Monday, May 19, 2014

ටයර්



ඉදල ඉදල පොස්ට් එකක් ලියන්නම ඔන කියල ඉද ගත්ත.ලියන්න කොච්චර දෙවල් තිබුනත් මොකක් හරි නිසා පස්සට යනව.ඔවට හෙතු කියල වැඩක් නැ.අපිට වඩ ගොඩාක් වැඩ තියෙන මිනිස්සුත් ලියන කොට.එකනිසා කෙලින්ම ටොපික් එකට එමුකො.

අද ටොපික් එක ටයර්.මෙව සමහර විට හොදටම දන්න දෙවල් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.අනික මෙවගෙ පොස්ට් එච්චර සිතඇදගන්නසුලු නොවෙන්නත් පුලුවන්.එත් මට හිතුන වැදගත් වෙන කිපදෙනෙක් හරි ඉන්න පුලුවන් නිසා ලියන්න.

දැන් එතකොට මොනවද ටයර් ගැන ලියන්න තියෙන්නෙ.රබර් වලින් හදනව වාහන වලට පාවිච්චිකරනව කියලද.ඔව්  ටයර් භාවිතා වෙන්නෙ වාහනවල රෝද සදහා.

ඇයි එතකොට මෙ රබර් වලින්ම හදල තියෙන්නෙ. තමයි රබර් වල තියෙන මෙන්න මෙ ගුනාන්ග කිපය නිසා.

තද,පහසුවෙන් නොකැඩෙන (Rough  )
ස්ථිර,කල්පවතීම (Durable )
නම්යශිලී,,( Elasticity)

විතරක් නෙමෙයි රබර් තමයි  බලය උරාගැනිමට ,ගෙවියාමට ප්රතිරොධය දැක්විමට සහ පහසු ගමනක්  ලබාදිමට හොදම ද්රව්.


හරි දැන් අපි බලමු ටයර් එකක් භාවිතා කරනකොට අපි මොනවද දැනගත් යුතු කියල.මොන භාන්ඩයක් වුනත් මිලදිගන්න කොට ඉස්සෙල්ලම බලන්න ඔන එක කල් ඉකුත් වෙලාද කියලනේ.ටයර් වලටත් එහෙමම තමයි.

ටයර්වලත් ජිවිත කාලයක් තියෙනව .එක තුල තමයි ආරක්ෂාකරි ගමකට ගැලපෙන ටයර් එකක් තියෙන්නෙ.කල් ඉකුත්වෙලා නම් ලොකු අවධානමක් තියෙනව.

 දැන් කොහොමද ඒක හොයා ගන්නෙ.මෙහෙමයි,ටයර් එකකට තියෙනව නිෂපාදිත දිනයෙ සිට අවුරුදු 4 ජිවිත කාලයක්.ඉට පස්සෙ කල් ඉකුත්වෙනව සහ භාවිතා කරනකොට පැලියාමකට ලක්වෙන්න පුලුවන්.වෙගයෙන් යනකොට එවගෙ දෙයක් වුනොත් සිද්දවෙන්න පුලුවන්දෙවල් කියන්න ඔන නැ නේ.

හරි,දැන් කොහොමද ඒක සොයා ගන්නෙ.එකට ටයර් එකෙ සදහන්වෙලා තියෙන මෙන්න මේ වගෙ මුද්රාව බලන්න ඔන (2603).මෙහි මුල් ඉලක්කම් දෙකෙන් එම ටයරය වසරෙ කිවෙනි සතියෙද සහ දෙවෙනි ඉලක්කම් දෙකෙන් නිෂ්පාදිත වසරත් යන්න පෙන්නුම කරනව.


උදාහරනයක් ගත්තොත්.වසරකට තියෙනව සති 52ක්.එතකොත (2603) සදහන් වෙලා තියෙනව නම් මුල් ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ මෙ ටයරය ෂපාදනය කරල තියෙන්නෙ අදාල වසරෙ 26 වෙනි සතියෙ.ඉලගට දෙවෙනි ඉලක්කම් දෙකෙන් කියවෙනව අදාල වසර.එකියන්නෙ 2003 කියන එක.එතකොට මෙ ටයර් එක නිෂපාදනය කරල තියෙන්නෙ 2003 වසරෙ 26 වෙනි සතියෙ.

(2699) කියල සදහන් වෙලා තිබුනනම් 1999 වසරෙ 26වෙනි සතියෙ වෙන්න ඔන.

