Sunday, December 22, 2013

ඇයි ගෙවන්නෙ නැත්තෙ (රක්ෂනේ බොරුවක්ද?-3 )



ඉතින් ඔන්න ආයෙමත් රක්ෂනය ගැන ලියන්න ආව.ඇත්තටම මෙක ලියන්න පටන් ගන්නකොට මෙච්චර දිගට යාවි කියල නිකමටවත් හිතුනෙ නැ.මක්ක කොරන්නෙයි ලියාගෙන යනකොට තමයි දැනුනෙ ගොඩක් දෙවල් තියෙනව කියල ලියන්න.

හරි එකෙන් කමක් නැ .අදවත් නමො විත්තියෙන් මේ වැඩෙ ඉවරක් කරන්න බලමුකො.කලින් පොස්ට් කියෙවුවෙ නැත්නම් එකත් කියවලම එන්නකො.එක මෙතන.
” http://damgune.blogspot.com/2013/11/02.html”



අද අපි බලමු වාහනයක් පුර්න රක්ෂනය කරල තියෙද්දිත් අනතුරකදි වන්දි නොලැබි යන්න හේතු මොනවද කියල.


ඊට කලින් මම කියන්න ඔන සම්පුර්න වන්දිය නොවුනත්  වන්දියෙන් කොටසක් නොලැබි යන්න පුලුවන් හේතුත් තියෙනව.

ඒව තමයි-
නියම වටිනාකමට රක්ෂනය නොකිරිම.
අවශ් කරන අතිරේක ආවරන නොගැනිම.
සම්පුර්න රථයෙ හරි හානියට පත් කොටස හරි නියමිත ලෙස නඩත්තු නොකිරිම නිසා ඉතාම දුර්වල තත්වයක තිබිම

හොදයි දැන් බලමු සම්පුර්න වන්දියම නොලැබි යන්නෙ මොකද කියල.
බොහොම සරලයි.කාරනා දෙකක් මත තමයි ඒක වෙන්න.
1 රටෙ වර්ථමාන නිතියෙන් රිය පැදවිම තහනම් කෙනෙක් රිය පදවා අනතුර සිදුවෙලානම්.
2 අදාල රක්ශන ඔප්පුවෙ කොන්දේසි එකක් හො කීපයක් කඩවෙලානම්.

  කියන කාරනා දෙක මත විතරමයි සම්පුර්න වන්දි නොලැබියාමක් වෙන්න පුලුවන්.
හරි දැන් බලමු මෙ කාරනා දෙක ගැන විස්තර සහිතව.

මුල්ම එක පවත්නා නිතියෙන රිය පැදවිම තහනම් කලා කිවම කවුද බොලෙ කියල හිතුනද ?
කවුරුවත් නෙමේ මේ අපිම තමයි.ඒකට කාරනා දෙකක් බලපානව එකක් තිබුනොත් තහනම් අනික නැත්නම් තහනම්.

මල්පැන් පොදක් නොහොත් මත්පැන් පානය කරල තිබිම හා අදාල වාහනය පැදවිමට රියදුරු බලපත්රයක් නොමැතිවිම.

ඔන්න ඔය කාරනා දෙක මත වන්දිගවන්නෙ නැ.
ඉට අමතරව නීතිවිරොධී දෙයකට යොදාගෙන තිබුනොත් (කසිප්පු ,ගන්ජා ප්රවාහනය වගෙ ) එතකොටත් ගෙවන්නෙ නැ.

ඊලග කරනාව ඔප්පු කොන්දෙසි කඩවීම.මෙක ටිකක් ලොකු පරාසයකට විහිදෙනව.
රක්ෂනෙ තියෙන මුලිකම කොන්දෙසිය තමයි  පුර්න සද්භාවය (Utmost Good Faith )කියන එක.ගොඩාක අයට වන්දි නොලැබියන්නෙ මෙන්න මෙ කොන්දෙසිය කඩ කරල.

කියන්නෙ සම්පුර්නයෙන්ම ඇත්තකියන්නෙ නැතුව ගියාම.අනතුර සිදුවුන දිනය, වෙලාව,සිදුවුන ආකාරය සිදුවුන ස්ථානය රියදුරු කවුද වගෙම රක්ෂන ආයතනය ඉල්ලන සියලුම විස්තර සදහා සම්පුර්න ඇත්ත  ප්රකශ කරන්න ඔන.

ඉට අමතරව රක්ෂනය කරන වෙලාවේදිත් කියපු දෙවල් වලට අනුකූල වෙන්න ඔන. එකෙන් අදහස් කරන්නෙ වාහනෙ භාවිථා කරන්නෙ කුමන කාර්යකටද (පුද්ගලික,කුලි ) වගෙ කාරනා.මෙව ගැන මම කලින් ගොඩක් විස්තර කල නිසා ආපහු කියන්න යන්නෙ නැ.
වගෙම වාහනෙ අයිතිය වෙනස් වෙලානම එතකොටත් වන්දි ලැබෙන්නෙ නැ.

