Sunday, November 17, 2013

රැකගනිමු පණ වගේ



'
'අලුත බැදපු ජෝඩුවකට කොච්චර ලස්සනට ඉන්න පුලුවන්ද? ඒත් ඒක මට උරුම වුනේ නෑ.ගිහානුත් මාව බැදල තියෙන්නේ මගේ තාත්තාගෙ දේපල වලින් වැඩි කොටසක් මට පවුලේ එකම කෙල්ල නිසා ලැබේවි කියලා හිතාගෙන 
''මේ ..........''සමනලී''...........ගෙ මුවින් පිටවෙච්ච එක කෙටි වචන කීපයක් විතරයි.
අයියලා දෙන්නෙක්ගෙ හා අම්මා තාත්තා එක්ක ඉදපු පවුලේ බාලයා සමනලී.තාත්තා බිස්නස් කරන්නෙ.වැඩියෙන් සල්ලි දේපල තිබුන නිසා මෙයාල හොද සැප පහසුවට ජීවත් වුනත් සමනලීගෙ අම්මා සමනලීට අවුරුදු 12 විතර වෙද්දී වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා.එහෙම පවුලකට මොකද වෙන්නෙ කියලා හිතාගන්න පුලුවන්ද
පුලුවන්.හැබැයි මේ ...හිතන කතාව නෙවෙයි.
 අයියලා දෙන්නයි තාත්තායි බිස්නස්කරන්න යනවා.සමනලී ආසාවෙන් ස්කෝලෙ ගිහින් හොදට ඉගෙන ගත්තා.
අවුරුදු දෙක තුනක් විතර යද්දීතාත්තා තනි කැමැත්තට අවුරුදු  10 විතර පුතෙක් ඉන්න ගෑනු කෙනෙක් ගෙදරට එක්ක ගෙන එනවා.(සමනලීගෙ කුඩම්මා).
ආපු පලවෙනි දවසෙම
 ''දැන් මේ ගෙදර වැඩ කෙරෙන්නෙ මට ඕනි විදියටයි.''
කියලා සමනලීට කිවුවා.කිසිදෙයක් තේරුම් ගන්න බැරුව අම්මා ගැන දුක් වෙවී ඉන්න සමනලීට මේක මහාදුකක් වුනා.
සමනලී කෙරෙහි තාත්තාගෙ තිබුනු ආදරයත් ටිකටික අඩුවෙන්න පටන් ගත්තා.
කුඩම්මා ඇවිත් ඉතා කෙටි කලකින්  සමනලීගෙ පාසල් ගමන සම්පූර්නයෙන් නතර කරලා ගෙදරට කොටු කර ගත්තා.
දාසියකගෙ වැඩ ටික ඔක්කොම  කලේ සමනලී.උයන පිහන, අස්පරස් කිරිලි,රෙදි පෙරදි සේදිලි, කලේ මෙයා තමයි.හිතන්න මේ පොඩි කෙල්ලට උහුලන්න පුලුවන් බරක්ද මේක.
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ''කුඩම්මා'' කෙනෙක් මෙයා. සමනලී මේවා තාත්තාට කිවුවත් වැඩක් වුනේ නෑ.
කුඩම්ම තාත්තාට මොනවා හරි කියලා සමනලීට ගස්සවනවා.තාත්තාටත් කුඩම්මාගෙ වචනය විශ්වාසයි.එක දවසක්


''මේක හොදට අහ ගනින් මේ දේපල වලින් උබට අයිති හතරෙන් එකක් විතරයි.ඒවට ඇහැගහගෙන ඉන්න එපා''කියලා කිඋවා.

සමනලීට වෙලාවෙ කුඩම්මාගෙ පොත තේරුනා.අයියලත් වැඩිය මේ ගැන හෙව්වෙ නැති නිසාත් ,අයියලාට කිවුවත් කිසිවක් සිදු නොවන නිසාත් මේ සියල්ල පපුවෙම තදකර ගත්තා.
''පමනක් දවස් වලට දවසෙම කන්න බොන්න නෑ.කාමරේකට දාල දොර වහලා තියනවා.'
'මේ තවත් වෙලාවක සමනලීගෙ කටින් පිටවෙන දුක.

"එයාලට ඕනි කලේ මගෙන් නිදහස් වෙන්න.මට හරියටම 18 පිරුනා විතරයි මාව කාටහරි බන්දලා දෙන්න හෙවුවා.හොද ප්රොපොසල් ආවා.ඒවට කැමති වුනේ නෑ.පස්සේ රෙන්ට් එකට ගෙයක ඉන්න සුලු රැකියාවක් කරන කෙනෙක්ට මාව බන්දලා දෙන්න කතාකලා.මම කැමති වුනේ නෑ.මාව කාමරේකට දාල භූමි තෙල් දාල මාව පුච්චනවා කැමති වෙයන් කියලා මගේ ඇග පන නැතිවෙනකල් ගැහුවා.පස්සෙදි මටත් මේ අපායෙන් ගැලවෙන්න වුවමනාව නිසාම මම කැමති උනා.''

අපි හිතුවට මේවා ටි.වි. එකේ පෙන්නන කතා විතරයි කියලා.එහෙම නෑ.
මමත් හිතුවා ටෙලි නාට්යවල චිත්රපටිවල මේ වගේ කතා යද්දී.ඒවගේ ගොඩාක් දේවල් අද මේ පුන්චි රටේ,අපි අර උදම් අනපු ධර්මද්වීපයේ ඇති නැති බේදයකින් තොරව ඕන තරම් වෙනවා.අපි දන්නෙ ප්රසිද්ද වෙන එකක් දෙකක්  විතරයි

''පොඩියට උත්සවයක් අරගෙන බන්දලා දුන්නා.මුදලින් රු:50000/=කුයි, පොඩි පොඩි බඩු ටිකකුයිඅරගෙන දුන්නා.ගිහාන් හිතුවා වගේ අපේ ගෙදරින් ලැබුනෙ නැති නිසා බැදපු දා ඉදලා ගිහානුත්, ඒගොල්ලන්ගෙ ගෙදරිනුත් මට වද දෙන්න පටන් ගත්තා.ඇත්තටම බැදපු දවස ගැන කියන්න ඕනි, මම ලින්ගිකත්වය ගැන ලොකු දැනීමක්තිබුනු කෙනෙක් නෙවෙයි.මට ඒව ඉගෙන ගන්න හරිහැටි ස්කෝලෙ යන්නත් බැරි උනා.තරමක දැනීමක් විතරයි තිබුනේ.එදා මම හොදටම ඇඩුවා.''

 කියලා සමනලී අඩන්න ගත්තා.මේක ගොතපු බොරු කතාවක් කියලා කියයි.අදටත් මෙයා ප්රතිකාර ගන්නවා.සමනලී දෙවතාවක් සියදිවි නසාගන්න හදලා.ඒකට හේතුව මෙහෙමයි කිවුවේ

''මගේ පහසුවට කියලා කපටි කමට ගෙදර වැඩට කියලා ගෑණු ගෙන්න ගන්නවා,එක මනුස්සයෙක් ආවම වැඩිකාලයක් මෙහේ ඉන්නෙ නෑ.මම පන්න ගන්නවා. ගැණු එක්ක මේ මිනිහා එකට ඉන්නවා.(ලොකු කේන්තියක් මූණෙ මේ වෙලාවෙ තිබුනේ)මම මගේ ඇස් දෙකෙන්ම දැක්කනේ දෙයියනේ ''
කියලා ආයෙත් අඩන්න පටන් ගත්තා.

''මම මේව ඉවසන්න බැරුව තමයි මැරෙන්න හැදුවේ. වෙද්දී මට බබෙක් හැදෙන්න ඇවිත්,පුදුම තරහක් මට මේ බඩට ආපු එකා එක්කත් තිබුනේ.මම අහලා තිබුනු විදියට අන්නාසි ගැට කෑවා,ගස්ලබු ගැට කෑව,උඩවල් වලින් පැන්නා,මේක නැති වෙන්න කියලා හිතාගෙන.හරි ගියේ නෑ,එයා ඉපදුනා.දැන් එයාට අවුරුදු 7.මට එයාව වෙලාවකට පේන්න බෑ. මම පුන්චි වැරද්දටත් ගහනවා බනිනවා වැඩිය ලගට ගන්න හිතෙන්නෑ.එයා දැන් ස්කෝලෙ යනවා.එයත් ටිකක් නපුරුයි.මගේ වැරදි නිසයි කියලා මම දන්නවා,ඒත් මට එයා පේන්න බෑ''
 කියලා ආයෙත් අඩන්න පටන් ගත්තා.



  අතර දවසක සමනලීගෙ අම්මා හමුවෙනවා.
''ඇයි අම්මා මට මෙහෙම කලේ''
 කියලාඅඩ අඩා අහද්දිත් කෙල්ලගෙ රිදුන හිත අම්මා කියන කෙනා කලේ තවත් රිදවපු එක විතරයි.
''තාත්තාගෙ දේපල ඔයාගෙ නමට ලියපු කාලෙක මගේ ලගට ගන්නම්''
 ඒක තමයි අම්මාගෙ උත්තරය.
''අම්මා ගැනත් හිතේ තිබුනු අන්තිම ආසාවත් නැතිවෙලා ගියා''.

මොන ප්රශ්ණය වුනත් මෙහෙම දරුවො දාලා යන්න නම් දරුවො හදන්න එපා.අම්මා ලග නැතිව ගෑණු දරුවෙක්ට තියා පිරිමි දරුවෙක්ටවත් රැකවරණයක් නැති කාලයක් මේක. ආයෙත් කතාවට යමුකෝ.සමනලීගෙ තාත්තා සමනලීගෙ දරු පැටියව බලන්න එනවා යනවා.(පවුලට එකතු වෙච්ච පලවෙනි සමනල් පැටියා නිසා වෙන්න ඇති කියලා සමනලී හිතුවා). 
දවසක් මේ පුන්චි කෙලි පැටියා අම්මාට කියනවා
''අම්ම සීයා මට.....................................කලා'' කියලා.
සමනලීට හිතගන්න බැරි වුනා.විශ්වාස නොකලත් ඇය මේ ගැන සෝදිසියෙන් හිටියා.දවසක් තාත්තා ඇවිත් මේ චූටි සමනල් පැටියව අතට අරගෙන උකුලෙන් තියාගෙන වාඩි වෙලා ඉන්න වෙලාවෙ සමනලී ඇහැගහගෙන හිටියා තාත්තාට නොපෙනෙන්නට.
'' මේක ඇත්ත නේද ,මාව කාලකන්නි කලා මදිවට මේකිටත් මෙහෙම කරන්නෙ  ඇයි ''
කියලා අහන ගමන්ම දුවලා ඇවිත් දරු පැටියා ගත්තා.තාත්තා සද්ද නැතිව ගෙදරින් ගියා.

 තාත්තා කුඩම්මට  මොකක් හරි බොරුවක් කියලා වෙන්න ඇති එයා ගම පුරාම කියකිය යනවා සමනලී තාත්තාට අපහස කරන්න හදනවා කියලා.සමනලීට පිස්සු කියලා.
මේ වෙද්දි සමනලී ගිහාන් පවුල විසිරිලා .මෙහෙම අඩ අඩා ඉදිද්දී තමයි මනෝ උපදේශන  සේවයක් ගැන දැනගන්නට ලැබෙන්නේ. අදි මදි කර කර උපදේශනයට සමනලී හැමදාම යන්නෙ සමනල් පැටියවත් කිහිලි ගන්නගෙන.

මුල ඉදලම මෙ පැටියා උපදේශකයින් අහන ඒවට උත්තර දෙන්නෙ නැතිව අඩනවා.
එක දවසක් කිවුවා
 ‘’මම මිස්ලා එක්ක මේව කිවුවම අම්මා මට ගෙදර ගියාම ගහයි’’
 කියලා.උපදේශකයින්ගෙ පපුව උණුවෙලා ගියා. 

සමනල් පැටියා කියපු දේ ඔස්සේ කරුනු හොයාගෙන යද්දී දැනිච්ච දෙයක් තමයි සමනලී චූටි කාලයේ ඉදල මේ දක්වා විදපු මානසික ගැටලු වලට වග කියන්න වෙලා තියෙන්නෙ මේ චූටි පැටික්කියට කියලා.

ළමා අපයෝජනය කියන එක කොටස් වලින් සමනලී පොඩිකාලෙ මානසික ලමා අපයෝජනයට ලක්වෙනවා. තමන්ට කතාබහ කරන්න ප්රශ්ණ වලට උත්තරයක් ලබාගන්න,ආදරේ ලබන්න,විශේෂයෙන් දෙමවුපියනගෙ ආදරේ ලබන්න ,වගේ ගොඩාක් කරුනු වලින් පීඩනයට ලක්වෙනවා.ඒක දෙගුන තෙගුන වෙලා මේ සමනල් පැටියට ලැබෙනවා.මේ පැටියා මානසික වගේම ලින්ගික ළමා අප්යෝජනයටත් ලක් වෙනවා. අපේ මේ සමනල් පැටියා විතරක් නෙවෙයි තව කී දාහක් මේවගේ අත්දැකීම් ලබනවාද?මේවගෙන් කීයෙන් කීයද දැනගන්න  ලැබෙන්නේ.

මේ වගේ අහස පොලව නුහුලන අපරාධ කරන්න කොහොම හිත දෙනවද කියලා හිතාගන්න බෑ.මාස පහ,අවුරුද්ද,අවුරුදු එක හමාර, අවුරුදු තුන,කියන වයස්වල සිද්ද වුනු අපරාද බොහෝම මෑත කාලයේ අහන්න ලැබුනා.මේ හැම එකක්ම හරිම අමානුශිකයි.හිතන්නවත් පුලුවන් වයසක්ද.දෙයියො බුදුන් ඉන්න මේ ලෝකේ බොහෝම ඉක්මනින් මේ වසන්ගත ඉවරයක් වේවි.
 මටනම් හිතෙන විදියට අපි අපේ දරුවන් ගැන මීට වෑඩිය අවධානය යොමු කරන්න ඕනි.අනිත් හැමදේම දෙක ,එක වෙන්න ඕනි අපේ පැටවු ටික.කොච්චර සෙනගක් මැද්දෙ හිටියත් අපි අපේ ඇස් මානයේ දරුවන් තියා ගන්න ඕනි. 

දරුවන් චුට්ටක් බය කරලා ඇත්තම කියලා දුන්නට කමක් නෑ මම හිතන්නේ.මමනම් කියල දීල තියෙනවා.එයා පොලිසියට බයයි.ඒකෙ බලපෑම නම් තවම දන්නේ නෑ.හිත්නවා දරුවා ඒක යහපතට ගත්තා කියලා. මේවා කරන එක්කෙනෙක්ට දෙන්නෙක්ට රජ කාලෙ දඩුවම් දෙනවානම් තරමක් වත් මේ සෙක්ස් පෙරේත සමාජය දරු පැටවු ටිකවත් ඉතුරු කරාවි.(දැනෙන බය තරහ වචන කරන්න බෑ.)

සමනලීගෙ කතාවෙත්සමනලී එයාගෙ සමනල් පැටියට මෙහෙම සලකන්නත් හේතුව එයාට එයාගෙ පවුලෙන් නොලැබුනු ආදරය ,බලෙන් බන්දලා දීම,ගිහාන්ගෙ ඉවසන්න බැරි රිදුම්,වගේ දේවල් සමනලීගෙ ඔලුව කුරවල් කරපු නිසා.  

මේක මට හිතට වැදුනෙ  ටී.වී වැඩසටහනකින්.මගෙත් හිතේ තිබුනා මේව ගැන කියන්න පුලුවන් ක්රමයක් හොයාගන්න.
අනේ ඇහේ දාගෙනම පැටවු ටික බලාගන්න .කවුරු කිවුවත් නිදහස දෙන්න ඕනි කියලා,....ඇස්මානයේ තියෙන නිදහසේ අතහරින්න නොපෙනෙන්න එකමොහොත්ක් ඉන්න එපා.දෙයක් වුනාට පස්සෙ දුක් වෙලාවත් වැරැද්ද වුනේ කාගෙන්ද කියලවත් හොයල වැඩක් වෙන්නෙ නෑ.
කෙලි පැටවු වගේම කොලු පැටවුටත් මේ අවධානමම තියෙනවා.මතක තියා ගන්න කෙලි පැටවුට කරදරයක් උනොත් කායික වෙනස්කම් දකින්න පුලුවන්.හොයාගන්න පුලුවන්. ඒත් කොලු පැටවුන්ට එහෙම බෑ.ගැහැනු ලමයින්ට එහෙම කරදරයක් වෙලානම් ඩොක්ටර් කෙනෙක් මාර්ගයෙන් දැනගෙන අවශ්ය මානසික වගේම ශාරීරික වෙදකම් ලබාදෙන්න පුලුවන්.
ඒත් පිරිමි ලමයෙක්ට උනොත් හොයන්න අමාරු වෙන්න පුලුවන්.සමහර විට ඒකට ආසාවෙන් ඉදල ලොකු වෙද්දීඅතහැර ගන්න බැරිව මානසික ලෙඩ්ඩු වෙන්නත් බැරි නෑ.
කොහොම උනත් අනේ අපේ පැටවු ටික අතාරින්න නම් එපා.මේවා හැමදාම බලන අහන ඒවා වගේ තමයි.අදත් ටිකක් බලලා චුට්ටක් හිතලා චූටියන්ව රැක ගනිමු.

 -දුලානි ගුනවර්ධන-

30 comments:

  1. දමියෝ උබත් නවකතාවක් ලියන්න ගත්තද ???

    ReplyDelete
    Replies
    1. නැ මචො.ලිපිය දාල ඉවර නැ. තව ටිකකින් බලපන් තරහ නැතුව

      Delete
  2. හරි දමිත්,දැන් ජෝඩුවම ලියනව නේද අපූරුයි මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි හැලප අයියේ
      දුලානි

      Delete
  3. දෙන්නගෙම අදහස් ලස්සනයිනේ..

    කතාව නියමයි..ළමයි ගැන හිතන එක තමයි වදගත්ම..

    ReplyDelete
    Replies
    1. ලමයින්ට සැප දෙන්න කියල රෙස් එක දුවල ආපහු බලන කොට ලමයිත් එක්කම ජිවිතෙ පැරදිලා නෙද දිනෙෂ් .බොහොම ස්තුතියි
      දුලානි

      Delete
  4. සිංහල බ්ලොග් කරුවනි වහාම එකතු වෙමු , අරහේ එක පවුලක උන් බ්ලොග් තුනක් අටවගන , මෙහෙන් ගැණියි මිනිහයි ලියනවා , මෙහෙම ගියොත් අපට වෙන්නේ පාරට බහින්න

    ReplyDelete
    Replies
    1. හි හි... ඒක තමයි මේක නං හරි යන් නෑ අටම්... අපිට වෙන්නෙ බ්ලොග් කඩමාල්ලත් කිහිලි ගන්නගෙන පාරට බහින්න මෙහෙම ගියොත්.. හි හි

      Delete
    2. ඉතින් අටමෝ උබත් ලියපන් අටමී එක්ක එකතු වෙලා.....

      Delete
    3. එකතුවෙමු එකතුවෙමු අපිත් පුල් සපොර්ට්
      දුලානි

      Delete
  5. උබ ලියපන් මචන් දෙන්නම එකතු වෙලා..... එල...

    ReplyDelete
    Replies
    1. අපි සැලෙයි ඕවට නේද
      දුලානි

      Delete
  6. මේ මාතෘකාව ගැන කාලෙකට කලින් මමත් ලිව්ව.. මෙතනදිත් පෝස්ට් එකක් තරං දිග කමෙන්ට් එකක් දාන්න වෙනව ලියන්න ගියොත්... ඒකට දැං වෙලාව මදි.. ඒක හින්ද මං කලින් ලියපු එකේ ලින්ක් එක දානව.. සොරි හොඳේ...

    පසුතැවීමට වඩා පරිස්සම හොඳයි... Better be safe than being sorry ..... 2 කොටස

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක කියෙවුව හිරු.මෙව තරමකට හරි අඩු වෙනව සමාජය දැනුවත් කිරිමෙන්
      දුලානි

      Delete
  7. අනේ මන්ද අප්පා. මේ වගේ කතා නම් ඇත්තට අහන්න්න වත් නො වේ වා!

    ReplyDelete
    Replies
    1. අපෙත් පැතුම නම් එකම තමයි දිලිනි.කවද ඉටු වෙයිද මන්දා
      දුලානි

      Delete
  8. මොනවා කමෙන්ට් කරන්නද මන්දා...

    ReplyDelete
    Replies
    1. එක තමයි මධුරන්ග.මෙවට හිත හිර වෙනව.මෙවගෙ දෙවල් මෙ සම්මජෙ වෙනව කියන එක හැමොම දැනුවත් වෙන්න ඕන.එතකොට පාලනයක් ඇතිවෙවි.
      දුලානි

      Delete
  9. යකෝ මේවා බලන්න හිතෙන්නේ නෑ බං. මේ මිනිස්සුද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මෙත් අපේ මිනිස්සුම තමයි

      Delete
  10. ලොකු එවුන්ගෙ වැරදි තමයි.

    ReplyDelete
    Replies
    1. ආත්මාර්ථය විතරක් හිතන සමාජෙන් බිහිවෙන දරුවොන්ගෙ කතාව මේ

      Delete
  11. මෙහෙම ජීවිතයක් ඇත්තටම තියෙනවා කිව්වම මට පුදුම හිතුනා...මොන තරම් දුකක් ඒ කෙනා විදින්න ඇතිද ? හිත ලෙඩ උනාම ඇගේ තුවාලයක් එනවට වඩා සෑහෙන්න අමාරුයි...හොද වෙන්නත් සෑහෙන කාලයක් යනවා...

    ReplyDelete
    Replies
    1. එක එයාගෙ දරුවට බලපාපු විදිය ඉටත් දුකයි නේද

      Delete
  12. අපි කවුරුත් නිතරම අවධියෙන් ඉන්න ඕන පොඩි ළමයි ගැන. ගැහැණු දරුවන්ටත් වඩා අවධානමක තමයි පිරිමි ළමයි ඉන්නේ....ඉස්සර වයිෆ්ගේ අම්මා කියනවා බස් එකකදී ළමයාව නොදන්නා පිරිමි කෙනෙකුගේ ඔඩොක්කුවට දෙනවානම් දෙසැරයක් හිතන්න කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා අරු.මෙක අඩුකරන්න පුලුවන් දැනුවත් කිරිමෙන්ම තමයි

      Delete
  13. කාලෙකින් ආවේ බන් මේ පැත්තේ. ආ දැන් බ්ලොග් කෝච්චියට එන්ජින් දෙකක් හයි කරලානේ . ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. මොකද වැඩ වැඩිවෙලාද? හොදයි නේද එන්ගින් දෙකක් තියෙන එක.තැන්ක්ස් මචන්

      Delete
  14. අම්මෝ දවසකට කීයක් කියල මේ වගේ කතා අහනවද, මිනිස්සු මෙච්චර තිරිසන් වැඩ කරන්නෙ ඇයි කියල හිතාගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. හිතාගන්න බැරි වැඩ කොච්චර වෙනවද නේ?

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි