කුමාර කියන්නේ ඔහුගේ අන්වර්ත නාමය.පවුලේ එකම දරුවා වු ඔහු ඉතා දුක් කම් කටොලු මැද ජීවත් වූ අතර පියා නොමැතිව ඔහු ජීවත් කරවන්නට අම්මාට බොහෝ කරදර වලට මුහුන දෙන්නට සිදු විය.
මේ දරුවා ජීවත් කරවීමට ඔහුගේ මව විසින් අප මේ සමාජයේ නොකල යුතු යැයි සම්මත රැකියාවක් කලා යැයි මේ සිද්දියෙන් පසුව අනාවරනය වන්නට විය.
පියාගෙ බීමත් කමේ ප්‍රතිවිපාක විදින්නට සිදු වුයේ අම්මාට පමනක් නොවේ කුඩාකල සිට කුමාරටද අත්විදින්නට සිදුවිය.හරි හම්බ කරන කීයක් හරි රා කට්ටකට ගෙවීමට ඔහු මහා රුසියෙකි.කුමාරගේ අම්මා තැනින් තැන ගොස් කුලී වැඩක් කර ලබා ගන්නා සොච්චම් මුදලින් යන්තම් ජීවිතය ගැටගසා ගැනීමට ප්‍රමානවත්ය.
අඩුපාඩු මැද කුමාරගේ ඉගෙනීම අතර මැද කඩාකප්පල් වේ.තැනින් තැන රස්තියාදු වුනු කුමාරට ඉතා අඩු සුදුසුකම් යටතේ යුධ හමුදාවට ඇතුලත් වීමට අවස්තාවක් හිමිවේ.
අතිමහත් ප්රිතියටත් උද්දාමයටත් පත් වු ඔහු සාර්තකව පුහුනු කාලය ගෙවා, පලමු නිවාඩුව ගතකර ගැනීමට තෝරා ගන්නා ලද්දේ ගමේම තරමක් දඩබ්බරකම් ඇති සමකාලිනයෝ කිහිප දෙනෙකි.අතේ මුදල් නැති කල ඔහුට හිනාවකින්වත්
සන්ග්‍රහ නොකල අය අද ඔහුගේ අතිජාත මිත්ත්රයින් වී හමාරය.
පලමු නිවාඩුව ගතවී යලිත් ඔහු රැකියාවට යන්නේ අතේ ගමන්ගාස්තුව
පමනක් තබාගෙනය.කුඩාකල විදි දුක් එක රැයින් අමතක වන ඔහුට අනාගතය ගැන කවර කතාද?එසේනොවේ නම්
ඔහුට සකසුරුවම ගැන වුවමනාවක් නොතිබෙන්නට පුලුවන.
කෙසේ වෙතත් මේ අතර ඔහු තවත් ගැහැනු ලමයකු හා සම්බන්දයක්
පටන් ගෙන නිතරම ෆෝන් එකෙන් ඇය හා ආදරයේ මිහිර විදින්නටද පෙලඹි ඇත.ඔය අතරේ නැවතත් ඔහුට
නිවාඩු යන දිනය ලන් විය. මේ
යන නිවාඩුව කුමාරගේ ජීවිතයේ ඉරනම තින්දුවන කාලය බව කුමාර දැන සිටියේ නැත.කුමාරගේ අම්මාද ඒ
බැවු දැන නොසිටින්නට ඇත.
නිවාඩුවේ දින එක දෙක ගෙවීයාමත් සමගම එක් යහලුවෙකු කුමාරගේ
කනට කොදුරා රහසක් කියන්නට විය.ඒ සැනින් ඔවුන් එතැනින් නික්ම ගියහ.යහලුවන් නගරයේ එක්
ස්ථානයක කාන්තාවන් සපයනා බවට දුන් ආරන්චියකට කුමාර මෙතැනට ආ බව පසුව දැන ගන්නට ලැබිනි.
ඒ අනුව කුමාර සහ යහලුවන් කුමාරගේ වියදම යටතේ කාමර තුනකට
ඇතුලු විය.අවාසනාවක මහත කියතොත් කුමාරට ඇස් අදහා ගත නොහැකි විය.ඔහුගේ කටින් ''අම්මා''
කියා පිට වූවා පමනි.කුමාරගේ මවටද උන් හිටි තැන් අමතක වූවා සේ වහා කාමරයෙන් පිට වී දිව
ගියෝය.
දෙදෙනාම නැවත ඔවුනොවුන් නොදකින්නට හිත හදා ගත්තා විය
හැක.මව වස පානය කර සහ කුමාර ගෙල වැල ලා එක ම දිනයක ජීවන ගමන නිමාකරන්නට විය.
ඔවුන් සිත්
තුල කුමන ගැටලු මතු වූවදැයි අමුතුවෙන් රසකර කීමට අවශ්‍ය නොවේ.වරද කාගේදැයි සොයා වෙහෙස
නොවී මෙවන් වැරදි නොවීමට වග බලා ගැනීම සමාජයේම විශාල වගකීමකි.
ලිවුවෙ- දුලානි ගුනවර්ධන-
අර දමිත් ගුනවර්දන කියන පෝරිසාදයට වෙන එකක් අටවගන්ඩ කියල ඔන්න ඔහේ ඔය ළමයම මේක කරගන යන්ඩ , දෙන දවසක කෙල්ලෙක්ට මේක දෑවැද්දට දෙන්ඩ බැරියැ , මම නං දැම්මම අපේ ලොකු එකිට මගේ එක දෙනව කියල තිවයන්නේ
ReplyDeleteඑල ද බ්‍රා
Deleteස්තුතී අටමා අයියේ.මාව ලියන්න උනන්දු කලේ දමිත් තමයි.මේක දෙනවා කියලා දැම්මම කියන්න බැහැනේ.ඒ වෙද්දී මොනවා දෙන්න වෙයිද කව්ද දන්නේ
Deleteජීවිත දෙකක් බේරෙන්න තිබුණු 66.67% මග හැරී ගොස් ඇති අයුරු!
ReplyDeleteස්තුතියි.
Deleteදුලානී.. ඔයා බ්ලොග් එක ලියන්න.. දමිත් බොන ඒවට එවන්න..
ReplyDeleteආයේ ගෙට් එකකටවත් ඇවිත් ඉවරයි
Deleteමාත අයියන්ඩි එල ද බ්‍රා අයිඩියා
Deleteඉබ්බා දියේ දැම්මම ඇන්නෑවෙ කිව්වලු.මෙහේ මෙයා උඩ පනිනවා.
Deleteහප්පා සෑහෙන දුක හිතුන සීන් එකට. අර කිව්වත් වගේ අක්කම මේක ලියන්න.:)
ReplyDeleteස්තුතියි දිලිනි
Deleteමොකක් කියන්නද කියල හිතා ගන්න බැරුව මං මේ කල්පනා කලේ
ReplyDeleteහිතන්න යන්න එපා.මුකුත් නෙවෙයි ජීවත් වෙන විදියෙ වැරද්ද.
Deleteඅරූට ඇත්තටම මොනා හිතෙන්න ඇද්ද...
ReplyDeleteසමහර විට පොඩි කාලෙ උංට කන්න බොන්නඅදින්න දෙන්න ඇත්තෙත් එහෙම හොයපු සල්ලි තමා...
එහෙම තමා මල්ලී.ඒ ඒ වෙලාවෙදී එයාලට වටින්න ඇත්තේ සල්ලි මිසක් සල්ලි ලැබුනු විදිය නෙවෙයි වෙන්න ඇති
Deleteදමියට බ්ලෝග අහිමි වීමේ අවදානමක් ඇත, උඹ දන්න ටයර් එකක් බදාගෙන හිටු හාමිනේටම මේක කරගෙන යන්න දීලා
ReplyDeleteඉතින් දැන් කරන්නෙත් ඒකනේ.(ආ..ඒ මෙනවද ඒ ..කියන්නේ..)
Deleteඑහෙමම කියන්න එපා අය්යේ.කොච්චර උනත් ඒ මගේ මහත්තයනේ.
Deleteඇත්තටම වැරද්දක් උනාට පස්සෙ ඒ වැරැද්ද කලේ කවුද කියලා හොයනවට වඩා එවැනි වැරදි නොවෙන්න මඟ බලා ගන්න එක වැදගත්!!
ReplyDeleteහරි හමන් තාත්තෙක් නැති නිසා හෝ වෙන යම් හේතුවක් නිසා ඒ අම්මා අර රස්සාවට යොමු උනත් අච්චර ලොකු පුතෙක් ඉත්දිත් ඒ අම්මට අර රස්සාව කරන්න හේතු උන කාරණාවටයි විසඳුම් හොයන්න ඕන.!
මට මතක් උනේ මම ලියපු මේ කතාව. සුපිරි ගණිකාව…
ආයමත් බැලුවා උඔගේ කථාව..
Deleteඑල ද බ්‍රා
සත්තකින්ම කියන කතාව ඇත්ත.ස්තුතියි,
Deleteනෝන මහත්තයම මේ බ්ලොග ලියන්න.අර දමිත් කියන මනුස්සය වැරදිලාවත් මේ පැත්තෙ එන එකක්යැ.
ReplyDeleteස්තුතියි අය්යේ ආවට.මම වැඩේට බහින්න හදන්නේ කියල හිතුවට මට ටයිම් ප්‍රශ්නනේ.
Deleteඇඩෙනවා..තනි ඇහැට.
ReplyDeleteලියවිල්ල එල ද බ්‍රා..
දමිත් දුවලා එනඩෝ...
ඇඩෙනවානම් තමයි.විවිදාකාර ජීවිත තමයි.
Deleteඔයාම මේක දිගටම ලියන්න අක්කා. දෙන්නනම් එපා ඔය ටයර් දමියට ඕක ආපහු. උන්දැ පෝස්ට් දාන්නෙ යලට මහට.
ReplyDeleteදෙන්නෙ නෑ නන්ගි ඔය ටයර් දමියට.ඒත් පව් නෙ.....
Deleteඅම්මා කල දේ පුතා නොදැන ඉන්න විදිහක් නෑ. සමාජය කෙසේ වෙතත් මූ නම් පාහර පුතෙක්.. අඩුම ගනනේ තමුන් රස්සාවට ගියදා ඉඳන් අම්මාව අර නරකාදියෙන් ගලවා ගන්න තිබුණා.
ReplyDeleteදෙමව්පියො දරුවො අතර තියෙන සම්බන්දයෙ ශක්තිය තමයි ඉතින් ඔය.
Deleteකොල්ලගෙත් වැරැද්ද... අම්ම ගැන මීට වඩා හොයනල බලන්න තිබ්බ නේද...
ReplyDeleteපව්ලෙ තියෙන සම්බන්දයේ තරමට තමයි බාහිර ප්‍රශ්න වලට මුහුන දෙන්න පුලුවන් ශක්තියක් එන්නේ.
Deleteදෙන්නා වෙන වෙනම හදුනගන්න කමෙන්ට් දානකොට නම් දෙකෙන් දාන්න...එක බොගක් ලියන්න...වැඩේ අපූරුයි...බ්ලොග් ලෝකයේ මේ ජාතියේ එකම එක මේකද මන්දා...
ReplyDeleteThis comment has been removed by the author.
Deleteප්‍රොෆයිල් එකක් හදා ගත්තා.ස්තුතියි.තව ලියන්නම්කො.
Deleteප්‍රොෆයිල් එකක් හදා ගත්තා.ස්තුතියි.තව ලියන්නම්කො.
Deleteකාලකන්නියෙක් තමයි. මේ හා තරමක් සමාන කෙටිකතා මම කියවලා තියෙන මතකයක් තියෙනවා.
ReplyDeleteආ දමිත්? එදා ගෙට්ටුවට ඇවිත් හොඳටම බීලා වැටිලා හිටිය හන්දා වැඩිය ආශ්‍රය කරන්නත් බැරි වුනා එදා.
එහෙම කතා ඇති.මේවගේ කතාවලින් තමයි ඒවත් හැදිලා ඇත්තේ.අපි දන්නෙ කීයෙන් කීයද.මගේ මහත්තයා නරක් කරන්න එපා.එයා පස්වෙනි සිල්පදය ආරක්ශා කරනවා.ස්තුතියි,
Deleteදුලානි......... දමිත්...............
ReplyDeleteඇත්තට ම සතුටුයි ඔබලා දෙන්නා මේක ලියනවාට... දෙදෙනෙකු අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ඒකෙන් ම පේනවා. අපේ අඩවියෙත් කපල් එකක් ඉන්නවා. ඒත් එයාලා තාම ඒක කියන්නේ නැහැනේ. කොහොම වුණත් සතුටුයි දුලානි. දමිත්
බොහොම ස්තුතියි.අර දෙන්නටත් කියමු නම් ප්‍රසිද්ධ කරන්න කියල.
ReplyDelete-අපි දෙන්නම-