Monday, March 16, 2015
නපුරු දුදනන්ට පිහිට නොමවවු සැබැ කලෙ මට
සහොදරයන් ලෙසින් මා සිතා සිටිය මුත්
විසඝොර සර්පයන් උනෙ නුබලා කෙලෙස
ජිවිතෙ සියලු දෙ බෙදාගෙන එකට සිට
පිටට පිහියෙන් ඇන්න විදිය මට කියාපන්
අද නුබව උචිත යැයි සිතන්නවු බොස්
නුබෙ ගැන කිසිවක්ම නොදැන සිටි කාලයක
නුබව දිරි ගන්නවා ඉදිරියට රැගෙනවිත්
මේ තැනට තල්ලු කල කාලයත් අමතකද
එරොප්පෙ සිටන් නුබ මවු රටට පැමිනෙන්න
දෙගිඩියාවක් ඇතුව මට අමතනා විටෙදි
බය නැතුව මෙහෙ වරෙන්,නුබට මග සදා දෙමි
කිය දුන් පොරොන්දුව ඉටුකලා අමතකද
උබලාගෙ බොස් නොවි යාලුවෙක් ලෙසින් සිටි
වරදටද මට දුන්නෙ මෙවගෙ තැග්ගක්
ස්තුතියි කියා කියන්නට සිතේ මට
කියාදුන්නට මට මෙවගෙ පාඩමක්.
එකට කා එකට බී සිගරැට්ටු බෙදාගෙන
ඉන්නවිට බඩ බදන් කොහොම අදාගන්නෙ
උබලාට ජිවිතේ හෑමදෙයකටම පෙර
තිබුන බව පුටුව ගැන අරගලය මා සමග.
Subscribe to:
Post Comments (Atom)
එකට ඉදල පුකේ ඇරියද මචං
ReplyDeleteමොනව කරන්ඩද උඹේ
අවංක පුකේ මයිල් නැති කොට
බැරි අමාරුවක් දැක්කහම
පුක්කිය ඉක්ක ගහනකොට
දැන්වත් සරම ඇදගම්මු
ඒකෙන්ම පිහදාගන
බොක්කෙන්ම දාපු කමෙන්ටුවක්
Deleteඑල ද බ්‍රා
අතින් අරන් -කෙ තියාගත්ත වගෙ වැඩක් වුනේ.සිකුරාද ඉදන් මෙ හිතෙ අම්මරුව තිබුන.
Deleteමේ මොකක්ද බං.පුද්ගලික අත්දැකීමක්ද?
ReplyDeleteඔව් හැ[අපයියෙ.අපි තාම අත්දැකිම් ලබගන්නවනේ බන්
Deleteහැමදේම සිද්ද වෙන්නෙ හේතුවක් ඇතුව සහ උඹේම හොඳට කියල හිතල හිත හදාගං...වෙන මක් කරන්නද බං?
ReplyDeleteබලමු නෙ මචො. එක හිනෙන් එලිවෙන්නෙ නැ කියනව නේ
Deleteවැඩක් නෑ මචං කියලා..
ReplyDeleteඅද කිව්වා කියලා හිතා ගනින්..ඌටත් එකෙක් ඇරියේ නැත්නම් මම මෙන්ඩා නෙමෙයි.
ඒ උතුම් පැතුමට සාදර අනුග්‍රහය .....සිරිලක දේ සිරි සැපදෙන අප විසින්
Deleteමෙතන මචො එකෙක් නෙමෙයි දෙන්නෙක්.බලමුකො නේ
Deleteමැරෙනකම්ම අපි ඉගෙන ගන්නවා කියන්නේ ඕකට තමයි මචෝ........
ReplyDeleteඅනිවා මැලෙ මෙක ඇවිල්ල ලොකු පාඩමක්
Deleteහොඳටම හිත රිදිලා වගේ. මොකද වුනේ කියලා අහන්නත් තවම උණුසුම වැඩියි වගේ.
ReplyDeleteකියල වැඩක් නැ බන්.මගෙම වුන් කියල හිතගෙන ඉදල මට වුන වැඩෙ
Deleteඇයි මචන් එහෙම වෙන්නේ ? මේවගෙන් පාඩම් ඉගෙන ගන්නවා තමයි . ඒත් අර හිතවත්කමට පස්ස හැරෙව්වා කියනකොට වේදනයි තමයි. හිත හදා ගමු
ReplyDeleteහිත හදාගන්න ඉස්සර වුන් දෙන්නට මුන පොඩි වෙන්න දෙකක් දිපං.
Deleteයාලුවෝ මාලුවෝ යාලුවෝ
Deleteමාලු නසී උඩින් වැටෙන ඇම කන හින්ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්ඳා
යාලුවෝ මාලුවෝ යාලුවෝ
පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී
අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී
යාලුවෝ මාලුවෝ යාලුවෝ
ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී
අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී
යාලුවෝ මාලුවෝ යාලුවෝ
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්ඳා
යාලුවෝ මාලුවෝ යාලුවෝ
යාලුවෝ මාලුවෝ යාලුවෝ
ගායනය - ජැක්සන් ඇන්තනී
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති
තිලකෙ
Deleteමොනව කරන්නද බන්. මමත් හිත හදාගන්න්න තමයි ට්‍රයි එක
මෙන්ඩ
එහෙම නෙමෙයි ඉටා වඩා රිද්දන්නත් පුලුවන් .මොකද මම තාම වුන්ගෙ බොස්. එත එහෙම කරන්න ගියොත් මම පරදිනව.බලමු මොකක් වෙයිද කියල.
සින්ඩුව
හරියටම හරියන සින්දුව
හ්ම්ම්,, අපි පාඩම් ඉගෙන ගන්නවා මරෙනකල්ම ,,ඒ වගේම තමන්ගේ අත්දැකීම් එක්ක ලියද්දී සැරට ලියවෙනවා ,නියමයි
ReplyDeleteසැරට ලියවිලාද.මටන මදිත් වගෙ. සමහර වචන එනව එව කවි කරන්න බැ.
Deleteමෙයට සමාන සිදුවිමකදි රිදුන මගේ සිත සනසන්න නීතිඥ මිතුරෙකු මට දුන් උපදෙස වුයේ ඔහු ඔබට පාඩමක් කියාදී ඇති බැවින් ඔහු ගුරුතුමෙකු ලෙස සලකා කටයුතුකර මින් ඉදිරියට එවැනි ක්‍රියා වලින් වැළකීමට අදිටන් කරගන්නා ලෙසටයි. ඒ අනුව කටයුතු කල මගේ සිත නම් සැහැල්ලුවට පත්වූවා.
ReplyDeleteඔව් මචො. එක තමයි හොදම ක්‍රමෙ. නැතුව ඔක මත්තෙ හිටියොත් උන්ට ඔනදේ වෙනව.
Deleteමෝහෙන් මුළා වෙලා..
ReplyDeleteමානෙන් උදම් වෙලා...
තණ්හාව ක්‍රෝධ ද්වේෂ පාරේ
මිනිසා කොහේද මේ....
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ වේ....
කේළම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දියවී
බොරුවෙන් රට යයි පිරිහේවී.....
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ....
එය රැකීම අප උරුමේ වේ.....
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී....
අනුන් හෙලන්නට වළක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළදේ පලදේ එලෙසේ
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ වේ....
ගේය පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - ආර්. චන්ද්‍රසේන
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
උබට සින්දුවක් හොයාගන්න බැරි ටොපික් එකකින් ලිපියක් ලියන්න ඔන කවද හරි
Deleteලෙල්ලහුටන් වෙන්දම කෙලෝල .. ඕව ගැන නොහිතා ඉන්නකොට සනීපයි.. හිතෙන්න හිතෙන්න අපේමනේ ලේ ටික පිච්චෙන්නේ...
ReplyDeleteයෙස් මචන්. එක තමයි මම කරන්න ට්‍රයි කරන්නෙ
Deleteඔහොම තමයි බං...මිනිස්සුනෙ. මටත් එකෙක් ඇරිය බඩ වෙන්නම. ඉවසල, වෙලාව බලල රිටන් එක නිසිකලට නිසි තැනට දෙන්න තමා තීන්නෙ. කිසි දේකට කලබල වෙන්න විතරක් එපා.
ReplyDeleteඑ කියන්න්නෙ උබ දුන්නද රිටන් එක.
Deleteඅපි අනික් අයට අවංක උනාට අනික් හැමෝම අපිට එහෙම කරන්නේ නෑ.. ඒ ගැන විශ්වාස තියන්නත් බෑ..
ReplyDeleteඑ පාඩම තමයි මුන් මට කියල දුන්නෙ.
Deleteකෝ ඕකා? මට පෙන්නහං දමියා, මාත් ඕකට පිහියෙං අනිනවා (උඹ පල්ලා ඇත්ත...)
ReplyDeleteඅනේ අනේ එපා මචන්.
Deleteඑක සිහිනයෙන් එලි නොවෙන
ReplyDeleteරැයකට පසුව එන
දහවලක් ඇත
විසගෝර සරුපයන් බිය වැදෙන
ගිනි හිරක් එහි ඇදෙත
ඒවගක් සිහි තබන්
හිදින් නොහැම්මේ නොවී
ගගක් මිය නොගියත්
තිත්තයන්ටත් වාරයක් ඇත
බොහොම ස්තුතියි මහේෂ්.
Deleteසැලෙන්න එපා මිත්‍රයා හිත හොඳ වැඩි උනාම අරින උන් වැඩියි..නමුත් අපේ ගමන ඉස්සරහට යද්දි අපිට ඇරපු එකා නැගිටගන්න බැරුව තව එකෙක් ඇරලා දාලා ගිහින් මහ මග වැටිලා ඉන්න හැටි පෙනේවි...
ReplyDeleteබොහොම ස්තුතියි සිරා.මෙහෙම ලියල දාන්න තැනක් තිබුන එකත් මාර ලොකු දෙයක්.
Deleteඋඹට සිරාවටම හිතට ගොඩක් අමාරුයි නේද දමිත්, ඕක අපි හැමෝටම වගේ ජීවිතේදි අත්දකින්න වෙන එක අත්දැකීමක් බං. මං ඔහොම නෙවෙයි, කීප සැරයක්ම ඔයවගේ එක බල්ලෙකුට අහුවුනා. අන්තිමේ එක පාරින්ම මං ඌව මිතුරු ලිස්ට් එකෙන් කපලා දැම්මා. ඒ වෙනකොට මගෙ ලක්ෂ ගාණක් ඉවරයි, හැබැයි දැන් ඌ ජීවත් වෙන හැටි මගෙ ඇස් පනාපිටම පේනකොට, මං ඌට වඩා හොඳට ජීවත් වෙන බව දැනෙද්දි, පළිගැනීමකට එහා ගිය හැඟීමක් හිතට එනවා බං.
ReplyDeleteසැළෙන්න එපා. උඹ හොඳ හදවතක් තියෙන එකෙක්. ඒකයි උඹට ඔය විදිහට දැනෙන්නෙ. උඹ ගාව තියෙන දේවල් දිහා බලලා උඹට ගොඩක් තෘප්තිමත් වෙන්න පුළුවන්.
මනුසතාව කාලා බලන්න බෑ. ඌ කනකන්ම ඉන්න වෙනවා අඳුනගන්න
ReplyDelete