Monday, March 30, 2015

නෙලුම් යායෙන් ලැබුන නෙලුම සහ සන්ස්කරනය කල බට්ටි

නෙලුම් යායෙන් ලැබුන සම්මනෙ ගැන ලියන්න හිතාගෙන කිපදවසක් ගෙවුනත් කොහොම ලියනවද කියල හිතාගන්න බැරුව කිපදවසක්ම ගතවුන. අතරෙ ජිවිතෙත් ලොකුම ලොකු වන්ගුවක් ගාවට ආව. ඔයාල ඔක්කොම දන්නව මම ලියන්න එච්චර දක්ෂයෙක් නෙමෙයි කියල. එහෙවු මගෙන් ලියවුනු පලවෙනි නිසදැසටම පලමු ස්ථානය ලැබිම නිකන් රජකම ලැබුනවගෙ තමයි ( දැන් ඉතින් කියහන් ගැනි ලියල මම දැම්ම කියල හග් ). මේ අගය කිරිමට නෙලුම් යාය අජිත් අයිය ඇතුලු සැමටම මගෙ හදපිරි ස්තුතිය.

වගෙම මාව බ්ලොග් ලියන්න තල්ලු කරල බ්ලොගක් අටවල දිපු අටමට බොහොම ස්තුතියි.

ඒත් එක්කම මෙ සම්මන උලෙලේ සම්මාන ලබපු සියලුම බ්ලොග් කරුවන්ටත් මගෙ සුභ පැතුම පිරිනමනව.

ඇත්තටම බලනකොට මෙ බ්ලොග් කලාවෙන් මට ඉතාම වටින දේවල් දෙකක් ලැබුන
 
මුලින්ම ඉතාම සුන්දර මිනිසුන් කොටසක් හදුනාගන්න ලැබුන.
දෙවනුව සම්මානයක් ලැබුන.

ඉතින් මෙ අතරෙ මට අපෙ බන්ධුල නානායක්කකාරවසම මහතා කියපු එක දෙයක් ගැන හිතට පොඩ්ඩක් වැදුන. එතුමා භාෂාව හැසිරවිම ගැන සැලකිලිමත්විම ගැන අවවාද කලා.ඉතින් මට හිතුන මෙ සම්මාන ලැබුන බට්ටි නිර්මානයෙ තියෙන රලු වදන් ඉවත් කරල ලියන්න පුලුවන් වෙවිද කියල.බලන්නකො වරදක් නැද්ද කියල


වේවැලක් අතින් ගෙන


ජිවිතය නොසලකා


සාරධරමය රකිමි


කියා ඉදිරියට පැන


මග සරන වෙසගනන්  තලා දඩුවම් කරන


නිලධාරි මහතුනේ


අපි ඔබට ණය ගැතියි


අපි ඔබව රකින්නෙමු


අපි ඔබව රකින්නෙමු


 


නුබලාට අමතකද


තන්ගල්ල පුරයෙදි


සුදු කතක් කෙලෙසන්න


උත්සාහ ගන්නවිට


විදේශික නරුමයෙක්


එලොවයැවුවා අපේ


මහාජන වීරයෙක්...........


 


පිරිමින්ව පැහැරගෙන


කාමරෙ දමාගෙන


දුෂනය කරන මේ


බට්ටිලා ඉන්නකන්


කොහොම  ගොඩනගන්නද


ධර්මිෂඨ සමාජය........


 


පෝලිමට වරෙල්ල


ගල් රැගෙන වරෙල්ල


මරා වනසා දමා


ගොඩනගා සැනසෙන්න


දහස් ගනනක් වසර


පැරණි ස්රි විභුතිය


රැකගන්න වරෙල්ල


 


සුපිරිසුදු හදවතක්


නිකැලැල්වු චරිතයක්


සැටිපිකට් සමග ඇති


පවු නොකල මිනිසුනෙ


වරෙවු අත ගලක් ගෙන


මේ වෙසගනන් වෙත


පලමු ගල ගසන්නට................................


Monday, March 16, 2015

නපුරු දුදනන්ට පිහිට නොමවවු සැබැ කලෙ මට


සහොදරයන් ලෙසින් මා සිතා සිටිය මුත්
විසඝොර සර්පයන් උනෙ නුබලා කෙලෙස
ජිවිතෙ සියලු දෙ බෙදාගෙන එකට සිට
පිටට පිහියෙන් ඇන්න විදිය මට කියාපන්

අද නුබව උචිත යැයි සිතන්නවු බොස්
නුබෙ ගැන කිසිවක්ම නොදැන සිටි කාලයක
නුබව දිරි ගන්නවා ඉදිරියට රැගෙනවිත්
මේ තැනට තල්ලු කල කාලයත් අමතකද

එරොප්පෙ සිටන් නුබ මවු රටට පැමිනෙන්න
දෙගිඩියාවක් ඇතුව මට අමතනා විටෙදි
බය නැතුව මෙහෙ වරෙන්,නුබට මග සදා දෙමි
කිය දුන් පොරොන්දුව ඉටුකලා අමතකද

උබලාගෙ බොස් නොවි යාලුවෙක් ලෙසින් සිටි
වරදටද මට දුන්නෙ මෙවගෙ තැග්ගක්
ස්තුතියි කියා කියන්නට සිතේ මට
කියාදුන්නට මට මෙවගෙ පාඩමක්.

එකට කා එකට බී සිගරැට්ටු බෙදාගෙන
ඉන්නවිට බඩ බදන් කොහොම අදාගන්නෙ
උබලාට ජිවිතේ හෑමදෙයකටම පෙර
තිබුන බව පුටුව ගැන අරගලය මා සමග.

Monday, October 20, 2014

සිහින ලොවින් පියවි ලොවට





මගේ හිතේ තියෙන ආදරේ ඔයාට තේරෙනවා නම් දැනෙනවා නම් ඔයාට දරාගන්න බැරුව පපුව පැලෙයි.

අදත් මා එක්ක ආදරෙන් ඉදලා ලගින්ම ඉදන් කතාකරලා මාවතුරුලු කරන් අමුතුම ලෝකයක තනි උනු අපි දෙන්නට මොකද දෙයියනේ මෙහෙම උනේ.
''මට මේක ඉවසන්න බෑ මගේ මහත්තයෝ''.

මට මතක එපමනකි.යලිත් මා පියවි සිහියට පැමිනියද එසේ බොහෝ වේලාවක් සිටීමට මා හට නොහැකි විය.
මන්ද මා මාගෙ පනටත් වඩා ආදරය කරන මාගේපණ අද මා ලග නොමැති බැවිනි.
දරුවන් නොමැතිනම් මා මේ සියල්ල අතහැර ගොස් අවසානය.
මා නොදැනීම මාගේ දෙතොල් පිට පෙරලෙනු දැනෙයි.

ශරීරය උනුසුම්වී වී පපුව ගැහෙන වේගය වැඩිවීමත් සමගම මා හට නැවත වරක් මහා හයියෙන් කෑ ගසා හඩන්නට සිතුනද බිමබදාගෙන අඩන්න සිතුනද එය කල නොහැකි එක කාරනයක් තිබිනි.
අපගේ දරුවන්ය.

මට පුදුම අසරන කමක් පපුව පසාරු කරන්නාක් මෙන්දැනෙන්නනට විය.ඔහු මා හට මෙසේ කරන්නේ කුමක් මා අතින් සිදු වූවාටදැයි මා හට නොතේරෙයි.
''මීට පැය කිහිපයකට කලින් ඔයාගෙ හුස්ම මගේ මුහුනට වැටෙන ලගින් නේද වස්තුවේ හිටියේ.''මීට පැය කීපයකට කලින් නේද අපි දෙන්නා අපි දෙන්නගේ සුවද වින්දේ.

''කොහොමද ඔයා ඔච්චර ඉක්මනට මාව අමතක කලේ.ඇයි ඔයාට මගේ උනුසුම එපාඋනේ.මම මොකක්ද දෙයියනේ කරපු වරද?
මගේ මුලු ඇගම හිරි වැටිලාක් මෙන් දැනෙන්නට විය .
මා හට පිස්සු දැයි විටෙක මට සිතෙන්නට විය.

තනිවම කා හටවත් නොඇසෙන්නට මා කියවමින් හඩයි වැලපෙයි.
වෙනදාට පුන්චි දෙයටත් මා අඩනා විට හිස අතාගා මා සනසන මගේ පණ , අද මා දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකරයි ,.සත්තකින්ම මා ජීවත් විය යුතුයිද.?
''මේ කදුලුවෙලා ගලන මගේ ආදරේ ඔයාට වටින්නේ නැද්ද මහත්තයො.
අපේ නිවන තිබුනු මේ ගෙදරට ඇයි මෙහෙම ගිනි ගොඩක් ගෙනාවෙ.මගේ කදුලු ඔයාට වටින්නෙ නැද්ද?

මේ ගෙදර ගෑණු දෙන්නෙක්ට ඉන්න බෑ වස්තුවේ.
ඔය පපුවෙ ලෝම අස්සෙ ගුලි වෙන්න ආසකලේ මම විතරයි .ඒක තව කෙනෙක් එක්ක බෙදාගන්න මට බෑ.
උනුසුම වින්දෙ මම විතරයි.ඔය පපුව දෙන්න එපා කාටවත්.මාව මැරෙයි දෙයියනේ.මට බෑ ඔයා නැතිව.
ඔය ගෑනිව යවනවා....නැත්නම් මාව මරලා දානවා....හැඩුම අතරින් මගේ ස්වරය තරමක් වියරු ස්භාවයක් ගත්තද එසැනින් යලිත් හඩන්නට විය.

ඔය ගෑනි කාමරේට දාල දොර වහගත්තට කොහොමද ඔයා ඉන්නේ.ඔය ඇදේ අපේ මතක තියෙන්නේ...........,අපේ සුවද තියෙන්නේ..............,ඔයාට බෑ මට රිද්දන්න...........
සත්තයි මම මැරෙනවාමහත්තයෝ
කියලා බිත්තියට ඔලුව ගහනවාත් සමගම දරු පැටියා ඇහැරිලා අඩන්න පටන් ගත්තා.
මාද තිගැස්සී ඇහැරුනෙමි.