Saturday, October 26, 2013

රක්ෂනේ කියන්නෙ බොරුවක්ද ?




" වෑන් එකක් උනාම ඉදල හිටල හයර් එකක් යනව තමයි මහත්තයො.ඔක කිවුවෙ නැ ඉතින්.අපි පුල් ඉන්සුරන්ස් කරල තියෙන්නෙ. පාරේ  ගිහින්නෙ හැප්පුනෙ .ඉතින් ඔයාල ගෙවන්න"

මෙ කතාව කිවුවෙ ලගදි අපෙ ඔෆිස් එකට ආපු කෙනෙක්. ඒත් එක්කම ලගදි අටන් එක්ක කතා කරපු වෙලාවක අටම මගෙන් තර්ඩ් පාර්ටි ඉන්ශුරන්ස් ගැනත් අහපු නිසා මට හිතුන පොඩ්ඩක් මෙ ගැන ලියන්න. සාමාන්යයෙන් සමාජයෙ තියෙන මතයක් තමයි රක්ෂනෙන් කියන විදියට කෙරෙන්නෙ නැ කියන එක.මගෙ අත්දැකිම තමයි මෙ කතාව එන්නෙ හරි විදියට මෙ ගැන මිනිස්සු දැනුවත් නොවිමෙන් .එක නිසා මට හිතුන රක්ෂනෙ ගැන මම න්න දෙවල් ටිකක් ලියල දැම්මොත් හොදයි කියල.


මුලින්ම අපෙ  සමාජයෙ මෙ නොදැනුවත් කමට හෙතුව තමයි ඔය දැනුවත් කිරිම් කියන කොටස කෙරෙන සමහර  අලෙවි නිලධාරින් අතින් ඔය වැඩෙ හරියට කෙරෙන්නෙ නැ.ලැබෙන දෙ කියනව හැබැයි නොලැබෙන දෙ කියන්නෙ නැ. 

හැබැයි එත් එක්කම කියන්න ඔන මොන මිනිහද තමන් විකුනන්න යන දෙ ගැන අඩුපාඩු කියල විකුනන්නෙ.ගන්න කෙනාටත් වගකිමක් තියෙනව නෙද තමන්ට ඔනකරන දෙවල් ගැන අහල දැනගන්න.(මම රක්ෂනෙට සම්බන්ද රෑකියවක් කලාට අලවියට කොහෙතම සම්බන්ද නැත සොදුර ).

රායිට් දැන් තෙරෙන සින්හලෙන් අපි බලමු රක්ෂනෙ කියන්නෙ මොකක්ද කියල.රක්ෂනෙ කියන්නෙ අවධානමක් බෙදා ගැනිමක්.

 ඔයාල දැන් ඔෆිස් එකෙ හරි තමන්ගෙ යාලුවෙකුට හරි කරදරයක් උනොත් කට්ටිය එකතු වෙලා සල්ලි ටිකක් එකතුකරල දෙනව නෙද. රක්ෂනෙ කියන්නෙත් ඔන්න ඔය වගෙ එකක්.
එකනිසා මොකක් හරි රක්ෂනෙකට සල්ලි ගෙවල "අනෙ මට කිසිම වන්දියක් ගන්න බැරි උනා නෙ" කියල දුක් වෙන්න එපා. මොකද එහෙම දුක් වෙනව කියන්නෙ වෙන විදියකට "අනෙ මට කිසිම කරදරයක් උනෙ නැ නෙ " කියල දුක්වෙන එක.

වගේම ඉදිරි වසර තුල ඔයාගෙ දේපලකට (ගොඩනැගිල්ලක්.වාහනයක්, ආදි ) කිසිම අනතුරක් හානියක් වෙන්නෙ නැ කියල ෂුවර් නම් එකට රක්ෂනයක් ගන්න එපා.වාහනයක් නම් පොලිසියට පෙන්නන්න තර්ඩ් පර්ටි ඉන්ෂුරන්ස් එකක් විතරක් ගන්න. වගෙම ඔයාගෙ දෙපලට හානියක් වෙනව කියල ෂුවර්මනම් මම හිතන්නෙ නැ කිසිම රක්ෂන  ආයතනයක් එක භාරගනි කියලත්.ඔන්න ඔය අනාගතෙ  අවිනිශ්චිත භාවය තමයි රක්ෂනෙන් ආවරනය වෙන්නෙ.

මම සම්බන්ද වෙලා ඉන්නෙ වාහන සම්බන්ද පැත්තට නිසා පැත්තෙන් කියනව නම්.

