Wednesday, August 13, 2014

නොවරදින බත් පත


ට්‍රින්ග් ට්‍රින්ග්...........................
මගේ ජන්ගම දුරකථනය කැමොර දෙන්න ගත්ත.
තිරය මත " චින්තකකියල සටහන් වෙලා .
වෙලාව පස්වරු 8.00යි

"චින්තක ,කියපන්."
"මොකද කරන්නෙ,"
මුකුත් නැ බන් .ගෙදර ඉන්නෙ"
"මෙ පැත්තට එනවද.කට්ටිය ඇවිල්ල ඉන්නෙ"

දැන් මොකද කරන්නෙ.යනවද නැද්ද?
බලමු පොඩ්ඩක් හිතල.රැවෙලා නම් වැඩියි.එත් ඉතින් බයිසිකලෙ ලයිට් තියෙනවනේ.
ඔන්න ඔහෙ ගිහින්ම එනව.නැත්තම් තරහ වුනොත් එහෙම.යාලුවො නේ.හොද නැනේ.

"අම්මෙ ,මම පොඩි ගමනක් ගිහින් එන්නම්"
"මෙ වෙලාවෙ කොහෙද යන්නෙ පොඩි පුතා,කාල ඉන්න"
'ඇවිල්ල කන්නම් අම්මෙ,ඉක්මනට එන්නම්"

ඉක්ක්මනින් එන්නම් කිය ගෙදරින් පිටවෙන මට වෙලාව ගැන මතක් වෙන්නෙ බොතල් හිස්වෙලාසින්දුත් ඉවර වෙලා එකා දෙන්න යන්න පිටත් වෙනකොට.
අවුලක් නැ වැඩි වෙලාවක් ගිහින් නැ.ඔන්නම් රෑ1 ඇති.
අම්ම නිදි ඇති.සද්ද නැතුව ගියාම හරි.

දුර ඉදලම ගෙදර දිහා බැලුව. හරි ලයිට් ඔක්කොම නිවල.කවුරුත් නිදි.
වැඩිය සද්ද නොකර ගෙට ගිහින් නිදියනව.
පුලුවන් තරම් සද්දෙ අඩුවෙන් මිදුලට බයික් එක එනකොටම සාලෙ ලයිට් එක පත්තු වෙනව.
ඉලගට එලියෙ ලයිට් එක.එත් එක්කම දෙර ඇරෙනව.
අම්ම දොරකඩ.

"අම්ම නිදි නැද්ද,මම එනවනෙ දොර ඇරගෙන"
මගෙ ගාව යතුරක් තියෙනව.
"නැ මට නින්ද ගිහින් තිබුනෙ නැ.බයිසිකලෙ ලොක් කලාද?"
මම බිල කියල අම්ම දන්නෙ නැද්ද.
කිසිම දෙයක් නොකිය මම ගෙට ගොඩවුනාට පස්සෙ දොර වහන අම්ම.කුස්සිය පැත්තෙ ලයිට් දානව.

මම ඇග සොදගෙන එනකොට බත් එක බොදල මෙසෙ උඩ.
"බත් එක නිමිල, මොනවහරි රත් කරල දෙන්නද?
"ඔන නැ,ඔන නැ.මෙ  හොදයි"
"ලයිට් නිවල නිදාගන්න,
කියල නිදාගන්න යන අම්ම මම කාල ඉවර වෙන්නත් කලින් තද නින්දට වැටෙනව.

මෙ සිදුවිම මම විවාහ වෙන්න කලින් සතියකට දෙතුන් පාරක් වෙනව.කොච්චර පරක්කු වුනත් මම ගෙදර එනකන් අම්ම නිදියන්නෙ නැ. කොහොම වුනත් මමත් ඔය ගමන නැවැත්තුවෙත් නැ.

මෙ සිදුවිම නැවත මතක් කරන්න හෙතුවුනෙ නලින් අයියගෙ සමකය වටෙ ලියවුන ලිපියක පත්තරෙ ගෙ කමෙන්ට් එකක් නිසා.
මෙ සිදුවිම් ලන්කාවෙ ගොඩක් දෙනෙක්ගෙ අත්දැකිමක් බවට තහවුරු වෙන්නෙ මෙන්න මෙ සින්දුව නිසා.
මෙ සින්දුව හැමැදාමත් මට මාව මතක් කලා.

වරදින්නේ නැත මට හිමි බත්පත
ඔබගේ මුළුතැන් ගෙයි අම්මේ 
අම්මේ ඔබගේ මුළුතැන් ගෙයි

ඔබට හොරා මධු භාජන හිස් කොට
රෑ මැදියම ඔබ නින්දට වන් විට
පෑල දොරින් එත ඔබගේ බත්පත 
දෑස තෙමා මට දඬුවම් දේ 

විකල් සිතින් සැරි සරා තැනින් තැන 
ගෙට වන් මා හිස පිරිමැද පිළිගෙන 
ඔබත් නොකා මට දන් දෙන බත්පත
හද රිදවා මට දඬුවම් දෙයි


එච්  එම් ජයවර්ධනයන් සන්ගිතවත් කර රොහන සිරිවර්ධනයන් ගයන මෙ ගීතයෙ ගෙය පද රච්කයව සොයාගන්න බැරිවුනා.අරු අයිය දන්නවනම් කියන්නකො සමාව භාජනෙකට දානගමන්.මෙ ගිතය මෙතනින් අහන්න පුලුවන්.

37 comments:

  1. හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. විවාහ උනාට පස්සෙත් බත්පත නොවැරදී තියෙනවද (බිරින්දෑ උයා පිහා දෙන )

      Delete
    2. මං ඇහුවේ බීල එනදාට ..

      Delete
    3. එහෙම ලොකු අවුලක් නැ.මම එපා නොකිවුවොත් අනිවා තියෙනව.හැබැයි නැගිටල ගොඩක් රැ වුනොත් නිදියනව .මම ඇවිල්ල නැගිටුවන්න ඔන.එගැනත් සින්දුව තියෙනව එකත් දාන්නම්කො ලගදිම.

      Delete
  2. දැනට නම් මට බොන අය ගැන අත්දැකීම් නැත.
    නමුත්,ගෙදර අය එනකම් ඇස් පියවෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නෙ එහෙම අත්දැකිම් ලැබෙවා කියල පතන්නද ? එපාද?

      Delete
    2. අපිත් එක්ක හිටියනං නේද දමිත් මලයා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  3. ඇත්ත අම්මලාගේ සෙනෙහස කවදාවත් අඩුවෙන්නේ නෑ.. අපි කොහොම උනත්....
    ලගදී සමකය වටේ, නලීනුත් සංවේදී පෝස්ට් එකක් දාල තිබුණා මේන්න ලින්ක් එක http://samakayawate.blogspot.com/2014/08/blog-post.html

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා විදානේ..

      Delete
    2. මමත් මෙක ලිවුවෙ එකෙන් පටන් අරන් තමයි.පොස්ට් එකෙ එගැන ලිවුවට ලින්ක් එක දාන්න අමතක වුනා.සමාවෙයන් නලින් අයියෙ.
      බොහොම ස්තුතියි විදානෙ මගෙන් අතපසුවුනෑක උබ කලාට

      Delete
  4. දැන් බීල ගෙදර එද්දී තියෙන අත්දැකීමත් එක්ක සංසන්දනය කරලම ලිව්වනං මරු.

    ReplyDelete
    Replies
    1. සින්දුවක් තියෙනව හැලපයියෙ ඔයගැනත්.එකත් දාන්නම් ලගදිම.අමාරුවෙන් හරි කියවපන් හොදේ.

      Delete
  5. බීලා ඇවිත් අත්දැකීම් නැතත්, යාළුවො එක්ක රස්තියාදුවෙ යන කාලෙ නම් ඔය අත්දැකීම ලැබුවා යහමින්.

    ReplyDelete
    Replies
    1. උබ හොදයිනෙ බලන් ගියාම.

      Delete
  6. Replies
    1. අනෙ මට බකුස් භාසව තෙරෙන්නෙ නැ නේ.

      Delete
  7. බේබදු පුත්‍රයා ගෙදර එනතෙක් අවදිව රෑ පහන් කරන මවකගේ කතාව.
    ඊස්ට්මන් වර්ණ,
    "බේබද්දෙකුට මවකව"

    ReplyDelete
    Replies
    1. මට එනව කටට හොද එව ටිකක්.මෙතන කියන්න බැ.උබ දෙසැම්බර් එයිනේ.එතකොට කියන්නම්.සුදානම් වෙලා හිටහන්.:D

      Delete
  8. අපේ ගෙදර නම් අම්මා නිදාගන්නවා..රෑ දොර ඇරලා ඉවරවෙලා අපරාදෙ මං හිතුවෙ හෙට උදේම එ්වි කියලාත් කියනවා.

    ReplyDelete
    Replies
    1. අම්ම නිදිනම් සද්ද නැතුව ඇතුලට යන්න එපැයි.මොකට නැගිට්ටුවද?

      Delete
  9. බීලා ගෙදර ඇවිත් නැති උනත් රස්තියාදුවේ ගිහින් රෑ වෙලා ඔය වගෙම ඇවිත් තියෙනව ඕන තරම් ගෙදර.. ඒ හැම වෙලාවකම ඉතින් අම්ම ඇහැරිලාම තමයි..

    ReplyDelete
    Replies
    1. ඇයි බිල නම් එතනම් දොයිද?

      Delete
  10. හපොයි බැන්දම නං කවදාවත් ඔය වැඩේ නං වෙන්නෙ නෑ...
    ඔව්.. ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මොකො ,මහේෂ් බයවෙලා වගේ

      Delete
  11. හොදම එක ෆොන් එක මම නම් ආන්සර් කරන්නෙ නැ එ වෙලාවල් වලදි මම ගොත ගහනවලු, ,අම්ම ගේ සෙනෙහස තේරුම් ගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. අම්මගෙන් නම් ෆොන් එකෙන් වදයක් තිබුනෙ නැ.එකට දැන් විනාඩි 5න් 5ට කොල්.හපොයි කියලවැඩක් නැ

      Delete
    2. බොන්ඩ යනකොට සිම් එක අනිත් පැත්ත දාල පලයං

      Delete
  12. එනකං ඇහැරගන ඉදල දොර අරින අපේ අම්මනං කියන්නේ

    '' අන්න මහ බේබද්දයි පොඩි බේබද්දයි බුදි , උඹත් හොදගානට බීල . ඒ මදිවට තවත් එකෙක් උස්සගන ඇවිත් ...................මේ අර හන්දියේ කඩ පේලියේ ගෙදර පොඩි එකා නේද ........ඔච්චර සාගරයක් වගේ ගෙවල් තියාගන මොකද තැන් තැන්වල බුදියන්නේ.

    '' බිලා ගෙවල් වල ගියහැකිද අම්මේ ''

    '' එහෙනං උඹල එන්නේ .....මහ මිනිස්සු දන්නවනං අපිටත් බැනුම් අහන්ඩ වෙනව පොඩි උන්ට බොන්ඩ දෙනව කියල ....අපේ එකාටත් වඩා බාලයි නේද මේ කොල්ල.......උඹල නාස්ති වෙනව මදිවට පොඩි උන්වත් එක්ක යනවද''

    '' මං බොන්ඩ එක්ක ගිය එකක් නැ අනේ ....මු ඉස්කෝලේ කොල්ලො ටිකක් එක්ක බිබි ඉදල යාලුවෝ මුවදාල ගියා , උදේ හවස දකින එකා හන්දා පුටාර් එක බාර් එකේ කොල්ලෙක්ට දීලා , මුගේ බයික් එක අරගන මං ආවේ , ..ගෙදර ගිහින් ඇරලවන්ඩ යැ ....බොරුවට කැගහන්නේ නැතුව ඉන්ඩ ''

    ......ඔවැක්....ඔක් ..ඔක්....

    '' හයියෝ ගෙමැද්දත් ඉවරයි ....උදේට දෙන්න එක්ක අස්කරන එකයි ඇත්තේ ''

    ReplyDelete
    Replies
    1. හපොයි උබලනම් මහ නරක පුත්තු බන්.බොනවුන් එක්ක ඇවිත් එ මදිවට ගෙ මැද්දෙ වමනෙ.සික් අන්න අර ඩුඩ් කියල තිබුනෙ උබල වගෙ අයට.අපිවගෙ අහින්සකයන්ට නෙමෙයි

      Delete
  13. අනේ ඔවු.... කොහේ කෑම නැතත් ගෙදර බත් ටික නම් වරදින්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව

      Delete
    2. කාපු ගමං අනික් පැත්‍තට ඕක් ගාල යනව නෙවැ. ඒකයි මට අවුල්.

      Delete
  14. මටත් ඔහොමයි ඒත් කවදාවත් වැනි වැනි ගියත් බීලා ඇවිල්ලද තෝ බිව්වද අරව මේවා අහන්නෑ.. දොර අරිනවා අම්මා ඇතුලට යනවා. මම හිතන්නේ හැක්ස් එක කෑවම වැඩේ ගොඩ කියලා.

    ReplyDelete
    Replies
    1. එකනේ මචො.අපි හිතන ඉන්නෙ අම්මල දන්නෙ නැ කියල.අම්මල බබාල නේ

      Delete
  15. අම්මට බොල.… මට මට මේක මිස් වෙලා නෙවැ. චැහ්.බොහෝම ඉස්තුතියි දමියො.

    ඔය ෂීන් එක දැං වයිපරේ .. හැබැයි මූණ අප්ෂෙට් :D
    අම්ම නං ඉතිං ඔහේ ගානක් නෑ ඕන්නං චූට්ටක් බණී පහුවදාට. ඒකත් කැළණි පාලම යටිං පොල්ලෙල්ලක් ගියා වාගෙ..

    ReplyDelete
    Replies
    1. හරියට හරි සෙම් සිනාරියො හැමොටම නේ

      Delete

ෆලෝ කරල කමෙන්ට් කරලා ගියොත් මට හරි සතුටුයි