Sunday, September 21, 2014

කාලකන්නියෙක්ද?


කුමාර කියන්නේ ඔහුගේ අන්වර්ත නාමය.පවුලේ එකම දරුවා වු ඔහු ඉතා දුක් කම් කටොලු මැද ජීවත් වූ අතර පියා නොමැතිව ඔහු ජීවත් කරවන්නට අම්මාට බොහෝ කරදර වලට මුහුන දෙන්නට සිදු විය.

මේ දරුවා ජීවත් කරවීමට ඔහුගේ මව විසින් අප මේ සමාජයේ නොකල යුතු යැයි සම්මත රැකියාවක් කලා යැයි මේ සිද්දියෙන් පසුව අනාවරනය වන්නට විය.

පියාගෙ බීමත් කමේ ප්‍රතිවිපාක විදින්නට සිදු වුයේ අම්මාට පමනක් නොවේ කුඩාකල සිට කුමාරටද අත්විදින්නට සිදුවිය.හරි හම්බ කරන කීයක් හරි රා කට්ටකට ගෙවීමට ඔහු මහා රුසියෙකි.කුමාරගේ අම්මා තැනින් තැන ගොස් කුලී වැඩක් කර ලබා ගන්නා සොච්චම් මුදලින් යන්තම් ජීවිතය ගැටගසා ගැනීමට ප්‍රමානවත්ය.

අඩුපාඩු මැද කුමාරගේ ඉගෙනීම අතර මැද කඩාකප්පල් වේ.තැනින් තැන රස්තියාදු වුනු කුමාරට ඉතා අඩු සුදුසුකම් යටතේ යුධ හමුදාවට ඇතුලත් වීමට අවස්තාවක් හිමිවේ.

අතිමහත් ප්‍රිතියටත් උද්දාමයටත් පත් වු ඔහු සාර්තකව පුහුනු කාලය ගෙවා, පලමු නිවාඩුව ගතකර ගැනීමට තෝරා ගන්නා ලද්දේ ගමේම තරමක් දඩබ්බරකම් ඇති සමකාලිනයෝ කිහිප දෙනෙකි.අතේ මුදල් නැති කල ඔහුට හිනාවකින්වත් සන්ග්‍රහ නොකල අය අද ඔහුගේ අතිජාත මිත්ත්‍රයින් වී හමාරය.

පලමු නිවාඩුව ගතවී යලිත් ඔහු රැකියාවට යන්නේ අතේ ගමන්ගාස්තුව පමනක් තබාගෙනය.කුඩාකල විදි දුක් එක රැයින් අමතක වන ඔහුට අනාගතය ගැන කවර කතාද?එසේනොවේ නම් ඔහුට සකසුරුවම ගැන වුවමනාවක් නොතිබෙන්නට පුලුවන.

කෙසේ වෙතත් මේ අතර ඔහු තවත් ගැහැනු ලමයකු හා සම්බන්දයක් පටන් ගෙන නිතරම ෆෝන් එකෙන් ඇය හා ආදරයේ මිහිර විදින්නටද පෙලඹි ඇත.ඔය අතරේ නැවතත් ඔහුට නිවාඩු යන දිනය ලන් විය. මේ යන නිවාඩුව කුමාරගේ ජීවිතයේ ඉරනම තින්දුවන කාලය බව කුමාර දැන සිටියේ නැත.කුමාරගේ අම්මාද ඒ බැවු දැන නොසිටින්නට ඇත.

නිවාඩුවේ දින එක දෙක ගෙවීයාමත් සමගම එක් යහලුවෙකු කුමාරගේ කනට කොදුරා රහසක් කියන්නට විය.ඒ සැනින් ඔවුන් එතැනින් නික්ම ගියහ.යහලුවන් නගරයේ එක් ස්ථානයක කාන්තාවන් සපයනා බවට දුන් ආරන්චියකට කුමාර මෙතැනට ආ බව පසුව දැන ගන්නට ලැබිනි.

ඒ අනුව කුමාර සහ යහලුවන් කුමාරගේ වියදම යටතේ කාමර තුනකට ඇතුලු විය.අවාසනාවක මහත කියතොත් කුමාරට ඇස් අදහා ගත නොහැකි විය.ඔහුගේ කටින් ''අම්මා'' කියා පිට වූවා පමනි.කුමාරගේ මවටද උන් හිටි තැන් අමතක වූවා සේ වහා කාමරයෙන් පිට වී දිව ගියෝය.


දෙදෙනාම නැවත ඔවුනොවුන් නොදකින්නට හිත හදා ගත්තා විය හැක.මව වස පානය කර සහ කුමාර ගෙල වැල ලා එක ම දිනයක ජීවන ගමන නිමාකරන්නට විය.

ඔවුන් සිත් තුල කුමන ගැටලු මතු වූවදැයි අමුතුවෙන් රසකර කීමට අවශ්ය නොවේ.වරද කාගේදැයි සොයා වෙහෙස නොවී මෙවන් වැරදි නොවීමට වග බලා ගැනීම සමාජයේම විශාල වගකීමකි.

ලිවුවෙ- දුලානි ගුනවර්ධන-