තමන්ගෙ වාහනෙ ටයර්වල කාලය දැනගෙන ඉන්න. කල් ඉකුත්වුන ටයර් භාවිතා කිරිමෙන් වලකින්න.කලිකුත්වුන ටයර් භාවිතා කිරිමෙදි පුපුරා යැමට ඉඩ තියෙනව.විෂෙශයෙන් ඉතා උනුසුම් පරිසරයක භාවිතා කරන විට.මොකද රබර් නිපැයුම්  කලිකුත්විමෙදි දැඩිවිම හා පිපිරිම් ඇතිවෙන නිසා.


දැන් අපි ටයර් එකක ආරක්ෂාව ගැන බලමු.ටයර් එකක් ආරක්ෂාව කියන්නෙ වාහනෙ ගමන් කරන අයගෙ ආරක්ෂාව සහ අයිතිකරුගෙ පසුම්බියෙ ආරක්ෂාව.වෙන විදියකින් කියනව නම් දිගුකල් පැවැත්ම.මෙ සම්බන්ධයෙන් බලද්දි කාරනා කිපයක් ගැන සැලකිලිමත් වෙන්න වෙනව.එවා නම්

ටයරය තුල නියම වායු පිඩනයක් පවත්වාගැනිම

ටයරයෙ සහ වාහනයෙ බර සිමාවන් පවත්වාගැනිම.

ටයරයෙ කැපුම්, පැලුම් සහ වෙනත් අක්රමික තත්වයන් ගැන නිතර පරිෂාවෙන් සිටීම.

මෙ කියන දෙවල් ගැන සැලකිලිමත් විමෙන් පුලුවන් ටයර්වල ඇතිවෙන කට්ට ගැලවිම,සිදුරු සැදීම සහ ටයර් කොහුවීම වගෙ  දුර්වලතත්වයන් වලක්වා ගන්න.
වගෙම මෙ පියවර අනුගමනය කිරිමෙන්  සහ අවශ් අනෙක් නඩත්තු හා පරික්ෂාවන් වලින් පුලුවන්


වාහනය පාලනය කිරිමෙ හැකියාව වැඩිදියුනු කිරිමට

ඔබ සහ අනෙක් මගින් වලක්වාගහැකි අපදා සහ අනතුරු වලින් ආරක්ශා කිරිමට

ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල නැන්විමට

ටයරයෙ ජිවිත කාලය වැඩිකිරිමට.

මෙ ලිපිය මෙතනින් අවසන් කරමු.තවත් ලිපියක් මගින් ඔබගෙ වාහනයට හා අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට ටයරයක් තොරාගන්න විදියත්,ටයරයෙ සදහන් වෙලාතියෙන දෙවල් මොනවද කියලත් බලමු.


55 comments:

  1. කවදාවත් ඔය ටයර් වල කල් ඉකුත් වීමේ දිනය බලලා නෑනේ බොල

    ReplyDelete
    Replies
    1. අලුත් ටයර් ගන්නකොට නම් අවුලක් නැ මචන්.එව එච්චර පරන වෙනකන් තියෙන්නෙ නැ.ඔය යුස් ටයර අරන් පාවිච්චිකරනවනම් තමයි මෙක වැදගත් වෙන්නෙ.

      Delete
  2. අප්පේ අපි කවුරුත් හිතන්නේ නැති දේවල් ටිකක් මෙහෙම ඉදිරිපත්කරපු එකනම් මසුරං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පකිස්.සාදරයෙන් පිලිගන්නව

      Delete
  3. ඇත්තට ම හරිම වටිනා ලිපියක්. ඔබ ඇගට නොදැනී ලියලා තිබුණට වාහනයක් තියෙන සහ ගන්න හිතාගෙන ඉන්න හැමෝට ම අගනා ලිපියක්..............

    ReplyDelete
    Replies
    1. එහෙමනම් මටත් සතුටුයි.ස්තුතියි

      Delete
  4. අගනා ලිපියක් මචෝ..
    මෙව්වා ජීවිතේටත් හොද පාඩං.. කෝකටත් ස්පෙයාවීල් එකක් තියාගන්න එක හොදයි.. දැම්ම හොයාගන්න ඔ්න..

    (වාහනයක් ගන්න හීන මවන අපි වගේ අයට මේ ලිපි මාලාව අතිශය වැදගත්.. මේක බුක් මාර්ක් කරගන්නවා ඔන්න)

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. හා හා විදානෙ ජිවිතෙට ස්පෙයවිල් තියාගන්න එක භයානකයි.
      වැදගත්වුනානම් මට හුගක් සතුටුයි

      Delete
  5. ඉස්පෙයා වීල් එකක් තියන එකේ වටිනාකම තේරෙන්නෙ මේ වගේ ලිපි කියවන කොටයි.අනේ ඇත්තමයි.ඉතුරු කොටහත් ඉක්මනටම දාපං දමිත්.

    ReplyDelete
    Replies
    1. දාන්නම් අයියෙ.බොහොම ස්තුතියි.දැන් දැවිල්ල හොදෙයි

      Delete
  6. කල් ඉකුත් වීමේ දිනයක් ගැන අදයි දැනගත්තේ...සාමාන්‍ය කල් ඉකුත් වීම නම් ඉතින් බ්‍රේක් ගැහුවම ලෙස්සල වැටෙන දවස තමයි..

    ReplyDelete
    Replies
    1. ලිස්සන එක ගැනත් ඉස්සරහට ලියන්නම්.ස්තුතියි ඇනො

      Delete
  7. මෙච්චර බයික් පදිනවා ටයර් එකේ ඔහොම දිනයක් ගහන බවත් දන්නෙ නැහැනේ.. හෙට උදේම බලන්න ඕන අෆ්ෆා.. මමත් ටයර් මාරු කලේ දෙපාරක්ම ලිස්සලා වැටිලා මට්ටු උනාට පස්සේ තමයි..

    ReplyDelete
    Replies
    1. දවසගැන නම් බැලුවෙනැතත් කට්ට වල ප්‍රමානෙ ගැන බලහන්.තැන්ක්ස්

      Delete
  8. එතකොට බඩේ එන ටයර්?

    ReplyDelete
    Replies
    1. කකාටත් ඇවිත් ද ?

      Delete
    2. හි හි

      Delete
    3. බඩෙ ටයර් එන්නෙනම් කකා කලිකුත්වෙනකොට තමයි.කකාගෙ නම් එහෙම තිබුනෙ නැ මට මතක හැටියට

      Delete
  9. අඩේ ටයර් එක්ක මෙච්චර විස්තර තියනවැයි....
    කව්ද දන්නෙ...
    ස්තූතියි කියල දුන්නට

    ReplyDelete
    Replies
    1. මෙ එකක් විතරයි යාලු.තව ගොඩක් තියෙනව.ඉස්සරහට කියන්නම්

      Delete
  10. ටයර් ගැන මතක් උනහම ඊලඟට මතක් වෙන්නේ පොඩි කාලේ ටයර් පැදපු හැටි.. රිම් පැද්දා.. ඊලඟට ටයර් පැද්දා..

    මසුරන් වටින විස්තර ටිකක් !
    චාල්ස් ගුඩ් ඉයර් රබර් වල්කනයිස් කරන හැටි හොයාගත්තේ නැත්නම් කල් පවතින ටයර් හදනවා බොරු ! :)

    ReplyDelete
    Replies
    1. ඇයි අර අරුට මතක් වුන එව මතක් වුනෙ නැතෙයි.
      ටයර් එකෙ නිෂ්පාදන පැත්ත ලියන්න හිතුවෙ නැ මදු.එ ටික බොරින් වෙයි කියල.අනික එව ගැනනම් ඉතින් ඇලාගෙන් තමයි හොදම විස්තරෙ ගන්න පුලුවන්
      ඇයි ටියුබ් වල ඔරු පැද්ද එව

      Delete
  11. මේක හොදට ආකර්ශණීය මාතෘකාවක්. ඇත්තටම වටිනවා. කොටින්ම ඔය කල් ඉකුත්වීමේ කතාව ඇහුවෙම අදයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහන් මෙච්චරකල් නොලිය හිටිය බොරින් වෙවි කියල.ස්තුතියි

      Delete
  12. නියමයි දමිත්.
    මම ඇත්තෙන්ම දැනගෙන හිටියේ නෑ ටයර් වල නිශ්පාදිත දිනය බලන්න පුලුවන් කියලා. ස්තුතියි. එතකොට ඉන්ෂුවරන්ස් කාරයෝ බලන එක කාරණාවක්ද කල් ඉකුත් වූ ටයර් දාගෙන හිටියද කියන එක ඉන්ෂුවරන්ස් නොගෙවා මග අරින්න? (උඹ මේ ප්‍රශ්ණේ කේන්ති ගන්න එපා. මම ඇහුවේ උඹට චෝදනාවක් එල්ල කරලා නෙවෙයි, ඉන්ෂුවරන්ස් සමාගම් ගැන පොදුවේ. :D)

    තව ඊ ලඟ කොටසට දාන්න පුලුවන්:
    *හුලං වැඩි වුනාම ටයර් එකේ මැද ගෙවෙන හැටි
    *අඩු වුනාම එජ් එක ගෙවෙන හැටි
    *ට්‍රෙඩ් වල හිර වෙලා තියෙන පොඩි ගල් කෑලි වරින් වර අයින් නොකලොත් ඒවා ඇතුලට කාවදින හැටි
    *ට්‍රෙඩ් එකේ තිබිය යුතු උස
    *ට්‍රෙඩ් වලින් පාරේ තියෙන වැහි වතුර පොම්ප කරන හැටි.
    *අලයින්මන්ට් වැරදුනාම ටයර් විනාස වෙන හැටි
    වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචො,තවගෙඩක් දෙවල් තියෙනව ටයර් එකෙ බලන්න.උබත් ගොඩක් දැනුවත් වගෙ.ඔයටික ලියන්න ඔන.ඉට කලින් අර පල්ලෙහ හර්ශ කියපුටික ලියල ඉන්නම්.
      ඉන්සුරන්ස් ගැන කියපුඑක ගැන කියනවනම්.තදවෙන්නෙනම් නැ මචො කියටවත්.එත් මිනිස්සු වරද්දගන්නෙ බොරු තොරතුරු දීමෙන්.ම්නම එක ඉන්සුරන්ස් ගැන ලියනකොට පැහැදිලි කල.අනික එ ගැන හොදම උදාහරනයක් උබ.(යාල කෙස් එක )

      Delete
  13. මාරයි! ඊලඟට ටයර් ගනිද්දි බලන්න ඕන අවුරුද්දවත් අඩුගානෙ.

    ReplyDelete
    Replies
    1. අලුතෙන් ගන්නකොට කලබලවෙන්න ඔන නැ පරන ටයර් දානවනම් තමයි .තව ගෙඩක් දෙවල් තියෙනව එවත් කියන්නම්කො ස්තුතියි

      Delete
  14. ගොඩක් වටින ලිපියක් ටයර් ගැන, පොඩි කාලේ මට ප්‍රශ්නයක් තිබ්බා මොනාද මේ ඉලක්කම් කියලා කවුරුත් කියාදුන්නේ නැහැ, අදනේ දැනගත්තේ මේ වලින් කියවෙන්නේ අවුරුද්ද කියලා. මන් හිතුවේ ටයර් එකේ සයිස් එක කියලා..
    ස්තුති හොදේ.. ඔයාගේ අකුරු වල කියවද්දී වැරදියට පේන්නේ ඔයාගේ ෆොන්ට් එකේ වරදක් වෙන්න ඇති .

    ReplyDelete
    Replies
    1. උඹේ බයික් එකට දාපං ගල් ටයර් ... බතලි

      Delete
    2. i will kill you ඉදගෙන ඈ :D

      Delete
    3. ටයරෙකෙ තව ගෙඩාක් විස්තර ගහල තියෙනව එවත් මම ඉස්සරහට ලියන්නම්.සයිස් එකත් ගහල තියෙනව.අර ෆොටො එකෙ පේන විදියට තමයි දිනෙ ගහන්නෙ.ස්තුතිය් ඔමා.
      මම මාලින්ද උනිකොඩ්වල ගහල තමයි කොපි පෙස්ට් කරන්නෙ.එහෙම කරනකොට ඔයවගෙ දෙවල් වෙනව අනේ.මොකද කරන්නෙ

      Delete
    4. I wil send you a message.

      Delete
  15. නොදන්නා කරුණු කිහිපයක් දමිත්.

    ටයර් කිව්වාම බෙල්ලට ටයර් දාපු කාලේ මතක්වුනේ.

    ReplyDelete
    Replies
    1. මටත් එකනම් මතක් වුනා අයියෙ.ස්තුතියි

      Delete
  16. නොදන්නාම කරුණක් දමිත්... ස්තුතියි. ආ ඒක නොවේ මේදවස්වල දිකින දකින තැන ටයර් පැනපුවා තමා. ැනද්ද ඒවට පිලියම් එහෙම

    ReplyDelete
    Replies
    1. තියෙනව තියෙනව.එක්ක එන්නකො කියල දෙන්න.ස්තුතියි

      Delete
  17. වැදගත් ලිපියක් !!

