Friday, March 21, 2014

බලු වලිග





අපේ මොල්ලන්තෙ ගුරුතුමා වෙච්ච ජෙත්තුකාරයට වාහන හදන බාස්ල කොරපු අතවර කිපයක් පහුගිය දොහක බොගෙ කොටල නේ.උන්දැට ඔය ගරාජ් බාස්ලගෙන් විතරක් නෙමෙයි  හැම ජාතියෙම බාස්ලගෙන්  අතවරම තමයි වෙලා තියෙන්නෙ.

වැඩෙ කියන්නෙ ඕක ඔය බාස්ලගෙ හැටියක්.කට ඇරියොත් කියන්නෙ බෙගල්.එලොවටත් නැති මෙලොවටත් නැති උත්තර තමයි දෙන්නෙ.වැඩකට ගානක් ඇහුවොත් කියන්නෙ අදාලම නැති ගානක්.වැඩෙ ඉවර වෙනකොට කියපු ගානවගෙ දෙගුනෙකටවත් කෙලවල තමයි නිකන් ඉන්නෙ.කවදාවත් කියන වෙලාවකට වැඩක් පටන් ගන්නෙවත් ඉවර කරන්නෙවත් නැ.

හැබැයි ඔය අතරෙ ඔය ඩුඩ් අයියගෙ ඉලෙක්ට්‍රිශියන් වගෙ ජෙනුයින් බාස්ල නැතුවමත් නෙමෙයි.හැබැයි කලුනික හොයන්න වගෙ තමයි.හොයාගත්තත් එ මිනිස්සු වැඩකට අල්ලගන්න එක හොයා  ගන්නවට වඩා අමාරුයි.

ඔය බාස් කියන වචනෙ හැදිල තියෙන්නෙ ලොක්කට අපි කියන බොස් කියන වචනෙන්ම තමයි කියල මම අහල තියෙනව.කොහොමත් ඉස්සර බාස් කියන්නෙ කාර්මිකයට කියන නමක් නෙමෙයි යම්කිසි වැඩබිමක වැඩමුලික හදුන්වපු නමක්.

දැන් ඔය බාස් ගැන කියපුවම මටත් මතක් වුනා නියම සිදුවිමක් දෙකක්.ඔන්න මම මුලින්ම අපෙ අවසාන ඉන්පලාන්ට් ට්‍රෙනින් කාලෙම සෙට් වුනා මගෙ යාලුවෙක් වැඩ කරපු තැනක එලයිමන්ට් ශොප් එකක් බලාගන්න

.ඔය ඉන්ප්ලාන්ට් ට්‍රෙනින්ග් ගැන මම කලින් ලියපු ලිපියකුත් තියෙනව බලල නැත්නම් මෙතනින් එකත් බලලම එන්නකො.ඉතින් ඔය එලයිමන්ට් ශොප් එකත් එක්කම ටයර් ශොප් එකත් තියෙනව.සමහර දවසට ඔය දෙකම බලාගන්න වෙන්නෙ මට.ඔහොම දවසක තමයි මෙ සිදුවිම වුනේ.

ඔය එලයිමන්ට් කරද්දි සමහර වෙලාවට ටයර් දාල එලයිමන්ට් එකට ගන්නකොට වීල් නට් ටික තදකරන්නෙ නැතුව ගන්නව එලයිමන්ට් එකට පස්සෙම තද කරන්න.
කොහොමටත් මොනවට ආවත් ශොප් එකෙන් එලියට යන්න කලින් වීල් නට් ටික චෙක් කරන එක මම අනිවාරය කරල තිබුනේ.

එදත් කාර් එකක් ඔය විදියට එලයිමන්ට් එකට දාල ගත්ත.මට මතක විදියට ටොයොට කොරොල්ල 110 එකක්.අයිති මහත්තයට ටිකක් පරක්කුවෙලා තිබුනෙ.මෙයා වාහනෙ එලයිමන්ට් වලෙන් එලියට ගත්ත හැටියෙ බිල ගෙවන්න හදිසිකලා.මමත් එලයිමන්ට් එකෙ ගොලයට ඇන තද කරන්න කියල රිපොර්ට් එක අරගෙන බිල දාන්න ගියා.

මම එනකොට ගොලය එලයිමන්ට් මැශින් එකේ උනිට් 4 අස් කරනව.එකත් ටිකක් පරෙස්සමෙන් කල්පනාවෙන් කරන්න ඔන වැඩක් .පොඩිහරි ඩැමෙජ් එකක් වුනොත් බර ගානක් පාඩුයි.

මම බිල දාල කැශියර්ට  දුන්න.එත එක්කම වාහනෙ හිමිය බිල ගෙවල ගියා.මට තව මොකක් හරි කරල එලියට එනකොටම වාහනෙ ගියා.දැන් මට හිතුන මැශින්  එකත් අස්කරල ගොලයට ඇනතද කරන්න වෙලාවක් වුනාද කියල.මම ගොලයගෙන් ඇහුව ඇනටික තද කරාද කියල.මිනිහ එක පාරටම උඩබිම බැලුව.ඉට පස්සෙ'හරි හරි තදකලා" කිවුව.මට ටිකක් අවුල්.මම ඇහුව ෂුවර් ද කියල.මු කියාපි හරි හරි කියල.

ඔන්න දවස් දෙකකට පස්සෙ එනව අර කාරෙක.දැක්ක හැටියෙ මට සීන් එක මතක් වුනා.දැන් මම හිතලවෙලා ඉන්නෙ.මොන මලදානයක් වෙලද දන්නවයි.අරු තදකලෙ නැ කියල මට ෂුවර් නේ.

මාත් ඉතින් දත් තිස්දෙකයි තව හක්ක දෙපැත්තයි ඔක්කොම පෙන්න පනාව දාගෙන ගියා ඉස්සරහට.ඔය අතරෙ මම බැලුව ගොලය දිහා .මෙන්න මු චන්ද නිති කඩන ආන්ඩුවෙ එකෙක් දැකපු පොලිස් කාරය වගෙ රින්ගනව එතන තිබුන වාහනෙ එහා පැත්තට.මමත් ඉතින් ඔන දෙකට උත්තරදෙන පොලිස් මාධ්‍යප්‍රකසක වගෙ ගියා ඉස්සරහට.
"ආ සර් .මොකද මෙ පැත්ත"


"මේ මෙ වාහනෙ පොඩි සද්දයක් එනවනෙ.එදා එලයිමන්ට් එකෙන් පස්සෙ තමයි එන්නෙ"

හප්ප මට දැනෙන සනීපෙ.

"හරි සර්,අපි බලමු.කො දෙන්නකො යතුර" කියල වාහනෙ ගත්තු මම ටක් ගාල වාහනෙ ඇතුලට අරගෙන රොද උස්සල ඇනටික තද කලා.

පස්සෙ අයිතිකරුට ඇනටික පොඩ්ඩක් බුරුල්වෙලා තිබුන කියල පිටත් කලා.
දැන් මෙතෙන්දි කියන්න ඔන එ කාලෙ මොබයිල් ෆොන් මෙච්චර තිබුනෙ නැ.එකනිසා හිමිකරුට දැනුම් දෙන්න ක්‍රමයක් තිබුනෙ නැ.දැන්නම් හැම තැනකදිම මොබයිල් නම්බර් එක ගන්නවනේ.
------------------------------------------------------------------------- 
මෙ සිදුවිම වුනෙ මැතක.සුපුරුදු පරිදි වැඩ ඉවරවෙල හවස මම වැන් එකෙන් ගෙදර යන්න පිටත් වුනා.කිලොමිටයක් විතර යද්දි මම එක පාරටම දැක්ක ඩැෂ්බොඩ් එකෙ බැටරි චාජින් බල්බ් එක පත්තු වෙනව.

 එක තමයි අර බැටරියක් වගෙ +  -  අග්‍ර දෙකත් එක්ක පෙන්නන්නෙ.නොදන්න අය ඉන්නවනම් කියලයි  කිව්වෙ.

මෙක දැක්ක හැටියෙ මට මතක් වුනෙ ලගදි ඔල්ටර්නෙටරෙ බෙල්ට් එක මාරු කරපු නිසා එක බුරුල් වෙලා ඇති කියල.මම වහාම වාහනෙ මම සාමාන්‍යන් යන ගැරෙජ් එකට ගියා.මොකද මෙක ඔටොගියර් වාහනයක් නිසා තල්ලු කරල ඉස්ටර්ට් කරන්නත් බැනේ.ඉතින් බැටරිය සම්බන්ද ප්‍රශ්නෙකදි කල්දාන්න බැ.

ගැරෙජ් එකට ගිහින් බැලුවම බෙල්ට් එකත් හරි,බැටරි ටර්මිනල් දෙක බුරුල් වෙලත් නැ.

දැන්නම් වැඩෙ සෙල්ලම් නැ.මෙ ගැරෙජ් එකෙ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙකුත් නැ.එපාර ආපහු ගියා තව මම දන්න ගැරෙජ් එකකට.

එතන හිටිය පොඩි මලයෙක්.ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්.මිනිහ ඔල්ටර්නෙටර් එක ගලවල අරගෙන බැලුව. වැඩෙ ටිකක් දුරදිග ගිහිල්ල.බ්‍රශ් ගෙවිල  අමිචර් එකත් කැපිල.එ වෙනකොටත් හවස 7ට කිට්ටුයි.දැන් ඉතින් කරන්න දෙයක් නැ.වාහනෙ දාල ගෙදර ආව.

ගැරෙජ් එකෙන් පස්සෙන්ද හවස දෙන්නම් කියල පොරොන්දු වුනා.මමත් පහුවෙනිද යාලුවෙකුගෙ වාහනෙකින් වැඩ ටික කරගෙන හවස ගියා වාහනෙ ගන්න.මොන තාම ගලවපු විදියටම තියෙනව.අමිචර් එක පුරවන්න දිපු තැනින් වැඩෙ කරල දුන්නෙ නැලු.ඉතින් මොකද කරන්නෙ.එදත් හිටිය පස්සෙන්ද ගන්න කියල.

ඔන්න කොහොමහරි පස්සෙන්ද හවස 3ට විතර කොල් එකක් දුන්න වැඩෙ හරි කියල.
එදා හවස වාහනෙ අරගෙන ගෙදර ආව.ඊට පස්සෙන්ද මට තිබුන තන්ගල්ලෙ වැඩ කිපයක්.
නැ.. නැ.. බැන්කුවෙ නෙමෙයි.

මම තන්ගල්ලෙ තාක්ෂන නිලධාරිය සන්ජිවවත් දාගෙන මුලින්ම ගියෙ බෙලිඅත්ත දික්වැල්ල පාරෙ තිබුන ගැරෙජ් එකකට .

එක පාර අයිනෙ තියෙන ගැරෙජ් එකක්.වාහනෙ පාර අයිනෙ නවත්තල ගැරෙජ් එකට ගිහින් වැඩෙ ඉවරකරල ආව.ඉට පස්සෙ ගැටමාන්න කියන පැත්තට යන්න පිටත් වුනා තව වැඩකට.දෙන්නත් එක්ක කතාව පිට මහින්ද මහත්තය කාපට් කරපු පාරෙ සමාන්‍යවෙගෙකින් යනව.අර මම මුල්ම පොස්ට් එකෙත් කිවුව වගෙ නිතරම සයිඩ් කන්නඩි බලනකොට මට පෙනුන හෙඩ් ලයිට් බ්ලින්ක් කර කර මොටබයික් එකක් එනව.

මම මගෙත් එක්ක හිටපු සන්ජිවට එක කිවුව.සන්ජිව පස්ස බලල කියපි
" දමිත් අයියෙ ඔය සිසිර පොඩ්ඩක් නවත්තල බලමු" කියල.

සිසිර කියන්නෙ අපි ගියපු ගැරෙජ් එකෙ හිමිකරු.

වැන් එක අයින් කරල නවත්තල බැස්ස.සිසිරත් ඉස්සරහින් නවත්ත ඇවිත්.

"දමිත්  මහත්තය වැන් එකෙන් තෙල් වගයක් බෙරිල තිබුන ,පොඩ්ඩක් බලන්න"   කිවුව
බලද්දි පස්සෙන් දිගටම තෙල් බෙරිල.යටින් බැලුවම එක තැනකින් දිගටම බෙරෙනව.මට හින්දාඩිය දැම්ම.

මට තිබුන සෙරින වර්ගයෙ වැන් වල ඉස්සරහට කැල්ලක් තිබුනට එන්ජිම තියෙන්නෙ රියදුරු අසුන යට.මම ඉස්සරහ ෂීට් දෙකම උස්සල බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල.

ඔල්ටර්නෙටරෙට එන ඔයිල් ලයින් එකෙ රිටන් ලයින් එකෙට තියෙන පලස්ටික් මිශ්‍ර රබර් බටෙට අඩුවකින් හරි ඉස්කුරුප්පුනියනකින් හරි පාරක් වැදිල පැලිල.එතනින් ඔයිල් ලීක් වෙනව.

එ පාර එහෙනම හිමිහිට බෙලිඅත්තට ගිහින් බට කැල්ලක් අරගෙන දාල අඩු ඔයිල් ටික දැම්ම.ඔයිල් ලිටරයක් විතර ගිහින් තිබුන.

මගෙ හොද වෙලාවට අර මනුස්සය දැක්කෙ.නැත්නම් තව ගියානම් ඔයිල් ගිහින් එන්ජිම සීස් වෙනව.

අනික මට හිතුනෙ මුලින්ම බටෙ පැලිල තිබිල නැ.මොකක් හරි වැදිල එතන දුර්වලවෙලා විතරක් තිබිල දුර යද්දි රත්විමට එතන පැල්ම ආව කියල.එහෙමනම් එක ටික ටික විශාල වෙලා තෙල් ඉවතට ගලා යැම වෙගවත් වෙනව.

 මට තිබුන වාසිය තමයි ඔය පැලුන බටෙ ඔයිල් ලොකු පිඩනයකින් ගෙනියන බටයක් නොවිම.එහෙම වුනානම් ඉතින් එන්ජිමට බුදු සරනයි.

තව ටිකෙන් රු250 බට කැල්ල නිසා මහ අමාරුවක වැටෙනව.අර ගැරෙග් එකෙන් බටයක් සවුත්තුවෙලා තිබිල දැම්ම කියල අර බිලට දැම්මනම්  මම මුකුත් කියනවද.නොසැලකිල්ලම තමා.

Friday, March 7, 2014

ආයෙමත් අවුලක්.ගෙදරට එන්න..............................

ඉදල ඉදල අද පොස්ට් එකක් දැම්ම.අප්ඩෙට් වුනාවගෙ පෙනුනට කෙලින්ම පොස්ට් එකට යන්න බැ.බ්ලොගර් උත්තමය මට අරියාදුමයි කොරන්නෙ.හොම් පේජ් එකට ගියාමයි යන්න පුලුවන්.රිවර්ට් ටු ඩ්‍රෆ්ට් ගිහින් ශෙඩුල් කරලත් බැලුව.හරියන්න්නෙ නැ.ඔයාල කරුනාකරල හොම් පෙජ් එකට ගිහින් එක බල්ලන්න කියල ඉල්ලසිටිනව.

හොරු සමග හෙලුවෙන්..........


අපෙ රීජන් එක සෙල්ස් කට්ටිය කලුදිය පොකුනේ යනව දමිතුත් යමු කියල අරාධානවක් ආවෙ බ්රන්ච් එකෙ මැනෙජර්ගෙන්.

කලුදිය පොකුන තියෙන්නෙ පිටිගල පැත්තට වෙන්න.අම්බලන්ගෙඩ බ්රන්ච් එකෙ කට්ටිය තමයි වැඩෙ ඔගනයිස් කලේ.මමත් ඉතින් ඔව අතාරින්නෙ නැති නිසා තනිපයින්ම හා කිවුව.

ඔන්න කට්ටිය යන දවස ආව. ගාල්ලෙන් ගියෙ දහ දෙනෙක් විතර.සෙල්ස් කට්ටියයි අන්ඩරයිටින් කල ගැනු ලමයයි.එයාගෙ හස්බන්ඩ් (ලගදි බැන්ද ).තව සෙල්ස් ස්ටෆ් කෙනෙක්ගෙ වයිෆ්.ඔය කට්ටිය සමග මම.

කට්ටිය යන්නෙ මොකෙද කියල කතා කලේ යන දවසෙ උදෙ.කාර් දෙක තුනක් යනවට වඩා එක වැන් එකක් යන්න කතා කරගත්ත.වෙලාව කියන්නෙ  මගෙ වැන් එකත් එ දවස්වල පෙන්ට් එකට දාල තිබුනෙ. වැන් එකක් රෙන්ට් එකට අරගෙන ගියෙ.වැන් එකක් ගෙනාවට හැමොම ඩ්රයිව් කරන්න පස්සගහනව.එ පාර මම ඩ්‍රයිව් කරන්න ගත්ත.

උදෙ 8 විතර අමුඅමුවෙන්ම පිටත් වෙල දැම්ම ගාල්ලෙන් හයිවෙ එකට. මදිවට  එකෙක්ගෙවත් සින්දුවක් කියන්න උනන්දුවක් නැ. පාර මම ගායනය වාදනය සහ රිය පැදවිම කියන තුන් ඉරියවුවෙන්ම ක්රිඩා කලා.ඔන්න එපාරනම් කට්ටියගෙන් සහයොගෙ ආව.

හයිවෙ එකෙන් කුරුදුගහින් පිටවෙලා ඇල්පිටිය හරහා පිටිගලට ගියා.

මගදි අම්බලන්ගෙඩ සෙට් එකයි සොනල් මැනෙජයි එයාලගෙ වාහන වලින් එකතුවෙලා පෙරහැර වගෙ ගියා තැනට.

කිට්ටුව අපෙ කෙනෙක්ගෙ නැ ගෙදරක වාහන ටික දාල කලුදිය පොකුන තිබුන තැනට පයින්ම ගියා . අම්බලන්ගොඩින් ආව එක පොඩි වැන් එකක් විතරක් නාන තැනටම ගත්ත. පොකුන කිවුවට මෙක පොකුනක් නෙමෙයි.ගලාගෙන යන දිය පාරක් එක තැනක නාන්න පුලුවන් වෙන්න හැදිල තියෙන තැනක්.

ඔන්න කටිටියම දැන් සැටමොල් වෙලා පොඩි ජොලියක් දාන්නයි සෙට් වෙන්නෙ.නොයෙක් ආකරයෙ හපන දෙවල් සමග සුරාව.ගහෙ බඩු සහ  සීල් බොතල්.


අම්බලන්ගොඩිනුත් ඇවිත් හිටිය 10 දෙනෙක් විතර.අලුත් මුනු දෙකකුත් හිටිය.ඔය බ්රන්ච් එකෙ ඉන්නව අම්බලන්ගෙඩ කලා පවුලකින් පැවතෙන මලයෙක්.මිනිහ ගෙනත් තිබුන ඩොල්කියක් සහ චලො එකක්.


මිනිහ ඩොල්කිය ගැහුව නියමෙට.වැඩෙ නැගල ගියා.හොද හැටියට සප්පයම් වුනා.සින්දු කිවුව.පැය තුන් හතරක් නිකම්ම ගියා.ඔන්න ඉට පස්සෙ නාමු කියල කට්ටියම වතුරට බැස්ස.

සොනල් මැනෙජෙර්ට වැඩක් කියල කලින් ගියා.

මමත් නයා වගෙ කෙලින්ම බැස්ස වතුරට.වතුරදිත් දගලල නටල කියල දැන් ඇති කියල හිතිල මම ගොඩට ආව.පැයකට වැඩිය කාලයක් නම් නෑව.

මම ගොඩට එනකොට අම්බලන්ගොඩ අලුත් කෙනෙකුයි තව මලයෙකුයි ගොඩ ඇවිත් හිටිය.මට පිටි පස්සෙන්ම වගෙ අර කාන්තාවො දෙන්නත් ආව.මම ඇවිත් ඇදුම් එහෙම මාරු කරගෙන ජොන් අයියවත් ලගට අරගෙන අර දෙන්නත් එක්ක කතාවට වැටුන.අර අලුත් පොර මිනිහගෙ විස්තරයක් කිවුව

සැක් කියල වැඩක් නැ.මිනිහ ඇවිල්ල සතියයි තාම.කලින් වැඩකලෙ ලන්කාවෙ ප්රසිද්දම රක්ශන ආයත්නෙක.මිනිහ ආයතනෙ වෙනුවෙන් කල කැප කිරිම්.අන්තිමට ආයත්නෙන් මිනිහට කරපු අසාධාරනෙ.හප්පෙ කතා ගොඩයි.මටත් ඉතින් මැජික් වගෙ.කට ඇරගෙන අහගෙන හිටියෙ.

ටික ටික ඔක්කොම වගෙ ගොඩට ආව.බඩගින්න තියෙනව දැන් ආයෙ යකෙක් කන්න තරම්.
අර පොඩි වැන් එකෙ තමයි ඔක්කොමගෙ ඇදුම් තියල තිබුනේ.එතන තමයි අපි කතා කර කර හිටියෙත්.

ඔතනදි තමයි හොදම සිද්දිය පටන් ගත්තෙ.

අපිත් එක්ක ආව ගැනු ලමයගෙ හස්බන්ඩ් ගෙ සල්ලි වගයක් නැතිවෙලා.11000ක්.පර්ස් එකෙ තිබුන දාහෙ කොලටික ඔක්කොම නැතිවෙලා.

පොඩි කොල ටික තියෙනව. විතරක් නෙමෙයි බලද්දි අම්බලන්ගෙඩ මැනෙජර්ගෙත් 5000ක් නැ.තව කෙනෙක්ගෙ 3000 ක්.

ගැනු ලමයගෙ නම අමන්දා.එයාගෙ හස්බන්ඩ් පැනි බොතලයක් ගෙන්න ගන්න පර්ස් එක ඇදල තිබුන.අම්බලන්ගොඩ මැනෙජත් දවල් කැමට සල්ලි දෙන්න පර්ස් එක එලියට අරගෙන තිබුන.අනික් කෙනත් සැන්ඩි වගෙකට සල්ලි දිල. කියන්නෙ පර්ස් එලියට ඇදපු අයගෙ සල්ලි වලට තයි ගේම දීල තියෙන්නෙ.

දැන් මාර ප්රශ්නේ.කවුද මෙව ගත්තෙ කියල.නාන අතරෙ පොඩි කොල්ලො දෙන්නෙ මෙ හරියෙ හිටිය කියල එකෙක් කිවුව.

තව කෙනෙක් ශුවර් කරල කිවුව එයාල වැන් එක කිට්ටුවට ආවෙ නැ කියල.එහෙනම් මෙතන කෙනෙක් තමයි ගන්න ඔන.

දැන් මාර ප්රශ්නෙ.හැමොම කතාවෙලා කවුරුත් තම තම්නෙගෙ සාක්කු පෙන්නව.බඩු නැ.
මෙ වෙලාවෙ අම්බලන්ගොඩ අශාන් කෙලින්ම අර අලුත් එකාව සැක කලා.ත් කොහොම කියන්නද.

ගැනු ටික යවල ඇදුම් ගලවල බලන්න ඔන කියල යොජනාවක් ආව

අශාන් මහ හයියෙන් අම්බලන්ගොඩ මැනෙජර්ට කිවුව'නිශාන්ත අයියෙ මු තමයි හොරා .මු අරකෙන් අස් කලෙත් සල්ලි හොරකම් කරල"කියල.

දැන් තව කෙස් එකක්.අර හිටපු මල්ලි කෙනෙක් අශාන් ගෙන් ගේම ඉල්ලනව එහෙම කොහොමද කියන්නෙ කියල.

ඔක්කොම වැඩෙට සෙට් වෙනව.අරක කොල් එකක.අපිට ඇහෙනව ඔයා යන්න .මෙතන පොඩි අවුලක් මම ඉක්මනට එන්නම්.වගෙ කතා.මිනිහට කතා කලම මිනිහ දරුව ලෙඩවෙලා නොන ඩොක්ට ගාවට යනව.එකයි කිය කිය කොල් එකෙ.කතා කලාට එන්නෙ නැ. පාර එකෙක් ගිහින් ගත්ත ෆොන් එක.එක ඔෆ් කරල තියෙන්නෙ.

දැන් හැමොටම සැකයි.

මිනිහව ඇදල අරගෙන ගලවල චෙක් කලා.අහුවුනෙ නැ.චෙක් කල එකා කිවුව පුලුවන් තරම් බැලුව.එත යට ඇදුම අස්සෙ බලන්න මිනිහට බැ කියල.

හරියන්නෙ නැ නේ.එකෙක් ගියා එක බලන්න.

මිනිහ එකපාරටම 'මෙ තියෙන්නෙ සල්ලි කියල'පස්සෙන් මිටියක් ඇදල ගත්ත. ගමන්ම අරුගෙ කම්මුලට ගැහුව.එත් එක්කම දෙතුන් දෙනෙක් පැනල ගැහුව.
දැන් එතන හෙන පොරේ.


අමාරුවෙන් කට්ටිය අයින් කරල සල්ලිටික බැලුව ඒක නැ.දැන් ආයිත් ප්රශ්නෙ මුල.මමත් දැක්ක චෙක් කරපු කෙනා සල්ලිටික අරුගෙ පස්සෙන් ගන්නව.දැන් බඩු නැ.තව කෙනෙක් කිවුව මෙයා සල්ලි ටිකට පයින් ගැහුව කියල.


එතන එහා කැලැව.පොඩි ඇල පාරකුත් යනව කානුවක් වගෙ.වලලුකරට විතර වතුරතියෙන.දැන් කට්ටියම සල්ලි හොයනව.කැලැව පිරනව.හැම තැනම මඩ.
හයියො දැන් වෙරිත් නැ.ආතලුත් නැ.

එකෙක් ආපහු සල්ලිටික හොයා ගත්ත.කැලැව අස්සෙ තිබිල.

එක දැක්ක විතරයි අරු කැලැව පැත්තෙන් දුවන්න හැදුව.එතකොටම අමන්දගෙ හබිය පැන්න ඇගට. දෙන්නම ඇලේ.පොර අරුගෙ මුන මඩෙ ඔබාගෙන.තව ඩින්ගෙන් මරනව.බොහොම අමාරුවෙන් දෙන්න දෙපැත්තට කලා.

මරු වැඩෙ කියන්නෙ  අමන්දගෙ හස්බන්ඩ් ටවල් එක පිටින් .අර යොදය යට ඇදුම විතක් ඇදගෙන්.එක හරිම මාන්දමික සීන් එකක්.

මදිවට ඉස්සෙල්ල අරුගෙ පැත්තට කතා කරපු මලයත් යකා වගෙ අරුට ගහන්න පනිනව.සමහරවෙලාවට අපෙ ඇගට උඩින් පියඹල යන්නෙ ගහන්න.

අස්සෙ අමන්දා ලතොනි තියනව.
'අනෙ දමිත් අයියෙ අරයව නවත්තන්න 'කිය කිය.

මම බොහොම අමාරුවෙන් අමන්දගෙ හබියව  පැත්තකට අරගෙන පොඩ්ඩක් ඉවසල ඉදපන් කියල.අමන්දට කිවුව ටිකක් එහාට එක්කන් යන්න කියල.

මිනිහට කතාකරගන්න බැ.තොල් වෙවුලනව.මිනිහ මිනිහටම කන්ට්රොල් නැ.

හැමොවම පැත්තකට කරල අම්බලන්ගෙඩ මැනෙජර් ටම කිවුව මෙක බලාගන්න කියල.අනිත් ඔක්කොමව යැවුව වාහන දාල ආපු ගෙදරට.එතනින් දවල්ට කැම ලැස්ති කරපු තැනට එක්ක යන්න කියල අපි තුන් දෙනෙක් නැවතුන අර මොලත් එක්ක.

අර යකාට කෙලින් ඉන්න බැ.හොදටම ගුටි කාල.තොල් පැලිල.මුන ඉදිමිල.බිම ඇන තියාගෙන ඉන්නව.

පාර මම උගෙන් ඇහුව අමාරුද කියල.මු මැරුනොත් ඔක්කොම ගස් නේ.එමදිවට ගමෙ අය වට වුනොත් තව කෙස් එකක්.

මිනිහට එතරම් ලොකු අමාරුවක් නැ කියල තෙරුන.ඉට පස්සෙ බැලුව මොකද කරන්නෙ කියල.පොලිසි ගියොත් අපිටත් කරදරයි.සල්ලිත් ඔක්කොම ලැබුන.අවුල තියෙන්නෙ මු එව ගහගෙන හිටපු තැන නිසා ආපහු අල්ලන්නෙ කොහොමද කියල.

මම නිශාන්තගෙන් ඇහුව දැන් මොකද කරන්නෙ කියල.

නිශාන්තත් කිවුව මුව යවමු කියල.මුගෙ බයික් එකත් එතන.මු දැන් බයික් එකෙන් යන්න හදන්නෙ.

මම කිවුව එක හරියන්නෙ නැ.මු තනියම බයික් එකෙ යවල.මගදි මොනවත් වුනොත් එහෙම, නැත්නම් ලැජ්ජවට මොනවහරි කර ගත්තොත් අපි අමාරුවෙ නේ.එතන ගොදරකට බයික් එක දාල.පස්සෙ එක ගෙනියපන් කියල.අර වැන් එකෙන් මිනිහව ගෙදර ලගට ගිහින් දැම්ම.

ඉට පස්සෙ ගියා දවල්ට කන්න.හයියො 5 ත් පහුවෙලා.දවල්ට කාල.දෙයියනෙ කියල ආපහු ගමරට්වල් බලා පිටත් වුනා.


හොරාගෙ රැකියාවත් එතනින් ඉවරයි.අපිත් හොද පාඩමක් ඉගෙන ගෙන ගෙදර ආව.