අපි මෙහෙම ගමු ඔන්න ලක්මාල් කියල කෙනෙකුට තියෙනව බෙන්ස් කාර් එකක්. ඕක වටිනව මිලියන 20ක්.ඉතින් මෙ කාරෙක යම් හෙතුවක් නිසා (හදිසි අනතුරක්,ගින්නක්) හානියට පත්විමක් හරි එක නිසා වෙන කෙනෙකුට වෙන හානියක් නිසා හරි (මෙ රථයෙන් වෙන කෙනෙක්ට වෙච්ච හානියක් ලක්මාල්ට ගෙවන්න උනොත්  ) ලක්මාල්ට වෙන මුල් පාඩුව පියවන්න තමයි රක්ෂනයක් තියෙන්නෙ.



දැන් එතකොට ඔය හැම එකක්ම ඔනම රක්ෂනෙකින් ආවරනය වෙනවද ?

නැ.එක කොටස් ගනනාවකට බෙදෙනව.අපි එක මෙතන ඉදල බලමු.

මුලින්ම බලමු තෙවන පාර්ශවිය රක්ෂනෙ (Third party insurance   ) කියන්නෙ ම්කක්ද කියල.
 ඔනම ගිවිසුමක් ගත්තම එකෙ ඉන්නව පර්ශවයන් දෙකක්.එම ආර්ශවයන් දෙක අතර තමයි ගිවිසුමක් ඇතිකර ගන්නෙ.( ගන්නකො ඔය කසාද ගිවිසුම, දන්න අය කියයි ).ඉතින් ඔය ගිවිසුමට අදාල පාර්ශවයන් දෙක ඇරුනම අනිත් සියලුම දෙවල් එම ගිවිසුමට තෙවන පාර්ශවය වෙනව.

කියන්නෙ රක්ෂන ආයතනයත් රක්ෂනය ලබාගන්න පුද්ගලයත් හැර අනිත් කොටස් ආවරනය කිරිම තමයි මෙ රක්ෂනෙන් වෙන්නෙ. 
මෙක තමයි වාහනයක් පාරට දානකොට රක්ෂනය පැත්තෙන් රජයෙ අවම අවශ්යතාවය තාවය.
මෙ මගින් ඔබගෙ වාහනය අනතුරකින් වෙනත් කෙනෙකුගෙ දෙපලකට හානි වුනොත්.ජිවිතයක් නැතිවුනොත් එක මෙ මගින් ආවරනය වෙනව.හැබැයි ඔබගෙ හරි ඔබගෙ බිරිදගෙ/සැමියාගෙ දෙපල ආවරනය වෙන්නෙ නැ.

එතකොට ඔනම ගානක් මෙකෙන් ගෙවනවද?

නැ.මෙකෙන් ආවරනය වෙන සිමාවන් තියෙනව.මුලිකවම මෙකෙන් දේපල වලට ගෙවන්නෙ 15000 ක් වෙනකන් විතරයි.හැබැයි පුද්ගල මරනයකදි සිමාවක් නැතුව ගෙවනව

දේපල සදහා වෙන උපරිම සිමාව වෙනස් කරගන්න පුලුවන් පුර්න රක්ශනයක් ගන්න කොට.

මෙ වන්දි ගන්නෙ කොහොමද ?

මුලිකවම මෙ වන්දි ගෙවන්නෙ රක්ෂිතයා (රක්ෂනය හිමියා) සිදුකල වැරද්දක් නිසා සිදුවන හානි පමනයි. එක නිසා උසාවියක් මගින් රක්ෂිතයා වැරදිකරු විදියට තිරනය කරල උසාවිය මගින් ගෙවන්න නියම කරන වන්දි මුදල ( දඩය නෙමෙයි  ) ගෙවනව.
මෙ සියල්ල රක්ෂන ආයතනය සහ ලබා ගන්න ගිවිසුම මත වෙනස්කම් වෙන්න පුලුවන්.මම මේ කියල තියෙන්න මුලික ගිවිසුමකට ඇතුලත් වෙන දෙවල්.
දැන් අපි බලමු ෆුල් ඉන්ෂුරන්ස් (comprehensive ) එකකින් මොකද වෙන්නෙ කියල.පුර්න රක්ෂන ආවරනයකින් මුලිකව හදිසි අනතුරකින් හා ගින්නකින් රථයට සිදුවන හානිය සදහා වන්දි ගෙවිම සිදුකරනව. තෙවන  පාර්ශවයෙ ආවරනයත් ඇතුලත්.
මෙකට  මුලික පුර්න රක්ෂන ගිවිසුමට ඇතුලත් නොවෙන අමතරව එකතු කරගන්න පුලුවන් අවරන ගනනාවක තියෙනව.එව ටිකක් තමයි මේ.




කැරලි කොලාහල,ත්රස්තවාදි  ආවරනය
ස්වාභාවික විපත්
පුද්ගල හදිසි අනතුරු ප්රතිලාභ
කම්කරු  වන්දි
පුහුනු රියදුරු
විදුරු සදහ වැඩිදුර ආවරනය ආවරනය
එයාර් බැග් සදහ පුර්න ආවරනය  (මුලික ගිවිසුමෙන් 50 % පමනයි )
මගීන් සදහා ආවරනය(මගී ප්රවාහන සද හා)
බඩු ප්රවාහනය  (වෙලද වාහන සදහා )
වැඩිකල තෙවන පාර්ශව ආවරනය (වෙලද වාහන සදහා )
වාහනය ඔසවාගෙන යැමේ ආවනය වැඩිකිරිම (මුලික ආවරනය 1000/= )

වාහනෙ මොන දේකට භාවිතා කලත් පුර්න රක්ෂනෙ එක වගෙද ?

නැ,වාහනය භාවිතා කරන පදනම මත එක කොටස් තුනකට බෙදෙනව

පුද්ගලික
කුලි ගමන් සදහා රියදුරු සහිතව (හයර් )
කුලි ගමන් සදහා රියදුරු රහිතව ( රෙන්ට් )

පුද්ගලික.
මෙක යටතට වැටෙන්නෙ රක්ෂිතයාගෙ කාර්යන් සදහා පමනක් යොදා ගන්න වාහන සදහෙ.හැබැයි මුදල් හො තැගි බලාපොරොත්තු නොවි තමන්ගෙ හිතවතෙකුට දුන්න අවස්තවක් උනත් ගැටලුවක් නැ. රක්ෂන වන්දි ගෙවනව. 

හැබැයි මෙ ජතියෙ රක්ෂනයක් අරගෙන අනිත් කොටස් දෙකට වැටෙන කාර්යයන්වල යොදවල අනතුරක් වුනොත් ගෙවන්නෙ නැ.

මෙ ආවරනයෙත් කාර් වලටයි ජිප් වලටයි විශෙෂ වාසියක් තියෙනව. වාහනයෙ යම් කොටසක් හොරකම් කලත් ගෙවනව.තෙවන පාර්ශවෙට දෙපල සදහා 50 00 000 ක ආවරනයක් තියෙනව.අනිත් වාහන වලට කොටස් හොරකම් කලාට ගෙවන්නෙ නැ.සම්පුර්න වාහනය හොරකම් කලොත් ඔනම පුර්න රක්ෂනෙකින් වන්දි ගෙවනව.

කුලි ගමන් රියදුරු සහිත.

මෙක අපි කියනව හයරින් පොලිසි කියල.මෙකෙදි රථයෙ හිමිකරු හරි හිමිකරුගෙ රියදුරෙක් විසින් පදවා කුලි ගමන් සදහා යොදවන වාහන වලට මෙක ගන්න ඔන.මෙකෙදිත් රෙන්ට් කියන කොටසට වැටෙන කාර්යයන් වලට යෙදෙව්වොත් වන්දි ගෙවන්න් නැ.හයර් හරි ප්රයිවෙට් හරි කියන කොටස් දෙකේම කාර්යයන් වලට යොදවන්න පුලුවන්.වන්දි ගෙවනව.

මෙ රක්ෂනෙදි බැහැර කරන ලද කොටස් කියල කොටස් වගයක් සදහා වෙනම ආවරනයක් ගන්න තියෙනව.සාමන්යෙන් දැන් එක නැතුව රක්ෂනෙ විකුනන්නෙ නැ.එකෙදි බෆර්.ලයිට් වගෙ වාහනෙ පිටින් තියෙන කොටස් වගෙකුයි පෙන්ට් එකයි වෙනම ආවරනය කරවනව.

කුලි ගමන් සදහා රියදුරු රහිත.

මෙ ආවරනය අවශ් වෙන්නෙ රෙන්ට් කරනව කියල අපි කියන්නෙ වාහනේ විතරක් කුලියට දෙන වාහන සදහා.

මෙ විදියට ආවරන බෙදල තියෙන්නෙ අදාල වාහනෙට ඇති අවධානම අනුව. අනුව අවධානම වැඩිවෙන්නෙ මෙ ආකාරයට

පුදිගලික භාවිතය < රියදුරු සහිත කුලි ගමන්  < රියදුරු රහිත කුලි ගමන්.

මෙ අනුව අවධානම අඩු කාන්ඩයක වාහනයක් වැඩි කාන්ඩයක කලාට ගැටලුවක් මතුවෙන්නෙ නැ.නමුත් වැඩි අවධානමක් තියෙන එකක් අඩු අවදානම් කාන්ඩයක කලොත් වන්දි නොලැබිමෙ යාමෙ ඉඩක් තියෙනව.
හොදම දේ තමන්ගෙ වාහනය භාවිතා කරන කාන්ඩයෙ රක්ෂනයක් ගන්න එක.


 රක්ෂනයක් මිලදි ගැනිමෙදි සැලකිය යුතු කරුනු ගැන  මිලග ලිපියෙන් බලමු.