    ReplyDelete
    Replies
    1. ඇත්තද එහෙනම් කියවපන් ලිපිය

      Delete
    2. රොස බස්සි කියෙවුව මගෙ හිතෙ.නැද්ද

      Delete
  18. එළනේ. කරුණු කිහිපයක්ම දැනගත්තා. හැමදාම වගේ මට උඹව අප්ඩේට් වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. අප්ඩෙට් නොවෙන එකට මක්කයි බන් කොරන්නෙ.එකම තමයි මම මුනුපොතෙ දැම්මෙ.තැන්ක්ස්

      Delete
  19. වාහන පාවිච්චි කරන වැඩි දෙනෙක් මේවා දන්නෙ නැහැ. ඒ නිසා ලියන එක බොහොම හොඳයි.ඉදිරි ලිපිවල TWI, Load rating, Speed rating ගැන එහෙම ලියනව නේද ?
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හරියට හරි හර්ෂ.ඔයටික තමයි ඉලගට ඉස්සෙල්ලම ලියන්න ඉන්නේ.තැන්ක්ස්

      Delete
  20. මේ වගේ කවුරුවත්ම ලියන්නෙ නැති මාදිලියේ ලිපි වැඩියෙන් ලියන්න දමිත් ගොයියො...මගේ ඇන්ටික් ස්කූටර් රාජයගෙ අමතර රෝදය කැලණි ටයර් එකක්...හිටපු ගමන් පැච් ගියාම මම ඒක දාගෙන කිලෝමීටර් බර ගනන් ගිහිල්ලා තියෙනවා...ඒ උනාට තාම අවුලක් නෑ...හැබැයි ටයරයේ පොඩි පොඩි පැලිම් තියෙනවා හැම තැනම...කලු ඉකුත් වෙලා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මමත් ර්‍රයි කරන්නම්.තැන්ක්ස්.ස්පෙයවීල් එක කල් පැනල ඇත්තෙ.එතකොට වෙන්නෙ දරාගැනිම අඩුවෙනව.හිමිටගියොත් අනතුරක්වෙන එකක් නැ.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ආයිෂ් අම්මා දමි අයියා පෝස්ට් එකක් දාලා .. හා ටයර් නේ ??? මට තිබ්බා බං ඇටිකිච්චා කාලෙ ට්‍රේල් ටයර් එකක් .ඕක තමා මගෙ වාහනේ .. 

    ටයර් නේ සීන් එක.. එලකිරි..මාත් දැනං හිටියෙ නෑ එක්ස්පයර් ඩේට් එක. විස්තර ඇතුව ලියපං මස්සිනේ ඈ ඊළඟ එකත්.අහක යන් නෑ..

    ReplyDelete
    Replies
    1. ආ මෙ ඇවිල්ල ඉන්නෙ කොල්ල.දෙන්නම් දෙන්නම් පුතේ පොරි හැලෙන්න

      Delete
  23. අපි අඩුවෙන්ම බලන දේ තමයි මේ.. හුලං ගියාම පැච් ආවම බලනවා.. ඊට පස්සෙ ඉතින් හුලං මදිද කියල විතරයි බලන්නෙ. ඔයාගෙ ඊලඟ ලිපිය එනකල් බලං ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයා දන්න් ඇ කියල දැක්කම මටත් ලැජ්ජ හිතුන බන් අයියෙ

      Delete
  24. මේක ලියපු එක හොඳයි බන් අපි හැමෝටම ප්‍රයෝජනවත් . සුළු සුළු අකුරු 'මිස්කේට්; ටිකක් තියෙනවා ආයේ දානකොට වතාවක් එඩිට් කරලා දාපන්. ( උඹට බණ කිව්වාට මගේ එව්වගේත් ඒමට අකුරු අඩුපාඩු තියෙනවා )

    ReplyDelete
    Replies
    1. රිප්ලයි පරක්කු වුනාට සොරිවෙන්න ඔන.අකුරු මිස්ටෙක් නම් මාලින්ද එකෙ ගහල කොපි කරනකොට වෙන දෙවල්.කරන්න දෙයක් තෙරෙන්නෙ නැ.ස්තුතියි

      Delete
  25. සෑහේන වැදගත් කරුනු රාශියක් දැනගත්තා ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයාල්.මෙහි දැකිම සතුටක්

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි