Monday, September 23, 2013

වාහන වෑඩි වෙලාවෙ පරෙස්සමෙන් යමු"

"වාහන වෑඩි වෙලාවෙ පරෙස්සමෙන් යමු" දුලානි ආපහු මතක් කරා. සාමාන්යයෙන්  මගෙ ඩ්‍රයිවින් ටිකක් වේගෙන් නිසා මේවගෙ මොනව හරි  සෑරින් සෑරේ  කියන එක එයාගේ සිරිතක්.

"හ්ම්ම්" මමත් අනුමත කලා. සිව් මසක ගෑබිනියක් වු ඈයත් වසර තුනක දියනියත් ඉදිරි අසුනෙ නිසා අමතර පරෙස්සමක් මගෙත් හිතේ තිබුනා .

" මේ මොකද මේ "පාර පුරා ඉන්න මිනිස්සු දෑක්ක  දුලානි ඈහුවා.

"ඈක්සිඩන්ට් එකක් වගේ”

"අනේ අන්න තුවාල වෙලා.අර..තවකට්ටිය ,අනේ තාම  එලියට ගන්නවා"

සෙනග අතරින් වෑන් එක ඉස්සරහට ගත්ත මම දෑක්කෙ ලේ පෙරන කිහිප දෙනෙක් පාර අයිනෙ වාඩිකරල ඉන්නවා.

දකුනු පෑත්තෙ  බස් එකකුයි ලොරියකුයි හෑප්පිලා.

" කොහේද මේ  බස්කාරයා ගිහින් තියෙන්නේ කාලකන්නි" මට කියවුනා.

මිනිස්සු කඩියො  වගේ  හෑමතෑනම දුවන ගමන් ඈතුලෙ හිරවුනු මිනිස්සු එලියට ගන්නවා.මට එකපාරටම මතක් උනේ දෑන් මම මොනව හරි කරන්න ඕන කියල.

රියදුරු දොරෙ විදුරුව පහත්කරපු මම………. "තුවාල වෙච්ච අය දාන්න"එතන හිටපු අයට කිවුවා.

මේක උනේ  හරියටම 2011 නොවෑම්බර් 24.මගෙ  ජිවිතේ මාව හිරිවට්ටපු එක අත්දෑකිමක් මෙහෙම ලියන්න ඕන කියල නිකමට හිතු නා.බලන්න ඔයාලට මේක ඒවගේ  අත්දෑකිමක් වෙයිද කියල.



ඔය කියන දවසට කලින් දවසෙ හවස ගෙදර ආපු මම "දුලානි හෙට මට තන්ගල්ලෙ යන්න තියෙනවා ගෙදර යනවනම් ඔයාලගෙ ගෙදර පෑත්තෙන් මට යන්න පුලුවන්"

මගේ බිරිදගෙ මහගෙදර තියෙන්නෙ හක්මන කිරින්ද ප්‍රදේශයේ .ටික දවසකින් ගෙදර නොගිය නිසාත්, යන්න     ඕන කියල ටික දවසක ඉදල කියකිය හිටපු නිසාත් මම යෝජනා කලා.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.ආයතනෙ ගානේ ප්‍රවාහන  වියදම්.මගේ ටිකිරි මොලෙන් වෑඩෙ සෙට් කලා.

පහුවදා  ඒ කියන්නෙ මෙ කාලකන්නි සිදුවිම වුනු දවසෙ. උදේ  7ට විතර ගාල්ලෙන්  මමයි බිරිදයි දුවයි පිටවුනා.මට තියෙන්නේ නිසාන් සෙරිනා වර්ගයෙ වෑන් රථයක්.අර   "සෑමදා ඔබ මගෙ කියන්නේ" ආන්න ඒක. මටනම් සුපිරි වාහනේ.කාර් එකක් වගෙමයි සෑප පහසුව.



 කොලඹ මාතර පාර කියන්නෙ වෙනම විදියකට ඩ්‍රයිවින් කරන්න ඕන පාරක්.පුද්ගලික බස් යන්නෙ එයාලගෙ පාරෙ අපි නයට යනව  කියල හිතාගෙන.අපි පාරෙ යන්න ඕන අපි වෑරදි නොකර වගේම වෙනකෙනෙක් වෑරද්දක් කලොත් ඒකෙනුත් බේරෙන්න බලාගෙන.

දරුවා උකුලට ගත්තු බිරිද ආසන පටිය පෑලදලත් නෑතිනිසා එ ගෑනත් අවධානයෙ තියගත්තු මම වෑඩි අවධානමක් ඈතිනොවෙනවිදියට ගියා,මගෙ පුරුද්දක්  රියපදවන වෙලාවට සයිඩ් කන්නාඩි දෙකයි මෑද කන්නාඩියයි(රුම් මිරර්)  විනාඩියකට පාරක්වත් බලන එක.වෑලිගම පහුවෙලා ටිකක් දුර යද්දි මම දෑක්ක ඔය විදියට බලද්දි පිටිපස්සෙන් අමුතු තාලෙට එන බස් එකක්.

"ඔන්න පිස්සෙක් " කියපු මම බස් එකට යන්න ඉඩදුන්නා.

"අන්න සෝමාවති බස් එකක්.ෂා දෑන් මාතරින් සෝමාවතියටත් බස් එකක් තියෙනවා"

දුලානි කිවුවෙ ඈත්තටම ඒ  වගෙ බස්වල තියෙන වටිනාකම දන්න නිසා.මොකද අපි බෑදල සතියකින් මගේ පොඩි නන්ගි බදින්න හිටපු(දෑන් බෑදල ) මල්ලිගේ අයියගෙ වෙඩින් එක තිබුනා.තිබුනෙ පොලොන්නරුවෙ. ඒකට මමයි දුලානියි ගියා.ගියේ බස් එකේ. කෝල් කරල ශිට් බුක් කරල රෑ 7 ට නෑග්ග පාන්දර 7ට බෑස්සා.මගුල් ගෙදර ගිහිල්ල සියලු දෙ කරල ආපහු රෑ බස් එකට නෑග්ග උදේ ගෙදර.එක දවසයි වෑඩෙ ඉවරයි,

දෑන් වෙච්චදෙ කියමුකො.

වෑලිගම පහුවෙලා මිරිස්සත් පහුවුනා.තල් අරඹ කියන ප්‍රදෙශයට ලන්වෙනවත් එක්කම තමයි අර මම මුලින් කියපු සිදුවිම් ටික සිද්දවෙන්නේ.

බස් එක තනිකරම වෑරදි පෑත්තෙ. ඉස්සරකරන්න යන්න ඈති මොකකට හරි.ඉස්සරහින් ආපු වෑලිපටවපු ලොරියක වෑදිලා.ලොරිය පුලුවන් තරම් අයිනට අරගෙන අයිනෙ තිබුන පස් කන්ඩියෙ වෑදිල තිබුනේ. මේ වෙලාවට බස් එකේසෙනග පිරිල ඉන්නේ. ෆුට්බොර්ඩ් එකෙත් සෙනග පිරුන වෙලාව.




ඒ වෙනකොට කිසිම කෙනෙක් ගෙනිහින් තිබුනෙ නෑ. ඈක්සිඩෙන්ට් එක වෙලා විනාඩි පහක් ඈති ඕනනම්.ලෙඩ්ඩු දාන්න කියපු මම වාහනේ දොරවල් අන්ලොක් කලා.මෑද දොර ඈරපු කඩියො වගෙ කඩිසර මිනිස්සු කිපදෙනෙක්   ඉස්සෙල්ලම නලලෙනුයි කටිනුයි ලේ වෑගිරෙන තරුන ගෑනු කෙනෙක්  ඈතුල් කලා. ඊට පස්සෙ තව ගෑනු ලමයෙක්. වයස 60 ක විතර පිරිමි කෙනෙක් ,පන්තියන වයසෙ පොඩි ගෑනුලමයෙක්,කොල්ලො තුන්දෙනෙක් . මේ විදියට අට දෙනෙක් විතර වෑන් එකට නෑග්ගුවා.හෑමෝගෙම ඈගේ ලේ.ඔක්කොම කෙදිරි ගානවා, අඩනවා  .එක පිරිමි ලමයෙකුට වාඩිවෙලා ඉන්න බෑ.එයා දිග ඈදිල හිමිහිට බිමට ලිස්සුවා.තව ලෙඩ්ඩු ගොඩක් බිම.එයාලව දා ගත්තොත් හෑමොටම අමාරු වෙනවා.කාටවත් තනියම කෙලින් ඉන්න බෑ. ඒකනිසා  එක්කෙනෙක්ගෙ උකුලෙ තවත් කෙනෙක් තියන්න බෑ.

"තව නග්ගන්න එපා එයාලට අමාරුවෙවි"කියපු මම වාහනේ  ඉස්සරහට ගත්තා. කොහොමටත් 6 දෙනෙක් යන ඉඩ ප්‍රමානෙ මේ වෙනකොට 8 ක් ඉන්නවා.

වයසක අන්කල් " පුතා මගේ පපුව රිදෙනවා"කිවුවා. මගේ ඈගත් ගෑහෙනව වගේ.එක පිරිමි ලමයෙක්  කතා කරන්නෙ නෑ.එයාට ෂොක් වෙලා වගේ.එක ලමයෙකුගෙ දත් නෑ.හොදටම අමාරුවෙල ඉන්න අවුරුදු 30ක විතර පිරිමි කෙනාගෙ ඉනේ පොඩි රිමොට් එකක්.මම හිතන්නෙ මිනිහ කොන්දොස්තර. ෆුට්බොර්ඩ් එකෙ එන්න ඈත්තෙ.මිනිහට ටිකක් අමාරු වෑඩියි.

හෙඩ්ලයිට්,හසාඩ් සිග්නල්(එ කියන්නෙ සිග්නල් ලයිට් 4 ම බ්ලින්ක් වෙන )ඔන් කරපු මම මාතර රොහලට පුලුවන් තරම් ඉක්මනට එන්න පිටත් උනා.

"අනේ.. මට අමාරුයි"එක ගෑනුලමයෙක් වේදනාවෙන් කෑ ගහනවා.

මට පස්ස බලන්න බෑ."පොඩ්ඩක් ඉවසල ඉන්න නන්ගි ඔයාව ඉක්මනට හොස්පිට්ල් එකට ගෙනියනවා.දුලානි ඔයා ටිකක් කතා කරන්න"

තව ලමයෙක්" අනේ අයියෙ අපේ ගෙදරට කියන්න ඕන"

"ඔයා නම්බර් එක අහගෙන කොල් එකක් දෙන්න "බිරිදට කිවුවා

මම දෑන් පුලුවන් උපරිම වේගෙන් මාතර පෑත්තට එනවා.අපරාදෙ කියන්න්නෙ මිනිස්සුත් හදිසියක් බව දෑනුන හෑටියෙ පාරෙ ඉඩ දෙනවා.

"අයියෙ පරෙස්සමෙන්"දුලානි කියනවා.

කඹුරුගමුව වල්ගම පහුකරපු මම නුපෙ හන්දිය පේන මානෙ………හන්දියෙ කලර් ලයිට් තියෙනවා.

ෂික් රතු පත්තුවෙලා.වම්පෑත්තෙන් සම්බන්දවෙන අකුරෑස්ස පාරෙන් එන වාහන වලට පාර ඈරල.මොකද කරන්නෙ?

පාර මෑදින් බෙදපු බෑම්ම පටන් ගන්නෙ ලයිට් වලට මිටර කීපෙකට කලින්.හිතහිත ඉන්න වෙලාවක් නෑ.ඉස්සරහින් කෑරවෑන් එකක් නවත්තලා.

දෑම්මා වෑරදි පෑත්තෙන්….ආපු වාහන ඔක්කොම තෙරුම් ගත්ත .ඔක්කොම අයින් කරල නවත්තල ඉඩ  දුන්නා.එතන හරි.ආපහු හරි පෑත්තට දාගෙන හෝන් එකේ අත තියාගෙනම යන්න ගත්ත.දෑන් ඊලගට බොධිය  ගාව ආපහු කලර් ලයිට් තියෙනවා.

එතනත් රතු.එතන පාර මෑදින් බෙදල තියෙන්නෙ දිගටම .අනිත් පෑත්තෙන් දාන්න විදියක් නෑ.මොකද කරන්නෙ? බෑලුව වම් පෑත්ත.හරි ඔය තියෙන්නෙ…..අයිනෙ තිබුන  ත්‍රීවීල් එකට හෝන් කරපු මම  නෑග්ගුව වාහනේ පේමන්ට් එක උඩට.දෑන් යනවා එක පෑත්තක් උස්සගෙන.හරි එතනත් පහු වුනා.දෑන් කෙලින්ම හොස්පිට්ල් එකට.

හොස්පිට්ල් එකට හරවනකොටම මම දෑක්ක ස්ටාෆ් එකෙ ගොඩාක් අය ඉස්සරහ ඉන්නවා. මේන් ගේට්  එකත් ඈරලා. ඒ කියන්නෙ මෙහෙට පනිවිඩේ ඈවිල්ලා. ගේට්ටුවෙන්  වාහනෙ ඈතුල් කරපු මම නවත්තනවත් එක්කම හොස්පිට්ල් ස්ටාෆ් එක ඉක්මනින් ලෙඩ්ඩු එලියට ගන්න පටන් ගත්තා.පිටිපස්සෙ හිටපු අයට නෑගිටල එන්න බෑ.සමහරුන්ට කතාකරන්නවත් බෑ.මම බෑහෑල ඈවිත් පස්සෙ දොරත් ඈරල ෂිට් එකෙ ඈන්ද අකුලල එ අයව පිටිපස්සෙන් ගත්තා.

"තව ගොඩාක් ඉන්නවද"හෙදියක් මගෙන් ඈහුවා.

"ඈති, මම එනකොටත් එලියට ගන්නවා.ගොඩක් ඈති"

ලෙඩ්ඩු ඔක්කොම රෝහලට බාරදුන්න මම වෑන් එක රිවස් එකටම එලියට ගත්තා. ගේට්ටුව ලගින් හරව ගෙන අයිනකට කරල නෑවෑත්තුවා. මගේ හිතේ තිබුන ආතතිය ටිකක් නිදහස් නොකර තවත් යන්න බෑ.

මම ෂිට් එකේ පසු ඈන්ද ඈල කරනගමන් හොද හුස්මක් පිට කලා.

"දුලානි"  සද්දයක් නෑ.හෑරිල බෑලුව.මෙන්න  අඩනව  හෝ  ගාල.සද්දයක් නෑහෙන්න.දිගටම ලෙඩ්ඩුත් එක්ක කතා කරකර මගෙ ඩ්‍රයිවින්ග් ගෑනත් බලබල මෙච්චර වෙලා හිටපු ගෑනි අඩනව.ගමනක් යන්න ගත්තවෙලෙ ඉදල රටේ නෑති ප්‍රශ්න අහන දුව ඈක්සිඩෙන්ට් එක වෙච්ච තෑන ඉදල මේ වෙනකන් වචනයක් කතා කලේ නෑ.දරුවව මගෙ අතට ගත්තු මම බිරිදට ටිකක නිදහසේ  ඉන්න දුන්නා.

මගෙ හිත කියනවා "ආපහු ගිහින් තව ලෙඩ්ඩු ඉන්නවනම් ගෙනෙන්" කියල.එත් දුවව තියාගෙන තවත් මේක කරන්න බෑ කියල මට හිතුන.එයා මේ  වෙනකොටත් බයවෙලා ඉන්නේ.

එත් එක්කම මම දෑක්ක අලුත්ම කාරෙකක් ලෙඩ්ඩු දාගෙන හොස්පිට්ල් එකට ඈතුල්වෙනවා.

මගෙ වාහනේ තත්වෙ බලන්න මතක් වුනේ එතකොට, බෑලුවා පිටිපස්ස හෑරිල,මගෙ අම්මෙ මේකෙ හෑටි.හෑම තෑනම ලේයි වෑලියි පිරිල.ඈතුලෙ නිකන් සතෙක් මෑරුව වගෙ.ෂිට්වල, අපොස්ටින්වල, කාර්පට්වල හෑමතෑනම.ලේ කෑටි කෑටි.

විනාඩි 10ක් විතර එහෙමම හිටියා.

"අපි දෑන් යමු අයියෙ"දුව මගෙන් ගත්තු දුලානි  කිවුවා.එතකොටම වගේ  මට දෑනෙන්න ගත්ත මහ අමුතු ගදක්.

"ගදයි නෙද"ඔව් ලේ ගද වාහනෙ පුරවල.

"විදුරු ඈරගන්න.අපි යමු ඉක්කමනට"අපි නෑවත බිරිදගෙ මහ ගෙදර යන්න පිටත් උනා.

බිරිදගෙ මහ ගෙදරට ඈවිත් ඔක්කොම කාර්පට් ටික එලියට දෑම්මා.තෙත රෙදි කෑල්ලකින් පුලුවන් තරම් පිරිසිදුකරල සෙන්ට් ටිකකුත් ඈතුලට ගහල මම මගෙ වෑඩේට යන්න පිටත් උනා.ටිකක් දුර යද්දි ගුවන්විදුලියෙන් කියනව"මිට පෑය කිපයකට පෙර සෝමාවති සිට මාතර බලා ගමන් ගන්නා බස් රථයක් මාතර මිරිස්ස ප්‍රදේශයෙදි ලොරි රථයක ගෑටිමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඈත"කියල."හ්ම්ම් අර පිස්සු යකා තමයි එහෙනම්"මට හිතුනා.

ගොඩාක් වෙහෙකර දිග දවසක් උන එදා ආපහු බිරිදයි දරුවයි එක්ක ගෙදර ඈවිත් ටික වෙලාවකින් මගේ දුරකතනය නාදවෙන්න ගත්තා.තිරයෙ නුවන් ----කිය දිස්වෙන නිසා.

"හලො මචන් කොහොමද" කියාගෙන මම ඈමතුම ගත්තා.

"දමිත්   මනොජ් ගෙ නෝනා  නෑතිවෙලා"මනොජ් කියන්නෙ මගෙ පන්තියෙ හිටපු යාලුවෙක්

"මොකක්,එ කොහොමද "

"අද වෑඩට යද්දි බස් එක හෑප්පිල"

දෙයියනේ හෙට අනිද්ද ඉස්කෝලෙ යන්න ඉන්න ගෑනුදරුවෙකුගෙ අම්ම.මාතර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් වෙච්ච එයා වෑඩට ගිහින් තිබුනෙ අර බස් එකෙ. වම්පෑත්තෙ ඉස්සරහම ෂිට් එකේ වාඩිවෙලා හිටපු නිසා හෑප්පුන හෑටියෙ අස්සට විසිවෙලා.එලියට අරගෙන තිබුනෙ වාහන දෙක දෙපෑත්තට කරාටත් පස්සෙ.එතකොට තමයි දෑකල තිබුනෙ.

11 comments:

  1. මම නං කියන්නෙ මේ වගේ ඩ්‍රයිවර්ලට ලංකාවෙ තියන නීති සැර මදි. මට මතකයි ඔබා අයිය දවසක් කිව්ව ඒ රටේ ඇක්සිඩන්ට් එකකින් කෙනෙක් මියයාම සලකන්නෙ අපරාධයක් විදියටලු.

    ReplyDelete
  2. එක ගැන කියල වැඩක් නැ රාජ්.මුන් කරන දෙවලවල අවදානම තෙරුම්ගන්න තරම් උන්ගෙ මොලෙ මොරල නැ

    ReplyDelete
  3. වැරදි වැරදි ලෙසම පෙනි පෙනි කරන වැරදි මේව. බස් රියදුරන් කියන්නෙ එක අතකට ඇතුවත් බැරි නැතුවත් බැරි පිලිළයක්. නියමාකාර දඬුවම් ක්‍රමයක් ටික කලකට හරි අකුරට ක්‍රියාත්මක කලානම් ටිකක් හරි පාලනය කරගන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. මුන්ට හැගිමක් නැ කරන වැරද්දෙ බරපතල කම ගැන.තැන්ක්ස් සහො

      Delete
  4. අදමයි මේ පැත්තෙ ආවෙ. ලින්ක් එක අටමගෙන් ලැබුනෙ. උබේ ලිවිල්ල හොඳයි. 'ඇ' වෙනුවට 'ඈ' දාන එක හදාගනින්. වෙන අවුලක් නෑ. (අවුල් ගන්න එපා මමත් මහ ලොකු පොරක් නෙමෙයි බ්ලොග් ලෝකෙ.)
    මේ පොස්ට් එකට අදාලව මම ලියපුවා.
    බාප්පලාගේ බලාපොරොත්තු කඩකිරීමේ සතුට
    කාට කියන්නද මේ අවනඩුව....?
    හලාල් නොවූ මිනිසත්කම

    ReplyDelete
    Replies
    1. අනෙ මොන පිස්සුද මචන්.කිසි අවුලක් නැ.එක පස්සෙ මචො හොයා ගත්තෙ.දැන් හරි නේද.තැන්ක්ස් මචන් ලින්ක් ටික දැන් බලනව.

      Delete
  5. ප්‍රයිවට් බස් කාරයොයි... ත්‍රීවීල් කාරයොයි තමා මට පෙන්නන්නම බැරි කාලකන්නි හැත්තවල්... තිරිසන්නු වගේ පාරෙ යන්නෙ.... කියන්න එන දේවල් කියාගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. මෙතන කියන්න එප මචො.මෙක වැඩිහිටියන්ට විතරක් කරන්න වෙවි

      Delete
  6. අගේ කරනවා දමිත් ඔබේ ක්‍රියාව. එක මිනිහෙකුගේ නොසැලකිල්ල නිසා ජීවිත කීයක් අනතුරේද. ඒනිසයි මට නම් තරහා යන්නේ.

    ReplyDelete
  7. http://jeevithayasundharai.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි