අපේ මොල්ලන්තෙ ගුරුතුමා වෙච්ච ජෙත්තුකාරයට වාහන හදන බාස්ල
කොරපු අතවර කිපයක් පහුගිය දොහක බොගෙ කොටල නේ.උන්දැට ඔය ගරාජ් බාස්ලගෙන් විතරක් නෙමෙයි හැම ජාතියෙම බාස්ලගෙන් අතවරම තමයි වෙලා තියෙන්නෙ.
වැඩෙ කියන්නෙ ඕක ඔය බාස්ලගෙ හැටියක්.කට ඇරියොත් කියන්නෙ
බෙගල්.එලොවටත් නැති මෙලොවටත් නැති උත්තර තමයි දෙන්නෙ.වැඩකට ගානක් ඇහුවොත් කියන්නෙ අදාලම
නැති ගානක්.වැඩෙ ඉවර වෙනකොට කියපු ගානවගෙ දෙගුනෙකටවත් කෙලවල තමයි නිකන් ඉන්නෙ.කවදාවත්
කියන වෙලාවකට වැඩක් පටන් ගන්නෙවත් ඉවර කරන්නෙවත් නැ.
හැබැයි ඔය අතරෙ ඔය ඩුඩ් අයියගෙ ඉලෙක්ට්රිශියන් වගෙ ජෙනුයින්
බාස්ල නැතුවමත් නෙමෙයි.හැබැයි කලුනික හොයන්න වගෙ තමයි.හොයාගත්තත් එ මිනිස්සු වැඩකට
අල්ලගන්න එක හොයා ගන්නවට වඩා අමාරුයි.
ඔය බාස් කියන වචනෙ හැදිල තියෙන්නෙ ලොක්කට අපි කියන බොස්
කියන වචනෙන්ම තමයි කියල මම අහල තියෙනව.කොහොමත් ඉස්සර බාස් කියන්නෙ කාර්මිකයට කියන නමක්
නෙමෙයි යම්කිසි වැඩබිමක වැඩමුලික හදුන්වපු නමක්.
දැන් ඔය බාස් ගැන කියපුවම මටත් මතක් වුනා නියම සිදුවිමක්
දෙකක්.ඔන්න මම මුලින්ම අපෙ අවසාන ඉන්පලාන්ට් ට්‍රෙනින් කාලෙම සෙට් වුනා මගෙ යාලුවෙක්
වැඩ කරපු තැනක එලයිමන්ට් ශොප් එකක් බලාගන්න
.ඔය ඉන්ප්ලාන්ට් ට්‍රෙනින්ග් ගැන මම කලින්
ලියපු ලිපියකුත් තියෙනව බලල නැත්නම් මෙතනින් එකත් බලලම එන්නකො.ඉතින් ඔය එලයිමන්ට් ශොප්
එකත් එක්කම ටයර් ශොප් එකත් තියෙනව.සමහර දවසට ඔය දෙකම බලාගන්න වෙන්නෙ මට.ඔහොම දවසක තමයි
මෙ සිදුවිම වුනේ.
ඔය එලයිමන්ට් කරද්දි සමහර වෙලාවට ටයර් දාල එලයිමන්ට්
එකට ගන්නකොට වීල් නට් ටික තදකරන්නෙ නැතුව ගන්නව එලයිමන්ට් එකට පස්සෙම තද කරන්න.
කොහොමටත් මොනවට ආවත් ශොප් එකෙන් එලියට යන්න කලින් වීල් නට් ටික චෙක් කරන එක මම අනිවාරය කරල තිබුනේ.
එදත්
කාර් එකක් ඔය විදියට එලයිමන්ට් එකට දාල ගත්ත.මට මතක විදියට ටොයොට කොරොල්ල 110 එකක්.අයිති
මහත්තයට ටිකක් පරක්කුවෙලා තිබුනෙ.මෙයා වාහනෙ එලයිමන්ට් වලෙන් එලියට ගත්ත හැටියෙ බිල
ගෙවන්න හදිසිකලා.මමත් එලයිමන්ට් එකෙ ගොලයට ඇන තද කරන්න කියල රිපොර්ට් එක අරගෙන බිල
දාන්න ගියා.
මම එනකොට ගොලය එලයිමන්ට් මැශින් එකේ උනිට් 4 අස් කරනව.එකත් ටිකක් පරෙස්සමෙන්
කල්පනාවෙන් කරන්න ඔන වැඩක් .පොඩිහරි ඩැමෙජ් එකක් වුනොත් බර ගානක් පාඩුයි.
මම බිල දාල කැශියර්ට දුන්න.එත එක්කම වාහනෙ හිමිය බිල ගෙවල ගියා.මට තව
මොකක් හරි කරල එලියට එනකොටම වාහනෙ ගියා.දැන් මට හිතුන මැශින් එකත් අස්කරල ගොලයට ඇනතද කරන්න වෙලාවක් වුනාද කියල.මම
ගොලයගෙන් ඇහුව ඇනටික තද කරාද කියල.මිනිහ එක පාරටම උඩබිම බැලුව.ඉට පස්සෙ'හරි හරි තදකලා"
කිවුව.මට ටිකක් අවුල්.මම ඇහුව ෂුවර් ද කියල.මු කියාපි හරි හරි කියල.
ඔන්න දවස් දෙකකට පස්සෙ එනව අර කාරෙක.දැක්ක හැටියෙ මට
සීන් එක මතක් වුනා.දැන් මම හිතලවෙලා ඉන්නෙ.මොන මලදානයක් වෙලද දන්නවයි.අරු තදකලෙ නැ
කියල මට ෂුවර් නේ.
මාත් ඉතින් දත් තිස්දෙකයි තව හක්ක දෙපැත්තයි ඔක්කොම පෙන්න පනාව දාගෙන
ගියා ඉස්සරහට.ඔය අතරෙ මම බැලුව ගොලය දිහා .මෙන්න මු චන්ද නිති කඩන ආන්ඩුවෙ එකෙක් දැකපු
පොලිස් කාරය වගෙ රින්ගනව එතන තිබුන වාහනෙ එහා පැත්තට.මමත් ඉතින් ඔන දෙකට උත්තරදෙන පොලිස්
මාධ්යප්රකසක වගෙ ගියා ඉස්සරහට.
"ආ සර් .මොකද මෙ පැත්ත"
"මේ මෙ වාහනෙ පොඩි සද්දයක් එනවනෙ.එදා එලයිමන්ට්
එකෙන් පස්සෙ තමයි එන්නෙ"
හප්ප මට දැනෙන සනීපෙ.
"හරි සර්,අපි බලමු.කො දෙන්නකො යතුර" කියල වාහනෙ
ගත්තු මම ටක් ගාල වාහනෙ ඇතුලට අරගෙන රොද උස්සල ඇනටික තද කලා.
පස්සෙ අයිතිකරුට ඇනටික පොඩ්ඩක් බුරුල්වෙලා තිබුන කියල
පිටත් කලා.
දැන් මෙතෙන්දි කියන්න ඔන එ කාලෙ මොබයිල් ෆොන් මෙච්චර
තිබුනෙ නැ.එකනිසා හිමිකරුට දැනුම් දෙන්න ක්‍රමයක් තිබුනෙ නැ.දැන්නම් හැම තැනකදිම මොබයිල්
නම්බර් එක ගන්නවනේ.
මෙ සිදුවිම වුනෙ මැතක.සුපුරුදු පරිදි වැඩ ඉවරවෙල හවස
මම වැන් එකෙන් ගෙදර යන්න පිටත් වුනා.කිලොමිටයක් විතර යද්දි මම එක පාරටම දැක්ක ඩැෂ්බොඩ්
එකෙ බැටරි චාජින් බල්බ් එක පත්තු වෙනව.
එක තමයි අර බැටරියක් වගෙ + - අග්‍ර දෙකත් එක්ක පෙන්නන්නෙ.නොදන්න අය ඉන්නවනම් කියලයි කිව්වෙ.
එක තමයි අර බැටරියක් වගෙ + - අග්‍ර දෙකත් එක්ක පෙන්නන්නෙ.නොදන්න අය ඉන්නවනම් කියලයි කිව්වෙ.
මෙක දැක්ක හැටියෙ මට මතක් වුනෙ ලගදි ඔල්ටර්නෙටරෙ බෙල්ට්
එක මාරු කරපු නිසා එක බුරුල් වෙලා ඇති කියල.මම වහාම වාහනෙ මම සාමාන්‍යන් යන ගැරෙජ්
එකට ගියා.මොකද මෙක ඔටොගියර් වාහනයක් නිසා තල්ලු කරල ඉස්ටර්ට් කරන්නත් බැනේ.ඉතින් බැටරිය
සම්බන්ද ප්‍රශ්නෙකදි කල්දාන්න බැ.
ගැරෙජ් එකට ගිහින් බැලුවම බෙල්ට් එකත් හරි,බැටරි ටර්මිනල්
දෙක බුරුල් වෙලත් නැ.
දැන්නම් වැඩෙ සෙල්ලම් නැ.මෙ ගැරෙජ් එකෙ ඉලෙක්ට්රිෂියන්
කෙනෙකුත් නැ.එපාර ආපහු ගියා තව මම දන්න ගැරෙජ් එකකට.
එතන හිටිය පොඩි මලයෙක්.ඉලෙක්ට්රිෂියන් කෙනෙක්.මිනිහ ඔල්ටර්නෙටර් එක ගලවල අරගෙන බැලුව. වැඩෙ ටිකක් දුරදිග ගිහිල්ල.බ්‍රශ් ගෙවිල අමිචර් එකත් කැපිල.එ වෙනකොටත් හවස 7ට කිට්ටුයි.දැන් ඉතින් කරන්න දෙයක් නැ.වාහනෙ දාල ගෙදර ආව.
එතන හිටිය පොඩි මලයෙක්.ඉලෙක්ට්රිෂියන් කෙනෙක්.මිනිහ ඔල්ටර්නෙටර් එක ගලවල අරගෙන බැලුව. වැඩෙ ටිකක් දුරදිග ගිහිල්ල.බ්‍රශ් ගෙවිල අමිචර් එකත් කැපිල.එ වෙනකොටත් හවස 7ට කිට්ටුයි.දැන් ඉතින් කරන්න දෙයක් නැ.වාහනෙ දාල ගෙදර ආව.
ගැරෙජ් එකෙන් පස්සෙන්ද හවස දෙන්නම් කියල පොරොන්දු වුනා.මමත්
පහුවෙනිද යාලුවෙකුගෙ වාහනෙකින් වැඩ ටික කරගෙන හවස ගියා වාහනෙ ගන්න.මොන තාම ගලවපු විදියටම
තියෙනව.අමිචර් එක පුරවන්න දිපු තැනින් වැඩෙ කරල දුන්නෙ නැලු.ඉතින් මොකද කරන්නෙ.එදත්
හිටිය පස්සෙන්ද ගන්න කියල.
ඔන්න කොහොමහරි පස්සෙන්ද හවස 3ට විතර කොල් එකක් දුන්න වැඩෙ
හරි කියල.
එදා හවස වාහනෙ අරගෙන ගෙදර ආව.ඊට පස්සෙන්ද මට තිබුන තන්ගල්ලෙ
වැඩ කිපයක්.
නැ.. නැ.. බැන්කුවෙ නෙමෙයි.
මම තන්ගල්ලෙ තාක්ෂන නිලධාරිය සන්ජිවවත් දාගෙන මුලින්ම
ගියෙ බෙලිඅත්ත දික්වැල්ල පාරෙ තිබුන ගැරෙජ් එකකට .
එක පාර අයිනෙ තියෙන ගැරෙජ් එකක්.වාහනෙ පාර අයිනෙ නවත්තල
ගැරෙජ් එකට ගිහින් වැඩෙ ඉවරකරල ආව.ඉට පස්සෙ ගැටමාන්න කියන පැත්තට යන්න පිටත් වුනා තව
වැඩකට.දෙන්නත් එක්ක කතාව පිට මහින්ද මහත්තය කාපට් කරපු පාරෙ සමාන්යවෙගෙකින් යනව.අර
මම මුල්ම පොස්ට් එකෙත් කිවුව වගෙ නිතරම සයිඩ් කන්නඩි බලනකොට මට පෙනුන හෙඩ් ලයිට් බ්ලින්ක්
කර කර මොටබයික් එකක් එනව.
මම මගෙත් එක්ක හිටපු සන්ජිවට එක කිවුව.සන්ජිව පස්ස බලල කියපි
"
දමිත් අයියෙ ඔය සිසිර පොඩ්ඩක් නවත්තල බලමු" කියල.
සිසිර කියන්නෙ අපි ගියපු ගැරෙජ් එකෙ
හිමිකරු.
වැන් එක අයින් කරල නවත්තල බැස්ස.සිසිරත් ඉස්සරහින්
නවත්ත ඇවිත්.
"දමිත්
මහත්තය වැන් එකෙන් තෙල් වගයක් බෙරිල තිබුන ,පොඩ්ඩක් බලන්න" කිවුව
බලද්දි පස්සෙන් දිගටම තෙල් බෙරිල.යටින් බැලුවම එක තැනකින්
දිගටම බෙරෙනව.මට හින්දාඩිය දැම්ම.
මට තිබුන සෙරින වර්ගයෙ වැන් වල ඉස්සරහට කැල්ලක් තිබුනට
එන්ජිම තියෙන්නෙ රියදුරු අසුන යට.මම ඉස්සරහ ෂීට් දෙකම උස්සල බැලුව මොකද වෙලා තියෙන්නෙ
කියල.
ඔල්ටර්නෙටරෙට එන ඔයිල් ලයින් එකෙ රිටන් ලයින් එකෙට තියෙන
පලස්ටික් මිශ්‍ර රබර් බටෙට අඩුවකින් හරි ඉස්කුරුප්පුනියනකින් හරි පාරක් වැදිල පැලිල.එතනින්
ඔයිල් ලීක් වෙනව.
එ පාර එහෙනම හිමිහිට බෙලිඅත්තට ගිහින් බට කැල්ලක් අරගෙන
දාල අඩු ඔයිල් ටික දැම්ම.ඔයිල් ලිටරයක් විතර ගිහින් තිබුන.
මගෙ හොද වෙලාවට අර මනුස්සය දැක්කෙ.නැත්නම් තව ගියානම්
ඔයිල් ගිහින් එන්ජිම සීස් වෙනව.
අනික මට හිතුනෙ මුලින්ම බටෙ පැලිල තිබිල නැ.මොකක් හරි
වැදිල එතන දුර්වලවෙලා විතරක් තිබිල දුර යද්දි රත්විමට එතන පැල්ම ආව කියල.එහෙමනම් එක
ටික ටික විශාල වෙලා තෙල් ඉවතට ගලා යැම වෙගවත් වෙනව.
මට තිබුන වාසිය
තමයි ඔය පැලුන බටෙ ඔයිල් ලොකු පිඩනයකින් ගෙනියන බටයක් නොවිම.එහෙම වුනානම් ඉතින් එන්ජිමට
බුදු සරනයි.
තව ටිකෙන් රු250 බට කැල්ල නිසා මහ අමාරුවක වැටෙනව.අර
ගැරෙග් එකෙන් බටයක් සවුත්තුවෙලා තිබිල දැම්ම කියල අර බිලට දැම්මනම් මම මුකුත් කියනවද.නොසැලකිල්ලම තමා.
හනෙ අම්මෝ ඔය ගැරේජ් උන්දැලා ගැන නම් කතා කරත්දිත් ඇඟ ගැහෙනවා දමිත් අයියෙ.
ReplyDeleteඅර එලයිමන්ට් චෙක් කරපු මනුස්සයයි ඔයයි දෙන්නම පරණ පිනකට බේරිලා තියෙන්නෙ.
දෙකම එ විදියට වුනෙ මගෙම හොද වෙලාවට ප්‍රියා
Deleteමගෙ බයික් එකේ ක්ලෙම් එකකට ටැංකියෙ පැත්තක් පේන්ට් කරන්න උනා. බයික් එකට අවු:6-7 වෙන නිසා ෆුල් පේන්ට් එකක්ම කරන්නෙයි කියල බාසට කිව්වා. අන්තිමේදී මාස හතරකට පස්සේ තමයි බයික් එක හම්බ උනේ. ඒත් ක්ලේම් එක ක්ලියර් වෙනක්න්වත් මූට ඉන්න බැරි උනා සල්ලි හදිස්සියට. අන්තිමේදී එක තැන තිබිල CDI යුනිට් එකත් දාන්න උනා.
ReplyDeleteඔය සිද්ධිය වෙලා කාලෙකට පස්සෙ ඉලෙක්ට්‍රිකල් අවුලක් වෙලා වැල්ලවත්තෙ ගරාජ් එකකට දාල හදාගත්තා. එදා ඉඳන් අද වෙනකන් බයික් එක යතුරෙන් ඕෆ් කරන්න බෑ. ඔන්න බාස්ලා. (අනිත් බාස්ල වර්ග ගැන මෙතන කියන්න ඕනි නෑනේ.)
ඇයි බං මාස හතරක් එක තැන තිබ්බාම CDI යුනිට් යන්නේ? දෙයියනේ කියලා මගේ බයික් එකේ එහෙම වෙන්නේ නෑනේ.ඕක ඉන්ඩියන් එකක් හන්දද?
Deleteගොඩක් දුරට වෙන එකෙකුට මාරු කරලා වෙන්නත් ඇති. අනික ඉන්දියන් නිසා මයික් එකේ අවුලක්ද දන්නෙත් නෑ. ඒ වෙනකොට බැට්රිය වීක් වෙලත් අවුරුද්දක් විතර දුවල තිබුනේ. එතකොටත් එහෙම වෙනවලු. නොදන්නා සීන් එකක් නිසා වැඩිය කට ගහන්න ගියෙ නෑ. හැබැයි මාස එකහමාරකට දෙහෙකට සැරයක් කරගන්න සර්විස් එකනම් එදායින් පස්සෙ එතනින් කරගත්තේ නෑ කියලනම් සාඩම්බරයෙන් කියන්න පුළුවන්. :P
Delete(මේ ප්‍රශ්නෙම මීට කලිනුත් ඔයා මගෙන් අහල තියෙනවා.)
අකම් ඉන්නෙ කොහෙද කියන්නනම් දන්නෙ නැ.එත් මුහුද පැත්තෙ තිබුනනම් වෙන්නත් පුලුවන්.නැත්තම් මාරුකලා වෙන්නත් පුලුවන්.ඔකුන්ගෙ වැඩ ගැන ඉතින් දන්නවනෙ.කොච්චර කාලයක් දුන්නත් ඉල්ලපු දවසෙ තමයි වැඩෙ පටන් ගන්නෙ.
Deleteබලන් යද්දි හොද බාස්ලත් ඉන්නව නේද හැමෝම නෑ කියල කිව්වට :D
ReplyDeleteඔව් ඔව් හොද මිනිස්සු අඩු මිසක් නැත්තෙ නැ
Deleteඋඹට ස්තුතියි මාවත් මතක් කලාට.
ReplyDeleteඇයි උඹට මතකනේ ගිය නිවාඩුවෙදි සස්පෙන්ෂන් ආම් බුෂ් ගිහිල්ලා තියෙද්දිත් එක පොරක් අලයින්මන්ට් තියලා මගෙන් ගාන කැපුවා.
ඒක නෙවෙයි. මොකක්ද බං වීල් නට් තද නොකර අලයින්මන්ට් තියන සීන් එක? එතකොට පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුලුවන්නේ අගයන්. මට එහෙම කරන්නේ ඇයි කියලා කියාපං.
වීල් නට් තද නොකර කියන්නෙ ඩුඩ්.උබ දැකල ඇතිනෙ අර රොද ගැලෙව හයිකරනකොට ජැක් එක ගහල තියෙද්දි අතෙ ගානට තද කරල රොදෙ බිමට බැවට පස්සෙ හොදට තද කරනව.මෙ වාහනෙ ටයර් දාල ඉටපස්සෙ එලයිමන්ට් එකට දැම්මෙ.අතෙ ගානට තදකලාට පස්සෙ රොද වෙනස්වෙන්නෙ නැ.හැබැයි එහෙම දිවුවොත් බුරුල්වෙනව.
Deleteඑලයිමන්ට් කරයෙක් එහෙම කලා කිවුවම හරි පුදුමයිබන්.උන් තමයි ඔය පැත්ත හොදටම දන්නෙ.
යකුනේ මෙලෝ දෙයක් තේරුන් නෑ.. (මං වාහන වල අයිටම් ගැන එච්චර දන්නෑ)
ReplyDeleteවාහන ගැන දන්න එකෙක් ලගින්ම ආසරේ කොරන්න වෙයි වගේ..
ජය වේවා!!!
හමුවුනොත් දවසක කියල දෙන්නම්කො
Deleteවාහනයක් පාවිච්චිකරනකොට ගැරාජ්කරයො කියල දේවි.
පොඩ්ඩක් දැනගන්න එක හොදයි
තාම මෙහෙම අය එක්ක වැඩ කරල නෑ නෙ. බලමු ඉස්සරහට.
ReplyDeleteඑහෙනම් අත්දැකිමක් දෙකක් ලැබෙන්න කියල ප්රාර්තනාකරමුකො
Deleteඔහොම බාස්ල හින්දා අපරාදෙ පර්ස් එකට ලස්සනට තට්ටු වෙනවා. ඒ විත්‍රක යැ, කාලය.
ReplyDeleteඔව කියල වැඩක් නැ බන්.උන් හිතන් ඉන්නෙ අපිට සල්ලි ගලනව කියලනේ
Deleteදෙයියනේ කියලා මට නම් වාහන ඇලර්ජික්..ෆුට් බයිසිකලයකටවත් ආස නෑ
ReplyDeleteකැද බිලවත් හොදවුනෙ නැද්ද
Deleteමට නං ගොනා සහ තණකොළ වගේ,එකක් කියන්න පුළුවනි කොයි බාස්ලත් එකවගේ තමා කියල.
ReplyDeleteඉතින් බන් අයියෙ ගොනා තනකොල ගැන හොදට දන්නවනෙ.ඔය බාස් කියනවනම් එහෙම වෙන්නම ඔනවගෙ නේද
Deleteඇත්තටම මෙහෙම වෙන දේවල් ලියන්නම ඕන බං.ගොඩක් අය වාහන තිබ්බට දැනුමක් නැහැ.
ReplyDeleteඅපේ හෙන්රියට නම් වෙන්නෙම අලකලංචි නොවැ.
නිවාඩුවට ගෙදර ගියත් නිදහසේ නිදා ගන්න නැහැ නේ...
තැන්ක්ස් අයියෙ.ඩුඩ් අයියවනම් හොයාගෙන නේ ඔයවගෙ දෙවල් එන්නේ.
Deleteමේහෙනම් ඒ අතින් අලි චෝයි.....මගේ කාර් එකේ ගෑස්කට් ලීක් එකක් තිබ්බා ..... රෙපයාර් එකට දවස් 2ක් යනවා කිව්වා කෝටේෂන් එකක් කොම්පැනියට එව්වා බොසා අනුමත කරා මම කාර් එක යැව්වා .... මම හිතුවේ හෙඩ් එක සර්ෆේස් කරලා අලුත් ගැස් කට් එකක් දාලා එවයි කියලා .... මොන මුන් අලුතෙන් අන්ජිමක්ම මාරු කරලා ..... ඔව් යකඩෝ බරෑන්ඩ් නිව් ඇන්ජිමක්
ReplyDeleteසර්ෆෙස් නෙමෙයි බන් ෆෙර්ස්..නියමයිනෙ බන් ගැස්කට් ගියාම එන්ජිමක් දාලදෙනව නම්.හැබැයි අපරාදෙ නේද
Deleteඔය වගේ හතර වරිගේ සිද්ධී වෙන්නේ අපේ හැන්රියට විතරක් නෙමෙයි එහෙනං.. ඒ්ත් අර සිසිරයා නං හොද එකෙක්. ඌ අමාරුව දන්න එකෙක්..
ReplyDeleteපිස්සුද බන් බාස්ලගෙන් වැඩක්ගන්න යන හැමොටම ඔයවගෙ දෙවල් වෙනව.සිසිරය මගෙ ලක්ශයක් විතර ඉතුරුකලා බන්
Deleteඈ බන් ඔය සෙරීනා වැන් එකට කියන්නේ ' සදාකල් ඔබ මගේ' කියලනේ. ඉතින් කොහොමද තාම උඹ ළඟ තියෙනවද නැත්නම් කාගේ හරි ඇඟේ ගැහුවද ?
ReplyDeleteනැ මචන් එ කතාව මිනිස්සු නොදැනුවත් කමට හදා ගත්ත කතාවක්.මම අවුරුදු 3ක් යුස් කරල විකුනුවෙ.කිසි අවුලක් නැ.හැබැයි නඩත්තුව වෙලාවට කරන්න ඔන.විකුනන්නත් කිසි කරදරයක් වුනෙ නැ.
Deleteඔය සිසිරයා කියන්න එහොන්ද එකෙක්නෙ බන් ඔය කියන විදිහට , වෙන් එකෙක්නම් .කෙලවාගෙන එන්නේ නැතා කියලා සද්ද නැතුව ඉඳියි ...ඔය ඉන්න මකබාස්කගේ හැටියට ඔයින් ගියා ඇති
ReplyDeleteඅනිවා මචන් උ හොද එකා.මගෙ බර ගානක් ඉතුරුකලා,දැන් කවුද මක බාස්
Deleteවාහනයක් ගන්න කලින්...මැකෑනික් කෙනෙක් විදියට හොද බාස් කෙනෙක් ලග කෙටි කාලීන රැකියාවක නිරත වුනා නම් හොදයි වගේ මේ අහන කථා බැලුවම...
ReplyDeleteදැන්ගෙන ඉන්න එකනම් සැහෙන වටිනව රජො
Deleteමම මේ කියන්නේ පාම් පොරියක් වත් ලොකු කමක් වත් නෙවෙයි වාහනේ පොඩි පොඩි ලෙඩ හදනන් කියලා ගරාජ් දැම්මා අන්තිමට මුන් එක්ලක්ෂ පනස් දාහකට විතර තට්ටු කරලා තමයි නවතුනේ. මට හපොයි කියවුනා. බාස්ලා කියන්නේ ලංකාවේ පොලිස් කාරයෝ වගේ තමයි ගානක් කඩාගන්නේ කොයි වෙලේද කියල බලන් ඉන්නේ.
ReplyDeleteඔක සමාන්‍යයි මචන්.ඔක නොකලොත් තමයි පුදුම
Deleteඉස්සර මයිනර් විතරක් හදන බාස් කෙනෙක් හිටියා..මිනිහාට කියන්නේ මයිනා කියලා. ගෝලයාට කියන්නේ ගිරවා කියලා....තොරතෝංචියක් නැහැ කියවිල්ල. ඌ වැඩට වඩා කතාව.
ReplyDeleteඅපොයි ඔය ජාතියෙත් කෙනෙක් ඉන්නව ඉමදුවෙ.හරි හොද පොර .හැබැයි වැඩෙ කරගන්න ඔන නම් ලග ඉදල බැ.ලග හිටියොත් කතා කරල මරනව.
Deleteබාස්ලා නම් ඉන්නවා එක විදිහේ. කොහොම උනත් හොර වෙද්දු නිසා හොඳ එවුන්ටත් තැනක් නෑ.
ReplyDeleteයැස්,යැස් ඇබ්සලුට්ලි කොරෙක්ට්.මුල්මSඅරෙ නේද ආවෙ.සතුටින් පිලිගන්නව
Deleteආ මස්සිනේ !!!
Deleteබාස්ල ගැන කතා නොකර ඉමු බං !!
දිගටම එන්නං ඈ ..