රක්ෂනේ ගැන ඉතුරු ටික ලියන්න වෙලාවක් හොය හොය ඉන්න අතරෙ මට මෙන්න මේවගෙ දෙයක් ලියන්න හිතුනා. මේක මගෙ හිතේ තදින්ම රැදුන කතාවක්.ඔයාල ගොඩාක් දෙනෙක් දන්නව ඇති නෙ D J අරා කියන කෙනාව.අර හිරු එෆ් එම් එකෙ මෝනින් ෂෝ එක කරන්නෙ.මිනිහගෙ විහිලු වලට මම ටිකක් කැමතියි.පුලුවන් උන වෙලාවට මම ඔය අරා සහ පැස්බරා ගේ වැඩසටහන අහනව.හැබැයි ඕන්නම් සතියටම පැයක් අහයි.ඔන්න ඔය අතරෙ මිනිහ දවසක් කියපු විහිලු කතාවක් තමයි මේක.
මේකෙ දෙබස් උච්චාරනය කරන විදියෙන් තමයි ගොඩාක් සජිවිබව මිනිහා මතු කලෙ.ඔයාලත් ඒ දෙබස් හිතින් හඩ කවාගෙන බලන්නකො.
ඔන්න එකෝමත් එක රටක නෙමෙයි ලන්කාවෙ හිටියා වයසක අම්මෙකුයි තාත්තෙකුයි.තව ගොඩාක් අය හිටියා මෙයාලත් හිටියා.
මෙයාල හිටියෙ මාතර කියමු.මෙයාලට දරුවො තුන් දෙනයි.වැඩිමලයි බාලයයි කොල්ලො.ලොක්ක කොම්පැනියක ලොකු තනතුරක් දරන පොරක්.ඉන්නෙ කොලඹ.දුව ඩොක්ටර් කෙනෙක් නුවරට බැදල එහෙ පදින්චි.පොඩි එකා ඉන්ජෙක් ,වැඩ අම්පාරෙ.මු විතරයි බැදල නැත්තෙ.
ඔන්න දවසක් ඒ කියන්නෙ වෙසක් දවසට කලින් දවසෙ දවල් ලොකු කොල්ලට කෝල් එකක් එනව තාත්තගෙන්.දෙබස මෙහෙමයි
"හලෝ තාත්තෙ"
"ලොකු පුතේ වැඩකද.මට ලොකු දෙයක් තියෙනව කියන්න පුතේ.මට දැන් මේක ඉවසල ඇතිවෙලා තියෙන්නෙ.අවුරුදු 35 ක් විතර ඉවසන් හිටිය.උබලට අවනම්බු කරන්න බැරි නිසා ඉවසුව.දැන්නම් හොදටම ඇති.මම තීරනයක් ගත්ත.මැරෙනකම් මේ දුක විදින්න බෑ.මම අම්මගෙන් දික්කසාද වෙනව පුතේ"
"මොම් මොකක් මොනවද මේ කියන්නෙ.මොකක්ද මේ වෙලා තියෙන්නෙ.මොකක්ද දැන් ප්රශ්නෙ?
"එව උඹට කියල වැඩක් නැ. මේ කිවුවෙ යුතුකමක් හැටියට. මම තීරනයක් අරන් ඉවරයි.අදම යනව ලොයර් කෙනෙක් හම්බ වෙන්න"
"තත්තෙ තාත්තෙ…. කලබල වෙන්න එපා.මුකූ..ත් කරන්න එපා මම දැන් ගෙදර එනව.මම එනකන් මුකුත් කරන්නෙ නැතුව ඔහොමම ඉන්න."
“හරි එහෙනම් ඔයා එන්නකො.හැබැයි මගේ තීරනේ නම් වෙනස් වෙන්නෙ නැ"
දැන් ලොකු එකා ගන්නව දඩ බඩ ගාල නන්ගිට කෝල් එකක්.
"නන්ගි අන්න තාත්ත කතා කරල කිවුව දික්කසාද වෙන්න ඕනලු මොකක්ද මේ කතාව'
"මොකක් මේ මොන කතාවක්ද මොකද ඒ?
"මම දන්නෙ නැ .මම තව ටිකකින් ගෙදර යනව.ඔයාට එන්න පුලුවන්ද"
"පුලුවන් පුලුවන්.ඔයා යන්න .මමත් කොහොමහරි එනව.මම මල්ලිට කියන්නම්"
දැන් ගෑනු ලමය ගන්නව මල්ලිට කෝල් එකක්.
"මේ තමුසෙ දැන්ම ගෙදර එනව.මමයි අයියයිත් එනව.අයියට තාත්ත කියල එයාට දික්කසාද වෙන්න ඕන කියල"
"පිස්සු හැදෙනව. ඕයි ඕක තත්තගෙ බොරුවක් වෙන්න බැරිද"
"නැ නැ සීරියස්.තමුසෙ එනවකො"
"හරි O K , මම දැන්මම පිටත් වෙනව"
දැන් නන්ගි ගන්නව තාත්තට කෝල් එකක්
"තාත්තෙ මම මද්දු.මොකක්ද මේ අයියට කියල තියෙන කතාව.මොනවද මේ පිස්සු,තාත්ත ඔහොම ඉන්න.මුකුත් කරන්න එපා.මම දැන් එනව. මේ දැන් පිටත් වෙනවා .මල්ලිත් එනව අයියත් එනව.අපි ආවට පස්සෙ කතා කරමු.මොකුත් නොකර ඉන්න හරිද"
ෆෝ න් එක තිවුවට පස්සෙ තාත්ත මෙහෙම කියනව
"ඔන්න මැණිකෙ වැඩේ හරි.කට්ටියම එනව. දැන් පොසොන් එකට මොකක්ද කියන බොරුව"
මේ කතාව කියල ඉවර වෙලා අරා අහනව
"ගියාද ලගදි තාත්තයි අම්මයි බලන්න"
