Monday, July 21, 2014

ටයර් 3 (වැඩෙ වැරදුනු පසු )

බ්ලොග් එකෙ පොඩි රෙපයාර් එකකට ගිහින් පරන පොස්ට් එකක් උඩින් පෙන්නන්න ගත්ත.මොනවිදියකටවත් හදන්න බැ.ටයර් ගැන දාපු අන්තිම පොස්ට් එක පෙන්නන්නෙ නැ.බැලුවෙ නැත්තම් තරහ නැතුව මෙතනින් බලන්නකො.

ටයර් ගැන - 03



දැන් ටයර් ගැන තුන්වෙනි ලිපිය.මෙකෙන් මෙ කතාව අවසාන කරමු.එක සහ දෙක මෙතනින් සහ මෙතනින් බලාගන්න පුලුවන්.

මුලදිම මට කලින් ලියන්න අමතවුන කොටසක් ලියන්න බලාපොරොත්තු වෙනව.එක ඇවිල්ල ටයර් එකක් ගන්නකොට බලන්න ඔන මුලිකම අවශ්යතාවය.ටයර් එකෙ ප්රමානය.




මෙක කොටස් තුනකට බෙදෙනව. කියන්නෙ සමාන්‍යන් ටයර් එකෙ ප්‍රමානය කියන්නෙ ප්‍රමාන තුනක් සදහන් කරමින්. මෙන්න මෙ විදියට 175 යි70 යි 13 එහෙම නැත්නම් 185යි 75යි 14 වගෙ.


මෙ කොටස් තුනෙන් කියවෙන දෙවල් දැන් බලමු.


මුලින්ම කියවෙන ඉලක්කම් තුනෙ කියවෙන්නෙ ටයර් එකෙ පලල මිලීමිටර් වලින්.


මැද කියවෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ ටයර් එකෙ උසත් පලලත් අතර අනුපාතය.මෙකෙන් කියන්නෙ  ප්‍රතිශතයක්.මෙ ඉලක්කම් දෙක නැත්නම් කියන්නෙ උසයි පලලයි සමානයි.

ගොඩ දෙනෙක්ට මෙ දෘෂ්ටි අනුපාතය (aspect ratio ) ගැන පැහැදිලි නැති නිසා මට හිතුන මෙතෙන්ට උදාහරනයක් එකතු කරන්න.මෙතනදි ටයර් එකෙ උස කියල ගන්නෙ පි දාරෙ ඉදල ඇතුල දාරෙට තියෙන දිග.පලල් කියන්නෙ ටයර් එකෙ කට්ට තියෙන මතුපිටෙ පලල.

දෘෂ්ටි අනුපාතය        =   ( උස /පලල )  * 100 

දැන් ඉහල උදාහරනෙම ගත්තොත්
දෘෂ්ටි අනුපාතය = 75 =  ( උස/185 ) *100
එතකොට ටයර් එකෙ උස =  (185  * 75 ) / 100
                                                    = 138.75 මිලිමිටෙර්
එතකොට 900 යි 20 වගෙ තියෙන ටයර් වල උස පලල් දෙකම 900මිලිමිටර්. එවායෙ මැද ඉලක්කම 100 වෙන්න ඔනවුනත් මුකුත් නැතුව තියෙන එක තමයි සම්ප්‍රදාය.



අන්තිමට කියවෙන්නෙ රිම් එකෙ විෂ්කම්භය අගල් වලින්.


හරි දැන් අපි තව ටිකක් බලමු ටයර් ගැන.ටයර් එකක් භාවිතාවෙන් ඉවත් කරන්න ඔන කියල කෙනෙකුට හිතෙන්නෙ කොහොමද.ටයර් එකෙ කට්ට ගෙවිල ඉවර වුනාම.එහෙම නේද?

හොදයි.ටයර් එකක් කට්ට ඇතුව හදන්නෙ මොකද.මෙ ප්‍රශ්නෙට මට කිපදෙනෙක් දුන්න උත්තරෙ තමයි (ඔයාල නෙමෙයී ) ඝර්ෂනය වැඩිකරන්න කියල.



නමුත් අපි දන්න දෙයක් ,10 පතියෙදිද කොහෙද උගන්වනව ගැටෙන පෘශ්ඨ දෙකක් අතර ඇතිවන ර්ෂනය රදාපවතින්නෙ පෘෂඨ දෙක අතර ඝර්ෂන සන්ගුනකය සහ ගැටෙන වර්ගඵලය මත කියල.


ඝර්ෂන සන්ගුනකය රදාපවතින්නෙ පෘෂ්ඨ ස්භාවය මත.කට්ට කැපුවට එක වෙනස් වෙන්නෙ නැ.එතකොට  වර්ගඵලය මොකද වෙන්නෙ.කට්ට කැපුවම පාරයි ටයරයයි අතර ගැටෙන වර්ගඵ්ලය අඩුවෙනව.


එහෙනම් මොකටද කට්ට කපන්නෙ.එකට හෙතුව මෙන්න මෙක.සමන්යන් වැස්ස වෙලාවට පාරෙ වතුර තිබුනම එක තලයක් ආකාරයට ටයරය සහ පාර අතරට එනව.එතකොට පාරයි ටයර් එකයි අතර තියෙන බැදිම බිදිල ලිස්සනව. විතරක් නෙමෙයි වැලි පොලවකදි උනත් මෙක වෙන්න පුලුවන්.ආන්න විදියට ටයර් එකයි පාරයි අතරට එන මොනම දෙයක් වුනත් ඉවත් කරන්න තමයි කට්ට කපන්නෙ.ඒවා කට්ට ඇතුලට ගිහින් පිටතට යනව.

මතක තියාගත යුතු තවත් දෙයක් තමයි ටයර් එකක් කට්ට ඔක්කොම ගෙවෙනකන් භාවිතය සුදුසු නැ කියල.ටයර්  කට්ට අතර තියෙනව කට්ට එකට සම්භන්ද කල කුඩා කොටස්.ආන්න එව මතුවෙලා නම් ටයරයෙ කාලය ඉවරයි. වගෙම පිටිනුත් කුඩා තලයක් මගින් පෙනවල තියෙනව ටයර් එකක් ගෙවිල ඉවරවෙන ස්ථානය.


ටයර් එකක ආයුකාලය වැඩිකර ගන්න නම් ටයර් එකෙ ඇතුලෙ වායු පිඩනය නම් ඉතාම වැදගත්.නියමිත පිඩනය පවත්වා ගැනිම ඉතාම වැදගත්.
අඩු පිඩනයක් නම් තියෙන්නෙ ටයර එක ඇතිලෙ අතිරෙක තාපයක් නිපදවෙනව.ඉට අමතරව බර දරා ගැනිම හැකියාව අඩුවෙන නිසා එයත් ටයරයට හානිකරයි.ඉට අමතරව අඩු පිඩනයක් තියෙනකොට ටයර් එකෙ දෙපැත්තෙන් ගෙවිල මැද ඉතුරුවෙන තත්වයකුත් ඇතිවෙනව.

වැඩි පිඩනයක් තිබුනොත් ටයර එකේ මැදින් කට්ට ගෙවියාමක් සිද්දවෙනව.

ඔය කොයි එකෙනුත් වෙන්නෙ ටයර් එක භාවිතාකරන්න පුලුවන් කාලය අඩුවෙන එක.

මිට අමතරව නියමිත කාලෙදි විල් එලයිමන්ට් කර ගැනිම.ටයර් වටෙට මාරු කිරිමෙන් ක්‍රමවත් ගෙවියාමකට තියෙන ඉඩ අසුරන්න පුලුවන්.
මෙ දෙකම කිලොමිටර් 8000කට සැරයක් කර ගත්තනම් ඇති.

ටයර් රොටෙන් කරන විදිය ෆ්රන්ට් වීල් වල සහ රියර් වීල් වල වෙනස්.
ෆ්රන්ට් වීල් වල පහත විදියටත් 



 රියර් සහ ෆොර් වීල් වල පහත විදියටත් කරන එක තමයි නිවරදි.


හැබැයි නිතරම ටයර් වල ස්වභාවය  පරික්ෂාකරන එක ඇගට ගුනයි.මෙක අපිටම පුලුවන් කරන්න.

වගෙම මුල ලිපියෙදි ඩුඩ් අයිය කිවුව වගෙ ටයර් අස්සෙ හිරවෙලා තියෙන ගල් කැලි එහෙම අයින් කරල දාල තියන එක ඇගට ගුනයි.

තව දැනගත් යුතුයි සස්පෙන්ෂන් පද්තියෙ දොශ තිබුනත් ටයර් වල ක්‍රමවත්ව ගෙවිම් වෙනව.විෂෙශයෙන් ශොක් ඇබ්සොබර් වල කාර්ය හරියට නොකෙරෙනවනම් එවගෙ දෙයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.එහෙම වුනාම ටයර් එකෙ තැනින් තැන කුට්ටි කුට්ටි වශයෙන් ගෙවෙනව.

අවසානවෂයෙන් මෙන්නෙ මෙටික මත තියාගන්න එක පර්ස් එකට හොදවෙයි.
තමන්ට වාහනයක් තියෙනවනම්
  • මාසෙකට සැරයක්වත් වාහනයෙ ටයර් වල වායු පිඩනය චෙක් කරන්න.
  • කිලොමිටර් 8000 කට සැරයක් එලයිමන්ට් චෙක් කරගෙන ටයර් රොටෙෂන් කර එකත් කරගන්න.
  • නිතරම ටයර් වල ස්වභාවය තමන්ම පරික්ෂාකරන්න.

Sunday, July 6, 2014

ටයර්-2



කාලය ගතවුනා.පොරොන්දුවුන විදියට ඉක්මනට ලියන්න ලැබුනෙම නැ.නිදහසට කරුනු කියල වැඩක් නැතිනිසා ඉක්මනින්ම අපි ටොපික් එකට බහිමු.මම ටයර් ගැන නෙ කිය කිය හිටියෙ.දැන් ඔයාල දන්නව කල් ඉකුත් නොවුන ටයර් හොයා ගන්න.හැබැයි තව කරුනු කිපයක්  තියෙනව ටයර් එකක් ගන්නකොට බැලිය යුතු.හැබැයි ඒව ලන්කාවෙදි එතරම් වැදගත් නැ.මොකද ලන්කාවෙ දෙශගුනය, වාහනෙකට යන්න පුලුවන් වේගය වගෙ එවයෙ ලොකු පරාසයක නැනේ.

තමන්ගෙ අවශ්‍යතාවයට ගැලපෙන ටයර් එකක් ගැනිමේදි මෙන්න මෙවත් දනගැනිම වැදගත්.
  • ·        උශ්නත්ව ප්‍රතිරොධය (Temperature Resistance )
  • ·        ප්‍රරකර්ෂණය ( Traction )
  • ·        කට්ට ගෙවිම( Tread wear )
  • ·        එක් ටයරකට දැරිය හැකි උපරිම බර (Max. load capacity per tyre )
  • ·        වේග සිමා සලකුන (Speed symbol )

( ගැලපෙනව කියල හිතෙන සින්හල වචන යෙදුවෙ.වැරදිනම් කියන්න )


මෙ සියලුම විස්තර ටයර් එකෙ සදහන් කරල තියෙනව.නමුත් යම්කිසි සලකුනක් විදියට. සලකුනෙන් කියවෙන්නෙ මොනවද කියල විස්තර ලියන්න කලින් මෙව ටයර් එකෙ සදහන්කරල තියෙන්නෙ කොහෙද කියල මෙ පහල පින්තුරෙන් පෙන්නනව.



දැන් බලමු අදාල සලකුනු අදුනගන්න විදිය
.
  • ·        උශ්නත්ව ප්‍රතිරොධය (Temperature Resistance)

මෙක කොටස් තුනකට බෙදල  ඉන්ගිරිසි හොඩියෙ මුල් අකුරු තුනෙන් නම් කරල තියෙනව.
A -අධික උනුසුම  කලාපයට
B -සාමාන් උෂ්නත්ව කලාප සදහා

C -ශීත කලාප සදහා


  • ·       ප්‍රකර්ෂණය ( Traction )

 මෙකෙන් අදහස් කරන්නෙ තෙත මතුපිටක් මත වාහනය නැවැත්විමට අවශ්‍යකරන දුර සම්බන්ධයෙන්.මෙක කොටස් හතරකට බෙදෙනව.මෙහිදි ඉහල අගයෙන්යුතු ටයරකට ඉට පහල අගයකින් යුතු ටයරකට වඩා අඩුදුරකදි වාහනය නැවැත්විමෙ හැකියාව තිබෙනව.මෙම සාධකය කොටස් කෙරෙන්නෙ අගය වැඩි පැත්තෙ ඉදලඅඩුවෙන විදියට මෙහෙමයි.
”AA” , “A” , “B” , “C”

  • ·        කට්ට ගෙවිම( Tread wear )

මෙයින් අදහස් කරන්නෙ ටයරයෙ කට්ට ගෙවියාමෙ සිඝ්‍රතාවය පිලිබදව.මෙහිදි විශාල අගයෙන් යුතු ටයර්යක කට්ට ගෙවියාමට අඩු අගයෙන් යුතු ටයර් වලට වඩා කාලයක්  ගන්නව.උදාහරනයක් හැටියට අගය 200 තියෙන ටයරයක කට්ට ගෙවියාමට ගතවන කාලය වගෙ දෙගුනයක කාලයක් අගය 400 තියෙන ටයරයක් ගන්නව


  • ·        එක් ටයරකට දැරිය හැකි උපරිම බර (Max. load capacity per tire )

මෙතනදිත්  ඉලක්කමකින් පෙන්නනව එක ටයරයකට දැරිය හැකි බර ගැන.පහල තියෙන වගුවෙන් බලන්න පුලුවන් අදාල ඉලක්කමට දැරිය හැකි බර කොපමනද කියල.

  •          වේග සිමා සලකුන (Speed symbol )

මෙ සදහා සලකුනු විදියට ඉන්ග්‍රිසි හොඩියෙ අකුරු යොදාගෙන තියෙනව.එවායින් පෙන්නනව අදාල අකුරට අයිති ටයරයකට ගමන්කල හැකි උපරිම වේගය.මෙම වේගය සහ දැරිය හැකි බර යන දෙකම එකමස්ථානයක තමයි ටයරයෙ සලකුනු කරල තියෙන්නෙ.උඩ තියෙන කුඩා පින්තුරෙන් එක පැහැදිලි වෙනව.


තවවැඩිදුරට විස්තර පහල වගුවෙ බලාගන්න පුලුවන්.


ටයර් එකක සදහන්වෙලා තියෙන තොරතුරු ගැන දැන් සැහෙන දුරට දන්නවනේ. ගැන මෙතනින් නවත්වමු.ඉලග ලිපියෙන බලමු ටයර් එකක් හොදින් නඩත්තුකරන හැටි සහ එමගින් ටයර් එකෙ ආයු කාලය වැඩිකර ගන්න හැටි. විතරක් නෙමෙයි උපරිම ආරක්ෂාව පවත්වාගන්න හැටි.

එවගේම කියන්න ඔන මෙහි භාවිතාකරල තියෙන සියලුම පින්තුර සහ වගු අන්තර්ජාලයෙන් ලබාගත්ත එවා බව.