Monday, May 19, 2014

ටයර්



ඉදල ඉදල පොස්ට් එකක් ලියන්නම ඔන කියල ඉද ගත්ත.ලියන්න කොච්චර දෙවල් තිබුනත් මොකක් හරි නිසා පස්සට යනව.ඔවට හෙතු කියල වැඩක් නැ.අපිට වඩ ගොඩාක් වැඩ තියෙන මිනිස්සුත් ලියන කොට.එකනිසා කෙලින්ම ටොපික් එකට එමුකො.

අද ටොපික් එක ටයර්.මෙව සමහර විට හොදටම දන්න දෙවල් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.අනික මෙවගෙ පොස්ට් එච්චර සිතඇදගන්නසුලු නොවෙන්නත් පුලුවන්.එත් මට හිතුන වැදගත් වෙන කිපදෙනෙක් හරි ඉන්න පුලුවන් නිසා ලියන්න.

දැන් එතකොට මොනවද ටයර් ගැන ලියන්න තියෙන්නෙ.රබර් වලින් හදනව වාහන වලට පාවිච්චිකරනව කියලද.ඔව්  ටයර් භාවිතා වෙන්නෙ වාහනවල රෝද සදහා.

ඇයි එතකොට මෙ රබර් වලින්ම හදල තියෙන්නෙ. තමයි රබර් වල තියෙන මෙන්න මෙ ගුනාන්ග කිපය නිසා.

තද,පහසුවෙන් නොකැඩෙන (Rough  )
ස්ථිර,කල්පවතීම (Durable )
නම්යශිලී,,( Elasticity)

විතරක් නෙමෙයි රබර් තමයි  බලය උරාගැනිමට ,ගෙවියාමට ප්රතිරොධය දැක්විමට සහ පහසු ගමනක්  ලබාදිමට හොදම ද්රව්.


හරි දැන් අපි බලමු ටයර් එකක් භාවිතා කරනකොට අපි මොනවද දැනගත් යුතු කියල.මොන භාන්ඩයක් වුනත් මිලදිගන්න කොට ඉස්සෙල්ලම බලන්න ඔන එක කල් ඉකුත් වෙලාද කියලනේ.ටයර් වලටත් එහෙමම තමයි.

ටයර්වලත් ජිවිත කාලයක් තියෙනව .එක තුල තමයි ආරක්ෂාකරි ගමකට ගැලපෙන ටයර් එකක් තියෙන්නෙ.කල් ඉකුත්වෙලා නම් ලොකු අවධානමක් තියෙනව.

 දැන් කොහොමද ඒක හොයා ගන්නෙ.මෙහෙමයි,ටයර් එකකට තියෙනව නිෂපාදිත දිනයෙ සිට අවුරුදු 4 ජිවිත කාලයක්.ඉට පස්සෙ කල් ඉකුත්වෙනව සහ භාවිතා කරනකොට පැලියාමකට ලක්වෙන්න පුලුවන්.වෙගයෙන් යනකොට එවගෙ දෙයක් වුනොත් සිද්දවෙන්න පුලුවන්දෙවල් කියන්න ඔන නැ නේ.

හරි,දැන් කොහොමද ඒක සොයා ගන්නෙ.එකට ටයර් එකෙ සදහන්වෙලා තියෙන මෙන්න මේ වගෙ මුද්රාව බලන්න ඔන (2603).මෙහි මුල් ඉලක්කම් දෙකෙන් එම ටයරය වසරෙ කිවෙනි සතියෙද සහ දෙවෙනි ඉලක්කම් දෙකෙන් නිෂ්පාදිත වසරත් යන්න පෙන්නුම කරනව.


උදාහරනයක් ගත්තොත්.වසරකට තියෙනව සති 52ක්.එතකොත (2603) සදහන් වෙලා තියෙනව නම් මුල් ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ මෙ ටයරය ෂපාදනය කරල තියෙන්නෙ අදාල වසරෙ 26 වෙනි සතියෙ.ඉලගට දෙවෙනි ඉලක්කම් දෙකෙන් කියවෙනව අදාල වසර.එකියන්නෙ 2003 කියන එක.එතකොට මෙ ටයර් එක නිෂපාදනය කරල තියෙන්නෙ 2003 වසරෙ 26 වෙනි සතියෙ.

(2699) කියල සදහන් වෙලා තිබුනනම් 1999 වසරෙ 26වෙනි සතියෙ වෙන්න ඔන.

තමන්ගෙ වාහනෙ ටයර්වල කාලය දැනගෙන ඉන්න. කල් ඉකුත්වුන ටයර් භාවිතා කිරිමෙන් වලකින්න.කලිකුත්වුන ටයර් භාවිතා කිරිමෙදි පුපුරා යැමට ඉඩ තියෙනව.විෂෙශයෙන් ඉතා උනුසුම් පරිසරයක භාවිතා කරන විට.මොකද රබර් නිපැයුම්  කලිකුත්විමෙදි දැඩිවිම හා පිපිරිම් ඇතිවෙන නිසා.


දැන් අපි ටයර් එකක ආරක්ෂාව ගැන බලමු.ටයර් එකක් ආරක්ෂාව කියන්නෙ වාහනෙ ගමන් කරන අයගෙ ආරක්ෂාව සහ අයිතිකරුගෙ පසුම්බියෙ ආරක්ෂාව.වෙන විදියකින් කියනව නම් දිගුකල් පැවැත්ම.මෙ සම්බන්ධයෙන් බලද්දි කාරනා කිපයක් ගැන සැලකිලිමත් වෙන්න වෙනව.එවා නම්

ටයරය තුල නියම වායු පිඩනයක් පවත්වාගැනිම

ටයරයෙ සහ වාහනයෙ බර සිමාවන් පවත්වාගැනිම.

ටයරයෙ කැපුම්, පැලුම් සහ වෙනත් අක්රමික තත්වයන් ගැන නිතර පරිෂාවෙන් සිටීම.

මෙ කියන දෙවල් ගැන සැලකිලිමත් විමෙන් පුලුවන් ටයර්වල ඇතිවෙන කට්ට ගැලවිම,සිදුරු සැදීම සහ ටයර් කොහුවීම වගෙ  දුර්වලතත්වයන් වලක්වා ගන්න.
වගෙම මෙ පියවර අනුගමනය කිරිමෙන්  සහ අවශ් අනෙක් නඩත්තු හා පරික්ෂාවන් වලින් පුලුවන්


වාහනය පාලනය කිරිමෙ හැකියාව වැඩිදියුනු කිරිමට

ඔබ සහ අනෙක් මගින් වලක්වාගහැකි අපදා සහ අනතුරු වලින් ආරක්ශා කිරිමට

ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහල නැන්විමට

ටයරයෙ ජිවිත කාලය වැඩිකිරිමට.

මෙ ලිපිය මෙතනින් අවසන් කරමු.තවත් ලිපියක් මගින් ඔබගෙ වාහනයට හා අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට ටයරයක් තොරාගන්න විදියත්,ටයරයෙ සදහන් වෙලාතියෙන දෙවල් මොනවද කියලත් බලමු.