Monday, March 30, 2015
Monday, March 16, 2015
නපුරු දුදනන්ට පිහිට නොමවවු සැබැ කලෙ මට
සහොදරයන් ලෙසින් මා සිතා සිටිය මුත්
විසඝොර සර්පයන් උනෙ නුබලා කෙලෙස
ජිවිතෙ සියලු දෙ බෙදාගෙන එකට සිට
පිටට පිහියෙන් ඇන්න විදිය මට කියාපන්
අද නුබව උචිත යැයි සිතන්නවු බොස්
නුබෙ ගැන කිසිවක්ම නොදැන සිටි කාලයක
නුබව දිරි ගන්නවා ඉදිරියට රැගෙනවිත්
මේ තැනට තල්ලු කල කාලයත් අමතකද
එරොප්පෙ සිටන් නුබ මවු රටට පැමිනෙන්න
දෙගිඩියාවක් ඇතුව මට අමතනා විටෙදි
බය නැතුව මෙහෙ වරෙන්,නුබට මග සදා දෙමි
කිය දුන් පොරොන්දුව ඉටුකලා අමතකද
උබලාගෙ බොස් නොවි යාලුවෙක් ලෙසින් සිටි
වරදටද මට දුන්නෙ මෙවගෙ තැග්ගක්
ස්තුතියි කියා කියන්නට සිතේ මට
කියාදුන්නට මට මෙවගෙ පාඩමක්.
එකට කා එකට බී සිගරැට්ටු බෙදාගෙන
ඉන්නවිට බඩ බදන් කොහොම අදාගන්නෙ
උබලාට ජිවිතේ හෑමදෙයකටම පෙර
තිබුන බව පුටුව ගැන අරගලය මා සමග.
Monday, October 20, 2014
සිහින ලොවින් පියවි ලොවට
මගේ හිතේ තියෙන ආදරේ ඔයාට තේරෙනවා නම් දැනෙනවා නම් ඔයාට දරාගන්න බැරුව පපුව පැලෙයි.
අදත් මා එක්ක ආදරෙන් ඉදලා ලගින්ම ඉදන් කතාකරලා මාවතුරුලු කරන් අමුතුම ලෝකයක තනි උනු අපි දෙන්නට මොකද දෙයියනේ මෙහෙම උනේ.
''මට මේක ඉවසන්න බෑ මගේ මහත්තයෝ''.
මට මතක එපමනකි.යලිත් මා පියවි සිහියට පැමිනියද එසේ බොහෝ වේලාවක් සිටීමට මා හට නොහැකි විය.
මන්ද මා මාගෙ පනටත් වඩා ආදරය කරන මාගේපණ අද මා ලග නොමැති බැවිනි.
දරුවන් නොමැතිනම් මා මේ සියල්ල අතහැර ගොස් අවසානය.
මා නොදැනීම මාගේ දෙතොල් පිට පෙරලෙනු දැනෙයි.
ශරීරය උනුසුම්වී වී පපුව ගැහෙන වේගය වැඩිවීමත් සමගම මා හට නැවත වරක් මහා හයියෙන් කෑ ගසා හඩන්නට සිතුනද බිමබදාගෙන අඩන්න සිතුනද එය කල නොහැකි එක කාරනයක් තිබිනි.
ඒ අපගේ දරුවන්ය.
මට පුදුම අසරන කමක් පපුව පසාරු කරන්නාක් මෙන්දැනෙන්නනට විය.ඔහු මා හට මෙසේ කරන්නේ කුමක් මා අතින් සිදු වූවාටදැයි මා හට නොතේරෙයි.
''මීට පැය කිහිපයකට කලින් ඔයාගෙ හුස්ම මගේ මුහුනට වැටෙන ලගින් නේද වස්තුවේ හිටියේ.''මීට පැය කීපයකට කලින් නේද අපි දෙන්නා අපි දෙන්නගේ සුවද වින්දේ.
''කොහොමද ඔයා ඔච්චර ඉක්මනට මාව අමතක කලේ.ඇයි ඔයාට මගේ උනුසුම එපාඋනේ.මම මොකක්ද දෙයියනේ කරපු වරද?
මගේ මුලු ඇගම හිරි වැටිලාක් මෙන් දැනෙන්නට විය .
මා හට පිස්සු දැයි විටෙක මට සිතෙන්නට විය.
තනිවම කා හටවත් නොඇසෙන්නට මා කියවමින් හඩයි වැලපෙයි.
වෙනදාට පුන්චි දෙයටත් මා අඩනා විට හිස අතාගා මා සනසන මගේ පණ , අද මා දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකරයි ,.සත්තකින්ම මා ජීවත් විය යුතුයිද.?
''මේ කදුලුවෙලා ගලන මගේ ආදරේ ඔයාට වටින්නේ නැද්ද මහත්තයො.
අපේ නිවන තිබුනු මේ ගෙදරට ඇයි මෙහෙම ගිනි ගොඩක් ගෙනාවෙ.මගේ කදුලු ඔයාට වටින්නෙ නැද්ද?
මේ ගෙදර ගෑණු දෙන්නෙක්ට ඉන්න බෑ වස්තුවේ.
ඔය පපුවෙ ලෝම අස්සෙ ගුලි වෙන්න ආසකලේ මම විතරයි .ඒක තව කෙනෙක් එක්ක බෙදාගන්න මට බෑ.
ඒ උනුසුම වින්දෙ මම විතරයි.ඔය පපුව දෙන්න එපා කාටවත්.මාව මැරෙයි දෙයියනේ.මට බෑ ඔයා නැතිව.
ඔය ගෑනිව යවනවා....නැත්නම් මාව මරලා දානවා....හැඩුම අතරින් මගේ ස්වරය තරමක් වියරු ස්භාවයක් ගත්තද එසැනින් යලිත් හඩන්නට විය.
ඔය ගෑනි කාමරේට දාල දොර වහගත්තට කොහොමද ඔයා ඉන්නේ.ඔය ඇදේ අපේ මතක තියෙන්නේ...........,අපේ සුවද තියෙන්නේ..............,ඔයාට බෑ මට රිද්දන්න...........
සත්තයි මම මැරෙනවාමහත්තයෝ
කියලා බිත්තියට ඔලුව ගහනවාත් සමගම දරු පැටියා ඇහැරිලා අඩන්න පටන් ගත්තා.
මාද තිගැස්සී ඇහැරුනෙමි.
Subscribe to:
Comments (Atom)

