශ් දෙයක් වෙගෙන එනව නම්.කිවුවට නවත්තන්නෙත් නැත්තම් මොකා මොනව හිතුවත් මම යනව උන්ව දාල.


මම එහෙම කිප සැරයක්ම කලා

25 comments:

  1. බන්දුව මහ කාලකන්නියෙක්නෙ අයියෙ... ආශ්‍රය කරන්න තියා ගමේ තියන්න වටින එකෙක් නෙමේනෙ...

    ReplyDelete
    Replies
    1. මල්ලිට කියන්න මල්ලි සම්පුර්න ඇත්ත.මෙ කතාව ගොඩ දෙනෙක් දන්නෙ නැ.කියන්න බැ නොවැ.මෙක දැන් ඉන්නෙ රට.මම ගමෙ ගියත් ඔක ලන්කවෙ ඉන්නව කියල දැන ගත්තොත් ගමෙ එවුන් හමුවෙන්නවත් මම යන්නෙ නැ.

      Delete
  2. අපොයිඅපොයි . මගෙත් හිටියා බීවම ගහගන්න එන යාළුවො එත් ඔයතරම් දරුණු ගනයේ කේස්නම් වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැ බන්.කොහොමද ලොකු හමුදුරුවන්ට ගහල පොලිසි යන්න වුනා නම්.හයියෝ

      Delete
  3. ඌ නං පුදුම එකෙක් නෙහ්... අපෝ ඔහොම එවුන් ආශ්‍රය කරන්ඩත් බය හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. දැන ගත්තෙ අදා බන්.ඉට පස්සෙනම් හම්බො.හරිම පරෙස්සම්

      Delete
  4. බොන්න ඕන හොද ශුවර් එවුන් එක්ක කියනවනේ.. නැත්නම් ඉතින් ලෙඩ තමයි.. 2000දි මම හිටියේ ඉස්කෝලේ 8 පන්තියේ..

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත දිනේෂ්,හොද පාඩමක් ඉගෙන ගත්තේ

      Delete
  5. පන්සල් කේස් ගමේ ඉන්න කාලේ ඔසේට තිබ්බ දමිය...
    උඹල කරලා තියෙන්නෙ සිම්පල් දේවල් නේ බන් ....
    කොහොමත් එල කතාව අපේ ආචාරිගේ & ඔමාගේ සින්ඩියේ එල්ලාපන්..
    මම අදයි දැනගත්තේ .....මචෝ.....
    සතුටුයි.....

    ReplyDelete
    Replies
    1. උබ මගුලක් කියනව අයියෙ.මමනම් හද්ද බයෙන් හිටියෙ.කොහොමද දහම් පාසලෙ උගන්නන කෙනෙක් ලොකු හාමුදුරුවන්ට ගහල පොලිසි ගියා නම්.
      ඇත්තට බ්ලොග ගැන කලින් දැනගෙන හිටියෙ නැද්ද.හයියූ

      Delete
  6. ආපෝ ඔහොම වාත වෙන උන් නම් කොහෙත් ඉන්නවා දමිත් අයියෙ.

    ReplyDelete
    Replies
    1. හරි සනීපයි නෙ උන් ආතල් කැවම

      Delete
  7. පොරට බිව්වාම කිසිම කන්ට්‍රෝල් එකක් නැති විදියයි. හැබැයි ඉතින් කවදා කන වෙලාවට හරි කනවා ඇරියස් එක්කම. ඔව් හොඳම දේ ඔය වගේ චරිත වලින් ඈත් වෙලා ඉන්න එකයි.

    දැන් අවුලක් නැතුව ඇති. උඹේ ටෙස්ට් පෝස්ට් එක උඩටම ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනෙ මන්ද මිනිහ නිකන් ඉන්නකොට කරන්න බැරි දෙවල් බිල කරන්න යනවද කොහෙද

      Delete
  8. උඹලත් අර වලහ එනකොට ගහට නැග්ග යාලුවා වගේනේ. පව් අර අහිංසක බන්දුවා. උඹලා මොන හිතකින්ද ඒ වගේ අහිංසකයෙක් බිල්ලට දුන්නේ මන් අහන්නේ...:D

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා ඔය බොරු චන්ඩි බිව්වම වීරයෝ වෙන අය ඉන්නවා නේද ?ඇත්තටම කෙස් එකක් ආවොත් ඉස්සෙල්ලම දුවන්නේ උන්'

    ReplyDelete
    Replies
    1. උබ වෙඩිමක් කියනව.එ ගොබිල කරපු දේට අනිත් උන් පරිප්පු කැව.පෙර පිනකට මම බෙරුන.
      උබ කියපු එක ඇත්ත.උ චන්ඩිය නම් අර ත්‍රීවීල් එකාගෙ උ ගේම ඉල්ලනව නෙ.එහෙම නෙමෙ උ බලන් හිටියෙ අපි උට ගහයි කියල.

      Delete
  9. පොඩ්ඩක් දැමම පිස්සො වෙන ඩයල් ඉන්නව. උන් නං කපා හරින එකම තමයි හොඳ.

    ඔය තියන්නෙ බං පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. අපො කියල වැඩක් නැ බන්.ඔය ජාතියෙ එකෙක් හිටියම ඔක්කොම ඉවරයි.
      මෙ පොස්ට් එක අප්ඩෙට් වෙලා පෙන්නන්නෙ නැ නේ

      Delete
  10. ගොන් ඩයල් එක්ක බිව්වාම හෙන කේස් බන්.....

    පූසා එක්ක තියෙන බෝතලේ මරු බීමක් බන්. අපි හිටපු ගමන් ගහනවා. ඕක Tequilla එකක්. salt එක්ක රසයි. බන්දුට නම් දෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මු අනිත් වෙලාවට වචන් දහයක් කතා කරන්නෙ නැ අයියෙ.මොනා වුනත් එචර තමයි උත් එක්ක නැටුම්.
      උබ එන දවසට එකක් ගෙනෙන් හොදෙ.මම දෙන්නම් හොද බයිට් එකක්.

      Delete
  11. සිහ් බං උඹ දානා ඒවා ඇයි මට අප්ඩේට් නොවෙන්නේ. කරුණාකර මුනුපොතේ මට මැසේජ් කරහං අනිත් දවස‍ෙ. යකෝ බන්දුවා මාර මිනිහෙක් නේ.. ලොක්කට නෙලල හරි බේරෙන්න කොච්චර මොලයක් තියෙන්න ඕනද? තිරිවිල් එකට පොරව තල්ලු කරේ උඹලම නේ බං..

    ReplyDelete
    Replies
    1. ඔකේ මචො මුනුපොතෙ දාන්නම්.
      අනෙ උගෙ මොලෙ.තවඩින්ගෙන් රෙදි නැ.
      අපි කොහෙද යකො උව තල්ලුකලෙ.උගෙ බයික් එක තමයි තුන්සකය යන්තම් බෙරුවෙ.

      Delete
  12. ඒකත් එහෙමද එහෙනං......අනේ අම්මේ එදා අපි එක්ක සෙට් වෙච්ච එකෙන් අපි අරවගේ ගොඩට වැටිලා නෑ කියලා තේරුනා.....
    කෝ මේ අටං වරකෝ ඉක්මනට මෙතැනට.....ඔන්න සාක්කි කාරයෝ උඩ ඇවිත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඇයි නලින් අයියත් බිවුවම කාටහරි ගහන්න යනවද?
      අටමද.අපො උ ගැන නම් කතාකරල වැඩක් නැ.අඩුගානෙ උ හදල දීපු එක කියලවත් බලකො.එහෙමවත් නැ.
      අම්මපා මටනම් ජිවිතෙට හම්බවුනෙ නැ මෙ වගෙ එකෙක්.

      Delete
  13. හහ් මරු කතාව. මං හිතන්නෙ කොයි සැට් එකෙත් ඔය වගේ එකෙක් දෙන්නෙක් ඉන්නවා.
    ගිහින් බලමුකෝ මේකත්.
    තෙලිදිය වාඩිය
    හැබැයි මූ නම් තාම දීල තියෙන්නෙ හිනාකාල පණ යන පට්ට ආතල් විතරයි.

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි