Tuesday, February 11, 2014

සහෂ්‍රකයේ ඉල්ලන් කෑම


හොර දෙශකය වැවර කතාවක් ලියල තිබුන නේ. ඔක දැක්ක ගමන් මට මතක් වුනා මට සිද්දවුන අලකලන්චියක්.පටි රොල් කරගන්නෙ නැතුව බේරුනෙ පෙර කුසල කර්මෙකට.

මෙක සිද්දවුනෙ 99 දෙසැම්බර් 31.සහස්ශ්රකෙද මෙකේද රාත්රිය කියල අපිව ෆුල් චුන් කරල නෙ තිබුනේ.

ඔය කාලෙ මම කටුනායක IET එකෙ ඉගෙන ගන්න කාලෙ.ගමෙ සෙට් එකම එදාට සෙට් වෙන්න ඔන කියල කලින්ම කතා කරගෙන තිබුනේ. මමත් හවස තිබුන Drawing practical එකත් කට් කරගෙන හොරාට සිල් එක ගහගෙන කොහොම හරි හවස 6.30 විතර වෙනකොට ගමට ආව.

දැන් ඉතින් දෙයියනෙ කියල හැන්දැවෙ 8 විතර කට්ටියම සෙට් වුනා අලුතෙන් දාපු රෙස්ටුරන්ට් එකකට.ඔක්කොම 8 දෙනෙක් විතර හිටිය.ගල් බොතල් එකහමාරක් විතර යන්තම් ඉවර කර ගත්ත.


මෙ කාලෙ කියන්නෙ මුඩිය පෑගුනත් වැනෙන කාලෙ.
රෑ එකොලහට විතර සෙට් එක බැස්ස එලියට.තම තමන්ගෙ බයිසිකල් එහෙම තල්ලු කරගෙන.

ප්‍රධාන පාරට ආව විතරයි අපෙ එකෙක් (එයාට කියමු බන්දු කියල ) බයිසිකලේ කෙලින් කරල ෂිට් එකෙන් අල්ලල තල්ලුකලා පාර දිගෙ යන්න.

හොද වෙලාවට පාරෙ වාහන තිබුනෙ නැ.බයිසිකලෙ වැනි වැනි පාර හරහට ගියා.

පාරෙ ආපු ත්රිවීල් එකක් බොහොම අමාරුවෙන් එකෙ වදින එකෙන් බෙරිල අයිනට ගියා.ත්රිවීල් කාරයට සොරි කියල ශෙප් එකෙ යැවුව.


මෙන්න බොලෙ අර බන්දුව අපිට බනිනව අපි අර ත්රිවීල් කාරයට ගහන්න ආවෙ නැතිලි.උගෙ අනිත් යාලුවොනම් කාගෙ වැරද්ද වුනත් උත් එක්ක ගේමට එනවලු.

මම කෙලින්ම උට බැන්න අපි එ ජාතියෙ යාලුවො නෙමෙයි වැරැද්ද අපෙ කියල.

ඇත්තටම ත්රීවීල් ඩ්රියිවර් බයවෙලා හිටියෙ.අපි සෙට් එකක්ම හිටිය .එත් දෙයියනෙ අපි වැරදි කරල වෙන එකෙක්ට පර්ට් දාන්න පුලුවන්ද.

මට අම්බානකට මල පැන්න.අනිත් එවුනුත් මුට බැන්න.
ඇත්තටම පොරත් එක්ක මම කලින් බිල තිබ්බෙත් නැ.මම හිතුවෙ අපි වගෙම එකෙක් කියල.

දැන් ඔන්න ඉට පස්සෙ මොකද කරන්නෙ කියල කතාවෙනව.
මුලින්ම කියන්න බැරි වුනා මම ගමෙ කියල කිවුවට අපි ඔක්කොම සෙට් වෙන්නෙ මගෙ ගමට කි.මි 4 විතර ඇතින්.යාලුවො සෙට් එකම වගෙ ඉන්නෙ හරියෙ.ඔය බන්දු ඉන්නෙ නම් මටත් වඩා ටිකක් දුර.


"පන්සලේ පිරිත් තියෙනව යමු" එකෙක් කියපි

කට්ටියම කැමතියි.මටත් අමතකයි ඔය පන්සලෙ දහම් පාසලෙ මම උගන්නනව කියල.
පන්සලට යනකොට සූ ගාල සෙනග.කට්ටිය හිමිහිට ගියා පන්සල පිටිපස්සට.
වෙහෙර මලුවට එහා පන්සල් වත්තෙ තැඹිලි ගස් තියෙනව.

"කඩමු තැබිලි"බන්දු කියපි

අම්මප මමනම් එක හෙලාම විරුද්ධ වුනා මෙකට.

 එත බන්දුව මගෙත් එක්ක මලෙන් හිටියෙ.අනිත් වුනුත් කිපදෙනෙක් කැමති වුනා.
ගසුත් ගොඩක් උස නැ.පොල් පිත්තක ඔලුව කැල්ල කඩල ගහට හෙත්තු කලාම අතින් කඩා ගන්න පුලුවන්.

කට්ටියම ඉතින් තැඹිලි කඩල වෙහෙර පාමුල තියාගෙන බොනව.
ඔය වෙලාවෙ එතන්ට ආව පන්සලෙ හැම වෙලෙම ඉන්න උපාසක ඇත්තෙක්.මිනිහ ඇවිල්ල සුපිරි චිත්තෙ.

මම වැඩෙට අකමැති වුන නිසා මම හිටියෙ ටිකක් එහාට වෙන්න.

උපාසක ගොයිය "කවුද කවුද ඔතන” ගාගෙන ටොච් එකකුත් ගහගෙන ආවෙ.
බන්දුව පොරවගෙ තැබිලි ගෙඩියකුත් අතින් අරගෙන ගියා ඉස්සරහට.

ගිහින් බැන්නනෙ මු අර ගොයියට කුනුහරුපෙන්.මිනිහ ගියා ආපුවෙගෙට වඩා වෙගෙන්.

දැන් ඔන්න වැඩෙ දෙල් වෙන්න යන්නෙ .මම කිවුව දැන් මෙතනින් යමල්ල කියල.
කොහොද මුන්ට කියන දෙයක් අහන සිහියකැ ඉන්නෙ.කියල කටගන්න වුනෙ නැ ලොකු හාමුදුරුවො එනව අර ගොයියත් එක්ක.

කට්ටිය හිමිහිට මාරු වුනාට බන්දුව ගහක් එහා පැත්තට ගිහින් හිටිය.

හාමුදුරුවො ආවෙ ලොකු ටොච් එකක් අරගෙන.හාමුදුරුවො පොරව දැක්ක.

කෙලින්ම ගිහින් අල්ල ගත්ත බන්දුගෙ අතින්.අල්ලගෙන ටොච් එක මුනට ඇල්ලුව.
එතකොට බන්දු ටොච් එකෙ මුන අති වැහුව.මෙතන පොඩි පොර බැදිල්ලක් වගෙ එකක් ගියා.

බන්දුවට පැන ගන්න බැරි වෙනවවගෙ වෙනකොට මිනිහකලා නියම වැඩක්.
මොකක් කියලද හිතන්නෙ  ?

නැ නැ එක නෙමෙයි.

මිනිහ ගැහුව හමුදුරුවන්ගෙ කම්මුලට.ගහල පැනල දිවුව.

මෙ ඔක්කොම අපි දැක්කෙ නැ. බන්දු ගොයිය තමයි පස්සෙ අපිට විස්තරෙ කිවුවෙ.
දැන් මෙතන එක කෙලියයි.ආනන්තරිය පාපකරුමයක් කොලා සේ වැඩෙ සෙට් වෙලා.

අපි හිටියෙ වෙහෙර මලුවෙ එහා පැත්තෙ.අපිත් නොදන්න ගානට ඇහුව මොකද වුනෙ  කියල.

ඉට පස්සෙ මැන්ව හොයමු කියල අපිත් ආව හිමිහිට.එනකොට මෙ යකා ඉන්නව පාරෙ හැන්ගිල.

ඔක්කොම ඉවරයි කියල හිතාගෙන අපිත් ගෙවල් වලට ආව.මමත් එක්ක බන්දුව ආවෙ.මිනිහ අපෙ ගෙවල් පහුකරගෙන යන්න ඔන.එනකන් මම මුකුත් කතාකලෙ නැ.

දැන් මොනව කියන්නද.වැඩෙ කාල ඉවරනේ.
ඔන්න පස්සෙන්ද එලිවුනා.

2000.01.01

මම ගියා පුස්තකාලෙට පත්තර ටිකවත් බලල එන්න.
ආපහු එනකොට මෙන්න නිවුස් එකක් එනව සෙට එකම ගෙදර අයත් එක්ක පන්සලට ගිහින් කියල.
බන්දු ගොයියටත් යන්න වෙලා.නිකම් නෙමෙයි දෙමවුපියිත් එක්කම.
මට හින් දාඩිය දැම්ම.ඇයි දෙයියනෙ මෙවුව ගෙදරට කියන්න ඇහැක.

හිමිහිට හොයල බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල.
එතන හිටිය උපසක ගොයිය කියල අපෙ සෙට් එකම හිටියෙ අර ගහපු එකත් එක්කම තමයි කියල.
හරියෙ ගෙවල් තිබුන හැමොටම පනිවිඩ එවල දෙමවුපියොත් එක්ක පන්සලට එන්න නැත්නම් පොලිසියට යනව කියල.
ගහපු එකාවත් එක්ක එන්න කියල.මොකද මිනිහව  හරියෙ කවුරුවත් අදුනන්නෙ නැ.

හොයල බලද්දි මාව මාට්ටු වෙලා නැ.පෙර පිනකට වගෙ. මුලින් උපාසක ගොයිය එනකොට මම එතනින් ගියා නේ.

පස්සෙ දැකපුවමත් හිතල තියෙන්නෙ මම කලින් පන්සලට ඇවිල්ල මෙ සිද්ධිය බලන්න ඇවිත් කියල.

යානතම් මගේ පටි බෙරුනා පෙර පිනකට.

එදා මම ඉගෙන ගත්ත පාඩමක් බීල අනවශ් ගමන් නොයන්න සහ අනවශ් මිනිස්සුත් එක්ක නොබි ඉන්න.

ඉට පස්සෙ මම ඔය බන්දු ඉන්න තැන කිප සැරයක් බිල තියෙනව.එත් කිසිම ගමනක් නම් යන්නෙ නැ.

අනවශ් දෙයක් වෙගෙන එනව නම්.කිවුවට නවත්තන්නෙත් නැත්තම් මොකා මොනව හිතුවත් මම යනව උන්ව දාල.


මම එහෙම කිප සැරයක්ම කලා

Sunday, February 2, 2014

ඔයා මොනවද කරන්නෙ (ඩි ජේ අරාගෙ කතා-2 )



මාස  එකහමාරකින් විතර මුකුත් ලියාගන්න බැරිවුනා.අලුත් අවුරුද්දෙ මාසෙකුත් ගතවුනා.ලියාගන්න වෙලාවක් ලැබුනෙ නැ වගෙම හිතට හරියන දෙයක් ඔලුවට ආවෙත් නැ ලියන්න.

එත් මේක පාලුවට අරින්න හිත දෙන්නෙත් නැ.බිරින්දැ මට වඩා හොදට ලියනව කියල හැමොම කියන නිසා එයාටත් කිවුව මොනවහරි ලියන්න.එත් එයාටත්  දරුවො දෙන්නගෙ වැඩත් එක්ක වෙලාව හොයා ගැනිම ගැටලුවක් වුනා.

ඔන්න ඔය කතාවත් එක්ක මට මතක් වුනා මම එක සැරයක් කතාවක් ලියපු ඩි ජෙ අරා කියපු තව කතාවක්.බලන්නකො කියවල.

කතාව ම්රතන ඉදල අරා කියන විදියටම ලියන්නම්.




ඔන්න පැස් මම ඊයෙ වැඩ ඇරිල ගෙදර යනව.වෙලාව හවස 4.30 විතර ඇති.(අපෙ දෙශකය වැඩකරන තැනමද කොහෙද වැඩ කරන්නෙ  ).මිදුලෙ දරුවො දෙන්න රෑ ඇදපු ඇදුම පිටින්ම සෙල්ලම.වැලි මඩ නාගෙන.වතුර මිදුල පුරම හලල.ගෙට ඇතුල්වෙනකොට සාලෙ පුරාම බඩු .සෙල්ලම බඩු,පුටු කොට්ට බිම හැම තැනම.ඇදුම් පුටු උඩ.දුවිලි පිරිල. පොඩි දරුව චු දාපුව තැන තැන.

 එහෙන්ම ගියා කුස්සියට.කුස්සියෙ ඊයෙ රෑට උයපු භජනයි උදෙ උයපු භාජනයි ඉදුල් පිටින් සින්ක් එකෙ.කැම කාපු පිගන එහෙමමයි.මියෙ දෙන්නෙක් ලෙව කනව.කැරපොත්තො ගනනාවක් පියාබනව නිකන් උන්ගෙ ගෙදර වගේ.




දැන් මට අම්බානකට තදවෙලා.කො මෙ ගෑනී.මෙහෙමද ගෙදර  තියාගන්නෙ.
බාතෘම එකට යන්න බැ.වොශින් මැශින් එක පිරෙන්න කිලුටු රෙදි.හොදල නැතුව. අම්මප දැන් මට මෙ ගැනිව ඩිවොස් කරන්න තරම් තරහයි.

කෙලින්ම ගියා උඩ තට්ටුවෙ කාමරේට.මෙන්න ඉන්න්නව ගෑනි සගරාවක් බලබල ඇද උඩට වෙලා.දැන් මගෙ තරහ උපරිමෙට නැගල.මම ඇහුව

"මෙනවද ඔයා මෙ කරන්නෙ ගෙදරට වෙලා"කියල

ගැනි හිමිහිට මගෙ දිහා බලල කියනවා


"ඔයා හැමදාම අහනවනෙ මම මෙනවද ගෙදරට වෙලා කරන්නේ කියල.

ඔය තමයි මම හැමදාම කරන ටික නොකරාම තත්වෙ "