අපෙ රීජන් එක සෙල්ස් කට්ටිය කලුදිය පොකුනේ යනව දමිතුත් යමු කියල අරාධානවක් ආවෙ බ්‍රන්ච් එකෙ මැනෙජර්ගෙන්.
කලුදිය පොකුන තියෙන්නෙ පිටිගල පැත්තට වෙන්න.අම්බලන්ගෙඩ බ්‍රන්ච් එකෙ කට්ටිය තමයි වැඩෙ ඔගනයිස් කලේ.මමත් ඉතින් ඔව අතාරින්නෙ නැති නිසා තනිපයින්ම හා කිවුව.
ඔන්න කට්ටිය යන දවස ආව. ගාල්ලෙන් ගියෙ දහ දෙනෙක් විතර.සෙල්ස් කට්ටියයි අන්ඩරයිටින් කල ගැනු ලමයයි.එයාගෙ හස්බන්ඩ් (ලගදි බැන්ද ).තව සෙල්ස් ස්ටෆ් කෙනෙක්ගෙ වයිෆ්.ඔය කට්ටිය සමග මම.
කට්ටිය යන්නෙ මොකෙද කියල කතා කලේ යන දවසෙ උදෙ.කාර් දෙක
තුනක් යනවට වඩා එක වැන් එකක් යන්න කතා කරගත්ත.වෙලාව කියන්නෙ මගෙ වැන් එකත් එ දවස්වල පෙන්ට් එකට දාල තිබුනෙ.
වැන් එකක් රෙන්ට් එකට අරගෙන ගියෙ.වැන් එකක් ගෙනාවට හැමොම ඩ්‍රයිව් කරන්න පස්සගහනව.එ පාර මම ඩ්‍රයිව් කරන්න ගත්ත.
උදෙ 8 විතර අමුඅමුවෙන්ම පිටත් වෙල දැම්ම ගාල්ලෙන් හයිවෙ එකට. එ මදිවට
එකෙක්ගෙවත් සින්දුවක් කියන්න උනන්දුවක් නැ.එ පාර මම ගායනය වාදනය සහ රිය පැදවිම කියන තුන් ඉරියවුවෙන්ම ක්‍රිඩා කලා.ඔන්න එපාරනම් කට්ටියගෙන් සහයොගෙ ආව.
හයිවෙ එකෙන් කුරුදුගහින් පිටවෙලා ඇල්පිටිය හරහා පිටිගලට ගියා.
මගදි අම්බලන්ගෙඩ සෙට් එකයි සොනල් මැනෙජයි එයාලගෙ වාහන වලින් එකතුවෙලා පෙරහැර වගෙ ගියා තැනට.
ඔන්න කටිටියම දැන් සැටමොල් වෙලා පොඩි ජොලියක් දාන්නයි සෙට් වෙන්නෙ.නොයෙක් ආකරයෙ හපන දෙවල් සමග සුරාව.ගහෙ බඩු සහ
සීල් බොතල්.
අම්බලන්ගොඩිනුත් ඇවිත් හිටිය 10 දෙනෙක් විතර.අලුත් මුනු දෙකකුත් හිටිය.ඔය බ්‍රන්ච් එකෙ ඉන්නව අම්බලන්ගෙඩ කලා පවුලකින් පැවතෙන මලයෙක්.මිනිහ ගෙනත් තිබුන ඩොල්කියක් සහ චලො එකක්.
මිනිහ ඩොල්කිය ගැහුව නියමෙට.වැඩෙ නැගල ගියා.හොද හැටියට සප්පයම් වුනා.සින්දු කිවුව.පැය තුන් හතරක් නිකම්ම ගියා.ඔන්න ඉට පස්සෙ නාමු කියල කට්ටියම වතුරට බැස්ස.
සොනල් මැනෙජෙර්ට වැඩක් කියල කලින් ගියා.
මමත් නයා වගෙ කෙලින්ම බැස්ස වතුරට.වතුරදිත් දගලල නටල කියල දැන් ඇති කියල හිතිල මම ගොඩට ආව.පැයකට වැඩිය කාලයක් නම් නෑව.
මම ගොඩට එනකොට අම්බලන්ගොඩ අලුත් කෙනෙකුයි තව මලයෙකුයි ගොඩ ඇවිත් හිටිය.මට පිටි පස්සෙන්ම වගෙ අර කාන්තාවො දෙන්නත් ආව.මම ඇවිත් ඇදුම් එහෙම මාරු කරගෙන ජොන් අයියවත් ලගට අරගෙන අර දෙන්නත් එක්ක කතාවට වැටුන.අර අලුත් පොර මිනිහගෙ විස්තරයක් කිවුව.
සැක් කියල වැඩක් නැ.මිනිහ ඇවිල්ල සතියයි තාම.කලින් වැඩකලෙ ලන්කාවෙ ප්‍රසිද්දම රක්ශන ආයත්නෙක.මිනිහ එ ආයතනෙ වෙනුවෙන් කල කැප කිරිම්.අන්තිමට ආයත්නෙන් මිනිහට කරපු අසාධාරනෙ.හප්පෙ කතා ගොඩයි.මටත් ඉතින් මැජික් වගෙ.කට ඇරගෙන අහගෙන හිටියෙ.
ටික ටික ඔක්කොම වගෙ ගොඩට ආව.බඩගින්න තියෙනව දැන් ආයෙ යකෙක් කන්න තරම්.
අර පොඩි වැන් එකෙ තමයි ඔක්කොමගෙ ඇදුම් තියල තිබුනේ.එතන තමයි අපි කතා කර කර හිටියෙත්.
ඔතනදි තමයි හොදම සිද්දිය පටන් ගත්තෙ.
අපිත් එක්ක ආව ගැනු ලමයගෙ හස්බන්ඩ් ගෙ සල්ලි වගයක් නැතිවෙලා.11000ක්.පර්ස් එකෙ තිබුන දාහෙ කොලටික ඔක්කොම නැතිවෙලා.
පොඩි කොල ටික තියෙනව.එ විතරක් නෙමෙයි බලද්දි අම්බලන්ගෙඩ මැනෙජර්ගෙත් 5000ක් නැ.තව කෙනෙක්ගෙ 3000 ක්.
ගැනු ලමයගෙ නම අමන්දා.එයාගෙ හස්බන්ඩ් පැනි බොතලයක් ගෙන්න ගන්න පර්ස් එක ඇදල තිබුන.අම්බලන්ගොඩ මැනෙජත් දවල් කැමට සල්ලි දෙන්න පර්ස් එක එලියට අරගෙන තිබුන.අනික් කෙනත් සැන්ඩි වගෙකට සල්ලි දිල.එ කියන්නෙ පර්ස් එලියට ඇදපු අයගෙ සල්ලි වලට තයි ගේම දීල තියෙන්නෙ.
දැන් මාර ප්‍රශ්නේ.කවුද මෙව ගත්තෙ කියල.නාන අතරෙ පොඩි කොල්ලො දෙන්නෙ මෙ හරියෙ හිටිය කියල එකෙක් කිවුව.
තව කෙනෙක් ශුවර් කරල කිවුව එයාල වැන් එක කිට්ටුවට ආවෙ නැ කියල.එහෙනම් මෙතන කෙනෙක් තමයි ගන්න ඔන.
දැන් මාර ප්‍රශ්නෙ.හැමොම කතාවෙලා කවුරුත් තම තම්නෙගෙ සාක්කු පෙන්නව.බඩු නැ.
මෙ වෙලාවෙ අම්බලන්ගොඩ අශාන් කෙලින්ම අර අලුත් එකාව සැක කලා.එත් කොහොම කියන්නද.
ගැනු ටික යවල ඇදුම් ගලවල බලන්න ඔන කියල යොජනාවක් ආව
අශාන් මහ හයියෙන් අම්බලන්ගොඩ මැනෙජර්ට කිවුව'නිශාන්ත අයියෙ මු තමයි හොරා .මු අරකෙන් අස් කලෙත් සල්ලි හොරකම් කරල"කියල.
දැන් තව කෙස් එකක්.අර හිටපු මල්ලි කෙනෙක් අශාන් ගෙන් ගේම ඉල්ලනව එහෙම කොහොමද කියන්නෙ කියල.
ඔක්කොම එ වැඩෙට සෙට් වෙනව.අරක කොල් එකක.අපිට ඇහෙනව ඔයා යන්න .මෙතන පොඩි අවුලක් මම ඉක්මනට එන්නම්.වගෙ කතා.මිනිහට කතා කලම මිනිහ දරුව ලෙඩවෙලා නොන ඩොක්ට ගාවට යනව.එකයි කිය කිය කොල් එකෙ.කතා කලාට එන්නෙ නැ.එ පාර එකෙක් ගිහින් ගත්ත ෆොන් එක.එක ඔෆ් කරල තියෙන්නෙ.
දැන් හැමොටම සැකයි.
මිනිහව ඇදල අරගෙන ගලවල චෙක් කලා.අහුවුනෙ නැ.චෙක් කල එකා කිවුව පුලුවන් තරම් බැලුව.එත යට ඇදුම අස්සෙ බලන්න මිනිහට බැ කියල.
හරියන්නෙ නැ නේ.එකෙක් ගියා එක බලන්න.
මිනිහ එකපාරටම 'මෙ තියෙන්නෙ සල්ලි කියල'පස්සෙන් මිටියක් ඇදල ගත්ත.එ ගමන්ම අරුගෙ කම්මුලට ගැහුව.එත් එක්කම දෙතුන් දෙනෙක් පැනල ගැහුව.
දැන් එතන හෙන පොරේ.
අමාරුවෙන් කට්ටිය අයින් කරල සල්ලිටික බැලුව ඒක නැ.දැන් ආයිත් ප්‍රශ්නෙ මුල.මමත් දැක්ක චෙක් කරපු කෙනා සල්ලිටික අරුගෙ පස්සෙන් ගන්නව.දැන් බඩු නැ.තව කෙනෙක් කිවුව මෙයා සල්ලි ටිකට පයින් ගැහුව කියල.
එතන එහා කැලැව.පොඩි ඇල පාරකුත් යනව කානුවක් වගෙ.වලලුකරට විතර වතුරතියෙන.දැන් කට්ටියම සල්ලි හොයනව.කැලැව පිරනව.හැම තැනම මඩ.
හයියො දැන් වෙරිත් නැ.ආතලුත් නැ.
එකෙක් ආපහු සල්ලිටික හොයා ගත්ත.කැලැව අස්සෙ තිබිල.
එක දැක්ක විතරයි අරු කැලැව පැත්තෙන් දුවන්න හැදුව.එතකොටම අමන්දගෙ හබිය පැන්න ඇගට. දෙන්නම ඇලේ.පොර අරුගෙ මුන මඩෙ ඔබාගෙන.තව ඩින්ගෙන් මරනව.බොහොම අමාරුවෙන් දෙන්න දෙපැත්තට කලා.
මරු වැඩෙ කියන්නෙ
අමන්දගෙ හස්බන්ඩ් ටවල් එක පිටින් .අර යොදය යට ඇදුම විතක් ඇදගෙන්.එක හරිම මාන්දමික සීන් එකක්.
එ මදිවට ඉස්සෙල්ල අරුගෙ පැත්තට කතා කරපු මලයත් යකා වගෙ අරුට ගහන්න පනිනව.සමහරවෙලාවට අපෙ ඇගට උඩින් පියඹල යන්නෙ ගහන්න.
එ අස්සෙ අමන්දා ලතොනි තියනව.
'අනෙ දමිත් අයියෙ අරයව නවත්තන්න 'කිය කිය.
මම බොහොම අමාරුවෙන් අමන්දගෙ හබියව
පැත්තකට අරගෙන පොඩ්ඩක් ඉවසල ඉදපන් කියල.අමන්දට කිවුව ටිකක් එහාට එක්කන් යන්න කියල.
මිනිහට කතාකරගන්න බැ.තොල් වෙවුලනව.මිනිහ මිනිහටම කන්ට්‍රොල් නැ.
හැමොවම පැත්තකට කරල අම්බලන්ගෙඩ මැනෙජර් ටම කිවුව මෙක බලාගන්න කියල.අනිත් ඔක්කොමව යැවුව වාහන දාල ආපු ගෙදරට.එතනින් දවල්ට කැම ලැස්ති කරපු තැනට එක්ක යන්න කියල අපි තුන් දෙනෙක් නැවතුන අර මොලත් එක්ක.
අර යකාට කෙලින් ඉන්න බැ.හොදටම ගුටි කාල.තොල් පැලිල.මුන ඉදිමිල.බිම ඇන තියාගෙන ඉන්නව.
එ පාර මම උගෙන් ඇහුව අමාරුද කියල.මු මැරුනොත් ඔක්කොම ගස් නේ.එමදිවට ගමෙ අය වට වුනොත් තව කෙස් එකක්.
මිනිහට එතරම් ලොකු අමාරුවක් නැ කියල තෙරුන.ඉට පස්සෙ බැලුව මොකද කරන්නෙ කියල.පොලිසි ගියොත් අපිටත් කරදරයි.සල්ලිත් ඔක්කොම ලැබුන.අවුල තියෙන්නෙ මු එව ගහගෙන හිටපු තැන නිසා ආපහු අල්ලන්නෙ කොහොමද කියල.
මම නිශාන්තගෙන් ඇහුව දැන් මොකද කරන්නෙ කියල.
නිශාන්තත් කිවුව මුව යවමු කියල.මුගෙ බයික් එකත් එතන.මු දැන් බයික් එකෙන් යන්න හදන්නෙ.
මම කිවුව එක හරියන්නෙ නැ.මු තනියම බයික් එකෙ යවල.මගදි මොනවත් වුනොත් එහෙම, නැත්නම් ලැජ්ජවට මොනවහරි කර ගත්තොත් අපි අමාරුවෙ නේ.එතන ගොදරකට බයික් එක දාල.පස්සෙ එක ගෙනියපන් කියල.අර වැන් එකෙන් මිනිහව ගෙදර ලගට ගිහින් දැම්ම.
ඉට පස්සෙ ගියා දවල්ට කන්න.හයියො 5 ත් පහුවෙලා.දවල්ට කාල.දෙයියනෙ
කියල ආපහු ගමරට්වල් බලා පිටත් වුනා.
හොරාගෙ රැකියාවත් එතනින් ඉවරයි.අපිත් හොද පාඩමක් ඉගෙන
ගෙන ගෙදර ආව.
ඔහොම බේරිච්ච එක මැදැයි... බ්ලොග් අවකාශෙ ඉන්න අභීත එදිරිසිංහ වගේ හොරෙකුට අහුවුනොත් ඉතින් ගැලවිල්ලක් නෑ....
ReplyDelete:D
Deleteආ ඉන්දික අයියා
Deleteයකෝ දමියා ..මේ පොස්ට් එකට බ්ලොග් රෝලෙන් කෙලින්ම එන්න බෑ ..home පේජ් එකට ගිහින් එන්න ඕනේ. පොඩ්ඩක් බලපන්
ReplyDeleteමට තියෙනා ප්‍රශ්නෙ
ඔක්කොමලා පවුල් පිටින් යනකොට උඹ විතරක් තනියෙන් ගයේ මොකද?
හැබැයි පොලිසියට නොකිව්වේ අපරාදේ මොකද අරූ ගුටි කාපු තුවාල පිටින් ගිහින් පොලිසියේ අන්ට්‍රියක් දැම්මනම් මට ගහලා මගේ සල්ලි හොරකම් කරා මුන් කියලා උඹලා ඔක්කොම ඇතුලේ
ඔය අවුලට කරන්න දෙයක් නැ වගෙ බන්.හැමදේම කලා වැඩක් නැ.කිවුවට ටැන්කිවු.නැත්නම් දන්නෙත් නැ.
Deleteකවුරුවත් ලමයි එක්ක ආවෙනැති නිසා ගෙදර අය එක්ක ගියෙ නැ බොල.
නැ අපි එ ගැනත් හිතුව පොලිසියෙ ඉන්න යාලුවෙකුට කියල තිවුව කොකටත් කියල.
අදත් පෝස්ට් එකේ අවුලක් තියෙනෝ. එක පාර එන්න බෑ දමිත් අයියෙ.
ReplyDeleteඕකාව අල්ලගත්ත එක හොදා නැත්නම් කොච්චර උනත් සල්ලි නැති උන මනුස්සයාට ගිය ඔක්කොම මිනිස්සු ගැන පොඩි හරි සැකයක් හරි ඇති උනොත් විනාසයිනෙ.
ඔව් මල්ලි මමත් හෙන අවුලෙන් හිටියෙ මොකද මම එන්න කලින් ඇවිත් හිටියෙ දෙන්නෙක් විතරනේ.හැබැයි කවුරුවත් වෙන කාවවත් සැකකලෙ නැ.
Deleteපොස්ට් උප්ඩට් වෙන්නෙ නැති එක මාර අවුලක් මල්ලි.මොනව කලත් හරියන්නෙත් නැ.
හෆොයි එක්ට ඉදලා අරින එවුන් එක්ක මට එන කෙන්තිය.....
ReplyDeleteකෙන්ති අරන් වැඩක් නැ රාලෙ.පරෙස්සමෙන් ඉන්න එක විතරයි ක්‍රමෙ.
Deleteඅපි එක්කත් එකට වැඩ කරපු කාලකන්නියෙක් හින්ද අපිත් ඔහොම චාටරයක් කෑව. මේක කියවගෙන එද්දි එහෙම සිද්ධි දෙක තුනක්ම මතක් වුනා..
ReplyDeleteමුලදිම මේකා ගැන දැන ගත්තු හින්දා හොඳා..
ලියමු නේ අපිටත් දැනගන්න.
Deleteදැන ගත්තට සැකෙ විතරනෙ ඔප්පුකරගන්න මාර කට්ටක් කැවෙ
බලාගෙන යද්දී එකටම ඉදලා ඔය වගේ වැඩ කරන අයගේ අඩුවක් නෑ වගේ..
ReplyDeleteඑකනෙ දිනෙශ්.ගොඩ දෙනෙක්ට මෙ වගෙ එව වෙලානේ
Deleteඑකට ඉදල අරින්න එනව නේ මට නං කන්න කේන්තියි.. එහෙම උං සෙට් එකෙන් කපල දැම්මම ඉතිං ඊට වඩා පනිෂ්මන්ට් එකක් නෑ...
ReplyDeleteමට නං ඕ වගේ උං පෙන්නන්න බෑ...........
අදනෙව මේ අහ ආවෙ.... එන්නංකො හැමදාම... දාගත්ත ඔන්න රෝලටත්....
අවන්හල
වොම්ලි වෙල්කම් මහෙෂ්.බොහොම ස්තුතියි.දිගටම එන්න,
Deleteඔයාගෙ බ්ලොගත් දාගන්නම්
මෙහෙමත් බුවාලා ඉන්නවද බං ඇත්තටම.. ඇවිල්ල සතියෙන් ඔහොම ගේම් දෙන.. හැබැයි ඉතිං උඹ ඌට අතක් ඉස්සුවනං හෙම ටයිසන්ගේ පාරක් කෑව වගේ මිනිහා මැරිල වැටේවි.. අමන්දගේ හස්බන්ඩ ටවල් එක පිටින් සරඹ කරද්දි අවුලක් උනේ නැද්ද? බොටත් අම්මප වෙන දේවල්.. කළු දිය පොකුණ තියෙන තැන හරියටම කියහං
ReplyDeleteආයෙත් පාරක් කෝක් බීල ජොකා පිටින් පිස්සුවක් කෙලින්න වගේ දේශ හදන්නෙ :D
Deleteහි හි ,,,
Deleteමේ ගමන ජොකත් නැතිකරගන්න හදන්නෙ.
Deleteඅමන්දාගෙ හබියා වගේ ටවල් එක පිටින් සරඹ කරලා බලන්න හිතුනද? :o
Deleteටවල් නෑ බන් ප්රසායිය කිව්ව වගේ ජොකත් නැති කරගන්න හදන්නෙ :D
Deleteඉන්නව ඉන්නව මෙවගෙ වුන් ඔය ඔන තරම් අනික්වුන්ටත් හම්බවෙලා තියෙන්නේ.
Deleteසරඹ කරද්දි අවුලක් නැතුව වෙන්න ඔන හැමදේම වුනා.ටවල් එක තිබුනෙ ඇගට පනිනකන් විතරයි.
පොකුන තියෙන්නෙඇල්පිටියෙ පිටිගලට ටිකක් එහා.හරියටම ඔනනම් හොයල කියන්නම්.පාර දැන් මතක නැ.
උබට කට්ටිය මාර ආදරෙයි නේ
බඹරවාන හරියද බං
Deleteලබාදුන් දඩුවම ප්‍රමානවත් නොමැත
ReplyDeleteඔව් සල්ලි හම්බුණා වගේද ,දඬුවම් කරන්න ඕනේ ආයේ නොකරන්න ...
Deleteඔව් පහසුවෙන්ම මිනිහ පොලිසියට දිල නිතියෙන වැඩ කරන්න තිබුන.හැබැයි එතකොට එක අපිටත් දඩුවමක් වෙනව.තාම ලන්කාවෙ තියෙන්නෙ බැද්දෙගම සිලිදු ගිය උසාවියම නේ.
Deleteඑකට ඉදන් *කට කොටනවා කියන්නෙ ඕව්වට තමා :D
ReplyDeleteමොකක්ද බං එකට ඉඳන් තරුවකට කොටනවා කියන්නේ ?
Deleteසසියා තරු පේනවා බං. ;)
Deleteඑව්ව හැමෝටම තේරෙන්නෙ නෑ බන් :D
Deleteකියල වැඩක් නැ සසිදුවො.
Deleteමෙ පොඩිලමයි මෙතනින් පලයල්ල
හි හි අමන්දගේ හස්බන්ඩ් ගැන හිනා අප්පා,, හි හි
ReplyDeleteයකො මිනිහෙක් රෙදිනැතුව දැගලුවම මෙන්න මුන් හිනාවෙනව.අනෙ අම්මපා මුන් තමයි
Deleteහෆොයි අපේ තාත්තලගෙ ඔපීසියෙත් හිටිය ඔහොම එකෙක්.
ReplyDeleteඋබ ජොබ් කරන කොට බොලගෙ ඔපිසියෙත් ඉදිවි
Delete@ බස්සී
Deleteටවල් ඇඳන් ඉන්න කෙනෙක්ද?
ගිය ගමනේ ආතල් එක ගන්න දෙන්නේ නැහැ ඔය වගේ ඔටුවෝ. ඔය කේන්තියට ගහන්න කරන්න යන එකනම් එච්චර හොඳ නැහැ බන්. නරක තැනකට වැදිලා මැරුනොත් ඔක්කොම ඉවරයි. පොලිසියට බාර දෙන එක තමයි හොඳ.
ReplyDeleteමමත් බයවුනා මෙ යකාට මොනවහරි වුනොත් කියල.පොලිසි ගියත් අපි යන්න එපාය නඩුවලට.මුන්ව එක්කන් ආපු වුන්ට තමයි ගහන්න ඔන.,
Deleteබලාපන්කෝ මිනිහෙක්ව ට්‍රිප් එකක් එක්කගෙන යන්න බයත් හිතෙනවනේ බං අහද්දී
ReplyDeleteඔව් නාඩි,ඔයවගෙ සතෙක් වැරදිලා හරි එක්ක ගියොත් ඔක්කොම ඉවරයි
Deleteකොහොම හරි එක ගඳයෙක් කරපු වැඩේ නිසා පෙරුම් පුරාගෙන ගිය ගමනේ ආතල් කුඩු නේ බං?
ReplyDeleteකියල වැඩක් නැ ඩුඩ් අයියෙ.මිනිහ අපි ඔක්කොම කැව.
Deleteමේ කො අර ඇන්ඩි ලමය.
හයියෝ 1000 ක ආතල් අරන් 5000 ක චාටර් වෙච්ච සිදුවීමක්නෙ...මේ වගේ ජොලියෙන් ඉන්න හොද දවසකත් හොරෙක්ට නිකං ඉන්න හිතෙන්නෙම නැති හැටි හැබෑට...අපිට මෙහෙම දේවල් වෙලාම නෑ...එහෙම උනානම් මිනීමරුවො වෙන්නත් ඉඩ තිබුනා.
ReplyDeleteහොරු බලන්නෙ ඔයවගෙ වෙලාවල් තමයි සිරා.කට්ටියම ඉන්නෙ වෙන ලොකේක නේ.එතනත් තවඩින්ගෙන් මිනිමැරෙනව යන්තම් බෙරගත්තෙ.වචනෙට ටිකක් හරි කන්ට්‍රොල් තියෙන නිසා.
Deleteමේ හොරා නම් ඇවිල්ලා තියෙන්නේ සල්ලි හොරකම් කරන්න විතරක් නෙවෙයි උඹේ බ්ලොග් කතාවක් එකතු කරන්නත් එක්ක .
ReplyDeleteඔව් ඉතින් ඔතනින් වුන එකම හොදෙ ඒක
Deleteහෙඩිමට ගැලපෙන කතාව
ReplyDeleteසතුටුයි බොලත් මෙ පැත්තට ආවට
Deleteනොදෝමකින් හොරුන්ගේ කැටගරි වලින් පජාතම කැටගරියේ හොරෙක් නොව ඌ. මුගේ ජාතකේ දැනගත්තු නිසා හොඳට ගියා .
ReplyDeleteහපොයි ඔව් බන් නැත්නම් මමත් බයෙන් හිටියෙ.මොනව හිතයිද දන්නවයි.පිට එකෙක්ගෙ සල්ලිත් නැතිවෙලා නේ.
Deleteබොලා මෙ පැත්තෙ ආවමද මන්ද?වෙල්කම්
නහී නහී කලින් ඇවිත් තිබුනේය මතෝ... එනි වේ අපි දෙවෙනි වෙල්කම් එකටත් එපා කියන්නේ නෑ හඃ හඃ හඃ :D
Deleteඒක තමයි ට්‍රිප් එකේ අමතක නොවෙනම සිදුවීම ඒ හින්දා අර සල්ලි වලින් සීයට දහයක්වත් හොරාට දෙන්නයි තිබ්බෙ..
ReplyDeleteහොරාගේ අම්මගෙන් සාත්තරයක් ඇහුවනම් නරකද ? හඃ හඃ හඃ හඃ
ReplyDelete