Sunday, December 22, 2013

ඇයි ගෙවන්නෙ නැත්තෙ (රක්ෂනේ බොරුවක්ද?-3 )



ඉතින් ඔන්න ආයෙමත් රක්ෂනය ගැන ලියන්න ආව.ඇත්තටම මෙක ලියන්න පටන් ගන්නකොට මෙච්චර දිගට යාවි කියල නිකමටවත් හිතුනෙ නැ.මක්ක කොරන්නෙයි ලියාගෙන යනකොට තමයි දැනුනෙ ගොඩක් දෙවල් තියෙනව කියල ලියන්න.

හරි එකෙන් කමක් නැ .අදවත් නමො විත්තියෙන් මේ වැඩෙ ඉවරක් කරන්න බලමුකො.කලින් පොස්ට් කියෙවුවෙ නැත්නම් එකත් කියවලම එන්නකො.එක මෙතන.
” http://damgune.blogspot.com/2013/11/02.html”



අද අපි බලමු වාහනයක් පුර්න රක්ෂනය කරල තියෙද්දිත් අනතුරකදි වන්දි නොලැබි යන්න හේතු මොනවද කියල.


ඊට කලින් මම කියන්න ඔන සම්පුර්න වන්දිය නොවුනත්  වන්දියෙන් කොටසක් නොලැබි යන්න පුලුවන් හේතුත් තියෙනව.

ඒව තමයි-
නියම වටිනාකමට රක්ෂනය නොකිරිම.
අවශ් කරන අතිරේක ආවරන නොගැනිම.
සම්පුර්න රථයෙ හරි හානියට පත් කොටස හරි නියමිත ලෙස නඩත්තු නොකිරිම නිසා ඉතාම දුර්වල තත්වයක තිබිම

හොදයි දැන් බලමු සම්පුර්න වන්දියම නොලැබි යන්නෙ මොකද කියල.
බොහොම සරලයි.කාරනා දෙකක් මත තමයි ඒක වෙන්න.
1 රටෙ වර්ථමාන නිතියෙන් රිය පැදවිම තහනම් කෙනෙක් රිය පදවා අනතුර සිදුවෙලානම්.
2 අදාල රක්ශන ඔප්පුවෙ කොන්දේසි එකක් හො කීපයක් කඩවෙලානම්.

  කියන කාරනා දෙක මත විතරමයි සම්පුර්න වන්දි නොලැබියාමක් වෙන්න පුලුවන්.
හරි දැන් බලමු මෙ කාරනා දෙක ගැන විස්තර සහිතව.

මුල්ම එක පවත්නා නිතියෙන රිය පැදවිම තහනම් කලා කිවම කවුද බොලෙ කියල හිතුනද ?
කවුරුවත් නෙමේ මේ අපිම තමයි.ඒකට කාරනා දෙකක් බලපානව එකක් තිබුනොත් තහනම් අනික නැත්නම් තහනම්.

මල්පැන් පොදක් නොහොත් මත්පැන් පානය කරල තිබිම හා අදාල වාහනය පැදවිමට රියදුරු බලපත්රයක් නොමැතිවිම.

ඔන්න ඔය කාරනා දෙක මත වන්දිගවන්නෙ නැ.
ඉට අමතරව නීතිවිරොධී දෙයකට යොදාගෙන තිබුනොත් (කසිප්පු ,ගන්ජා ප්රවාහනය වගෙ ) එතකොටත් ගෙවන්නෙ නැ.

ඊලග කරනාව ඔප්පු කොන්දෙසි කඩවීම.මෙක ටිකක් ලොකු පරාසයකට විහිදෙනව.
රක්ෂනෙ තියෙන මුලිකම කොන්දෙසිය තමයි  පුර්න සද්භාවය (Utmost Good Faith )කියන එක.ගොඩාක අයට වන්දි නොලැබියන්නෙ මෙන්න මෙ කොන්දෙසිය කඩ කරල.

කියන්නෙ සම්පුර්නයෙන්ම ඇත්තකියන්නෙ නැතුව ගියාම.අනතුර සිදුවුන දිනය, වෙලාව,සිදුවුන ආකාරය සිදුවුන ස්ථානය රියදුරු කවුද වගෙම රක්ෂන ආයතනය ඉල්ලන සියලුම විස්තර සදහා සම්පුර්න ඇත්ත  ප්රකශ කරන්න ඔන.

ඉට අමතරව රක්ෂනය කරන වෙලාවේදිත් කියපු දෙවල් වලට අනුකූල වෙන්න ඔන. එකෙන් අදහස් කරන්නෙ වාහනෙ භාවිථා කරන්නෙ කුමන කාර්යකටද (පුද්ගලික,කුලි ) වගෙ කාරනා.මෙව ගැන මම කලින් ගොඩක් විස්තර කල නිසා ආපහු කියන්න යන්නෙ නැ.
වගෙම වාහනෙ අයිතිය වෙනස් වෙලානම එතකොටත් වන්දි ලැබෙන්නෙ නැ.

ඔයගොල්ලො අහල තියෙනවනම් කොච්චියෙ හැපුනම ගෙවන්නෙ නැ,අලියෙකුගෙ හැපුනොත් ගෙවන්නෙ නැ වගෙ කතා ,එව බොරු.

ඔන්න ඉතින් මම දන්න  ටික ලිවුව.මෙක කියවල ඔයාලගෙ දැනුම පොඩ්ඩක් හරි වැඩිවුනානම් එකතමයි මගෙ සතුට. ඔයාලට කවද හරි මෙකෙන් ප්රයොජනයක් ගන්න පුලුවන් වෙවි

 දැන්  ඔයාල කාටහරි වහනයකට රක්ෂනයක් ගන්න කොට දෙගිඩියාවක් නැතුව තමන්ට උවමනා කරන විදියට රක්ෂනේ ගන්න පුලුවන් වෙවි කියල මම විශ්වාස කරනව

හෙනන් ඔන්න අපි ගියා.තව දැනගන්න මොනවහරි තියෙනම් අහන්ඩලා.