Tuesday, August 26, 2014

ආරම්භය සහ ආදරය


අද අගොස්තු 26. මෙම ලියපු ලිපියක් මුලින්ම බ්ලොග් එකක පලවෙලා අදට අවුරුද්දක්. පොස්ට් එක දැන් එතන නැ.එක තියෙන්නෙ දැන් මගෙ බ්ලොගෙ.එත් එක තමයි මගෙ බ්ලොග් ලිවිල්ලෙ ආරම්භය.

අටමො උබට ගොඩාක් ස්තුතියි.

තව ගොඩදෙනෙක් ඉන්නව ස්තුතිකරන්න.එත් වෙනවෙනම කරන්න ගියොත් මම අමාරුවෙ.
එකනිසා ඔය හැමොටමත් ගොඩාක් ස්තුතියි. චියර්ස්.....................

මදිවට මගෙ උපන් දිනෙත් අද


මගෙ බිරිදත් කාලෙකට පස්සෙ ලිපියක් ලැස්ති කරල අද දාන්න.එකත් අදම දාන්න ඔනලු.එකනිසා එකත් මෙත් එක්කම දැම්ම.
______________________________________________________

                                ඔබට දීර්ඝායු වේවා!

අගෝස්තු 26 කියන්නෙ මගේ ජීවිතේ වටිනාම වස්තුවේ  උපන් දිනය.මට අයියව හමු උනේ මීට අවුරුදු හතකට කලින්.

හමු වූ දවස අදවගේ මතකයේ තියෙන්නේ අපි දෙන්නගෙ ආදරය නිසාවෙන් කියා මම චූටි ආඩම්බරයකින් කියන්නෙ.

පුන්චි පුන්චි  ප්රශ්න අපි අතර නැතිව නෙවෙයි.එක බත නෙවෙයි, බත් හැලි දෙක තුන ඉදෙනකල් අපෙ ගැටලු දුර යනවා.

ඒක හරියට අර සින්දුවක් තියෙන්නෙ
''මහ වරුසාවට පසුව නැගෙන සද .......කියලා,

 අන්න වගේ ප්රශ්නෙන් පස්සේ තිබුනටත් වැඩිය ලොකු ආදරයක් අපි දෙන්න අතර ගොඩනැගිල කියල හොදටම දැනෙනවා.

සත්තකින්ම මම ජීවත්වෙනවා කියලා දැනෙනවා,අයියගෙ ජීවිතේ ලස්සන කරන්න ලස්සන චූටි කෙලි පැටවු  දෙන්නෙක් දෙන්න මට පුලුවන් උනා.

එයා හොද අයියෙක් උනා එයාගෙ සහෝදරියන්ට, එයාගෙ සහෝදරයන්ට එයා  හොද මල්ලියෙක්,මට එයා මහාමෙරක් තරම්,දරුවන්ට එයා සිතු පැතු සම්පත් දෙන වීරයෙක්.

ඒ ඔක්කොටම වැඩිය අම්මාට එයා තාමත් සුදු පුතා.

අයියා කවදාවත් එයාගෙ පවුල මගේ පවුල කියල කිරල මැනල සැලකුවෙ සොයා බැලුවෙ නෑ.ඒ ඒ  ගති ගුන වලට මම හරි ආඩම්බරයි .
යියා හරිම විනෝදයෙන් ඉන්නයි කැමති.

ගෙදර වැඩට එහෙම මාර සපෝට් එකක් එය දෙන්නේ.වෙලාවකට මට කරන්න වැඩ නෑ කියලා මම බනිනවත් එක්ක.
මෙවට තයි ඔලුව අතගාල ටොකු අනිනව කියන්නෙ  -අසරන සැමියා-)

ඔයා මේක බලනවානම් කාලෙකට පස්සෙ මම ඔයාට ලියන ලිවුම බලනවද.
අනේකවිද දුක් කම්කටොලු මැද ජීවිතේ සොයගෙන යන අතර මගදි තමයි මට ඔයාව හමු වුනේ.එදා ඉදල අද වෙනකල් අපි දෙන්නා හිනාවෙවි,අඩ අඩා,පසු තැවිලි වෙවි හිටිය වාර අනන්ත ඇති.ඔය සිද්දි ටිකේ අපි දෙන්නා නිසා අපි දුක් උනු වාර ගනන අතේ ඇගිලි ගානටවත නැතුව ඇති.

අපේ දවස හැමදාමත් වගේ සුන්දරව පටන් ගන්නවා.සුන්දරව නිම වෙනවා.ඔය හැම දවසකම උදේට හවසට ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැදලා ඉල්ලුවේ ඔයාගේ ආරක්ෂාව.ඒක ඉදිරියටත් එහෙමමයි.

මට මේ ජීවිතේ ,අපේ පවුල කියන ඒකකය මෙච්චර ලස්සන කරගන්න පුලුවන් උනේ ඔයා නිසයි, ඔයා ගැන අපි බැන්ද මුලදි වගේ සොයන්න වෙන්නෙ නැති උනත් දරුවො දෙන්නා නිසයි එහෙම වෙන්නෙ කියලා ඔයාම තේරුම් ගත්තු එක මට මහා අස්වැසිල්ලක්.ඒත් මට ඉඩ ලැබෙන හැම වෙලවකම ඔයා කෑවද කියලා අහලා තමයි මම කෑම කන්නේ.

ඔයා දන්නවද ඔයා වැඩට ගියාම මට හරි පාලුයි.මොනවා හරි හේතුවක් හදාගෙන කෝල් කරන්නමයි හිතෙන්නේ.ඒත් ගොඩාක් වෙලාවට ඔයා වැඩ ගොඩක නිසා ඉවසලා ඉන්නවා.ගෙදර එන වෙලාව බලබල ඉන්නේ මූන බලාගන්න.මේව ලිවුවට ලැජ්ජ හිතන්න එපා අය්යේ.ඔයා ගියේ පැය පහක හයක වැඩකට වුනාට මට දවසකටත් වැඩියෙන් දැනෙනවා.

ඔයා ගාලු අවට කොහේ හිටියත් කමක් නෑ ඒත් ගාල්ලෙන් පිට ගියාම දාල ගියා වගේ දැනෙන්නේ.අඩන්න බැරි නිසා ඉන්නවා. ඒ මොනදේ උනත් ඔයාගේ උපන්දිනේ දවසේ මගේ පැතුම අයියෙ ඔයා මගේ ආයුෂත් අරගෙන සතුටින් සැහැල්ලුවෙන් ඉන්න,ඒ වගේම සියලුම පැතුම් සිතන විදියටම සාර්තක වෙලා තවතවත් මා එක්ක ආදරෙන්ම ඉන්නට ලැබේවා කියලයි.ඔයා මගේ වෙලා මට දීපු සතුටම ඇති අයියේ ඔයාට සතුටු වෙන්න.මගේ සුදු අය්යට සියලු දෙවි රැකවරනයි.බුදු සරනයි.

ලතාවක් සේ වෙලී  සියො ලග...........
පතමි රැකවරනය ඔබෙන්..........
මහාකතරක ගෙවූ තනි මග .............
නිමා කල ඉම ඔබ නිසයි................

_දුලානි ගුනවර්ධණ_

Saturday, August 16, 2014

කුඩෙන් වෙඩි තැබිම


මම කතාවක් කියන්නද ?

මෙක මම ඇහුවෙ කොහෙන්ද කියලනම් මතක නැ. මෙක ඔය ලොල් කියන  ගණයට වැටෙනවද මන්ද? කියවලම බලමුකො.

මෙකයි කතාව..................

එක මනුස්සයෙක් හිටිය හුගාක් පොහොසත්.(මොකක්, එයා විතරද ?නැ තව මිනිස්සුත් හිටිය මෙයත් හිටිය ) . එයා බැන්දෙ සැහෙන්න වයසට ගිහිල්ල. හැබැයි බැන්දෙනම් බොහොම තරුණ ගැනු ලමයෙක්.


මිනිහට සල්ලි තියෙන නිසා එකෙ පුදුමයක් නැනේ. රා..යිට්.......

එයා ඇවිල්ල වයසට ගියත් මග නැගුම තියෙන නිසා වැඩෙ අල්ලගෙන ගියා.මග නැගුම දන්නෙ නැත්නම් මෙතනින් බලාගන්න පුලුවන්.

මනුස්සය මෙව කලෙ මිනිහගෙ දෙස්තර මහත්තයගෙ උපදෙස් අනුව නිසා මල්මි කියපු වැඩෙත් වුනේ නැතුව යහතින් පවුල් කාගෙන කාගෙන ගියා. (නැ නැ පවුල් කිවුවට අනුන්ගෙ ඒව නැ .තමන්ගෙ එක විතරයි )

ඔහෙම ටික දවසක් ඉන්නකොට පොරට ආව අදහසක් තමන්ගෙම කියල දරුවෙක් හදන්න ඔන කියල.

මිනිහ ගිය මිනිහගෙ ඩොක්ට ලගට.ගිහින් කාරනෙ කිවුව.
ඩොක්ට කෙලින්ම කිවුව එක හරියන්නෙ නැ.මිනිහගෙ වයසත් එක්ක කියටවත් ලමයෙක් හදන්න ලැබෙන්නෙ නැ . අදහස අතහැර ගන්න කියල.

මිනිහ ගියා.මාස කිපකෙට පස්සෙ මිනිහ එනව බිරිදත් එක්ක ඩොක්ටව මුන ගැහෙන්න.

බිරිදට ලොකු බඩකුත් තියෙනවා.

මිනිහ හෙන උජාරුවෙන් ඩොක්ටට කියනව
" ඩොක්ට කිවුවනේ මට බැයි කියල.මෙ බලන්න,මගෙ වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නව, දැන් මොකද ඩොක්ට කියන්නෙ?"

ඩොක්ට බැලුව දෙන්න දිහා.කන්නඩිය ගලවල පැත්තකින් තිවුව. ( මට කියන්න බැරිවුනා මෙ ඩොක්ට කන්නාඩි දානව )

පුටුවෙ හරිබරි ගැහිල වාඩිවුනා.

ඉට පස්සෙ ඩොක්ට මෙහෙම කියනව

"මම ඔය මහත්තයට කතාවක් කියන්නම්, ඔන්න දවසක් එක මනුස්සයෙක් කුඩයකුත් අරගෙන කැලේට ගියා දඩයම් කරන්න,එයා කැලේ මැදට යනකොටම මහ විසාල කොටියෙක් කඩාගෙන පැන්න මෙයාගෙ ඇගට.මෙයා එක පාරටම අර කුඩෙ අරගෙන තිවුව වෙඩිල්ලක් අර කොටියට.කොටිය මැරිල වැටුන."

කියල රැල් බුරුල් එහෙම ඇරල අර වයසක මනුස්සයගෙන් අහනව

"මහත්තය හිතන්නෙ මොකක්ද වෙන්න ඇත්තෙ"

මනුස්සයත් එකපාරටම කියනව

"වෙන කවුරුහරි හැන්ගිල ඉදල වෙඩි තියන්න ඇති"

ඩොක්ට ඔලුව වනල කියනව


"හරියට හරි ඒකතමයි වෙන්න ඇත්තෙ"

Wednesday, August 13, 2014

නොවරදින බත් පත


ට්‍රින්ග් ට්‍රින්ග්...........................
මගේ ජන්ගම දුරකථනය කැමොර දෙන්න ගත්ත.
තිරය මත " චින්තකකියල සටහන් වෙලා .
වෙලාව පස්වරු 8.00යි

"චින්තක ,කියපන්."
"මොකද කරන්නෙ,"
මුකුත් නැ බන් .ගෙදර ඉන්නෙ"
"මෙ පැත්තට එනවද.කට්ටිය ඇවිල්ල ඉන්නෙ"

දැන් මොකද කරන්නෙ.යනවද නැද්ද?
බලමු පොඩ්ඩක් හිතල.රැවෙලා නම් වැඩියි.එත් ඉතින් බයිසිකලෙ ලයිට් තියෙනවනේ.
ඔන්න ඔහෙ ගිහින්ම එනව.නැත්තම් තරහ වුනොත් එහෙම.යාලුවො නේ.හොද නැනේ.

"අම්මෙ ,මම පොඩි ගමනක් ගිහින් එන්නම්"
"මෙ වෙලාවෙ කොහෙද යන්නෙ පොඩි පුතා,කාල ඉන්න"
'ඇවිල්ල කන්නම් අම්මෙ,ඉක්මනට එන්නම්"

ඉක්ක්මනින් එන්නම් කිය ගෙදරින් පිටවෙන මට වෙලාව ගැන මතක් වෙන්නෙ බොතල් හිස්වෙලාසින්දුත් ඉවර වෙලා එකා දෙන්න යන්න පිටත් වෙනකොට.
අවුලක් නැ වැඩි වෙලාවක් ගිහින් නැ.ඔන්නම් රෑ1 ඇති.
අම්ම නිදි ඇති.සද්ද නැතුව ගියාම හරි.

දුර ඉදලම ගෙදර දිහා බැලුව. හරි ලයිට් ඔක්කොම නිවල.කවුරුත් නිදි.
වැඩිය සද්ද නොකර ගෙට ගිහින් නිදියනව.
පුලුවන් තරම් සද්දෙ අඩුවෙන් මිදුලට බයික් එක එනකොටම සාලෙ ලයිට් එක පත්තු වෙනව.
ඉලගට එලියෙ ලයිට් එක.එත් එක්කම දෙර ඇරෙනව.
අම්ම දොරකඩ.

"අම්ම නිදි නැද්ද,මම එනවනෙ දොර ඇරගෙන"
මගෙ ගාව යතුරක් තියෙනව.
"නැ මට නින්ද ගිහින් තිබුනෙ නැ.බයිසිකලෙ ලොක් කලාද?"
මම බිල කියල අම්ම දන්නෙ නැද්ද.
කිසිම දෙයක් නොකිය මම ගෙට ගොඩවුනාට පස්සෙ දොර වහන අම්ම.කුස්සිය පැත්තෙ ලයිට් දානව.

මම ඇග සොදගෙන එනකොට බත් එක බොදල මෙසෙ උඩ.
"බත් එක නිමිල, මොනවහරි රත් කරල දෙන්නද?
"ඔන නැ,ඔන නැ.මෙ  හොදයි"
"ලයිට් නිවල නිදාගන්න,
කියල නිදාගන්න යන අම්ම මම කාල ඉවර වෙන්නත් කලින් තද නින්දට වැටෙනව.

මෙ සිදුවිම මම විවාහ වෙන්න කලින් සතියකට දෙතුන් පාරක් වෙනව.කොච්චර පරක්කු වුනත් මම ගෙදර එනකන් අම්ම නිදියන්නෙ නැ. කොහොම වුනත් මමත් ඔය ගමන නැවැත්තුවෙත් නැ.

මෙ සිදුවිම නැවත මතක් කරන්න හෙතුවුනෙ නලින් අයියගෙ සමකය වටෙ ලියවුන ලිපියක පත්තරෙ ගෙ කමෙන්ට් එකක් නිසා.
මෙ සිදුවිම් ලන්කාවෙ ගොඩක් දෙනෙක්ගෙ අත්දැකිමක් බවට තහවුරු වෙන්නෙ මෙන්න මෙ සින්දුව නිසා.
මෙ සින්දුව හැමැදාමත් මට මාව මතක් කලා.

වරදින්නේ නැත මට හිමි බත්පත
ඔබගේ මුළුතැන් ගෙයි අම්මේ 
අම්මේ ඔබගේ මුළුතැන් ගෙයි

ඔබට හොරා මධු භාජන හිස් කොට
රෑ මැදියම ඔබ නින්දට වන් විට
පෑල දොරින් එත ඔබගේ බත්පත 
දෑස තෙමා මට දඬුවම් දේ 

විකල් සිතින් සැරි සරා තැනින් තැන 
ගෙට වන් මා හිස පිරිමැද පිළිගෙන 
ඔබත් නොකා මට දන් දෙන බත්පත
හද රිදවා මට දඬුවම් දෙයි


එච්  එම් ජයවර්ධනයන් සන්ගිතවත් කර රොහන සිරිවර්ධනයන් ගයන මෙ ගීතයෙ ගෙය පද රච්කයව සොයාගන්න බැරිවුනා.අරු අයිය දන්නවනම් කියන්නකො සමාව භාජනෙකට දානගමන්.මෙ ගිතය මෙතනින් අහන්න පුලුවන්.