ඔයගොල්ලො අහල තියෙනවනම් කොච්චියෙ හැපුනම ගෙවන්නෙ නැ,අලියෙකුගෙ හැපුනොත් ගෙවන්නෙ නැ වගෙ කතා ,එව බොරු.

ඔන්න ඉතින් මම දන්න  ටික ලිවුව.මෙක කියවල ඔයාලගෙ දැනුම පොඩ්ඩක් හරි වැඩිවුනානම් එකතමයි මගෙ සතුට. ඔයාලට කවද හරි මෙකෙන් ප්රයොජනයක් ගන්න පුලුවන් වෙවි

 දැන්  ඔයාල කාටහරි වහනයකට රක්ෂනයක් ගන්න කොට දෙගිඩියාවක් නැතුව තමන්ට උවමනා කරන විදියට රක්ෂනේ ගන්න පුලුවන් වෙවි කියල මම විශ්වාස කරනව

හෙනන් ඔන්න අපි ගියා.තව දැනගන්න මොනවහරි තියෙනම් අහන්ඩලා.


34 comments:

  1. හොඳ වෙලාවට කිව්වේ මම මේ අලියේගේ හප්පලා,කෝච්චියේ හප්පන්න යන ගමන්:D ....උඹලා දැන් අලුත් අතුරු කොන්දේසියක් දායිද දන්නේ නෑ 'අධිවේගී මාර්ග අනතුරු රක්ෂණය" කියලා ....

    ReplyDelete
    Replies
    1. // 'අධිවේගී මාර්ග අනතුරු රක්ෂණය"//
      එහෙම එකක් නැ බොල.ඔය ඊයෙ පෙරේද ඔලුවෙන් හිට ගත්ත කාරේකත් අපේ.
      //මම මේ අලියේගේ හප්පලා,කෝච්චියේ හප්පන්න යන ගමන්//
      අපොයි උබ එහෙනම් 21 දැකගත්ත එක හොදයි.

      Delete
  2. කෝ මම කලින් දාපු කමෙන්ට් එක?????????

    ස්පෑම් වලද දන්නෑ මම ආයෙ දාන්නම්.

    ගොඩක් ස්තූතියි දමිත් අයියෙ ලොකු දැනුමක් ලබා ගත්තා. මාත් අහලා තිබුනෙ අලි ගහපු වාහන වලට ගෙවන්නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. සතුටුයි මලේ.ඔයවගෙ බොරු නිසා නිකන් මිනිස්සු අමරුවෙ වැටෙනව

      Delete
  3. දමිත්....අපේ තාත්තා ශ්‍රීලංකා රක්ෂන සංස්ථාවේ හිටියේ. ඒ කාලේ ඕක විතරයි තිබුනේ. දැන් රක්ශන සමාගම් කීයක් විතර තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. දැන් අයියෙ 23 ක්ද කොහෙද තියෙනව.ඇයි ජාතික රක්ෂනේ තිබුනෙ නැද්ද.ඉස්සර ඉරිද දවල් 12 ජාතික රක්ෂනෙ අනුග්‍රහයෙන් වෙලද සෙවෙ නට්‍යක් ගියා.පස්සෙ ජනශක්ති වුනෙ එක.
      මමත් පටන් ගත්ත ශ්‍රීලංකා රක්ෂන තමයි

      Delete
    2. ජාතික රක්ෂනේ ආවේ ඊට ගොඩක් පස්සේ. මගේ යාළුවෙක් වැඩකරා ජෙරමි බෝලින්ග් කියලා.

      Delete
  4. දමිත් මේවා නම් යුතුකම්... පුළුවන් හැටියට මේ ගැන නිවැරදි දැනුමක් එන්න ලියන්න... සිංහලෙන් මේවා ගැන කව්රුත් ලියන්නේ නැහැ නෙව........

    ReplyDelete
    Replies
    1. ඔව් සහන් පුලුවන් උපරිමෙන් කරන්නම් .මිනිස්සු අනිව දැනුවත් වෙන්න ඔන ෆිල්ඩ් එකක් මේක.ස්තුතියි මචන්

      Delete
  5. රස්සනේ ගැන දැනුම ඉතාම අඩුවෙන් පිහිටි මට මුල සිට සරලව මෙවුවා ලියාදක්වා තිබීම කීයත් වටී. බෝම ඉත්තූතියි!

    ReplyDelete
    Replies
    1. ප්‍රයොජනවත් උනා නම් එක තමයි මගේ සතුට බස්සි.

      Delete
  6. මට මේ ලිපි පෙලේ මුල ටික මිස් වෙලා තිබ්බේ. ඒ ටිකත් කියව ගන්න ඕන !

    ReplyDelete
    Replies
    1. මුල කොටස්වලට ලින්කු දාන්න. එතකොට මේ වගේ මැද්දෙන් පනින අයට ලේසි යි :-D

      Delete
    2. @මධුරන්ග යෙස් මචො.කියවල බලපන්.

      @කූ.ගැ.ගි.පො දිලිනි ඇයි බොල ඔය උඩින් තියෙන්නෙ දෙවෙනි එකෙ ලින්ක් එක.එකට ගියාම තියෙනව පලවෙනි එකෙ ලින්ක් එක.කියෙවුවෙ නැ නේද :D

      Delete
  7. ඇත්තටම වටින් ලිපියක් සහෝ...මම මේක දැකල හිතුවෙ මොනාද මම රස්සනේ ගැන දන්නෙ කියල...

    ReplyDelete
  8. රක්ෂණයට හැම අවුරුද්දෙම ගෙවලා..කිසිම අනතුරක් වෙලා නැත්තං...ඊලග වසර වලට සහනයක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. තියෙනව ,නො ක්ලෙම් බොනස් කියල ඉලග අවුරුද්දෙ ගාන අඩු වෙනව.

      Delete
  9. දමිත් අයියෙ මේ පෝස්ට් එක කලින් දාල තිබුන නේද? ඒක ඩිලීට් කරල ආයෙත් දැම්මද? :)

    ReplyDelete
    Replies
    1. අනෙ ඔව් මලේ.උබයි ඔමායි කමෙන්ට් කරලත් තිබුන.එ වුනාට බ්ලොග් රොල් වල අප්ඩෙට් උනෙ නැ.හදාගන්නම බැරිඋනා.ඒකනිසා අලුතින් දැම්ම.සොටි ඇ.
      උබගෙ එකට උත්තරෙ මචො පුර්න සද්භාවය තියගන්න බැරිනම් ක්ලෙම් ගන්න බැ .මොකද මෙකෙ අහන්නෙ පුද්ගලික ජිවිත ගැන නෙමෙයිනෙ.වාහනෙ සම්බන්දව නෙ.ඉතින් මොකද බැරි

      Delete
  10. ස්තුතියි අපිව මේ ගැන දැනුවත් කරනවට .....

    ReplyDelete
    Replies
    1. ඒක මගෙ සතුට රෙහානි

      Delete
  11. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ….
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවාද, රක්ෂණ ආයතන සෑම විටම රක්ෂන වන්දි ගෙවීමට සිදුවන විට, අගතියට පත් වූ අය කියන සමහර ප්‍රකාශ වෙනත් අයුරින් අර්ත කතනය කර වන්දි ගෙවීමෙන් මඟ හරින බව. එබැවින් රථයට හානි වූ අවස්ථාවක වන්දි සඳහා ඉල්ලුම් කරනු ලබන්නේ නම් ඔවුන් සමඟ ගනු කළ යුත්තේ ඉතා කල්පනාකාරීවය.

      Delete
    2. සමාවෙන්න ප්‍රමාදයට.ස්තුතියි පැතුමට.උත්තරෙ දිල සුදීක

      Delete
  12. අපේ රටේ අය රක්ෂණය තේරුම් අරන් තියෙන විදිය වැරදියි. මොනවා හරි බොරුවක් කරලා සල්ලි කඩා ගන්න බලාපොරොත්තුවෙන් රක්ෂණය කරන එක අවස්ථාවාදී කමක්. ඒ නිසාම තමයි ඔය උඩ නිර්මලා කියන තත්ව ඇති වෙන්නේ. නමුත් දියුණු රටවල බොහෝ දේ සිදු වෙන්නේ රක්ෂණය මත. කවුරුවත් බොරු කරන්නේ නෑ. සංක්‍රමනිකයෝ හැර.

    ReplyDelete
    Replies
    1. දමියා කියන්න අමතක වුණා

      සියළු සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා !!!

      Delete
    2. සමවෙයන් ප්‍රමාද වුනාට.බොහොම ස්තුතියි.උබ ඔය උත්තරෙ දුන්න එක හොදයි.මම කිවුවනම් වැරදියට නේ ගන්නෙ.එකටත් ස්තුතියි

      Delete
  13. ඔන්න අද තමයි ජාලෙට එන්න පුලුවන් වුනේ.

    දමිත්, උඹට මතකද මම ලියපු යාල ඇඩ්වෙන්චර් එක? අර බෝක්කුවක් කඩාගෙන වැටිලා ටයර් එක පුපුරලා සස්පෙන්ෂන් බාර් ඇද වෙලා වෙච්ච සීන් එක? මම ඒකට ඉන්ෂුවරන්ස් එක ගත්තා.

    ඒක නෙවෙයි. ලින්ක් එක දානකොට, අවශ්‍ය කොටස හයිලයිට් කරලා ලින්ක් කියන බටන් එක ඔබලා මතුවෙන බොක්ස් එකේ අර ලින්ක් එක අලවපං. එතකොටයි ඒක ලින්ක් එකක් වෙන්නේ.

    උඹටත් උඹේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නව වසරක්.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් ප්‍රමාද උනාට.ඔක හොද උදාහරනයක් ඇත්ත කිවුවම කිසි ප්‍රශ්නයක් නැ කියන්න.කොහොමත් එන ක්ලෙම් වලින් 98%ම ගෙවනව.,එක කියන්නෙ බොහොම ටිකදෙනයි.
      ලින්ක් සින් එකනම් ටියුබ් ලයිට් මචො.
      ස්තුතියි.

      Delete
  14. ඇත්තටම හොඳ ලිපි පෙළක් දමිත්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.කාලෙකින් නෙද එලි බැස්සෙ.

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි